Pages

Saturday, June 30, 2012

මගේ වසන්තය උදා විය - 3 (අදුරු වලාවේ රිදී රේඛාවක්...?)


මේ වෙනකම් කතාව...

"දැන් ගොඩක් හවස් වෙලා, ඒ නිසා පුළුවන් නම් ගෝල්ෆේස් එකේ යන්නැතුව පරිස්සමට ඉක්මනින් ගෙදර යන්න

...ඔව්, එදා නෝටියා ගෝල්ෆේස් එකේ පරක්කු වෙන්නැතුව වෙනදා වගේම ගෙදර ගියා.



****

අද මෙතැන ඉඳන්...

කාලය කියන ඒක ගලාගෙන යන්නේ විදුලි වේගයෙන්ලුනේ. මට නම් හිතෙන්නේ ඊටත් වැඩි වේගයෙන් කාලය ගලාගෙන යනවා. ඔය කාලය ගලාගෙන යන අතරතුරේ රුවන්ති එක්ක කරන කතා බහ වැඩි වෙලා තිබුනේ අපි දෙන්නට වත් නොදැනී. මොනවා කතා කරනවද කියලා ඒ වෙනකොට අපිට වැදගත් වෙලා තිබුනේ නෑ. ඔහේ හිතට එන කතා කතා කරන අතරේ ෆැමිලි ගැන, පෞද්ගලික දේවල් ගැන කතාත් කළා...

ඔය දවස් වල තමයි නෝටියා ඔෆිස් එකේ පර්මනන්ට් උනේ. ඉතින් නෝටියට කරන්න තියන වැඩ වැඩියි. ඒත් ඉතින් පුළුවන් හැම වෙලාවකම texts, calls එහෙම කරන්නත් අමතක උනේ නෑ.

දවසක් දවල් කෑම වෙලාව ලං වෙනකොට... 

"දැන් ලන්ච් වලටත් වෙලාව හරි නේද නෝටි..?, ලන්ච් අරගෙන මට කෝල් එකක් හරි මෙසේජ් එකක් හරි දෙනවද..?"

... කියලා නොටිගේ ෆෝන් එකට text එකක්, නෝටිට තේරුම් ගන්න බෑ වගේ මොකක්ද ඒ රුවන්ති අරගෙන තියන වගකීම කියලා. ඒත් ඒ text එක දැක්කම නෝටිගේ ඇස් දෙකට කඳුළු ආවා නෝටිට අද වගේ මතකයි.නෝටි කෑම කාලා reply කළා.

"මම දැන් කාලා අවා, ඔයා කෑවද"

...කියලා. වැඩි වෙලාවක් ගියේ නෑ.උපරිම විනාඩි දෙකක් යන්න ඇති. reply එකක් ආවා.

"තවම කෑවේ නෑ."

...දෙයියනේ මට lunch ගන්න මතක කරලා එයා තවම lunch අරගෙන නෑ.හිතට මොනවද වෙනවා වගේ දැනුනත් නෝටියා reply කළා අයෙත්,

"මට lunch මතක කරලා ඇයි තවම ඔයා lunch නොගත්තේ"

...කියලා. sms එක delivered වෙලා විනාඩියකින් විතර ආවා reply එක.

"ඔයා lunch ගත්ත කියලා කියනකම් හිටියේ, මම දැන් කන්නම්." 

නෝටිට මොනවා කියලා reply කරන්නද කියලා හිතා ගන්න බැරි උනා. මොකද නෝටිට lunch එක ගන්න මතක් කලෙත්, නෝටි lunch ගත්තා කියලා confirm උනාම  lunch ගත්තෙත් ඒ වෙනකොට නෝටිගේ අම්මි විතරක් නිසා.


