Pages

Friday, March 23, 2012

ඉන්දියාව ද අපිට "පු"යන්න යි, "ක"යන්න යි පෙන්නුවෙහිය.

කජුවත්ත එක්සත් Cricket සමාජය මෙව්වා ඒකෙන්
පින්තුරය ඉස්සුවෙමි.
අල්ලපු ගෙදර කොට ජොසපින් ගේ බලු නකුටා ලවක් දෙවක් නැතුව හුරේ බුරන්නේහිය. කනක් ඇහිල්ලක ඇත්තෙම නැත. මොන ගිනි විච්චුම්බරයක් වෙළද කියා බලන්නට පිළිකන්නේ දොරෙන් දොට්ට බැස්ස කල කරණය වැටහුණි.

ආසේ හඳේ භාගයක් පේන්නට ඇත. එය ලෙසටම බබලනවාය. හඬ ලෙසටම බබලනවා කියන්නේ පිස්සු හැදෙනවා කියනා එක කියා දෙකේ වත්තේ ඇම්ඩන් සිරිපාල කියනවා මට ඇසී ඇත්තෙහිය...

ඇම්ඩන් සිරාගේ කතාව සටිපිකට් තෘ කියා තේරුනේ පච පෙට්ටියේ පෝර්ති බැලු කල්හිය.
පිස්සු හැදෙයිය, සඳ බැබලෙයි ය...!!

සිරි ලංකා ද්වීපය දන සිරාම සිරා රටක් වී ඇත්තෙහිය. ඉස්සර නම් ලංකාව වෙනුවෙන් චන්ද කලේ ලංකාවේ අපිය. ඒත් දන තත්වය අම්බානට දියුණු වී ඇත්තෙහිය. ලංකාව වෙනුවෙන් පිට දේශ දීපන්කරෙත් චන්ද තියනවාය.
ඉතින් ලංකාවේ පුරවැසියන් විදියට අපිට හේනට ආඩම්බරය.

ඒ උනාට ඕනවට වඩා ආඩම්බර වෙන්න හොද නෑ කියල පන්සලේ පොඩි හාමුදුරුවොයි, පල්ලියේ ජෝසප් ෆාදරුයි කී කතාව හෙනම ඇත්තක් කියා තේරුනේ,

ලංකාව වෙනුවෙන් පිට දේස දීපන්කරේ චන්ද තිබ්බත් එව්වා හුරේ පරාද වීම හේතුවෙනි.

( පෝර්ති වලට කිඋවා...  [ හුරේ...!! අපි පරාදයි..!! ]
ඡන්ද විමසීම මේ දැන් පැවැත්උණා.. 
පක්සව ඡන්ද 24 .. 
විපක්සව 15..
ඡන්දය නොදී 8..
ඇමරිකානු යෝජනාව සම්මතයි.. ! )

මෙව්වා එක පරාද උනාම වෙන්නේ මොන කෙන් ගෙඩියක් දැයි නොටියගේ ටිකිරි මොළයට තේරෙන්නේ නැත.

ඒ උනාට නොටියගේ ටිකිරි මොලේට කම්පනාවට ආව දෙයක් ඇත. ලංකාව කෝච්චි පාර හදන්න කියලා කොටි ගානක ප්රෝජෙච්ටුවක් ඉන්දියාවට දුන්නෙහිය, උන් එකට කල ගුණ සැලකීමක් විදියට ලංකාවට ලෙසටම "පු" යන්නයි "ක" යන්නයි පෙන්නුවෙහිය.

අපිට හොදම වැඩේය....!!

හප්පට සිරිය.. තව ජුන්ඩේන් මතක බැරි වෙනවාය. ලංකාවට පක්සව...,
  • බංග්ලාදේශය
  • චීනය
  • කොංගෝව
  • කියුබාව
  • ඉක්වදෝරය
  • ඉන්දුනීසියාව
  • ක්වෙයිට්
  • මාලදිවයින
  • මොරිටේනියා
  • පිලිපීනය
  • කටාර්
  • රුසියාව
  • සෞදි අරාබියාව
  • තායිලන්තය
  • උගන්ඩාව 

යන මිතුරු රටවල් චන්දය පාවිච්චි කර ඇත්තෙහිය.
කල ගුණ දත් සිරි ලාංකිකයෙක් විදියට නෝටියා..


Thanks a lot...!
Bangladesh, China, Kongo, Cuba, Ecuador, Indonesia, Kuwait, Maldives, Mauritania, Philippians, Qatar, Russia, KSA, Thailand & Uganda.

....කියලා කියන්නෙහිය.



