Pages

Saturday, October 29, 2011

ඊ...යා.....!!!



ඔන්න යාලූවනේ මේ සිද්ධිය උනේ හරියටම අපේ ෆැකල්ටි එකේ රැග් සීසන් එක ඉවර වෙලා පහුවෙනිදා. අපි ගෙදර යන දවසේ. ඔන්න ඉතිං නෝටියත් ගෙදර එන්න බසයකට නැග්ගා. මාස ගානක් රැග් වෙලා පාං කියාගන්න බැරිව හිටි නෝටි නැග්ගේ ඒසී බස් එකකට. බස් එක යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි බස් එකට නැග්ගා චූටි හුරතල් දුවෙක් වඩාගෙන අම්මා කෙනෙක්. ඔන්න ඉතිං මේ දෙන්නා වාඩි උනේ මගේ සීට් එකේ. ටික දුරක් යනකොට නෝටිට තේරුණා මේ පොඩි එකී මාර කටර් එකක්ය කියලා.


දෑං මේ පැහිච්ච අම්මන්ඩි නෝට් එක්ක එකසියගානට ෆිට් වෙලා. සිංදු කියනවයි හිනා වෙනවයි එක කෙලියයි.


හරීම හුරතල් කෙලි පොඞ්ඩ. ඔන්න ටික දුරක් මේ විදියට ආවයි කියමුකෝ... මෙන්න මේකි අම්මගේ කණට කරලා මහා සද්දෙන් කියනවා....


අම්මි... අම්මී..... මට ප*යක් ගියා..!


9 comments:

  1. ඒසී බස් එකකටනේ නැග්ගයි කිව්වේ?? එහෙනම් හොදට තියෙන්න ඇති...

    ReplyDelete
  2. හප්පට සිරි...එයාර් ෆ්‍රෙෂ්නර් ගැහුවා වගේ තියෙන්න ඇති....
    හික්ෂ්..මරු සීන් එක...ඊට පස්සේ නහය වහගත්තද...නෝටි කෙල්ලක් වගේ..හික්ස්...
    මංගල කොමෙන්‍ටුව..අදින් පසු දිගටම ගොඩ වදීවී..

    ReplyDelete
  3. @ Dinesh
    ආයෙත් අහලා...අලී....සෝ....ක් එකට තිබුණා..

    ReplyDelete
  4. @ රාජ්
    කෝලන් ඩී හිනා කියන්නේ පැලෙන්න හිනා....

    ReplyDelete
  5. @ ගලයා
    කියලා වැඩක් නෑ...
    පොඩ්ඩාගේ කට තමයි කට.
    දෙයියනේ කියලා නෝටිට ගදක් නම් දැනුනේ නෑ... සමහර විට රැුග් එක අවසානේ නාවපු අනෝතප්ත විලේ වතුරෙ සුගන්ධයට නහය මඤ්ඤං වෙලා තිබ්බ නිසා වෙන්න ඇති.
    හිකිස්

    ReplyDelete
  6. අම්මි... අම්මී..... අයියට ප*යක් ගියා..!

    ReplyDelete
  7. තාරක කියලා තියෙන දේ කියවලා මම ආයේ බැලුවා කාටද සිරාවටම වැඩේ උනේ කියලා හි හි මරු ආතල් එක බ්ලොග් එකේ කථා ටික පට්ට ලස්සනයි එල එල

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...