
මුලින්ම කියන්නම් නෝටියට මුලින්ම මතකෙට එන්නේ නෝටියා හිච්චි එකා කාලේ කියවපු පොතක්. පොතේ නම
"සතුන් වත්තේ" - කතෘ නම් මතකෙට එන්නේ නෑ.ඒ උනාට පොත මතකයි.සතුන්වත්ත ගැන ලියවෙච්චි කවි කතාන්දරයක්. (සමහර විට සිබිල් වෙත්තසිංහ වෙන්න ඕනි කතෘ)
ඊලගට... ඒත් හිච්චි එකා සන්දියේ කියවපු
- අලි බබා සහ හොරු හතලිහ
- හත් පන - කියලා වැඩක් නෑ.සුපිරිම පොතක්
- අන්දරේ
- The ant and The Pigeon (Lev Tolstoy) (නෝටියා අකුරු අහුලා අහුලා කියවපු මුල්ම ඉංගිරිසි පොත, අදටත් ඒ පොත නෝටියගේ සුට්ටි පුස්තකාලේ තියනවා)
- කැකුළු - මේක නම් පොතක් නෙවි.ලස්සන කවි කතන්දර තිබුන පත්තරයක්
... වගේ කතන්දර නම් අදටත් බලන්න ආසයි.
ඊට පස්සේ ඉස්කෝලේ යනකොට (6,7 වගේ වසරවල් වල) පැල් බැඳගෙන කියවපු පොත් සෙට් එකකුත් තිබුනා....
- සූර පප්පා - ඇන්ටන් ප්‍රසාද් සමරනායක (පොත් 5ක වගේ සීරිස් එකක් තිබුනා)
- දොස්තර හොඳ හිත (ඒකත් පොත් 5ක් 6ක් වගේ සීරිස් එකක් තිබුනා)
- ටින් ටින් කතා සෙට් එක
- පන්පසිදුන්
- Oliver Twist - Charles Dickens - කියලා වැඩක් නෑ සුපිරි පොතක්
- The Railway Children - Edith Nesbit (චන්ද්‍ර අනගිරත්න උන්නැහේ මේ පොත සිංහලටත් පරිවර්තනය කරලා තියනවා "කෝච්චියේ ළමයි"කියලා) මේකත් කියවන්න එල පොතක්.
...ඔය වගේ ලස්සන කතන්දර අතරේ නෝටියාගේ අම්මි නෝටියාට දුන්නා ලස්සන තෑග්ගක් උපන්දිනේකට.ඒ තමයි...
- වන අරණක කුඩා නිවස
- තැනිතලාවේ පිහිටි කුඩා නිවස
- මිදී ඔය අසබඩ
- රිදී විල් තෙර
- සීතලෙන් සීත වුනු සමය
- තැනිතලාවේ පිහිටි කුඩා නගරය
- මේ මිහිරැති සොඳුරු සමය
- පළමු සිවු වසර
...කියන, 1867 පෙබරවාරි 7 වෙනිදා "පෙපින් ටවුන්" වල "විස්කොන්සිස්" දී ඉපදුන "ලෝරා එලිසබෙත් ඉන්ගල්ස් වයිල්ඩර්" ගෙ ජීවිත කතාව අලලා ලියවුනු කතා මාලාව.මේ පොත් සෙට් එක "ගංගා නිරෝෂනි සුදුවලිකන්ද" සුපිරියටම සිංහලට පරිවර්තනය කරලා තියනවා මුල් කෘති වලට අසාධාරණයක් නොවෙන්න.
ඉගෙන ගන්න ළමයෙකුට වගේම ඕනිම කෙනෙක්ට කැත නැතිව දෙන්න පුළුවන් තෑග්ගක් මේ පොත් සෙට් එක.
ම්ම්ම්... ඊට පස්සේ මෙන්නේ මේ සෙට් එක
- Love's Labour's Lost (pocket edition) Shakespeare
- Anna Karenina - Leo Tolstoy
- No Orchids for Miss Blandish -James Hadley Chase
- Just the way it is - James Hadley Chase
- Eve - James Hadley Chase
- Not my thing - James Hadley Chase
- This is for real - James Hadley Chase
- You've got it coming - James Hadley Chase
- A Lotus for miss Queen - James Hadley Chase
- My Laugh comes Last - James Hadley Chase (James Hadley Chase ගෙ පොත් වල නෝටිය දකින විශේෂත්වය තමයි ඔහුගේ එක පොතක් කියෙව්වොත් වන ඇබ්බැහි වීම. කොටින්ම කිවොත් එකක් කියෙව්වොත් අනික් පොතුත් කියවන්න පුදුම ආසාවක් එන්නේ, පොත් අසූ ගානක් තියනවා.කොහොම හරි වලකජු ගහන්න කලින් ඔය පොත් සෙට් එකේ හිමිකාරයා වෙනවාමයි :D )
- Heidi - Johanna Spyri
- Pride and Prejudice - Jane Austen
ඊට පස්සේ...
