Pages

Monday, October 29, 2012

ආගයා... ආගයා... නෝටියා ..

ආයිබෝං කිව්වා හැමෝන්ටම එහෙනං. අලුත් සීන් කෝන් එව්වා මෙව්වා එක්ක හීනෙන්වත් හිතපු නැති විදියට ගොඩක් දේවල් වෙනස් වුනා කිවා කියහල්ලකෝ.

ඔන්න මේ නෝටියා කියන එකා මොකාද කියලා මතක නැති එව්වෝ මෙතනට ගෙහුං බලහල්ලකෝ.... (ගියා වගේ නෙවී, පොස්ට් එකේ ඉතිරි ජුන්ඩත් කියවන්දලා..)

ඔන්න ඔය එකා තමයි නෝටියා කියන  එකා.

ඇඃ තව ජුන්ඩෙන් මට මතක බැරි වෙනවා.

නෝටියා අගෝස්තු 25 වෙනිදා නෝටියා ගොඩක් අසාවෙන් ඉඳපු Singapore වලින් සමුගෙන ආයෙමත් ලංකාවට ආවානේ...

ආවා අවාම තමයි, ආයෙමත් සිංගප්පුරුවට යන අදහස අවුරුදු 20 කට මෙහා කලෙක ආයේම මගේ ඒ සුට්ටන ගෙදරට යන්න වෙන්නේ නෑ.

නැට්ට පිටින් අලියා මැරෙනකොට මෙව්වත් කජුද කියලා ඇහුවලු.

ඉතින් මේ පහුගිය කාලේ ඇතුලත කොයි තරම් නම් දේවල් සිද්ධ උනාද? (අගෝස්තු 26 - 29)
ඉතින් නෝටියා ලංකාවට ආව වෙලාවේ නොටියට රජයේ රස්සාවකට සෙට් වෙන්න. කෙටියෙන්ම කියනවා නම් අහම්බෙන් සිද්ද උනේ. ගොඩක් අසාවෙන් ගියා කියහමුකෝ. ඒ වගේම හරිම අහම්බෙන් සෙට් උන ජොබ් එකක්.ජොබ් එකට වඩා සේවයක්.

ඔන්න එහෙනම් නෝටියා සැටි එකට පොඩි ගෙස් කිරීමක් කොරන්න දෙන්න හදන්නේ.


1. නෝටියා ගේ අලුත් ජොබ් ඒක.
2. නෝටියගේ නිලය
3. රටේ වගකීමක් තියන ජොබක්.

.... පුළුවන් නම් ඔය පුරස්න දෙකට උත්තර අරන් එන්න්ටකෝ...

ඔන්න එහෙනම් නෝටියා ''ප''යනු අතදිග'' ලෝ"...යනු.,




Monday, October 8, 2012

After Long Time | හුගක් කාලෙකට පස්සෙ...

නොටියව කස්ටියට අමතක වෙලඩ මන්ද...
මොන කොරන්නද...
ඔන්න නොටිය කියල එකෙක් ඉන්නවා හොදෙ...
ඌ ආයෙමත් ඉක්මනටම බ්ලොග් ලියන්න පටාන් ගන්නවො............

Wednesday, August 22, 2012

නෝටි කියන එකා ඇතුලේ ඉන්නා පොත් කාවා...!

ඔන්න ටිකෙන් ටික සාහිත්‍ය මාසයත් එනවනේ.ඉතිං නෝටියට හිතුනා නෝටියා කියවලා තියන පොත් අතරින් වඩාත්ම හිතගිය සහ කියවන්න ආසා පොත් ගැන ලියන්න...

මුලින්ම කියන්නම් නෝටියට මුලින්ම මතකෙට එන්නේ නෝටියා හිච්චි එකා කාලේ කියවපු පොතක්. පොතේ නම
"සතුන් වත්තේ" - කතෘ නම් මතකෙට එන්නේ නෑ.ඒ උනාට පොත මතකයි.සතුන්වත්ත ගැන ලියවෙච්චි කවි කතාන්දරයක්. (සමහර විට සිබිල් වෙත්තසිංහ වෙන්න ඕනි කතෘ)


ඊලගට... ඒත් හිච්චි එකා සන්දියේ කියවපු

  • අලි බබා සහ හොරු හතලිහ
  • හත් පන - කියලා වැඩක් නෑ.සුපිරිම පොතක්
  • අන්දරේ
  • The ant and The Pigeon (Lev Tolstoy) (නෝටියා අකුරු අහුලා අහුලා කියවපු මුල්ම ඉංගිරිසි පොත, අදටත් ඒ පොත නෝටියගේ සුට්ටි පුස්තකාලේ තියනවා)
  • කැකුළු - මේක නම් පොතක් නෙවි.ලස්සන කවි කතන්දර තිබුන පත්තරයක්

... වගේ කතන්දර නම් අදටත් බලන්න ආසයි.

ඊට පස්සේ ඉස්කෝලේ යනකොට (6,7 වගේ වසරවල් වල) පැල් බැඳගෙන කියවපු පොත් සෙට් එකකුත් තිබුනා....

