Pages

Saturday, December 31, 2011

ආවඩා...!!!

අඩේ අප්පා මොන ග්‍රහයෙක් ලබලද මන්ද මොකවත් ලියන්න හිතෙන්නෑ.ශික් කියන්නේ ශික්ම ශික්. මාරයට කියලා අහවල් එක වත් බලාගන්න ඕනි.

එව්වා පැත්තකින් තියමුකෝ... 

ගෙවිල ගිය 2011 නම් නෝටියට එල අව්රුද්දක්. ඒ කියන්නේ පිස්සු පීකුදු වෙච්ච අවුරුද්දක්. බය්ල ඕන නෑ..... ගෙවිල ගිය 2011 දී තමා නෝටියට නොටිච්චිව හම්බ උනේ, ෆැකල්ටි අවුට් වෙලා ජොබ් එකට සෙට් උනේ, ඒ විතරක් නෙමෙයි මේ බ්ලොග් එක පටන් ගත්තෙත් 2011... එව්වා එතින් සුට්ටන් සුට්ටන් එව්වා. තව එව්වා මෙව්වා අම්බානකට.
ඉතින් කාට නැතත් 2011 නම නෝටියට ගොඩක්ම වැදගත් වගේම ජීවිතේ අමතක නොවෙන වසරක්...

ම්ම්ම්ම්ම්ම්.... ඉතින් දැන් 2011 නම් ඉවරා...යි..තව සුට්ටන් වෙලාවකින් 2012 එනවා....නොටියි නොටිච්චිය් නම් ටිකක් වෙනස් විදියකට අවුරුද්ද පටන් ගන්නය් හිතන් ඉනනේ... ඒ විස්තර හෙටම ලියනවා...

එහෙනම් නෝටියයි නොටිච්චියි ඔයාලා සියලු දෙනාටම සියලු හිරිහැර බාධක මැඩගෙන 2012 ත් ජය ගන්න ශක්තිය දෛර්ය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...

පින්තුරේ නම් සිළුමිණ පත්තරෙන්
සියලු කරදර මග හැරී යන
සියලු භාධක තුරන් වී යන
සැපත සැනසුම පිරී ඉතිරෙන
නැවුම් වසරට ආවඩා... ආයුබෝ...

Wednesday, December 28, 2011

සොදුරු මිනිසා... ඇත්තමට ඒ ඔහු.

ඕනම කෙනෙක්ගේ ජිවිත වල වීරයෙක් කියලා කෙනෙක් ඉන්නවනේ. අවිවාදයෙන්ම ඒ තාත්තා. තාත්තා ඇරුණාම.....  ඕනිතරම් කට්ටිය ඉන්නවා.. ඒත් ඒ අය අපේ ජිවිත වල සදාකාලික වීරයෝ වෙනවද...?එතන නම් පුංචි කොස්සක් තියනවානේ.

ඒත් නෝටිගේ ජිවිතේ එහෙම නොවෙනස් සදාකාලික වීරයෙක් ඉන්නවා... අද නෝටියා එයා ගැන තමයි ලියන්න හදන්නේ....

මේ සොදුරු මිනිසා නෝටියාට හම්බුවෙන්නේ හරිම අහම්බෙන්.ඒ 2003 අවුරුද්දේ. අපි 10 වසර ඉන්නකොට.මෙහෙමයි කතාව.

නෝටියා ඉස්කෝලේ 10වසර වෙනකොට සාමාන්‍යයෙන් දක්ෂ කොල්ලෙක්. ඒත් එක විශයක් තිබුණා නෝටිට වහ කදුරු වගේ වෙච්ච. කොට්න්ම කිවොත් ඒ විෂය ට නෝටියා මැටිම මෝලෙක්. ඔව් ඒ විෂය තමයි ගණිතය. ඉස්කෝලේ වාර විභාග වලදි ලකූණු 50ට වඩා තිබුණ නම් ඒක ලෝක පුදුමයක්. අනිත් විෂයන් වලට 80-90 වගේ තියනකොට ගණිතයට ලකුණු 35-40. ඕලෙවල් ගණං අනාගනිවි කියලා නෝටියාට ගණං උගන්නපු මැඩම් දෙමාපිය රැස්විමකදි අම්මි එක්ක පවා කිවා. ඒ හේතු නිසා ගණිතය උගන්වපු මැඩම් පවා නෝටියාව අතෑරලාම දාලා තිබුණා කිවොත් වරදක් නෑ. නෝටියාට කොයි තරම් ගණිතය වහ වෙලා තිබුණද කිවොත් නෝටියා වාර විභාග වල ගණිතය පේපර් එකත් කට් කලා.

ඔය අතර තමයි නෝටියාගේ ඉස්කෝලේ යාලූවගේ අයියාකාරයා සත්තම දාන්නේ....
තෝ ඔහොම ගියොත් අනාගන්නවා  ඕලෙවල්. තාම උඹලා 10 වසර නිසා කල් තියනවා. මම කියනවට උඹ අපේ සර්ගේ ගණං පංතියට දවසක් ඇවිල්ලා බලපන්. අපේ සර් අලූත් උනාට උඹට ගණං පොවාවි.

නෝටියා කෝකටත් කියලා ගියා පංතියට. සූගාලා ළමයි 20ක් විතර හිටියා. නෝටියත් ඉතින් ක්ලාස් එකට ගිය නිසා අන්තිම පේලියේ වාඩි උනා. ටික වෙලාවක් ගියා.... අත්කොට ෂර්ට් එකක් ඇදලා ෂර්ට් එක කලූ කලිසමට යට කරලා කෙට්ටු අවුරුදු 26 විතර වෙන කොල්ලෙක් ආවා පන්තිය ඉස්සරහට.

පුතේ මගේ පංතියේ පිටිපස්ස පේලි නැති වෙනවා නම් මම හරිම ආසයි.... ඒනිසා ඔය පිටිපස්සේ පේලියේ ඉන්න දරුවා එන්න මේ ඉස්සරහා ඉඩතියන පේලියට...

කියලා ටකරන් වොයිස් එකකින් කිවම නෝටියා නිකං කරකවලා ඇතෑරියා වගේ. මොනවා කරන්නද ඉතිං හිත හදාගෙනම ගියා ආයෙත් මේ ක්ලාස් එකට එන්නෑ කියලා හිතන් ඉස්සරහා පේලියට. හැබැයි නෝටියාට නිකමට ඒ වෙලාවේ හිතුනේ නෑ ඒ ටකරන් වොයිස් එකට නෝටියාගේ ජිවිතේ ගොඩක් වෙනසක් කරන්න පුලූවන් වෙයි කියලා.