Wednesday, March 21, 2012

තුනටම 7500ක් ඇති... (සුවයන් පෝසිත රටක හිද ලියමි)

මහරගම පොදු කක්කුස්සි වල මෙන් උතුරා යන චිත්තප්‍රිතියෙන් යුතුව ලියන්නේහිය...
දැන් සිරි ලංකාව සවුභාග්යේ දොරටුව අබියසට පැමිණ පසුකර ඇත්තෙහිය. ඒ කියන්නේ ලංකාව සුවයන් පෝසිත වී ඇත්තෙහිය. සතුට වැඩිකමට නොටියට ඇඩෙන්නේහිය.(වරදවා වටහැ නොගනු මැනවි.  ඇඩෙන්නේ ඇස්  දෙකටමය.) ලංකාවේ දැන් සැම දෙයක්ම තියෙන්නේහිය. උදාහරණ දෙක තුනක් කීයාපන් මගේ හදුන්පොත කෑගහන නිසා කියන්නේමිය.

  1. සුවයන් පෝසිත රටක වැදගත් සාදකයක් වන මල රෑ කාර් රේස් වලින් දැන් ලංකාව පෝසිතය.
  2. දැන් සකල වාසි ලාංකිකයන්ට ඩිස්නිලන්තේ යාමට රට රාජ්ජ වල යායුතු නැත..දැන් එව්වා එක්ක ගාල්ලේ තියෙන්නේහිය.
  3. හප්පට සිරිය...! තව ජුන්ඩේන් අමතක වෙන්නේහිය... දැන් ලන්කාව ඇමරිකන් ගැති රටක් නොවන්නෙහිය.
    1. ගූගල් නැත.- විස්ස විජ්ජාල වල දැන් නවතම සර්ච් ඇන්ජිමක් භාවිතා වන බව දන ගන්න ලැබී ඇත.නමුත් මා නොදනිමි.(වී.වී. අවුට් වී වසරක් පමණ වන හෙයිනි.)
    2. කොකා කොලා නැත.- අවුලක් නැත,ප්ලේන්ටි ඇත.නමුත් කූල් නැත.
    3. KFC, Mc Donalds, Pizza Hut, නැත. එයද අවුලක් නැත්තේමය. උවයිස්‌ නානාගේ සයිවර් කඩේයි මාතර බත් කඩෙයි ඇත.
උදාහරණ ඇතිය.

උදාහරණ ඇති කිඋවට නොටියගේ ටිකිරි මොලේට තවත් එක කතාවක් මතක් වෙන්නේහිය, විකට සභාවේ ඉන්න මාමා කෙනෙක් කියූ කතාවක්ය. තුන්දෙනෙක් ඉන්න පවුලකට මාසෙට 7500 ඇති කියපු කතාවක්ය. ඒ සන්තෑසිය ඇසුණු වෙලාවේ ඉදන් නොටියගේ ඇග කසන්නේහිය. ඒ අපේ අම්මගෙන් මාසේ වියදම් පොත ඉල්ලගෙන බැලීමේ ආසාව නිසා ඇති වූ අවල්න්කෘත හැගීම නිසාවෙනි. මා අම්මගෙන් එය ඉල්ලු කල

තොට මොකටද ඇච්චෝ ඒක.දෙන දෙයක් කාලා අදාල හිටු කීවාය..

හෙහ්..! නොතියා එව්වට සැලෙන්නේ නැතිය...අම්මා ගෙදර නැති වෙලාවක් බලා පොත උස්සා බලුවෙමිය.(එය හුදෙක්ම මතු පොරෝජනය සදහම පමණක් කලෙමි.නොටිච්චි කැන්දාගෙන ඒමට ප්‍රථම එව්වා දන ගැනීම යෙහෙකැයි සිතුනු නිසාවෙනි.)

එය බැලූ කල මට කිරි අප්පට පැණි ආප්ප කියා සිතුනි.

සතියට හාල් කිලෝ 4,හාල් කිලෝ 1ක් 68 ===> 68*4= 272
එතකොට මාසෙට සති 5 ====> 272*5= 1360

සතියකට එළවලු මාළු වලට ===> 1250
එතකොට මාසෙට ===>1250*5= 6750

ලයිට් බිල ===> 2875

වතුර බිල ===> 127

ටැලිපෝන් බිල ===> 3923

ගෑස් එක ===> 2070
ගෙනාපු මනුස්සයට 150 ===> 2220

ගමන් වියදමුයි බස් ගාස්තුයි ===> 10400

වෙනත් වියදම් ===> 6342

එකතුව ===> 33988

අප්පට සිරි වෙන්නට බැරිය. කොහෙත්ම වෙන්න බැරිය.ලංකාවේ විකට සභාවේ ඉන්න මාමිලා නන්දිලා බොරු කියන්නේ නැත.එතකොට ජෝක් කරන්නේද නැත. ආයෙත්  සැරයක් ලිස්ටුව බැලු කල්හි නොටියගේ ටිකිරි මොලයට තේරුම ගියේ නොටියගේ 3ක් ඉන්න පවුලේ වියදම් සන්සෝදනය කල යුතු බවය. ඒ නිසා නොටියා ඊලග මාසයට බජට් එකක් සෑදුවෙහිය. එය හුදී ජන සිත් පහන් සංවේගය උදෙසා පහතින් ලිය තබන්නේහිය.