  • සූර පප්පා - ඇන්ටන් ප්‍රසාද් සමරනායක (පොත් 5ක වගේ සීරිස් එකක් තිබුනා)
  • දොස්තර හොඳ හිත (ඒකත් පොත් 5ක් 6ක් වගේ සීරිස් එකක් තිබුනා)
  • ටින් ටින් කතා සෙට් එක
  • පන්පසිදුන්
  • Oliver Twist - Charles Dickens - කියලා වැඩක් නෑ සුපිරි පොතක්
  • The Railway Children - Edith Nesbit (චන්ද්‍ර අනගිරත්න උන්නැහේ මේ පොත සිංහලටත් පරිවර්තනය කරලා තියනවා "කෝච්චියේ ළමයි"කියලා) මේකත් කියවන්න එල පොතක්.

...ඔය වගේ ලස්සන කතන්දර අතරේ නෝටියාගේ අම්මි නෝටියාට දුන්නා ලස්සන තෑග්ගක් උපන්දිනේකට.ඒ තමයි...

  • වන අරණක කුඩා නිවස
  • තැනිතලාවේ පිහිටි කුඩා නිවස
  • මිදී ඔය අසබඩ
  • රිදී විල් තෙර
  • සීතලෙන් සීත වුනු සමය
  • තැනිතලාවේ පිහිටි කුඩා නගරය
  • මේ මිහිරැති සොඳුරු සමය
  • පළමු සිවු වසර

...කියන, 1867 පෙබරවාරි 7 වෙනිදා "පෙපින් ටවුන්" වල "විස්කොන්සිස්" දී ඉපදුන "ලෝරා එලිසබෙත් ඉන්ගල්ස් වයිල්ඩර්" ගෙ ජීවිත කතාව අලලා ලියවුනු කතා මාලාව.මේ පොත් සෙට් එක "ගංගා නිරෝෂනි සුදුවලිකන්ද" සුපිරියටම සිංහලට පරිවර්තනය කරලා තියනවා මුල් කෘති වලට අසාධාරණයක් නොවෙන්න.

ඉගෙන ගන්න ළමයෙකුට වගේම ඕනිම කෙනෙක්ට කැත නැතිව දෙන්න පුළුවන් තෑග්ගක් මේ පොත් සෙට් එක.

ම්ම්ම්... ඊට පස්සේ මෙන්නේ මේ සෙට් එක
  • Love's Labour's Lost (pocket edition) Shakespeare
  • Anna Karenina - Leo Tolstoy 
  • No Orchids for Miss Blandish  -James Hadley Chase
  • Just the way it is - James Hadley Chase
  • Eve - James Hadley Chase
  • Not my thing - James Hadley Chase
  • This is for real - James Hadley Chase
  • You've got it coming  - James Hadley Chase
  • A Lotus for miss Queen  - James Hadley Chase
  • My Laugh comes Last  - James Hadley Chase (James Hadley Chase ගෙ පොත් වල නෝටිය දකින විශේෂත්වය තමයි ඔහුගේ එක පොතක් කියෙව්වොත් වන ඇබ්බැහි වීම. කොටින්ම කිවොත් එකක් කියෙව්වොත් අනික් පොතුත් කියවන්න පුදුම ආසාවක් එන්නේ, පොත් අසූ ගානක් තියනවා.කොහොම හරි වලකජු ගහන්න කලින් ඔය පොත් සෙට් එකේ හිමිකාරයා වෙනවාමයි :D
  • Heidi - Johanna Spyri
  • Pride and Prejudice - Jane Austen 

ඊට පස්සේ...

  • ෂර්ලොක් හෝම්ස් කතා සෙට් එක (චන්දන මෙන්ඩිස් ලොක්කා පරිවර්තනය කල පොත් සෙට් එකම නෝටියා ලග තියනවා)
  • මාර්ටින් වික්‍රමසිංහ නමැති මහා පඩිරුවනගේ පොත්
  • Nancy Drew - Caroline Ken
  • ගුරු ගීතය - චින්ගීස් අයිත්මාතව් (රෂියන් පොත්)
  • Karma - Kushwanth Singh 
  • SHE - H.R Haggard 

ඔය සේරම පොත් අතරේ නෝටියා ගෙ පුංචි පුස්තකාලේ තියනවා දැනමුතු උගතුන් බොළඳ කතා කාරයා කියලා හංවඩු ගහලා තියන "සුජීව ප්‍රසන්න ආරච්චි" ගේ කතන්දර සෙට් එකක්ම. ඒ පොත් සෙට් එකටත් නෝටියා ගොඩක් ආසයි. කවුරු මොනා කිවත් ඒ පොත් වල තියනවා අමුතුම රසයක්.කොටින්ම කිවොත් ඒ පොත් වල සමහර තැන් කියවනකොට ඇස් වලට කඳුළු එන්නේ නොදැනුවත්වම.

හුට්ටා... දන්නෙම නැතිව පෝස්ට් එක දිග වැඩිවෙලා වගේ (කියන්න හිටිය පොත් සේරම ගැන ලියන්නත් බැරි උනා).පොත් ගැන ලියන්න ගියොත් කොටි නකුට අල්ල ගත්තා වගේ.
ඔන්න ඔහේ කමක් නෑ. දැනට ඇති වගේ.පොත් ගැන තව පෝස්ට් එකක් ලියනවා හිතුනොත්.මොකද මතක් වෙන මතක්වෙන විදියට ලිවේ.ගොඩාරියක් ආසා පොත් මගහැරුනා

එහෙනම් බ්ලොග් ලෝකේ ඉන්න අනික් කාවො දාමු බලන්ට කමෙන්ට් එකක් කියවලා තියන අමතක නොවෙන, පට්ට ආසා පොත්.




Related Posts Plugin for WordPress, Blogger...