Pages

Tuesday, August 16, 2011

මතකය...


අමතක කරන්නට වෙර දැරූ මුදු...
නැවතත් මතකයට නැගෙනා මතකය...
පලයන් දුර ඈතට...
අමතක කර දමා මතකය...

Wednesday, August 3, 2011

නෝටිගේ තනිකම සහ අම්මා...


අම්මේ...
අම්මා අම්මා කෑවද අම්මේ....
අම්මගේ පුතා නෝටි කෑවේ ආප්ප තුනයි අම්මේ...
මම දන්නවා අම්මත් ඔය මොනවා හරි තියෙන දෙයක් කන්න ඇති නැන්දා එක්ක...
මට හරිම පාලූයි අම්මේ...
පාලූව දරා ගන්න බැරි වෙනකොට ඇඩෙනවත් එක්ක...
අම්මාටයි නැන්දටයිත් ඒ පාලූව ගොඩක්ම දැනෙනවා කියලා නෝටි දන්නවා...
නෝටිගේ නෝටි වැඩ නැතිව මුලූ ගේම පාලූවට ගිහින් ඇති නේද?
ෆැකල්ටි එකෙන් අවුට් උනාට පස්සේ මේ තනියම ඉන්නවාමයි...
මට තේරෙන්නෑ අම්මේ මට මේ තනිකම ගොඩාරියක්ම දැනෙනවා...
නිදා ගන්න ගියාට හරියට නින්ද යන්නෙත් නෑ...
ඒ වෙලාවට අම්මා ලගට එන්න ඇත්නම් කියලා හිතෙනවා...
කොම්පියුටරේට මගේ තනිකම මකන්න බෑ අම්මේ
කොම්පියුටරේට මට ආදරේ දෙන්න බෑ අම්මේ...
නෝටි අම්මගෙයි නැන්දගෙයි හුරතලේ උනාට...
නෝටි දැන් ලොකු ළමයෙක් කියලා දන්නවා...
ඒත් අම්මේ මට ගොඩාරියක්ම තනියි...
මම හෙට අම්මව බලන්න ගෙදර එනවා අම්මේ...
මම නෝටි.

විය සිදුරෙන් අහස බැලීමි



පොතයි පෑනයි දුරස් වෙලා යනකොට
අත හුරු උනේ යතුරු පුවරුවට
නිරුවත් දැසින් දුටු ලෝකට
දකින්නට උනේ අජීවි පරිණක තිරයෙන්
මුලු ලෝකෙම දකින්නේ අගල් 14කින්
දැනෙන්නේ මුලූ ලෝකයම දෑගිලි අතර ලෙස
එනමුදු
විදුලිය නැති වූ විට තමයි දකින්නේ නිදහස් ලෝකය
අගල් 14 එහා ලෝකය සුන්දරද මේ තරම්
නිල් අහස...
සිංදු කියන කුරුල්ලෝ...
කොයි තරම් නම් ලස්සනද
සජිවි ලෝකය...

Tuesday, August 2, 2011

වෛශ්‍යාව...


එය ඇගේ වරදක්ද..?
නැතිනම් ඔහුගේ වරදක්ද...?
මොනවා උනත් ඒක වරදක්ලූ
නිල් කොල වලට
යහන්ගත වන ඇය
වරදක්ලූ ඇ සමාජයට...

Monday, August 1, 2011

මිරිගුව...


මිරිගුව...
කෲර වු ලෝකයේ
බිදකුදු ඉතිරි නොවු
මහා මිනිසත්කම
සොයා දිව ගියෙමි කතරක
යනෙන මං පැටලී
දුබල වූ පා ගමන
තවමත් අකම්පිතව
වෙහෙස වූයේ
ලෝතතු දොඩමලූ වනු වස්
මිනිස්කම නම් වූ...

මිරිගුව
Related Posts Plugin for WordPress, Blogger...