සන්සෝදිත ගෙදර බජට් එක

සතියට හාල් කිලෝ 2ක් හොදටම ඇතිය (දවසකට වේලක් කෑවම ඇතිය)
එතකොට හාල් වලට ===> 680 (ඉතිරි වෙනවා 680)

සතියකට එළවලු මාළු වලට 1250 හොදටම වැඩිය, 100ක් හොදටම ඇතිය
එතකොට මාසෙට ===>100*5= 500 (එතකොට ඉතුරු වෙනවා 6250) 

ලයිට් බිල 2875 ක්ද හොදටම වැඩිය, එම නිසා රෑට ගෙදර එක ලයිට් එකක් දැම්මාම ඇතිය.එතකොට වියදම 100 කට විතර අඩු කල යුතුය. (එතකොට එතුරු වෙනවා 2775)

වතුර බිල 127, එය අනවස්ස වියදමකි.ජොසපින් අන්ටිලගේ ළිදෙන් වතුර ගන්න හැකිය. එතකොට ඒ වියදමත් ඉතුරු වෙනවය.
(ඒ කියන්නේ 127ම ඉතුරුයි)

ටැලිපෝන් බිල 3923, හප්පට සිරිය. ටැලිපෝන් එකත් ඕන නැතිය. එතකොට ගෙඩි පිටින් 3923ක් ඉතුරුය.

ගෑස් වලට වියදම 2220කි. එය දුටු කල මට හීං දාඩිය දැමුණි.ගාසුත් එපාය.කොට ඩොටිගෙන් මාසෙටම දර 500කට ගත්ත හැකිය.එතකොට ඇඩ්ඩින් ගොය්යගේ ගෑනි නැති වෙලාවක් බලලා වත්තට පැනලා හොරෙන් පොල් අත්තක් දෙකක් ෂේප් එකේ ඇදගත හැකිය.
(එතකොට ගෙඩි පිටින්ම 1720 විතර ඉතුරු වෙනවාය.)

ගමන් වියදමුයි බස් ගාස්තුයි හොදටම වැඩිය.10400කි.කජු ඇටද, කොස් ඇටද කියා සිතුනි.මෙයින් බාගයකට වඩා අඩු කල යුතුය. 5000ක් පමණක් දැමිය යුතුය.කකුල් දෙකට පින් දී පයින් යා යුතුය.අම්බිලි ගොයියාගේ ගොන් කරිත්තේ ගොනා සමග විකුනනවා කියල කොට ඩොටි කිව මතකය. එය ගැනීමට බැලිය යුතුය. එතකොට 5000නුත් සැහෙන්න ගානක් ඉතුරුය.
(අපේක්ෂිත ඉතුරුව 5400)

වෙනත් වියදම් 6342 ක්ලුය. වෙනත් වියදම් සම්පුර්ණ කැප දැමිය යුතුය. සුජානං සරීරෙට කියල 500ක් වෙන් කල යුතුය.
(එතකොට අපේක්ෂිත ඉතුරුව 5842) 


සන්සොදිත බජට් එක = 7280 (හප්පටසිරි විකට සබාවේ මාමා කියපු ගානටත් වඩා 220ක් අඩුය)

කපා හැරිය වියදම් ===>
33988 - 7280 = 26708 (ඒ කියන්නේ මේ ගාන ඉතුරුය.)


මට පිස්සු නොහැදුනා විතරය.මගේ සන්සොදිත බජට් එක නිසා අම්බානට ඉතුරුය. මෙය අපේ අම්මට දුන් පසු මට උම්මා පිට උම්මා දෙනු නිසැකය.නොතියා දස්සය යයිද කියනු ඇත.

අම්මා දෙවැනි සැරේටත් කන්න කතා කලාය. තවත් පරක්කු වුවහොත් අද රෑට කන්න වෙන්නේ දත්කුරුය.ඒ නිසා මම දැන් කන්න යන්නෙමිය.


Tuesday, March 20, 2012

සින්නක්කර

ඔය සිත අද්දරට වෙලා
තරු ඇස් දෙක දිහා බලාගෙන ඉන්නකොට
දැනෙන සැනසීම
නිදහස
නෑ හිතට,
ඔයාගෙන් දුරස් වෙලා ඉන්නකොට.
ගෙවෙන හැම දවසක්ම
ගෙවෙන හැම විනාඩියක්ම
හැම තත්පරයක්ම
ගෙවෙන්නේ හරීම හෙමින්..

කියා ගන්න බැරි තරමේ
පාළුවක්,
තනිකමක් හිතට එකතු කරලා....