****


වසක් උදේ නෝටියා ඔෆිස් එකට යනකනුත් රුවන්ති ගෙන් call එකක් වත් sms එකක් වත් නෑ. ඒ මදිවට phone එකත් වැඩ කරන්නෑ. නෝටියාගේ හිත ඒ වෙලාවේ කොයි තරම් නම් නොසන්සුන් වෙලා තිබුනද කියලා අද වෙනකම් වත් (මේ post එක ලියන වෙලාව) එයා දන්නෑ. ඔෆිස් එකෙත් හරියට වැඩක් කර ගන්න පුළුවන් උනේ නෑ.

මොනවා උනත් office එකේ වැඩ ටික කරන්න ඕනි නිසා වැඩ ටික කරන්න ගත්තා රූම් එකට ගිහින්, 10 වගේ විතර වෙනකොට ඔෆිස් phone එකට එනවා call එකක්. බැලින්නම් boss.

"නෝටි, මොකක්ද දරුවෝ කේස් එක. අද උදේ ඉඳම්ම මූණ නිකම් මල ගේ වගේ. අද මම රූම් එකට යනවා වත් උඹ දැක්කේ නෑ"

"නෑ boss,එහෙම අවුලක් නෑ..."

"නැති වෙන්න බෑ. office එකේ මොකක් හරි මට කියන්න බැරි ගැටළුවක්ද..?, නැත්නම් personal problem එකක් ද...?"

"නෑ boss, එහෙම ප්‍රශ්නයක් නෑ..උදේ ඉඳං මගේ හිස ටිකක් කැක්කුමයි වගේ"

"හරි හරි අවුලක් නැතිනම් කමක් නෑ, ඒත් ඔය වයසේ අයට එන හිසේ කැක්කුම් ගැන නම් ටිකක් හිතන්න වෙනවා, අපේ කේස් පැහුනෙත් ඉඩෝරෙට නෙවෙයිනේ දරුවෝ, මොකක් හරි අවුලක් තිබුනොත් කියන්නකෝ, අමාරු නම් මොනා හරි බීලා එන්න "

"Ok sir, thanks..!"
(Boss ගැනත් වචනයක් කියන්න ඕනි කියලා හිතෙනවා. ඇත්තටම boss කියන්නේ office එකේ වැඩ කරන සුළු සේවකයාට පවා කරුණාවෙන් සලකපු මනුස්සයෙක්.IT field එකේ ලෙසියකින් දකින්න නැති කෙනෙක්, සරලවම කිවොත් office එකේ හැමෝන්ටම තාත්තා කෙනෙක් වෙලා හිටියේ)

office එකේ නොටියගේ රූම් එකයි, boss ගේ රූම් එකයි තිබුනේ face to face, room partition කරලා තියෙන්නේත්  fixed glass වලින් නිසා boss ගේ රූම් එකට නෝටියගේ රූම් එක හොඳට පේනවා. වෙනදා boss එනවා දැක්කම seat ඒකෙන් නැගිටලා "Good Morning Sir..!" කිවත්, එදා නෝටියා එහෙම කරන්න බැරි උන නිසා නෝටියා වෙනදා වගේ නෙමෙයි මොකක් හරි අවුලකින් ඉන්නේ කියලා ඔෆිස් එකේ boss ට click වෙලා ඒ වෙලාවේම.

ඉතින් නෝටියා එලියට අවා මොනාවා හරි බොන්න කියලා හිතාගෙන.office එක ළඟ තිබුන කඩේට ගිහින් coke එකකුයි gold lief එකකුයි අරන් කඩේ පිටිපස්සට ගියා.
(නෝටියා කවමදාකවත් office time එකේදී cigarettes බීවේ නෑ, ඒත් එදා එහෙම උනේ ඇයි කියලා නෝටියට තේරෙන්නෑ. ඒ වගේම එයා මගේ ජීවිතේට ආව දවසේම ඒ පුරුදු සේරම නෝටියා කැළණි ගඟේ පාකරලා යැව්වා.).
Coke එකෙන් උගුරක්‌ බීලා gold lief එක පත්තු කරන්න හදනකොටම වගේ නෝටියගේ  mobile phone එකට එනවා call එකක්. land line එකකින්, 036******* නෝටියා දන්නා අංකයක් නෙවෙයි. සාමාන්‍යයෙන් නෝටියා නොදන්නා අංක වලින් එන calls වලට answer කරන්නේ නෑ. ඒත් නෝටියා answer කලා. 