කිසිම වෙනසක් නැතිව ක්ලාස් එක කරගෙන ගියා. ගණන් කියලා දුන්නා. ගණන් හැදෙව්වා.... සර්ම හැමෝගෙම පොත් බැලූවා... කොහොම හරි ක්ලාස් එක ඉවර වෙන වෙලාවත් ආවා. ඊලග දවසේ ක්ලාස් එකේදිි හම්බුවෙමු කියලා සර් ස්ටේජ් එකෙන් බැස්සා. ඒතකොට ළමයි ටික ක්ලාස් එකෙන් එළියට යනවා වෙනුවට පේලියක් හැදිලා සර් ඉන්න තැනට ගිහින් සර්ට වදින එකයි කලේ. හැමෝම සර්ට වැදලා තමයි එළියට ගියේ.... නෝටියාත් දණ ගහලා වැන්දා සර්ට...

බුදුසරණයි පුතේ.... බය වෙන්න එපා මම උඹව ගොඩදානවා.. දිගටම ක්ලාස් එන්න.

ඒ වචන ටික තමයි නෝටියා ගේ හිතට පුංචි දෛර්යක් ගෙනාවේ. ආයේ ඒ ක්ලාස් එකට යන්නෑ කියලා හිතාගෙන ඉස්සරහා පේලියට ගිය නෝටි ආයේත් ඒ ක්ලාස් එකට යනවා කියලා හිතාගෙන ගෙදර ආවා.
ටික කාලයක් යනකොට නොදැනුවත්වම ගණිතය කියන විශයට ආදරේ කරන්න පටන් අරන් තිබුණා. ඒ දේට වගකිවයුත්තා උනේ ඒ සොදුරු මිනිසා. කොයි තරම් නම් ගණිතයට ආචරේ කරවන්න ඒ සොදුරු මිනිසාට පුලූවන් උනාද කියනවා නම් උදේ 6ට සර්ගේ ගණං පන්තියට ගිහිල්ල ඉස්කොලේ ගිය දවස් අන්නතයි.

ඔය අතරේ සර්ගේ ක්ලාස් එකේ ළමයි ගානත් වැඩි උනා. හිස් වෙලා තිබුණු ඩෙස්ක් පේලි උතුරලා ගියා. ඒවගේ ප‍්‍රථීඵලයක් විදියට තමයි සර්ට නොයෙකුත් මඩ ප‍්‍රචාර යන්න පටන් ගත්තේ. ඒත් ඒ හැම දේටම ඔහුගේ පිළිතුර උනේ..........

පදනම් විරහිත චෝදනාවටත්...
අහේතුක සිත් රිදවීම් වලටත්...
සුදුසුම පිළිතුර...
ගෞරවණිය නිෂ්ශබ්ධතාවයයි....

ඔව් ඒ සොදුරු මිනිසා ඒ සේරම ඉවසගෙන අපිව අපේ ඉලක්කයට එක්කන් ගියා... අපේ ජිවිත වල් වැදෙන්න නොදි අපිව ඒ ඉලක්කයට එක්කන් ගියා... ඇත්තම කිවොත් ඒ සොදුරු මිනිසා නෝටියාගේ ජිවිතේ පොරක් උනා.



පේපර්...
ස්පොට් ටෙස්ටි...
ටියුට්...
සෙමිනා...
මේ සේරගෙන්ම
ගණං පෙව්වා...
ඔව්...
ගණිතය අපිට කසාද බන්දලා දුන්නා...
සත්තකින්ම
ඒ සොදුරු මිනිසා
ජිවිතේට ආලෝකය ලබලා දුන්නා...
ඒ ඔහු...
අපේම ආදරණිය මංජු සර්...
දිනේෂ් මංජුල...




මංජු සර්...
සර් නිසා නෝටියා ජිවිතේ ගොඩක් දිනුවා. 
එදා සර් ගේ පංතියට වැරදිලා වත් මම ආවේ නැත්නම්,
අද නෝටියා ජිවිතේ ගොඩක් වැරදුන කෙනෙක් වෙන්න ඉඩ තිබුණා. 
ඒත් 
සර් එදා ගණිතයට ඇති කල ආදරය නිසා පටන් ගත්තු ගමන
අද වෙබ් ඉංජිනේරුවෙක්
සර් නෝටියා ජිවිතේ අලූත් කඩයිමකට ලෑස්ති වෙමිනුයි ඉන්නේ.
ලබන අලූත් අවුරුද්දේ නෝටියා ලංකාවෙන් පියාඹනවා....
ඒ අලූත් ලෝකෙට පියාඹන්න කලියෙන්,
සර්ගේ පංතියේ වාඩි වෙලා ගාණක් හදන්න...
දෙන අවවාද ටික අහන් ඉන්න...
ආයෙමත් සර්ගේ කකුල් දෙක අල්ලා වදින්න...
නෝටියා එනවා සර්ගේ ක්ලාස් එකට...
ඔව් නෝටියා එනවා 
සර්ගේ කකුල් දෙක අල්ලා වැදලා ආශිර්වාදෙ අරන් යන්න.


මම...
සර්ගේ 2003-04 අම්බලන්ගොඩ ක්ලාස් එකේ හිටපු කොලූගැටයෙක්.


ප.ලි.
සර්ගේ ක්ලාස් යන නංගියෙක් මල්ලියෙක් එහෙම ඉන්නවා නම් මට කියනවද ගාල්ලේ සර් ක්ලාස් කරන දවසක් වෙලාවක්...

Saturday, December 24, 2011

තවත් ටිකක්

මේක නෝටියට ඊයකින් ආව ලිපියක්.ආයේ හෝදන්න දෙයක් නැ සිරාම ලිපියක්.ඔන්න බ්ලොග් ලියන කෙල්ලෝ ටික නෝටිය එක්ක ඔරොප්පු වෙන්න ඔට්ටු නෑ.... මොනවා උනත් ඉතින් කතාව නම අමුලික ඇත්ත.


1. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්. එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා 

2. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි, තනියම ඉන්නවා නම් කෙල්ලෝ අඬන්නේ නෑ 


3. කෙල්ලෝ කෘමියන්ට බයයි, චණ්ඩිම කෙල්ලෙක්ට වුනත් මකුළුවෙක් හරි කැරපොත්තෙක් හරි ආවාහම කොල්ලෙක්ව ඕනේ වෙනවා ඌව පන්නාගන්න


4. කෙල්ලෝ toilet යන්නෙත් කණ්ඩායම් විදියට. එහෙම කරන්නේ ඒක ඇතුලෙදිත් එයාලට කයිවාරු ගහන්න පුළුවන් නිසා. කොල්ලෝ කවදාවත් කියන්නේ නෑනෙ "මචං අපි දෙන්නා toilet ගිහින් එන්න යමුද ?" කියලා


5. ජීවිතේට දැකලාවත් නැති කෙල්ලෝ දෙන්නෙක් toilet එකට ගියාම ඒ දෙන්නෙ ජීවිත කාලෙම දන්න යාලුවෝ දෙන්නෙක් වගේ එළියට එන්න ඉඩ තියෙනවා. ඒ කෙල්ලන්ගේ හැටි 


6. කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා, ඒ වුණත් කෙල්ලෝ දන්නේ නෑ කෙල්ලන්ට on/off ස්විච් එකක් තිබ්බනම් කොල්ලන්ට සෙල්ලම් බඩු ඕනේ නෑ කියලා


7. කෙල්ලෝ ෂැම්පූ ජාති තුනක්වත් සහ කන්ඩිෂනර් ජාති 2ක් විතර නාන්න ගියහම පාවිච්චි කරනවා, කෙල්ලෙක් නාල ඉවර වුනාට පස්සෙ බාත් රූම් එක පුරාම ඝර්ම කලාපීය වැසි වනාන්තරයක් වගේ සුවඳ ගහනවා, ඇයි ඉතින් ගාන ඔක්කොම දේවල් හර්බල් නේ


8. සාමාන්‍යයෙන් කෙල්ලන්ට පඩි ගෙවන්නේ කොල්ලන්ට වඩා අඩුවෙන්, ඒ වුණත් ඒක් තැනකදී ඒක වෙනස් වෙනවා, ඒකට තමයි මොඩ්ලින්ග් කියන්නේ


9. කෙල්ලෝ පූසන්ට ආදරෙයි, කොල්ලොත් ඉතින් කෙල්ලෝ ඉන්න තැන්වල කියනවා එයාලත් පූසන්ට ආදරෙයි කියලා, ඒ වුණාට කෙල්ලෝ නැති වෙලාවට කොල්ලෝ පූසන්ට ගහන්නේ පයින් 


10. කෙල්ලෝ ෆෝන් එකෙන් කතාකරන්න මාර ආසයි, ඇත්තටම ඒක එයාලගෙ සහජ හැකියාවක්. යාළුවෙක්ගෙ ගෙදර සති දෙකක් නැවතිලා ඉඳලා ගෙදර ආවගමන් වුනත් ඒ යාලුවා එක්ක ෆෝන් එකෙන් පැය තුනක් කතාකරන්න දේවල් කෙල්ලෙක්ට තියෙනවා


11. කෙල්ලෙක්ට කඩේ යන්න, ගස් වලට වතුර දාන්න, ගේ අතුගාන්න, ෆෝන් එකට ආන්සර් කරන්න, පොතක් කියවන්න, ඊ මේල් බලන්න කලින් ඒ ඒ වැඩේ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගන්න ඕනා. කොල්ලන්ට නම් ඔය ඕන එකක් කරන්න ඇඳුමක් විතරයි ඕනා


12. කෙටි පාරක ගිහින් අතරමං වෙයි කියන බයට කෙල්ලෙක් හැතැම්ම ගාණක රවුමක් ගහන්න වුනත් සූදානම්


13. කෙල්ලෙක්ට මැප් එකක් කියවන්න බැහැ මැප් එක තමන් මුහුණලා ඉන්න පැත්තට හරවගන්නේ නැතුව


14. කෙල්ලෝ හැමතිස්සෙම හිතන්නේ තමුන් හරිම මහතයි කියලා, කෙට්ටුම කෙල්ලෙක් වුනත් පුලුවන්නම් බර අඩුකරගන්න වේට්ස් කරාවි


15. කෙල්ලෝ කොල්ලෝ එක්ක සමතැන ගන්න කතා කරනවා, ඒවුණට පුදුම වැඩේ කියන්නේ අල්මාරියෙන් බාගයක් කොල්ලට දෙන්න, පාරට කුණුගෙනිහින් දාන්න, බුස් එකෙ ෆූට්බෝඩ් එකෙ යන්න වගේ අවස්ථාවලදි විතරක් එයාලට සමතැන එපාලුනේ.


16. ගමනක් යන්න ලැහැස්ති වෙනකොට කෙල්ලො ලෑස්තිවෙන්න පැය ගාණක් ගන්නවා, කොහොම හරි අන්තිමට ලෑස්තිවෙලා අදාල තැනට ගියාට පස්සෙ කරන්නේ අනික් කෙල්ලන්ගෙ ඇදයක් හොයන්න පරීක්ෂාවෙන් බලන් ඉන්න එක.


17. කෙල්ලෝ කොච්චර වෙන කොල්ලෝ දිහා හොරෙන් බැලුවත් කොල්ලට මීටර් වෙන්නෙ නෑ, ඒ වුනාට බොහොම කලාතුරකින් හරි කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා කෙල්ලට අහුවෙනවාමයි.


18. කෙල්ලෙක්ට තැනකට ගියාම වෙන්න පුලුවන් චාටර්ම වැඩේ තමුන් ඇඳන් ඉන්න ඇඳුමම තව කෙල්ලෙක් ඇඳන් ඉන්න එකයි, කොල්ලන්ට ඕකේ ගාණක් නෑ, ඔයාල කවදාවත් අහලා නෑනේ කොල්ලෙක් කියනවා, "අයියෝ අන්න අරූ මගෙ ජාතියෙම ඩෙනිමක් ඇඳලා, මට නම් බෑ තවත් මෙතන ඉන්න කියල කියනවා "



ප.ලි.
හොදම සීන් එක කියන්නේ...ඔය ඊය නෝටියට එවුවෙත් කෙල්ලෙක්.

Wednesday, December 21, 2011

ඒක දැම්මාම තමා ෂරියනවා....


ඕනම කෙනෙක්ට ෆැකල්ටි ලයිෆ් එකේ අමතක නොවෙන ම සීන් එකනේ රැග් එක කියන්නේ. ඇයි රැග් එක විතරමද..... ඇයි බැජ් ටි‍්‍රප් එක. නෝටියට හිතුණා ඔන්න බැජ් ටි‍්‍රප් වලදි වෙච්ච රසබර තැන් ටිකක් මතක් කරගන්න...