කොච්චරක් ඇගිලි ගන්නත්
වැඩක් නෑ...
ඔරලෝසුවේ කටු කැරකෙන්නේ හරිම හෙමින්...

ඒත්... ඒත්....
ඔයා එක්ක ගත කරන දවස ගෙවිල යන්නේ
විදුලි වේගයෙන්...
නළලත තියපු හාදුවේ උණුසුම මෙකෙන්නත් කලින්
දන්නෙම නෑ වෙලාව ගත වෙලා...

ඒ වෙලාවට  තමයි තේරෙන්නේ...
සතුට සැනසීම සින්නක්කර දෙයක් නෙමෙයි කියලා..
ඒත් උබ මගේ ජීවිතේ, ආදරේ සින්නක්කරම ලියාගෙන,
මටත් හොරෙන්ම...


Saturday, March 17, 2012

විශ්මි - 03 (මෙන්න මේකි ගේමට බැහැල...)

විශ්මි හෙවත් සදලතා. ඇයගේ අහිංසක පැතුමක අන්දරය.. |සමහර විට කාගේ හරි කතාවක්..
මුල් එපිසෝඩ් එක, දෙවෙනි එපිසෝඩ් එක,  කියවපු නැති අය කියවල බලන්නකෝ.. 



මගුල් ගෙදර සැබෑ අසිරිය මතු වෙනකොට නිකන් කටට කෙලත් උනනවා අප්පා..අයෙ හොදි ඕන්නෑ. හත් ඉලව්වේ මගුලට කලින් දවසේ රැ ඉදන් මනමාලිව අන්දන්න ආව ඉටිකිරිස්‌ අම්මණ්ඩි ඩොම්පියට රජ ගේමක් දීල මුනේ තියන පැච් වහල ගත්තාම නම් නිකං මල්මද බිසෝගේ නගා වගේ..

මොකා වගේ උනත් වගේ මොකද.යකඩෝ මේ බිනුව සොයපු මල්මද බිසෝ ඇහැකින් දැක්කේ නැහැනේ එක්කන් අවට පස්සේ...

සික්... නොදෝමකින් කියල හිතෙනවා අප්පා.... හතර වටේටම ඇන්ටනාව දැම්මත් සිග්නල් එකක් වටෙන්නති හැටි...

හරිම කුජීතයි අප්පා... කිසිම කික් එකක් නෑ...

කිරි අප්පට කළු දොදොල් කිව්වලු... මෙන්න බොලේ මල් මදි බිසෝ... නෑ නෑ... මල්මද බිසෝ එනවා තවත් ඉටිකිරිසි ගැටිස්සියෝ දෙන්නෙක් එක්ක... මෙහෙම ඉදල හරියන්නෑ...  දාපන් බිනු ටෝක...





Hi binu... howdy...!!
හප්පද බොල... මෙන්න මෙකි බිනුට කලින් ගේමට බැහැල... දීපන් පුතෝ රම්පිට පොරි හැලෙන්න....

Hi..! Hi..!! Good. not bad..
දන්න දෙමලෙන්ම දුන්න කියමුකෝ...

කොහොමද... නෑදෑයෝ එක්ක හොදට එන්ජෝයි කලාද..? මේ තමයි මගේ හොදම යාළුවො දෙන්න... නිමා, සජී...


එතකොට මෙයා බිනු..!! (ලස්සනට කාඩ් වැලදුව අයෙ හෝදන්න දෙයක් නෑ..)


මෙකි මගුලක් කතා කරනවා..එන්ජෝයි කෙසේ වෙතත් මේ මගුල ඉවර වෙන්නේ කොයි වෙළෙද කියල මම බලන හිටියේ... මොනවා නැතත් මෙකි මැනර්ස් ද මොකක්ද එක දන්නවා... කියන්නත් කලින් යාලුවෝ දෙන්න අදුන්වල දුන්නා.

ෂා..හ්..!!! එන්ජෝයි කල කියන්නේ පිස්සු හැදිලා අයෙත් හැදෙනවා...
අනේ මගේ කට.

ටිකෙන් ටික කාලේ ගෙවිල යනවා කියමුකෝ... බිනුවා... සදා.. කතාව බරටම නැගලා යන අතරේ සදාගේ යාළුවා කියපු කතාවකින් තමයි බිනුවා කවදාවත් නොහිතපු පැත්තට කතාව දෝලනය උනේ...

මචං නිමා... බිනු අපේ සදාට ක්‍රෂ් වගේ...

අප්පට සිරි... ඒ කතාව ඇහුනා විතරයි සදා අතේ තිබුන බිම විදිරුවත් එතනම දමල ගහල දුවන් ගියේ... යකෝ නිකං කරකවලා අතාරියා වගේ... එත් එක්කම හුටස්‌ ගාලා ඒකීය යාලුවෝ දෙන්නත් එකී පස්සෙන් ගියා කියහංකෝ.