"Hello... good morning නෝටි.."

...නෝටියගේ අතේ තිබුන Cigarette එක අතින් බිමට වැටුනේ නොටියටත් නොතේරී.හරියට ඇග දිගේ විදුලියක් ගලාගෙන ගියා වගේ උනා.

"Hello, Good morning, රුවන්ති නේද...?"

...හිත සන්සුන් කර ගන්න පුළුවන් උන මුල්ම මොහොතේදී නෝටි ඇහුවා.

"අනේ බලන්නකෝ නෝටි, මෙහෙට හොඳටම වැස්ස. වහින වෙලාවට මේ ෆෝන් වැඩ කරන්නෑ..ඒ මදිවට නායත් යනවා.ඔයා පරිස්සමෙන් ආවා නේද office, මම මේ උදේ ඉදන් දගලලා දගලලා දැන් තමයි land phone එකෙනුත් ගත්තේ..."

...කියලා කිවාගෙන කියවගෙන ගියේ හරියට වැරද්දක් කරලා අහු උන පොඩි එකෙක් ඒක කියනවා වගේ.ඒ කියවීමත් එක්ක නෝටිගේ හිතේ තිබුන නොසන්සු කම මැකිලා ගියේ හිතන්නත් කලින්. රුවන්ති එක්ක විනාඩි 5ක් විතර කතා කරලා office එකට ගියා. හිතට දැනුනේ පුදුම සැහැල්ලුවක්.

office එකට ගිහින් ආයේ වැඩ කරනකොට boss, office visit (මේක තමයි මම හිතන්නේ ඒ ආයතනයේ තියන විශේෂත්වය, පුළුවන් හැම දවසකම උදේට boss, hrm එක්ක office එකේ හැම section එකකටම ගිහිල්ල ඒ අයත් එක්ක වචනයක් දෙකක් කතා කරලා එනවා, boss ගේ room ඒක ඉස්සරහම නෝටියගේ room ඒක තියන නිසා නෝටියා ගේ room එකට තමා අන්තිමට එන්නේ) එක ගිහිල්ලා වෙනදා වගේම අන්තිමටම නෝටියගේ රූම් එකටත් ආවා.

ආ... දැන්නම් කොල්ලගේ අසනීප හොඳයි වගේ.මලානික පාට නැතිවෙලා. මොකද කතා කලාද..?

...ඒ වෙලාවේ නෝටියට හිනා වෙනවා හැර කරන්න වෙන දෙයක් තිබුනේ නෑ.පුරුදු විදියටම boss කතාබහ කරලා ගියේ "දරුවෝ මූණ කියන්නේ ඕනෑම කෙනෙක්ගේ හදවතේ කැඩපත" කියලත් කියාගෙන.




****

මටත් හොරෙන්,
මගේ හිතටත් හොරෙන්,
ඇවිල්ලා...
ඔයා මගේ ජීවිතේ භාර අරන්ද...?
මගේ ජීවිතේ ඔයාගේ කරගෙනද...?
මගේ...
ලියා නොනිමි
ජීවන කවිය ලියන්න..?


****

Friday, June 29, 2012

නල්ලේගේ නල්ලමලේ හිනාව

මගේ කතාව ලියන අතර වෙනසකටත් එක්ක ෆැකල්ටි එකේ රසබර සිදුවීමක් මතක කරන්න හිතුනා... කතා නායකයා තමයි නල්ලේ.අපේ බැච් එකේ ඉඳපු මුස්ලිම් කොල්ලෙක්.


මෙහෙමයි කතාව.