මේ සින් එක උනේ අපේ සෙකන්ඞ් ඉයර් බැජ් ටි‍්‍රප් එකේදි.... අපි දෙවනි දවස හන්තාන තමයි ගියේ... අපි ගිය දවස් වල නං සීතල උපරිමයි. ඔන්න කටිටියම ලෝකාන්තේ එහෙම බලලා ආයෙමත් බස් ළගට සෙට් වෙන වෙලාව. අපි හය දෙනෙකුගේ සෙට් එකක් තමයි බස් එක ලගට එනකොට සෙට් වෙලා හිටියේ. එයින් හතරක් කපල්. මමයි ඉතිරි කෙල්ලයි අරුන් දෙන්නට ඇණයක් නොවි චැටක් දාගෙන හිටියා අනිත් උන් ටිකත් එනකම්.

ඔන්න ඔය අතරේ තමයි කොහේද මංදා ඉදලා සාත්තර කියන ගැනු කෙනෙක් එන්නේ... ඒ ගෑණු කෙනා කෙනෙක් අහන්නත් කලිං තමයි සාත්තරේ බලන්න පටන් ගන්නේ.... අර අපිත් එක්ක බස් එක ලගට ආව කපල් එක ලගට ගිහින් මොනවද වගයක් කියවලා ගාණකුත් කඩාගෙන දැන් මමයි අර ගර්ලූයි ඉන්න තැනටත් සෙට් වෙන්නයි හදන්නේ....

ඒ ගෑණු මනුස්සයා ඇවිල්ලා කියවන්න හදනකොට මම ඉතින් එපා කිවා...එතකොට අපේ ඩිස්නි(අර ගර්ගේ කාඞ් එක) ඔන්න ඔහේ අපිත් අහමු නෝටි කියලා....  ඕන එකක් දෙකයි පනහයි කියලා දැන් සාත්තරේ අහන්න තමයි සෙටි වෙන්නේ.... ඔය අතරේ අපේ උන් ටික දෙනෙකුත් සාත්තර මිෂන් එක බලන්න සෙට් වෙලයි උන්නේ....ඔන්න ෂාත්තරේ...........

මේ නෝනා මාත්තියා නං පිං කදක්............ යෙන යෙන තෙන ෂිරියාව තමයි උතුරනවා.... බ්ලා බ්ලා බ්ලා.............
ඒ උනාට නෝනා මාත්තියලාගේ පවුල් ජිවිතේට පොඩි කොෂ්ෂක් තමා තියනවා.... මේ නෝනා මාත්තියාගෙන් මාත්තියාට ටිකක් අපල තමයි තීනවා....

ඔන්න ඉතිං දැං  ඩිස්නිත් හොදට අර ගෑනු මනුස්සයාව අන්දනවා..........
අනේ ඒකට මම මොනවද කරන්න  ඕනි....?

එතකොට අර ගෑණු මනුස්සයා කියනවා....
කොරන්න නං තින්නේ එක දෙයයි.... මගේ ලග තිනවා බෝම බලගතු යන්තරයක්... ඒක දැම්මාම තමා ෂරියනවා....

දැං ඉතිං ඔය යන්තරේ කොහොමද දාන්න  ඕනි..... ඒක කියක් විතර වෙනවද........?

නෝනේ යේක ගොඩක් වටින යෙකක්. රුපියන් 5000ක් විතර තමා වෙනවා.... නෝනමාත්තියාගේ ෂිරියාවන්ත මූනට එච්චර ගන්න බේනේ... රුපියන් 3500ක් දෙන්නකෝ.... මම දෙන් යෙක මාත්තියාගේ අතේ බදින්නම්.

ඔන්න ඊට පස්සේ තමයි හොදම දේ උනේ.... අපේ බැජ් එකේ කොල්ලෙක් ඉන්නවා... මෑන්ගේ නම බෝලා... ඌ එකපාරටම අර ගෑණිගෙන් අහපි....

සාත්තර ඇන්ටි....
3500ක් නෙවෙයි අපි 6000ක්ම දෙන්නම්.... 
මුන් දෙන්නා නෝනයි මහත්තයයි උනේ කෝමද කියනවද....?

සාත්තර ඇන්ටිගේ දුම වත් සොයා ගැනිමට බෝලාට නොහැකි විය...

Monday, December 19, 2011

විහින් බඩු වෙන කෙල්ලෝ.


ඔන්න මුලින්ම කියන්න  ඕනි මේ පෝස්ට් එක කාටවත් මඩක් නෙමෙයි... ඒ වගේම ටිකක් විතර 18+ ද මංදා... මේ සිද්දිය වෙලා වැඩි දවසක් නෑ... ඒ වගේම බ්ලොග් ලියන කෙල්ලෝ ටික නෝටියට විරුද්ධව හර්තාල් කොරයිද දන්නෙත් නෑ... කට කෑවත් කියන්න තියනදේ කියන්න කියලයි පොතේ තියෙන්නේ ඔන්න..

සින් එක උනේ මාතර කොළඹ ඒසි බස් එකක. ඒ වෙලාවේ බස් එකේ සිටි සේරම පිරෙන්න සෙනග හිටියත් කොන්දාදේ සමාජ මෙහෙවර නිසා හිටගෙනත් දෙන්නෙක් විතර හිටියා... ඔන්න කලූතර හරියෙන් බස් එකට නැග්ගා කෙල්ලෙක්.. ඇගටම ෆිට් උන ටි ෂර්ට් එකකුයි ඒ වගේම ඩෙනිම් ත‍්‍රි-ක්වාටර් එකකුයි ඇදගෙන...

මොන වනචර යක්කුද මංදා... කෙල්ලෙක්ට බස් එකක් ගමනක් යන්න නෑ.... එනවා හේත්තුව දා ගන්න... හිරිකිතේ බෑ... අම්මලා නංගිලා නැද්ද තමුසෙලට.... බ්ලා... බ්ලා.... බ්ලා.... බ්ලා....
ඔන්න ටික වෙලාවකින් අර කෙල්ල ලග හිටපු කොල්ලට අම්මමෝ නැතිව දෙහි කපන්න පටන් ගෙන...

කොල්ලත් ටික වෙලාවක් මේකිගේ අදෝනාව ඉවසන් ඉදලා කිව්වා මෙන්න මෙහෙම....