මුන් ටික කොහෙට චුත උනාද... කන වෙලාවත් ලං වෙලා...එත මුන් ටික නෑ... ඔන්න ටික වෙලාවක් යනකොට නිමා කියල හදුන්වල දුන්න කෙල්ල එනවා මූණ මාලගේ කරගෙන.

බිනු... අපි චුට්ටක් කතා කරමුද...?

පොඩ්ඩක් මොකද... කතා කරමුකෝ ගමකට...

විහිලු නෙමෙයි බිනු...

හරි.. හරී... කියන්නකෝ.... කෝ  සදා...

සදා ගෙදර බිනු... එයා ගැන තමයි කතා කරන්න ඕනි...

එයා... ගැන...

බිනු... ඔය ඇත්තටම සදා ගැන...

නෑ... නෑ... නිමා.... !!

හරි එහෙනම් මම කතාවක් කියන්නම්...

බිනු...
දැන් නිමාගේ වයස අවුරුදු 23.එයාට සම්පත් කියල බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා බිනු.. එත් සම්පත් ගේ ගෙදරින් පොඩි අවුලක් වෙලා සම්පත්ට සදාට කතා බහ කරන්න ලැබුනේ නෑ. ඒක සදාට ගොඩක් ඉෆෙකට් උනා... සදා හිතුවේ සම්පත් සදාට බූට්‌ තිබ්බ කියලා... 


එයාට  ඒක දරා ගන්න බැරි උනා...


ඔව්...
මට ඒක දරාගන්න බැරි උනා...
කතාව යන අතර සදා ලගට එනකම්ම දැනුන්නෑ කියහන්කෝ... ඇතිනේ ටොපිය...

ඉන්න නිමා මම ම බිනුට කියන්නම්...
මොනාද බොල මුන් මේ කියවන්න වැලි කන්නේ..

(සදාගේ කතාව සදාගේ වචනේන්න්ම)
ඔව් බිනු මට ඒක දර ගන්න බැරි උනා.මට පුදුම බයක් දැනුනා, දරා ගන්න බැරි කේන්තියක් ආව.. හැම නිතරම කේන්ති ගියා.. දරා ගෙන ඉන්න බැරිම තැන මම තීරණේ කළා සිය දිවි නසා ගන්න... 


මොකක්...!! ඔයාට පිස්සු හැදිලද...?


ඔව් බිනු... මට පිස්සු... මට පිස්සු... මම කතාව කියලා ඉවර වෙනකම් ඉන්නකෝ බිනු...


හරි. හරි... මම ඔයාට දිස්ටර්බ් කරන්නෑ... ඔය දිගටම කියන්න..


මට දරාගෙන ඉන්න බැරි තැන මම පැරසිටමොල්ට් පෙති 25 බිව්වා.. ඔව් 25 බිව්වා...
එත්...!
එත්.....!! 
මම බල පොරොත්තු උන දේ සිද්ද උනේ නෑ බිනු.. මාව බේරුනා.... හොස්පිටල් ඒකෙන හොද වෙලා ගෙදර අවට පස්සේ මාව අයෙත් කොළඹ හොස්පිටල් එකේ මානසික වාට්ටුවට දැම්මා බිනු... මට ගොඩක් එව්වා මතක නෑ... ඒකෙ මාස දෙකක් විතර හිටියා... එත් සම්පත් ඒක දවසක් වත් ආවේ නෑ මාව බලන්න... කොහොම හරි මම එහේ එලා එනකොට සම්පත්ව අමතක කළා...


මම දැන් හරිම නිදහසේ ඉන්නවා බිනු... එත් කවමදක වත් මම මගේ ජීවිතේට පිරිමියෙක්ව ගන්නෑ බිනු.... එත් ඔයා තමයි මගේ එකම පිරිමි යාළුවා...


ඔය දේවල් දැන් අපි අමතක කරලා දාමු සදා...
බිනු එහෙම කිව්වට බිනුගේ හිත ගොඩක් කලබල වෙලා තිබුනේ. ඒ කලබලේ අතරින් බිනුට හිතුනේ එකම දේයයි... ඒ සදාගේ අම්මා එක්ක සදාගේ තත්වය ගැන කතා කරන්න... අවසන් වසරේ වෙද සිසුවෙක් උන බිනුට ඒක නිතතින්ම් හැගුන දෙයක්...

බිනු ඒ තීරණේ ක්‍රියාත්මක කළා... මගුල් ගෙදර වැඩ ඉවර උන ගමන්ම කලේ බිනු සදාගේ අම්ම එක්ක කතා කල ඒක...

සදාගේ අම්මගේ කතාව.


පුතේ...
සදාගේ තාත්තා නරක මනුස්සයෙක් නෙවෙයි.. එත් හැම දෙයක්ම කණපිට පෙරලුනේ සදා ඉස්කෝලේ 2 වසරේදී වගේ.. සදාලගේ තාත්තා වැඩ කරපු කොම්පැනියේ මොකක්දෝ හේතුවකට එයාව රස්සාවෙන් දොට්ට දැම්ම...