සාමාන්‍යන් නල්ලේ එක්ක ඉන්නකොට ජෝක් කරනකොට එහෙම පැලෙන්න හිනා වෙන්න පුළුවන්... මොකද කියනවා නම් මිනිහට සින්හලස් කොල්ලෝ කරන ජෝක් එක ගමන තේරුම ගන්න අමාරුයි. එත් මිනිහා අනික් හමොන්ම වගේ හිනා වෙනවා.. ඒත් මිනිහගේ හිනාව කොටස් තුනකින් වෙන එකක් කියලා දන්නෝ දනිති...


1) ජෝක් එකට අනික් උන් එක්ක තේරුණා හෝ නොතේරුනා වෙන හිනාව...
2) කාගෙන් හරි ජෝක් එකේ තේරුම අහලා ඇත්තටම වෙන හිනාව.
3) අන්තිම කොටස තමයි මෑන්ස් මෑන්ස්ටම වෙන හිනාව...


කතාව ඔහොම වෙද්දී නොටියට නල්ලේ එක්ක ඉන්නකොට 5සැරයක් හිනා යනවා..


1) ජෝක් එකට වෙන හිනාව
2) නල්ලේ ජෝක් එක තේරුම අරන් හිනාවෙනකොට යන හිනාව
3) නල්ලේ නල්ලෙට හිනාවෙනකොට උගේ හිනාවෙ තරමට යන හිනාව.
4) නල්ලේගේ තේරුම ගැනීම ගැන හිතිලා යන හිනාව
5)  මේක තමයි හොඳම එක..නල්ලේගේ නොතේරුම් කමට හිනා උන මට මම ගැනම යන හිනාව...


ඔන්න ඔහොමයි නල්ලේගේ නල්ලමලේ හිනාව 

Tuesday, June 26, 2012

මගේ වසන්තය උදා විය - 2

සුජී අක්කියගේ ස්ටුඩනට් ගේ කේස් එකෙන් පස්සේ ටික කාලයක් ගෙවිලා ගියා. ඒ අතර කාලේ නෝටිය ෆේස් බුක් ඔන්ලයින් එහෙම ඉන්න වෙලාවට රුවන්ති ගෙන් (සුජී අක්කියගේ ස්ටුඩනට්, දැන් ඉදන් එයාට රුවන්ති කියලා කියන්නම්) HI පාරක් එහෙම එනවා.. ඉතින් ඒ වෙලාවට පොඩි වචන දෙක තුනක චැට් එකක් එහෙම දානවා. ඒක Friendship එකක්ම කියලත් කියන්න බෑ. ඒත් මොකක් හරි එකක්.


මිනිස්සුන්ගේ ජීවිත වලට ප්‍රශ්න කියන එව්වා එන්නේ කලින් කියලාවත්, අපිට හිතෙන වේලාවන් වලට වත් නෙවෙයිනේ, එකනේ ලෝක ස්වභාවය කියන්නේ... ඒවගේ දේකට සුජී අක්කියටත් මුහුණ දෙන්න උනා. හිතා ගන්න වත බැරි ලොකු ප්‍රශ්නයක්. (ඒ ප්‍රශ්නේ මොනවද කියලා නොලියා ඉන්නම් කෙනෙක්ගේ ආත්ම ගරුත්වෙට හානියක් වෙයි කියන බයට) හිතා ගන්නකෝ ඒක ලොකුම ලොකු ප්‍රශ්නයක් කියලා. නෝටියට හිත ගන්නවත් බැරි උනා එහෙම දෙයක් සුජී අක්කට වෙයි කියලා. කෙටියෙන්ම කිවොත් විශ්වාස කරන්නත් බැරි උනා. ඔය අතරේ තමයි රුවන්ති එක්ක නෝටිය මුලටම කතා කලේ.මගුලක් කරගන්න අදහසකින් නෙවෙයි.සුජී අක්කට වෙලා තියන ප්‍රශ්නේ ගැන කතා කරලා කරන්න පුළුවන් උදව්වක් තියනවා නම් කරන්න හිතා ගෙන.