- ෂර්ලොක් හෝම්ස් කතා සෙට් එක (චන්දන මෙන්ඩිස් ලොක්කා පරිවර්තනය කල පොත් සෙට් එකම නෝටියා ලග තියනවා)
- මාර්ටින් වික්‍රමසිංහ නමැති මහා පඩිරුවනගේ පොත්
- Nancy Drew - Caroline Ken
- ගුරු ගීතය - චින්ගීස් අයිත්මාතව් (රෂියන් පොත්)
- Karma - Kushwanth Singh
- SHE - H.R Haggard
ඔය සේරම පොත් අතරේ නෝටියා ගෙ පුංචි පුස්තකාලේ තියනවා දැනමුතු උගතුන් බොළඳ කතා කාරයා කියලා හංවඩු ගහලා තියන "සුජීව ප්‍රසන්න ආරච්චි" ගේ කතන්දර සෙට් එකක්ම. ඒ පොත් සෙට් එකටත් නෝටියා ගොඩක් ආසයි. කවුරු මොනා කිවත් ඒ පොත් වල තියනවා අමුතුම රසයක්.කොටින්ම කිවොත් ඒ පොත් වල සමහර තැන් කියවනකොට ඇස් වලට කඳුළු එන්නේ නොදැනුවත්වම.
හුට්ටා... දන්නෙම නැතිව පෝස්ට් එක දිග වැඩිවෙලා වගේ (කියන්න හිටිය පොත් සේරම ගැන ලියන්නත් බැරි උනා).පොත් ගැන ලියන්න ගියොත් කොටි නකුට අල්ල ගත්තා වගේ.
ඔන්න ඔහේ කමක් නෑ. දැනට ඇති වගේ.පොත් ගැන තව පෝස්ට් එකක් ලියනවා හිතුනොත්.මොකද මතක් වෙන මතක්වෙන විදියට ලිවේ.ගොඩාරියක් ආසා පොත් මගහැරුනා
එහෙනම් බ්ලොග් ලෝකේ ඉන්න අනික් කාවො දාමු බලන්ට කමෙන්ට් එකක් කියවලා තියන අමතක නොවෙන, පට්ට ආසා පොත්.
නෝටියා කියෝපු හුඟක් පොත් මමත් කියවලා තියෙනවා.. හැබැයි සුජීව ප්‍රසන්න ආරච්චියාගේ පොත් ඇරෙන්න :)
ReplyDeleteඑල එල.
Deleteඔයා ආසා සබ්ජෙක්ට් එකේ ලස්සන පොතක් තියනවා "බ්‍රෝහියර් දුටු ලංකාව" කියලා.එලම පොතක්.
ආරච්චියාගේ පොතකුත් නිකමට කියෝලා බලන්ට.
හිකිස්
@ නෝටි | Naughty
Delete"බ්‍රෝහියර් දුටු ලංකාව" ගිය අවුරුද්දේ බුක් ෆෙයාර් එකෙන් මම සල්ලිවලට ගත්තා. ආරච්චියාගේ පොත්වල ඇඬිල්ලනේ තියෙන්නේ. අනික ආරච්චියාගේ මුල් කාලේ පොත් හොඳ බවත් පහු පහු වෙන්න මිනිහා විකුණාගැනීමේ අරමුණෙන්ම පොත් ලිව්ව නිසා කොහු කොහු වුණු බවයි අහලා තියෙන්නේ...
/*ආරච්චියාගේ මුල් කාලේ පොත් හොඳ බවත් පහු පහු වෙන්න මිනිහා විකුණාගැනීමේ අරමුණෙන්ම පොත් ලිව්ව නිසා කොහු කොහු වුණු බවයි අහලා තියෙන්නේ...*/
Deleteඒක නම් ඇත්ත කියලා කියන්න පුළුවන් පස්සේ පස්සේ ලියන පොත් බැලුවාම.වාණිජ පරමාර්තයෙනම ලියවුනු එව්වා තමයි පහු වෙනකොට...
කාවෙක්නම් තමා මමත්. කාලෙක ඉදන් මට අගතා ක්‍රිස්ටිගෙ උණක් හැදිලා. :D
ReplyDeleteAgatha M Clarissa Miller නේද.?