නංගි මේ.... තමුසෙලාගේ තියන විලිසංගේ නැති කමට හෙලූවෙන් යනවා වගේ ඇදුම් ඇදගෙන යනවා මෙන්න මට කරලා පල කියන්න වගේ... අන්තිමට බස් එකක කොල්ලෙක්ට යන්න බැ... වැරදිලා බ්රේක් පාරකට ඇවිල්ලා අතක් හරි ඇගේ වැදුනොත්  නිකං ...කලා ගියා වගේ කැ ගහනවා....

අර කෙල්ල ඉස්සරහා හොල්ටි බහිනවා...

ඒ සිද්ධිය එතනින් ඉවර උනත් නෝටිට මෙන්න මේ ප‍්‍රශ්ණ 3 තාමත් ඉතිරි වෙලා තියනවා....
  1. කෙල්ලෙක්ගේ අග පසග ප‍්‍රදර්ශනය කරන එක විලාසිතාද?
  2. කෙල්ලෙක්ගේ ශරිරයේ සුන්දරත්වය තමන්ගේ සහකාරයාට පමනක්ද.... නැත්නම් මුලූ ලෝකෙටමද...? 
  3. කොටට සාය  ඇදන් ඉන්න කෙල්ලො දිහා බලන කොල්ලොද වනචර....?
කෙල්ලෙක් කියන්නේ කොයි තරම් සියුමැලි දෙයක්ද... ඇත්තටම කෙල්ලෙක් මත නෙමෙයිද මේ ලෝකේ පැවැත්ම රදා පවතින්නේ.... ඒ නිසා ගැහැණු කියන අය කොයි තරම් උතුම් තත්වයට පත්වෙන අයද? එහෙම අය ඇයි මේ වගේ දෙකයි පනහේ විදියට හැසිරෙන්නේ...

පුලූවන් නම් ඒ ප‍්‍රශ්න ටිකට උත්තර දෙන්නකෝ...


ප.ලි.
මේ පොස්ට් එකට කුණුහරුප කමෙන්ට් නම් ගොඩක් ලැබිල තියනවා.පබ්ලිෂ් කරන්න තරම් අමාරු එව්වා. තමන්ගේ ප්රෝෆය්ල් ඒකෙන් තියන කමෙන්ට්ස් විතරක් පබ්ලිෂ් කරනවා ඒ නිසා.
අසැබි වචන වලින් කමෙන්ට් කරන අයට දැන්ම කියන්නම්... එහෙම කුණුහරුප කමෙන්ට් කරන්න ඉන්නවා නම් දැන්ම ඒ අදහස ඉවත් කර ගන්න.මම එව්වා පබ්ලිෂ් කරන්නැ.

Friday, December 16, 2011

එදා...

ඒක තමයි නෝටියාගේ මුල්ම කුලුදුල් ජොබ.නෝටියාට ඒ කම්පියුටර් ඉන්ස්ට‍්‍රක්ටර් පත්විම හම්බුනේ ඒ.ලෙවල් කරලා ඉවර උන ගමන්මයි... නෝටියා  ඒ.ලෙවල් කරන අතර කරපු පරිගණක පාඨමාලාව ඉවර උනෙත් ඒ ලෙවල් විභාගෙත් එකක්කම වගේනෙ. විභාගේ ඉවර වෙනකොටම ඒ ආයතනයේම ආරාධනාවක් මත තමයි නෝටියා ඒ පත්වීම භාර ගත්තේ...


ඔන්න නෝටියා මුලටම ජොබ් එකට ගිය දවසේ.......... නෝටියා සෙන්ටර් එකට යනකොට සෙන්ටර් එක  ඕපන් කලා විතරයි. ඉතින් නෝටියා කලිං පුරුද්දටම ළමයි වාඩි වෙලා ඉන්න පුටු තියලා තියන තැන වාඩි වෙලා ඉන්නවා බොසා එනකම්.... ඔය ඉන්න අතරේ තමයි රෙසෙප්ෂන් එකට ගත්ත අලූත් ඉටිකිරිස් ගෑණු ළමයත් ඔෆිස් එකට ගියේ...

ටික වෙලාවකින් ඒකි ඇවිත් කියනවා............

අලූතෙන් පටන් ගත්ත වෙබ් ඩිසයිනින් ක්ලාස් එකේ ළමයි රූම් නම්බර් 03 වලට යන්න කියලා...
එතන ඉදපු ළමයි සේරමම වගේ ක්ලාස් එකට  ගියා... ඉතිරි උනේ තව ළමයි දෙන්නෙකුයි මමයි විතරයි.... ඉතින් රෙසෙප්ෂන් ගර්ල් අර ළමයි දෙන්නා එක්ක කතා කරලා ඉවර වෙලා මගේ ලගට ඇවිත් අහනවා....
ඔයා මොන ක්ලාස් එකේ ද....?

මට කියන්න හම්බුනේ මෙච්චරයි...

අලූතෙන් පටන් ගන්න....

හයියෝ ඔයාට කියපු දේ ඇහුන්නැද්ද... මම දැන් එක සැරයක් කීවනේ අලූතෙන් පටන් ගන්න වෙබ් ක්ලාස් එකේ ළමයි රූම් 03 එකට යන්න කියලා... යන්න යන්න.... ඉක්මනට යන්න... ඔයාලගේ ලෙක්චර එන්න කලින් ක්ලාස් එකේ ඉන්න....

කොහේද මුන්දෑ කියලා ඉවර කරන්න දුන්නද..? දැන් ඉතීන් මොනවා කරන්ද.... නෝටියත් ගිහිල්ලා වාඩි උනා අර ළමයි අස්සෙම  ඕනි එකක් දෙකයි පනහයි කියලා...... දැන් ක්ලාස් එකේ ළමයිත් ඇවිල්ලා.... සර් නෑ.... ක්ලාස් එකේ සෙට් එකටත් නිකං මල පැනගෙන එනවා වගේ....ඇයි ඉතිං මුලම දවසේ සර් කාරයා පරක්කුයි... එක එක කතා කියනවා...


ඒ අතර හිටපු එක කොල්ලෙක් සර්ට පලු යන්න බනිනවා....
අපි සල්ලි ගෙවලා ඇවිල්ලා මෙතන රස්තියාදු වෙනවා....බ්ලා බ්ලා බ්ලා බ්ලා....
කතන්දර කෝටියයි


ඕං එකසැරේම බොසා එනවා ලෙක්චර් රූම් එකට....