එදා ඉදන් එයා බොන්න පුරුදු උනා... නරක යාලුවෝ ආස්සරේට වැටුනා.. ගෙදර ගැන පොඩ්ඩක් වත් බැලුවේ නෑ...කොටින්ම කියනවා නම් ගෙදර සේරම වියදම් පිරිමහුවේ මම.


සදාලගේ තාත්තා එන්න එන්නම නපුරු උනා...අඩ දබර නිතරම උනා පුතේ... පොඩි එකී හරිම බයෙන් කාලේ ගෙව්වේ.එයා බිල ඇවිල්ල හොදටම තඩි බානවා.ඉවරයක්‌ නෑ...


දවසක් සදා ටි.වී. බල බල ඉන්න කොට සදලගේ තාත්තා බීගෙන ඇවිත් සදාට ගැහුවා...එදා තමයි සදාගේ ඉවසීම නැති උනේ... සදා ටි.වී. ඒක පොලවේ ගැහුවා... එතකොට සදාගේ අප්පා කෑගැහුවා "මම තෝව මරණව යකෝ..." කියල... එතකොට සදා ඉස්කෝලේ 10 වසරේ වගේ..


එදාම මම සදාව සදාගේ නැන්දලගේ ගෙදර නැවැත්තුව...උසස් පෙළ විබාගේ කරලා ඉවරවෙලා තමයි ගෙදර එක්කන් ආවේ... ඊට ටික කාලෙකට පස්සේ තමයි පුතේ අර සිද්දිය උනේ...
මට තේරෙන්නෑ පුතේ මොනවා කරන්නද කියලා...


කදුළු අතරින් සදාගේ අම්ම කතාව කියලා ඉවර කලාම බිනුට තේරුනා සදාට මෙහෙම උනී අයෙ කියලා සදාගේ අම්මට කියලා දුන්නොත් හොදයි කියල..අනගත මානසික වෛදය වරයෙක් වන බිනුට ඒක අමාරු දෙයක් උනේ නෑ...

අම්මේ.. අම්ම මේ ගැන හිත කලබල කරගන්න ඕනි නෑ... මම කියලා දෙන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා...


පුංචි කලේ සදාගේ තාත්තගේ දරුණු හැසිරීම සදාට මානසිකවැ ගොදක්බලපාල තියනවා..ඒ වගේම සදාට තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන්න ඕනි සෙනහස්‌ රැකවරණය නෑ කියාලා සදාගේ හිතට තදින්ම කෑ වැදිලා තියනවා...


ඒක නිසා සදා පොඩි කාලේ ඉදන්ම හැදිලා තියෙන්නේ හුදෙකලාව, ආතතිය, බිය, පිරුන පරිසරයක.එනිසා තමයි සදාට එහෙම තත්වෙකට ගොදුරු වෙන්න උනේ... දැන් අම්මලට කරන්න තියෙන්නේ සදාව ගොඩක් ආදරෙන් රැකබල ගන්න ඒක.


සදාගේ අම්මත් එක්ක කතා කරලා ඉවර වෙනකොටම වගේ සදගේ යාළුවා නිමා එක්ක බිනු කතාවට වැටෙද්දී සදාගේ අම්ම තේ එකක් හදාගෙන එන්නම් කියල ඇතුලට ගිය....

කොහොමද ඉතින්... මොකද මේ පැත්තේ..? ගමේ ගියේ නැද්ද තාම...

අද හවස යනවා නිමා... සදුදා කැම්පස් යන්නත් ඕන නේ... ඔයාලා ඔයාලගේ යාළුවව හොදට බලා ගන්නද්ද...?


අනේ මන්ද බිනු.... අපිට හිතා ගන්න බෑ.... මොකක්ද බිනු සදාට වෙලා තියෙන්නේ...ඇයි සදාට එහෙම උනේ...


මෙහෙමයි නිමා...
ඕනම කෙනෙක්ගේ පුන්චි කාලේ මොලයේ වැඩිමට බලපාන සාදකයක් තමයි ආදරණීය හැගීම වලින් තොර උන කටුක කර්කශ පරිසරයක ජීවත් වෙන ඒක. එහෙම පරිසරයක හදුනා කෙනෙක්ගේ පෞරශයට ගොඩක් හානිදායක වෙන බව සොයාගෙන තියනව...
ඒ කියන්නේ එහෙම කෙනෙක් අදික කෝපය,තරහ, දරාගැනීමේ ශක්තිය අඩු කෙනෙක්.


ඔන්න ඕක තමයි තත්වය නිමා... සදා ගොදුරු වෙලා තිබුනෙත් අන්න ඒ තත්වෙට...