මිනිස්සුන්ගේ ජීවිත වලට ප්‍රශ්න ආවම ඒ ජීවිත සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවලුනේ. ඔව් ඒක එහෙම්ම උනා.මම රුවන්තිගෙන් සුජී අක්කගේ විස්තර හෙව්වා කියලා එයා මමත් එක්ක හිත හොදින් නෙවෙයි හිටියේ. මම රුවන්තිගෙන් විස්තර හෙව්වේ වෙන මොකවත් නිසා නෙවෙයි, සුජී අක්කා කියපු දේවල් හීනයක්‌ වගේ දේවල් නිසා. ඒත් එයා ඒක තේරුම ගත්තේ වැරදියට. එතනින් සුජී අක්කා නෝටිය එක්ක තිබුන මිත්‍රකම හොදටම අඩු කළා.


කෙනෙක්ගෙන් දෙයක් නැති වෙනකොට ඊට වැඩ වටිනා දෙයක් සමන් දෙවියෝ නෝටියා ගේ ජීවිතේට දෙයි කියලා නෝටියා හීනෙකින් වත හිතුවේ නෑ.ඒත් ඒක එහෙම උනා..


මොන හේතුවක් නිසාද දන්නෑ නෝටියා රුවන්ති එක්කත් රුවන්ති නෝටියා එක්කත් sms කරන්නත් call කරන්නත් පටන අරන් තිබුනේ අපි අපිටත් නොදැනී..ටික දවසක් යනකොට නෝටියට නම් රුවන්තිට කෝල් එකක් sms එකක් නොයවා ඉන්න බැරි තත්වෙටම පත් වෙලයි තිබුනේ. ඒ ඇයිද කියලා නෝටියට තේරුනේ නෑ. ඒ ආදරේද නැත්තම් වෙන මොකක් හරි එකක්ද කියලා වත් හිතා ගන්න බැරිවයි නෝටියා හිටියේ. (පස්සේ කාලෙක දී එයා නෝටියට කිවා අයත් ඒ දවස වල නෝටියාගෙන් text එකක් call එකක් එනකම් ගොඩක් බලන ඉටියා කියලා.) මොකද ඒ වෙනකොට නෝටියව රුවන්ති ෆොටෝස් වලින් දැකලා තිබුනත් නෝටියා රුවන්තිව එහෙම වත් දැකලා තිබුන්නෑ. මොනවා උනත් නෝටියා උදේට ගෙදරින් යනකොට "පරිස්සමෙන් ගිහින් එන්න", ලන්ච් ටයිම් එකට "බඩගින්නේ ඉන්නේ නැතිව ඉක්මනට කෑම කන්න", හවසට ගෙදර යනකොට "දැන් ඉක්මනට පරිස්සමෙන් ගෙදර යන්න,තැන තැන රස්තියාදු ගහන්න එපා..." වගේ sms, calls නම් වැරදුනේ නෑ...


ඔය දවස වල නෝටියට ඔෆිස් එකේ පොඩි කේස් එකක් ඇවිල්ලා නෝටියා හිටියේ ගොඩක් කලබලේ..එදා නෝටියා රුවන්ති කතා කලේ වෙලේ විතරේ කියලා නෝටියා රුවන්තිට කිවා...


"අද මගේ ඔලුව හන්දටම අවුල් වෙලා වගේ, ඒ නිසා ගෙදර යන්න කලින් ගෝල්ෆේස් එකේ පැයක විතර ඉදලා යන්නම්"


...කියලා, ඒ වෙලාවේ එයා එකට මොකවත් නොකීවත් නෝටියා ඕෆ් වෙන වෙලාවට sms එකක් ආවා.


"දැන් ගොඩක් හවස් වෙලා, ඒ නිසා පුළුවන් නම් ගෝල්ෆේස් එකේ යන්නැතුව පරිස්සමට ඉක්මනින් ගෙදර යන්න"


...ඔව්, එදා නෝටියා ගෝල්ෆේස් එකේ පරක්කු වෙන්නැතුව වෙනදා වගේම ගෙදර ගියා.