නෝටි.... විනාඩි 5කට මගේ රූම් එකට ඇවිල්ලා යන්න....

නෝටි බොසාගේ රූම් එකට යනකොට ඉන්ස්ටිටියුට් එකේ සේරම බොසාගේ රූම් එකේ... අර නෝටිට සත්තම දාලා ක්ලාස් රූම් එකට යවපු රෙසෙප්ෂන් ගර්ලූත් ඉන්නවා... උන් සේරම මැද නෝට් අන්දොස්.... ඔන්න පටන් ගත්තා බොසා දෙසන්න....

මේ තමයි අද ඉදන් අපේ ආයතනයේ වෙබ් ප්‍රෝග‍්‍රැමින් වලට අලූතෙන් ආව ඉන්ට‍්‍රක්ටර්.මේ ආයතනයේම ඉදපු ළමයෙක්... අද ඉදන් එයා ඔයාලත් එකක් එකට වැඩ කරාවි.... 

ඔන්න ඉතින් බොසාගේ දේශනාව අවසානේ කට්ටිය අතට අත දිලා විශ් කරගෙන එනවා...  ඕං ඉතිං අර රෙසෙප්ෂන් ගර්ල් එනවා....

සොරි සර්.... මම ඒ වෙලාවේ දන්නෑ ඔයා සර් කියලා....(ඒ වෙලාවේ ඒකිගේ මූණ මතක් වෙනකොට තාමත් සිනා...)

හොදම සීන් එක උනේ නෝටියා ටයි පොල්ලත් දාගෙන අලූත් ක්ලාස් එකට ගිය වෙලාවේ.... නෝටියා ක්ලාස් එකට ඇතුලූ වෙනවත් එක්කම ඉස්සරහම පේලියේ හිටිය කොල්ලෙක්ට මහ හයියෙන් කියඋනේ නැද්ද....

හප්පටසිරි සර්........!!

ඇයි හත් ඉලව්වේ මූ අන්දොස් නොවි තියේවියැ මං පරක්කු වෙච්ච එකට මූ මාත් එක්ක මටම බැන්න එකට...

නෝටියාට හිතුනා මාස 4ක් ෆුල් ටයිම් හා මාස 8ක් පාට් ටයිම් (කැම්පස් සිලෙක්ට් වෙච්ච නිසා ඒකට ආයිබෝං කියන්න උනා නේ...) වෙච්චි ඒ ගුරු ඉතිහාසේ රසබර දේවල් ටිකක් මතක් කරගන්න  ඕනි කියලා... හොද හොද එව්වා ඉස්සරහට ඈ....


Wednesday, December 14, 2011

අඩෝ...! තෝ නිසා වෙච්ච දෙයක්.

හම්මියෝ.....!

හරිම අවිවේකී දවස් ටිකකට පස්සේ ඔන්න අද තමය් පොඩි විවේකයක් ලැබුනේ.

ඊයේ නෝටියය් නෝටිච්චියය් ගිය පොඩි ෂොපින් පාරක දාන්න.නෝටිය මේ කුරුටු ගන්න හදන්නේ මොකක්ද කියල නෝටියටත් හරි තේරුමක් නේ ඔන්න. මේ සීන් එක උනේ ඔඩෙල් ඇන්ටි ගේ රෙදි කඩේ ඉන්නකොට.

අපි දෙන්නා ඇදුම් වගයක් බල බල ඉන්නකොට නෝටිය දකිනවා නිකම් පුරුදු පුරුදු වගේ මුණක්.ගැනු ලමිස්සියෙක් හිනා වෙනවා නෝටිය එක්ක.මටත් නිකන් පුරුදුඉ පුරුදුඉ වගේ. ඔන්න මතක් උනා. අපිත් එක්ක A/L වලදී හිටිය කෙල්ලෙක්.ඉතින් නොටියත් නොටිච්චිව ඇදගෙන ගිහිල්ල වචන දෙක තුනක් කතා කරලා ආවා.

ඒක එතනින් ඉවරය්. අපි දෙන්න බස් එකට එනකොට සුදු අහනවා කුඩා නෝටි ඒ girl කියල. ඉතින් මමත් කිව අපේ A/L වලදී ඉදපු කෙල්ලෙක් කියලා.
ඒ girl නෝටි ගේ ගැන hopes තියන ඉදපු කෙනෙක් ද? කියල සුදු අහනවා මෙන්න ඒ ගමන.

ඔන්න එතකොට තමයි නොටිට මතක බැරි වෙලා තිබුන දෙයක් මතක උනේ.....

ඒ girl නෝටි ගැන interest කියල ඒ girl ගෙන අහපන් කියල නොටිගේ යාලුවෙක් නොටිට කිව A/L කලේ...ඒත් ඉතින් එකී නෝටිට යාලුවෙක්ම  විතරය් උනේ.ඒ වගේම තව වෙච්චි පොඩි පොඩි සීන් වගේකුත් තිබුන එකී නිසා නොටියට උනු. ඒ විස්තරත් ඉතින් මම කිව සුදු මැණිකේට.

එට පස්සේ මම සුදු මනිකෙවත් බස් එකට දාලා මමත් ගෙදර එන්න අව.ඊට පස්සේ වෙච්ච දේ උනේ මම නිසාද සුදු..? ඔය බස් ඒකෙන බැහැල තියෙන්නේ ඔය බහින හෝල්ට් ඒක ගොඩාක් පඅහු උනාට පස්සේ... මම ඔයාගේ හිතට ඕන නැති බරක් දීල ඔයාව අවුල් කලාද?



ඒත් සුදු ඔයාගේ නෝටිය වරදක් කරලා නෑ...
මොනවා උනත් ඔයාගේ හිත රිදුන නම නෝටියට සමාවෙන්න..