තැන්කු... දොස්තර මහත්තයෝ තේරුම කරලා දුන්නට...කවද හරි මමත් අසනීප උන දවසට බෙහෙත් දෙනවද...?


අනිවා බෙහෙත් දෙනවා... එත් මම නම් ප්‍රර්ථනා කරන්නේ කාටවත් මගෙන් බෙහෙත් ගන්න නොලැබේව කියන ඒක තමයි...


ආ.... ඒ මොකද ඒ... ඔයා පශු වෛදය කෙනෙක්ද...?
මේකිව කොටියම කාපියකෝ නේද...? කියන කැත කතා...

නෑ.... මම මානසික වෛදය..! මගෙනම් ආසාව, පැතුම, මේ රටේ ලෝකේ, මිනිස්සුන්ට කවමදක වත් මානසික වෛදයවරයෙක් ලගට යන්න නොලැබේවා කියල නිමා....!!






විශ්මි හෙවත් සදලතා. ඇයගේ අහිංසක පැතුමක අන්දරය.. |සමහර විට කාගේ හරි කතාවක්..  
මේ විදියට නැවතීමේ තිත තියනවා.


එත් හිතන්න දෙයක් ඉතුරු කරනවා... 
කොතනද වරද තියෙන්නේ...?


1) සදාගේ තත්තගේද...?
2) නැත්නම් අරක්කු වලද...?
3) නරක මිතුරන් අශ්‍රයේද?
4) එහෙමත් නැත්නම් සදා කොල්ලෙක් එක්ක යාලු වෙච්ච එකේද...?


ළමා කාලය ඕනෑම කෙනෙක්ගේ කැඩපත... ඒ නිසා දරුවාට දැනෙන්න ආදරය කරන්න...






========================================================== 
තවත් "සමහර විට කාගේ හරි කතාව" කින් හමුවෙනකන් ආයුබෝවන්.!
========================================================== 



Wednesday, March 7, 2012

වැනෙන නැට්ට. (..ඇති එව්වෝ වනති..)

නැට්ට..!!
සතුන්ට ඇත...
නමුත් මනුසතාට නැත...


නැට්ට ඇති සතා...
කෝචෝක් කරමින්,
නැට්ට නැති මනුසතාට පේන්න ම වනයි..


නමුත්...
සතා විසින් නැට්ට වනයිද..
නැතිනම්,
නැට්ට නැට්ට විසින්ම වනයිද කියා මා  නොදනිමි..
නමුත් එක දෙයක් දන්නෙමි...
මොකා නැට්ට වැනුවත්...
නැට්ටට සතා වැනිය නොහැකිය යන්නයි...!!!



නමුත් අබුද්දස්ස කාලේ උද වී ඇත...
එම නිසා...
කොතැනක හෝ...
නැට්ටක් විසින් සතෙකු වනනවා දුටුවහොත්...
එය අරුමයක් නොවේමැයි...

Friday, March 2, 2012

විශ්මි - 02 (පිමබු බැලුන් වන රණ තිසර - චෑ...හ්...!!! කැත හිත..!)



විශ්මි හෙවත් සදලතා. ඇයගේ අහිංසක පැතුමක අන්දරය.. |සමහර විට කාගේ හරි කතාවක්..



හම්මියෝ... ඇති යන්තම් ගොඩ බැස්සා... කෝ බොල මේ එනවයි කියපු ගැටිස්සි... ෂික් එන්න පිටත් වෙලා තියෙන්නේ ඇම්ඩන් හුනා චික් චික් ගාපු වේලාවේද කොහෙද... (චෑහ්..!! හුණ චික් චික් ගන්නැතුව බවු බවු ගාන්නද...?)
අනේ ඇත්තට මේ චීත්ත වලට වෙලාවට වැඩක් කරන්න බැරි හැටි... මට පෙන්නේ වෙඩිම ඉවර වෙනකම් බිනුවා ස්ටෑන්ඩ් එකේ වල බස්සවන්න වගේ හදන්නේ...

එක්ස්සියුස් මී... ඔයා ගබන් නේද..?
හරිනේ... ඔය හම්බ වෙන්නේ ලුණු නැති පරිප්පුව ලස්සනට... යකඩෝ... මෙකි නිකන් ක්ලියෝ පැට්ටා ගේ නංගි වගේනේ...
රිය සක පරදන පුළුල් උකුල...., පිමබු බැලුන් වන රණ තිසර... (චෑ...හ්...!!! කැත හිත..!)

අහ.. ඔව් තමයි... මම හිතුවේ වෙඩිම ඉවර වෙනකම් මට මෙතන ඉන්න වෙයි කියල....

අනේ සෝ.. සොරි බිනු... මට යාලුවෙක් එක්ක කොමියුනිකේෂන් එකට යන්න උන..