****



සිහිනෙකින් වත් නොහිතපු විදිය
මොකක්ද ඒ එයාගෙන් හිතට දැනෙන ලබැදියාව...
හරියට සීතල වතුර ටිකක් මූනට ඉහිනවා වගේ...
ජීවිතේ වසන්ත සාමය ළඟ ලඟ එනවා වත්ද...?
හ්ම්ම්...
වෙන්න ඇති...
හැමදාම අමාවක නෑනේ..


Monday, June 25, 2012

මගේ වසන්තය උදා විය (හමු වීම) - 1

නෝටි කතා, කුප්ප කතා, අර කතා මේ කතා ලිව්ව නෝටි, නෝටිගේ ජීවිතේට වසන්ත කාලය උදා උණු හැටි ලියන්න හිතුවා...
මේ පොස්ට් එකේ ඉදන් ඒ කතාව ලියනවා මගේ අහිංසක කෙල්ලට උපහාරයක් විදියට.

කතාව ආරම්භයට කලින් මේ කතාවට අත්තිවාරම උණු කතාව කියලා ඉන්නම්

****

2007 අවුරුද්ද, නෝටියා උසස් පෙළ කරලා ෆැකල්ටි පටන් ගන්නකම් අගනුවර පරිගණක අද්‍යාපන ආයතනයක සහාය කථිකාචාර්ය කෙනෙක් විදියට වැඩ කළා.ඔහොම ඉන්න අතර තමයි අපේ ආයතනයට (රටේ තියන ප්‍රසිද්ධ ආයතනයක් නිසා නම නොකියා ඉන්න එක හොදයි කියලා හිතෙනවා) රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට අදාළ සේවකයෝ පුහුණු කරන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න උනා. 

නෝටියාට හම්බුන ක්ලාස් එකේ හිටියේ ළමයි 15. බහුතරයක් හිටියේ රාජ්‍ය ආයතන වල සේවය කරන මිස්ලා. පිරිමි අය හිටියේ දෙතුන්දෙනයි.කිසි අවුලක් නැතිව ක්ලාස් එක ගලාගෙන යනවා. සේරම නොටිට වඩා වයසින් වැඩි කට්ටිය. ඒ නිසා ඒ සේරම අය නෝටියාට පුදුම විදියේ ආදරයක් කරුණාවක් දැක්වුවේ. ඔය අතරේ ක්ලාස් එකේ කට්ටිය නෝටියාගේ ෆෝන් නම්බර් එක එහෙම ඔෆිස් ඒකෙන් ඉල්ලං මොකක් හරි අවුලක් උනාම කතා කරන තත්වෙටම පත් වෙලා තිබුනේ. ටිකෙන් ටික ක්ලාස් එක ඉවර වෙන දවසත් ආවා. අන්තිම දවසේ ක්ලාස් එක ඉවර කරනකොට කට්ටියගේ ඇස් වල කදුළු. නෝටියාටත් අම්බානට අප්සට්. එදා ඒ හැමෝන්ටම දනගහලා වැන්දේ ඇයි කියලා නෝටියට අදටත් හිතා ගන්න බෑ.

ක්ලාස් එක ඉවර උනා කියලා නෑ. කට්ටිය නිතර නිතර කතා කරලා දුක සැප ඇහුවා. ටික දවසක් යද්දී ඒක අඩු උනත් මේ කතාවේ ඉන්න එක් කතා නායිකාවක් සුජී (ඇත්ත නම නෙවෙයි, ඇත්ත නම කියන්න බෑ, මොකද එයත් අයි.ටී ක්ෂේත්‍රයේ කෙනෙක් නිසා) නෝටියට ගොඩක් සමීප උනා. නොටියගේම අක්කෙක් වගේ. "අපේ පොඩි සර්" කියපු ඒ අක්ක නෝටියට මල්ලි කියලා කතා කරන තරමටම සමීප උනා. ඒ අක්කගේ  මහත්තයත් නෝටියට ගොඩක් හිතවත් උනා.