ප.ලි : නෝටියට අද ටිකක් සනීප නැ වගේ.උන හැදීගෙන එනවද මන්ද..?බෙහෙත් ටික්කක් ගන්න තනියම යන්න හිතෙන්නෙත් නේ.. නොටිච්චි ට අද නිවාඩුවක් ගන්න පුළුවන් කමත් තිබුනා නම යන්න තිබුන එයත් එක්කම.ඔන්න ඔහේ පැනඩෝල් දෙකක් ගසල බලමු :)

Sunday, December 11, 2011

උඹට දුන්න 50 වෙනි එක


උඹට හිත බැදුනු එක අහම්බයක්මත් නෙවෙයි.....
ඒත් මට  ඕනි උනා උඹව මගේ කරගන්න.
කොහොම හරි දත කාලා.... දත කාලා....
උඹව මගේ කර ගත්තා....
ඒත් ඒ කාලේ නම්....
උඹව අතාරින්න හිතුන වාර අනන්තයි.
ඒත් මොකක් හරි හේතුවක් නිසා
මම උඹත් එකක් හිටියා....
සමහර විට....
උඹ බැදගත්ත බෙරේ උඹම ගහපන් කියලා
හිත කියපු නිසා වෙන්න ඇති....
කෝම හරි....
මම උඹ එක්ක හිටියා මාස 5ක් විතර...
ඒත්....
ඒ කාලේ..
මම උඹට ආදරේ කලාද කියලා මම නම් දන්නෑ....
ඒත් අද හිතෙනවා මම උඹටත් ආදරේ කරලා...
ඒක නිසා වෙන්න ඇති ලෝකයා මොන දේ කිවත් මම උඹව අතෑරියේ නැත්තේ....
ඕං මම අද උඹට 50 වෙනි එක දෙන්නයි හදන්නේ....
මම දන්නවා උඹ 50 නෙමෙයි 100ක් වෙනි එක දුන්නත් ගන්නවා...
ඒකනේ මම උඹට මේ තරම් ලවි...






ඕං ඔය විදියට තමයි
Naughty's Impression's හෙවත්  නෝටිගේ සංකල්පනා 50 වෙනි පෝස්ට් එක ලීවේ....







Thursday, December 8, 2011

නොනේ ලොකු එකනම් හරි... පොඩි එකට...


මේ පෝස්ට් එක ලියන්න කලින් නෝටි සකල වාසි සියලූ දෙව් දේවතාවුන් ගෙන් ඉල්ලා හිටින්නේ මේ පෝස්ට් එක නෝටිච්චිගේ ඇස නොගැටේවා යන්නයි.(ඒත් වැඩක් නෑ බොලව්... දැන් අපේ උන්දැත් බ්ලොග් කෙරුවාවට බැහැලා නොවැ...). නෝටිච්චි කියන්න වගේ නෝටියා නහින්නේ කට නිසා. නෝටියාගේ යාලූවෙක් (ධනුෂ්ක) වෙච්ච අයියා කෙනෙක් එක්ක මෑන්ගේ මනමාලි බලන්න ගිය කතාවක් කලින් පෝස්ට් එකේ කිව්වා මතකද මංදා........


 ඕං දැක්කේ නැත්න්ම් ගිහින් බලලාම එන්ටකෝ......


 ඕං දැං තමයි පෂ්චාත් මගුල් ප‍්‍රචන්ඩක‍්‍රියා ඇති වෙලා තියෙන්නේ... ඇගේ හී ගඩු පිපෙනවා බොලව්... වෙලා තියෙන්නේ මේකයි. අපි එදා දිලූෂා (මනමාලි) ගේ ගෙදරින් ආවානේ. අපි ආවයින් පස්සේ දැං මනමාලිගේ අම්මා අප්පා කතා වෙනවලූ............


මේං මේකයි වෙලා තියන කතාව කෙටියෙන්ම කියනවා නම්. රොයිටර් පුවත් සේවය (මනමාලි) තමයි වාර්ථා කලේ....


නෝනේ අපි හිතන් හිටියාට වඩා ධනුෂ්ක ළමයගේ හැදියාව (අනේ මගේ කට) පවුල් පසුබිම එහෙම ගොඩක් හොදයි නෙව.


ඔව් අපේ මහත්තයා.... දැන් අපි ඒ ළමයා ගේ දිහා යන්න කතා කරගත්ත දිනේට යනවා නේද?


නොගිහින් කෝමද නෝනේ... අපි පොරොන්දු උනා නෙව. ගොහිල්ලා වැඩ කටයුතු එකලාසයක් කරලා දාමු ලබන අවුරුද්දේ මුල වගේ...


ඒක හොදයි අපේ මහත්තයා... දැන් ඉතිං පොඞ්ඩි තමයි..........


ඔය විදිය කතාව ඉවර උනාලූ... ඊලග සෙෂන් එක පටන් අරං තියෙන්නේ ? කැම කාලා ඉවර උනාට පස්සේලූ....


උපේ මහත්තයා....... ධනුෂ්ධ දරුවා එක්ක ආව අර කණ්නාඩි දාන දරුවා ගැන මොකද හිතෙන්නේ............. මේ මම කිව්වේ අපේ පොඩි කෙලිට..............................


ඛවුද අර..... බූටි කියලා කතා කරපු ළමයද...........?


හ්ම්..............


ඒ දරුවත් වරදක් නෑ වගේ පේන්නේ.......... ධනුෂ්ක ළමයාගේ ගෙදර ගියාම ඒකත් හිමීට ආරංචි කරලා බලමුකෝ..............


අප්පච්චී එයා බූටි නෙවෙයි නෝටි..... අනික ආරංචි කරලා බලන්න දෙයක් නෑ අප්පච්චි.... නෝටි දැනටමත් වෙන ගෑණූ ළමයෙක්ට ආදරේ කරනවා............


හොද වෙලාවට දිලූෂා මහ දෙන්නා ගේ කතාව ට හොරෙන් ඒරියල් එක දාන් ඉදලා තියෙන්නේ.... නැත්තං නෝටිට බඩු බනිස් වෙනවානේ....


ධනුෂ්කයාගේ මාමණ්ඩියා තමයි තේමණ්ඩියා.... මැන් හැදුවේ මට පොඩි කෙලිව ජොඩු කරන්න. මෑන්ස් දන්නැද්ද මංදා බහු භාරියා විවාහ දැන් ඔට්ටු නෑ කියලා.... ඒ මදිවට මගේ නමත් වෙනස් කරලා...බූටි..............!!!



අඩෝ තේ මණ්ඩි මම බූටි නෙවෙයි, මම නෝටි........

Wednesday, December 7, 2011

මනමාලිගේ තාත්තා... (What a F*** off man..!)


ඔන්න යාලූවනේ බ්ලොග් ලෝකේ IRC වැඩයි බ්ලොග් පොස්ට් වලට වැටෙන අසැබි කමෙන්ට් නිසායි ලියන්න පමා වෙලා තිබුණු මගේ ලිවිල්ල ආයේ පටාං ගන්නයි හදන්නේ... ඔන්න අද මේ ලියන්න හදන්නේ මේ ලගකදි සෙට් කරපු බුලක් (නෝටි වැඩක්) ගැන


මේ කතාව සුට්ටක් විතර 18+.. එත් එහෙම 18+ වෙන්නෙත් නෑ...