හරි හරි... දැන් අපි යමුද... මට එකසියගානට මහන්සියි...
නැත්නම් ඉතින් මෙකිගේ සොරි ගීය අහන්න එපැයි. මට මෙතන පාන් කියාගන්න බෑ... කොහෙද මේකිගේ කුඩා මොලේ මැටිද කොහෙද..

හරි හරි යමු.. අරක තමයි බස් එක.. ඉක්මනට ගිහින් සීට් එකක් අල්ල ගමු.නැත්නම් හිටගෙන තමයි යන්න වෙන්නේ...

දෙයියන්ට පින් සිද්ද වෙන්න සීට් එකක් ලැබුන කියමුකෝ වාඩි වෙන්න.ටිකක් වෙලා යනකොට ඔන්න කොන්ද මාමා එනවා ටිකට් කඩාගෙන...

සියබලාණ්ඩුව හන්දිය දෙකක්...

කිරි අප්පාගේ ටොමිය බුරපි කිවලු... හප්පට සිරි මෙන්න මෙකි මටත් එක්ක ටිකට අරන්... 
ඉන්න මම ටිකට් ගන්නම්...

Be cool dear..!! 

හප්පට සිරි මෙන්න මෙකි කඩු වනනවා...යකෝ coming line iz not good කිව්වලු... මොකක්ද එකක් කූල් කිව්වනේ.. ඔන්න ඔහේ ඉන්නවා.. නිකන් හම්බෙන අස්පයගේ දත් බලන්න එපා කියල අපේ කිරි අත්තත් කිව්වනේ...
ඔන්න බස් එක යනවා.. නො කතා.. නෝ සිනා... බිනුවටත් ඉතින් කට වහන යන්න බෑනේ.. උගුර එහෙම පාදල පටන් ගත්ත වැඩේ.. දෙන්නම් ජම්බු....

So......
අන්න බොලේ යන්තම් හිනාවක් ගිය.. ඔහොම හෙමිට පටං ගමුකො...

So...
ඈහ්..!! යකෝ මෙකි මම කියන එකම කන්නාඩියට අල්ලනවනෙ...

So... howdy..? i'm Binu..
බලමුකෝ මෙහෙම වත්.

Fine... You..?
ඇති යාන්තම් ගලෙන් පට්ටයක් ගත්ත.. අර මැනර්ස් ද මොනවද තියනවා වගේ... ඒ උනාට සික්..!! තියන ආඩම්බරකම නම වත් කිවේ නෑ.. එව්වා කොහෙද මේ බිනුව එක්ක.. 

Fine too.. you are..?
දැන් ඉතින් මග අරිනවා බොරු.

Wishmi Sandalatha...
හප්පට සිරි... පිස්සු පීකුදු වෙන නමක් නේ.. නම වගේම තමයි කෙල්ලත්... බැලුවම එකේ ඇති වරදක් නෑ..

Wow...! nice name..
හුටස්‌..!..!... .,...! වැරදි දෙයක් කීවද මන්ද.. කෙල්ල අඩි 2ක් විතර උඩ ගියාද මන්ද...අනේ ඉතින් අපේ මොකෝ...

ඒකෙන පස්සේ කතාවක් නෑ වගේ... ඔන්න ඔහේ බිනුවත් කට වහ.

බිනු නැගිටින්න.. බහින්න ලගයි... ගුඩ් මෝනින්... කොහොම හරි පැයක විතර මගේ උරහිස පාවිච්චි කලා නේද කොට්ටෙට...
 
හම්මියෝ.... බුදුවෙලා තියෙන්නේ මුත්තා.... කට කපල එකයි නෝන්ඩිය... මගේ කුප්ප ඇස් දෙකටත් මේ වෙලාවේම නිදා ගන්න ඕනි උනානේ... කවද කාපු ටකරන්ද...
මේකිගේ උරහිස...!!
බිනුව...!!
දොයි...!!
කාලා වරෙන්කො ඉතින්...!!
අපේ අම්මි, නන්දි එහෙම දැනගත්තොත්... බුලිය හපාගෙන මැරෙන්න තම වෙන්නේ....



.... ඔන්න ඔය විදියට මුල් චැප්ටර් එක ඉවර වෙනවලු, දෙවැනි චැප්ටර් එක පටං ගන්නේ ඩොම්පියගේ වෙඩිමට කලින් දවසේන්ලු... ඒ කියන්නේ මුල් චැප්ටර් එක ඉවර් වෙන්න කලින් බිනුව දොම්පිලගේ ගෙදරට සම්ප්‍රාප්ත උනාලු..  නෑයෝ සෙට් එක බිනුවගේ කම්මුල් දෙක ලෙවකාලා බිනුවාව පිලි ගත්තලු,ඒ අතර මොකවත් ඉස්පෙෂල් දෙයක් වෙන්නේ නෑලු ....




විශ්මි 3 දිගහැරුම බලාපොරොත්තුවෙන්
නෝටි...
Related Posts Plugin for WordPress, Blogger...