ඔය අතරේ තමයි නෝටියා ෆැකල්ටි පටන් ගත්තේ. ඉතින් ඒ ඉන්ස්ටිටියුට් ඒකෙන් නෝටියා අයින් වෙලා ෆැකල්ටිත් ගියා, ඒත් ඒ සුජී අක්කා මේ නෝටියාව අමතක කලේ නෑ, කතාබහ කරලා නෝටියට ෆැකල්ටි එකේ වැඩ වලටත් ගොඩක් උදවු කළා...

කාලේ ගෙවිලා ගියේ පුදුම ඉක්මනින්. නෝටියා ෆැකල්ටි අවුට් වෙලා ජොබ් එකේ ඉන්නකොටත් සුජී අක්කා නොටියගේම අක්කා කෙනෙක් වගේ හිටියා. කොටින්ම කිවොත් එයාලට නෝටියා පවුලේ කෙනෙක් වෙලා වගෙයි හිටියේ

මම හිතනවා මේ ටික ප්‍රමාණවත් වෙයි මගේ වසන්තයේ අත්තිවාරම දාන්න.

****

ක දවසක් නෝටියා ඔෆිස්  එකේ ඉන්නකොට නෝටියාට එනවා කෝල් එකක්, බැලින්නම් සුජී අක්කාගෙන්.

"ආ.... මැඩම් කොහොමද, අපිවත් මතක වෙනවා උඹලට එහෙනම්" 

වෙනසක් නෑ නොටියගේ කතා විලාසේ ඔෆිස් එකේ කියලා පොඩ්ඩක් වත් සීලාචාර උනේ නෑ.

"අනේ පලයන් බං යන්න, උබලට තමයි දැන් හරි ගිහිල්ල අක්කලවත් අමතක කරලා තියෙන්නේ..."

එකිගේත් වෙනසක් නෑ. කියවන්න ගත්තාම වක්කඩ වගේ.. ඔය වගේ විනාඩි 5ක් විතර කතා කර කර ඉඳලා...

" මල්ලෝ.. මේ මම ගත්තේ පොඩි උදව්වක් ඉල්ලා ගන්න"

" හෑ ඒ මොකක්ද බං, උඹලටත් අපිව මතක වෙන්නේ මොකක් හරි උදව්වක් ඕනි උනාම තමයි... කියහන් කියහන්... මොකක්ද කේස් එක"

" අනේ බං මේක මට කීවට මටම නෙවෙයි. මගේ ස්ටුඩන්ට් කෙනෙක්ට,  එයාගේ FB page එකේ මොකක්ද අවුලක් වෙලා... පොඩ්ඩක් බලලා solution එකක් දෙනවද..? "

ඉතින් නෝටියා දන්නා ජිලමාට් දාලා solution එකත් දීලා දැම්ම.

නෝටියා එදා හවස ගෙදර ගිහින් fb log වෙලා බලනකොට, කෙල්ලෙක්ගෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක්. විස්තර හොයලා බැලින්නම් සුජී අක්කගේ ස්ටුඩන්ට්.
(ඔය දවස් වල නෝටියට කෙල්ලෝ කියන්නේ මහා ඇලජික් ටොපික් එකක්, කොටින්ම කිවොත් නෝටියට කෙල්ලෝ කියන ජාතියම තිත්ත වෙලා තිබුනේ.) 
ඉතින් රික්වෙස්ට් එක accept කරලා මෙසේජ් එකකුත් දැම්ම "*** මොකක් හරි උදව්වක් ඕනි නම් කරන්නම්,සජී අක්කා ගෙන් කතා කරන්න" කියලා.. නෝටිට අදටත් හිතා ගන්න බෑ ඇයි ඒකිට එහෙම මැසේජ් එකක් දැම්මේ කියලා.