ඔන්න නෝටි ගියානේ නෝටිගේ ගෙවල් ලග යාලුවෙක් එක්ක මනමාලියෙක් බලන්න. මනමාලියෙක් කිව්වට මේ මෑන්ස් යාලූ කෙල්ලගේ ගෙදර තමයි ගියේ. අපි යාලූවො 3යි ( අපි යාලුවෝ 3 ගියා කියන්නේ මනමාලිගේ ගෙදර අයට අබ සරණයි තමයි. මනමාලිගේ නංගි එළිය ආවෙ නෑ බොල අපි යනකම්... ) මැන්ස්ගේ පෙයරන්ට්ස් ලයි තමයි ගියේ.  ඕං දැන් සෙට් එකම මනමාලිගේ ගෙදර. උදේටත් කාලා එහෙම දැන් අපි යාලූවෝ සෙට් එක එළි පහලියට බැහැලා කයියක් එහෙම දාගෙන ඉන්නාවා. ඔය අතරේ තමයි නෝටිට ඒ කුජිත සිතිවිල්ල පහල උනේ. කුපාඩි වැඩක් නොකර ඉන්නේ කෝමද අප්පා ඔය වගේ දවසකත්...... ගත්තා කෝල් එකක් මනමාලිගේ ගෙදර ලෑං පෝං එකට.....  ඕං රිංග් වෙනවා...



Hello..w…! Who’s speaking there?
Ya… Good Morning too, Santa Clause here..! are you seen my reindeer..?
What…? What a F****** off man..!
නෑ මම මේ නත්තල් පප්පා කතා කරන්නේ... මගේ පිණි මුවා දැක්කද...?
පණි මුවා..... අනේ මේ.... %$#^$%&$^#$@&%#^&*%#^*


කව්ද අප්පා දන්නේ මනමාලිගේ තාත්තා මේ තරම් බැස්ටිය කියලා. මොනවා උනත් එක දෙයක් බුදු ෂුවර්. කෝල් එක ගත්තේ නෝටි කියලා දන්නවා නම් මගුල එතනම හබක්. නයිට් එකක් එතනම ෂුවර්.




ඔයාලත් ඇවිදින සැන්ටා කෙනෙක් ඔයාලගේ බ්ලොග් එකට දාගන්න ආස නම් ඔන්න පහල තියනවා කෝඩ් එක.
<marquee behavior="scroll" direction="left"><img src="http://3.bp.blogspot.com/-n-5blBL6l80/Tt7UwXFuNiI/AAAAAAAAAKg/DWoLmJDSOSk/s1600/santa+claus+feliz+navidad+merry+christmas+3d+gif+animation+blog+.gif" width="44" height="53"/></marquee>

Monday, December 5, 2011

මඤ්ඤං පිට්ටේ ආතල්


ඔන්න අද නෝටියා තවත් පිස්සුවක් කෙලින්නයි ලෑස්තිය. ඒක නෙමෙයි ඊට කලිං කියන්නකෝ කස්ටිය අර මෙමෝ බුක් නැත්තං අර ඔටෝග‍්‍රාෆ් ගැන දන්නවද කියලා...


ආ..න්න හරි.....................!!!


අර ඉස්කෝලේ සමුගන්න කලිං ඉන්න සනුහරේම එව්වා මෙව්වා ලියලා දෙන පොත තමයි...!!


ඔන්න ඔය පොතේ තියනවා නේද පිස්සු පිටු නැත්තං මංඤ්ඤං පිටු කියලා එව්වා ජාතියක්. අන්න ඒ මඤ්ඤං පිටු වල තියන සිගිති ආතල් පොඞ්ඩක් මතක් කර ගන්න නෝටියාට හිතුනා...


ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා......
ගොං පැටියෙක් වේවා උඹේ මුල්ම පුතා......

උඔ එනවා බලා මට වමනේ ගියා...
අමු ඉගුරු කකා මම ගෙදර ගියා.....

තොගේ ඔටෝ.... අපිට මොටෝ.........

අරකි උඹට ලව්
මම ඒකිට ලව්
ඒ මගුලත් ඉලව්

වංගු වංගු ගලනකොටයි ගගක් ලස්සන
සයිඞ් එකෙන් බලනකොටයි නෝටි ලස්සන.....

පස්ස පස්ස පස්ස
අපේ නෝටියාගේ පස්ස
අපේ නෝටියාගෙ ගේ පිටිපස්ස

සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු...
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු...


ඔන්න නෝටියා එව්වායින් සුට්ටක් ලියලා දැම්මා...  ඕං මතක් වෙන එව්වා කස්ටිය කමෙන්ට් කරන්නකෝ... මේ..ං මං ගියා.......

Friday, December 2, 2011

බ්ලොග් ලෝකෙටත් IRC කාරයෝ බැහැලා


වැදගත් දෙමාපියන්ගේ නොවැදගත් දරුවන්ගේ ආතල්

ඔන්න නෝටිගේ බ්ලොග් එකෙත් කවුරු හරි හොද දරුවෙක් වසුරු කරලා. ගද ගහන කතා ගොඩාක් දාලා තිබුනා. නිකං මොකටද ඔව්වට ප‍්‍රතිචාර දක්වන්නේ කියලා හිතලා ඒ කමෙන්ටිස් මෙච්චර කාලයක් ඩිලීට් කොරලා දැම්මා.


ඔන්න තවත් අලූත් සෙල්ලමක් පටන් අරන්. ඔය පහල තියන පිංතූරේ බලන්කෝ. හොදට තේරේවි.

පව් වැදගත් දෙමාපියන්ගේ නොවැදගත් දරුවන්ගේ ආතල්
මෙව්වට ප‍්‍රතිචාර දක්වන්න අනං මනං ලියන්න මහන්සි වෙන්නේ මොකටද?


ඔය වසුරු හලන අය ගැන නම් හිතෙන්නේ ඉතිං........
පව් අහිංසක දරුවෝ. 
සුනඛයොන්ට කක්කා කරන්න තැනක් නොතනක් නෑනේ...........


සින්ඩි ඇඞ්මින්ලා මේ පිළිබදව දැනුවත් වෙනවා නම් හොදයි මම හිතන්නේ

Related Posts Plugin for WordPress, Blogger...