(පස්සෙයි දන්නේ රික්වෙස්ට් එක දාලා තියෙන්නේ සජී අක්කයි එයාගේ ස්ටුඩන්ට් එක්ක එකතු වෙලා කියලා)

****


කළු වලාවෙන් අදුරු වූ හිත් අහසට,
කවදා නම් හිරු කිරණක් ලැබෙයිද..?
චණ්ඩ මාරුතයෙන් හෙම්බත් වෙලා ඉන්න ජීවිතයට,
කවරදාක මද පහසක් ලැබෙයිද...?
අයාලේ යන ජීවිතයට,
කවරදා නම් අරුතක් ලැබෙයිද...?
ජීවිතය පුරවාගෙන තියන අමිහිරියාව,
කවදාක මිහිරියාවක් වෙයිද...?





Tuesday, June 19, 2012

කෝච්චිය

ගැහැණුන් හැඩ මවන
පිරිමින් නිදි කිරණ
කෙල්ලන් මල් කඩන
කොල්ලන් පැණි හලන
ජෝඩු ජෝඩු පෙම් කෙලින
සමහරක් ජැක් ගහන
චාරයක් නොමැති එය
කෝච්චිය...!



ප.ලි.
ලංකාවේ කොච්චි ගැන. අනේ ඇත්තෙම්ප සිරි ලංකාවේ කොච්චි ඇතුලේ වෙන්නේ මොනවද කියල කියනවට වඩා නොවෙන්නේ මොනාද කියලා හිතන එක තමයි හොදම දේ. වැඩිය ඕනි නෑ... සමුද්‍රේ උදේට එන සමහර ගනු සාරිය අදින්නෙත් කෝච්චියේ... විලි ලැජ්ජාවේ තන්තොසේ බෑ...



Sunday, June 17, 2012

කා ගේ පිච්චුන කැලරි...! (මේ දවස් ටිකේ මගෙයි නංගිගෙයි නැතුවම ඇති ඩො | ෆැකල්ටි ලයිෆ් රස කතා)

ගොඩක් දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ අවේ.ජීවිතේ කියන එකට ප්‍රශ්න එනකොටලුනේ ජීවිතාවබෝධය කියන එක හොදින් ලැබෙන්නේ, මේ දවස වල නෝටියා ඒ ජීවිතාවබෝධය අම්බානකට ලබමිනුයි ඉන්නේ, එව්වා වැඩක නෑ. හිත නිදහස් වෙන්නත් එක්ක ෆැකල්ටි ලයිෆ් එකේ කතාවක්


මේ කතාව ඇවිල්ලා කිස් එකක් ගැන එකක්..
ඔන්න දවසක් අපේ බෝඩින් සෙට් එක රෑ බත් එහෙම කාලා පන්දම් එහෙම පත්තුකරන උන් පන්දමට සෙට් වෙලා, විට කන උන් විටට සෙට් වෙලා පච හලන වෙලාව.


පච හැලිල්ල ජයටම යන අතරේ කොහෙන්ද මන්දා අහුලා ගත්ත පත්තර කෑල්ලක් කියව කියව හිටිය බඹරා...
"හප්පට සිරි... එක කිස් එකකින් කැලරි xxx (හරියටම ගාන මතක නෑ) පිච්චේනවලු බං" 
...කියලා කිවා කියමුකෝ.


...ඕක ඇහිච්ච අපේ කා...
"කෙලා තාප්පෙට.., එහෙනම් මේ දවස් ටිකේ මගෙයි නංගිගෙයි කැලරි නැතුවම ඇති ඩො.."



ප.ලි
කිස් ගැන කිව නිසා කිස් එකයි පිපාසයි ගැන තියන සෝක් ලිපියක් දැක්කා ඒකත් කැමති නම් බලන්ටකෝ.
Why the more you kiss the more you get thirsty?


Related Posts Plugin for WordPress, Blogger...