Delete4:50 from Paddington එකේ author නේද..?
This comment has been removed by the author.
ReplyDeletemath oya set eken godak kiyawala thiyenawa. specially little house series ekata marama asai
ReplyDelete"she", "Return of She - Ayesha"
aranakata pem banda
hardy boys
peralu nawum pasa
saba minisek ge kathawak
white fang
hari puduma scole
mawathe geethaya, apu, apuge lokaya
amma
sudu go`na, sudu wadda
Harry pottor, Lord of the rings
tika thama dan mathak wuna mage favs
thawa jayasena jayakodige "araliya mal aaramaya" kiyana potha thiyena series ekatat sahenan asai
Hardy Boys, පෙරළු නැවුම් පස,හරි පුදුම ඉස්කෝලේ පොත් කියවා නැත.
Deleteසුජීව ප්‍රසන්නආරච්චි???????????
ReplyDeleteබුවෑක්..........
(ලැජ්ජයි අප්පා කියවන්න)
හී....
Deleteමෙන්න තරියාට ලජ්ජා බර හැදිලා.
බ්ලොග් නිසා පොත් කියවීම අඩු වුනේ නැතැයි ?
ReplyDeleteඅනේ නෑ.
Deleteපොත් කියවන්න නම් කොහෙන් හරි වෙලාව සොයා ගන්නවා.
සුපර් මාකට් එකෙන් හරි ගන්නවා.හිකිස්
මං කියවපු හොදම පොත් දෙක තුනක් තියෙනවා.
ReplyDelete01. සමුගනිමු ගුල්සාරි - චිංගීස් අයිත්මාතව්
02. අරණකට පෙම් බැද - විභූතිභූෂණ බන්ධෝපාධ්‍යාය
03. හරි පුදුම ඉස්කෝලේ - ටෙට්සුකෝ කුරොයානගී
04. 2001 සිට 3001 දක්වා විද්‍යා ප්‍රබන්ධ මාලාව - සර් ආතර් සී ක්ලාක්
කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියනවනේ.... ජය...!
අනිවාර්යෙන්ම...!
Deleteචින්ගීස් ගේ ගුරු ගීතයත් සුපිරි...!
හහා.. මාත් පොත් ගුල්ලෙක්මි. වන අරණක කුඩා නිවස පොත් සෙට් එක මගේ කැමතිම පොත් සෙට් එකය. මල්ලි සතුන් වත්තෙ පොතේ කතාවක් තිබ්බෙ නෑ නේද ? නිකන් විස්තර විතරයි නේද තිබුනෙ ...
ReplyDeleteඊට අමතරව පුංචිම කාලෙ කියවපුවා -
ආඩම්බර මොණරා, චින් චින් ගේ සිහිනය, හත්පෙති මල, අමා ඵලය, රන් පොරොව, ආඩම්බර සෙන්පතියා, වාසනාවන්ත අම්මා, වදුරෝ හද ඇල්ලූ හැටි
ඊලගට යොවුන් කතා - පාලු දූපත, කොරල් දූපත, හපනා, කල්ලන්දූවේ මුතු කොල්ලය
ඊලගට - අහුවෙන හැම පොතක්ම .. (අම්මා, වෘකයන් අතර නග්නව, ගුරු ගීතය, සුජීව ප්රස්සනාර්ච්චිගේ පොත්, සන්නස්ගල පොත් ...)
දැන්, ???
මට මතක විදියට සතුන් වත්තේ පොත කවි කතන්දර එකක්. ඒත් හරියටම මතක නෑ.
Deleteම්ම්ම්... අලුත් පොත් දෙක තුනක්ම තියනවා ඔයාගේ ලිස්ට් එකේ මම කියවන්න ඕනි එව්වා.
James Hadley Chase ගේ පොත් කියවලා බලන්ටකෝ.
සතුටුයි තවත් පොත් කාවෙක් දැන අඳුන ගන්න ලැබුන එක ගැන. පොත් ගැන කතාකරන එක මගේ ආසම මාතෘකාවක්. මගේ ළඟත් සූටි පුස්තකාලෙකට විතර පොත් තියනව. ඇත්තටම ඒව මම නැවත නැවත කියවල රසවිඳිනව. සමහර පොත් මම පහුගිය අවුරුදු 10 - 12 ට 20 පාරකට වඩා කියවල තියෙනව.
ReplyDeleteඅර ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගෙ පොත් සෙට් එකට මමත් හරි ආසයි. ජනාවාස ගොඩනැගෙන හැටි, ඔවුන් ගතකරන දුෂ්කර වුනත් සතුටුදායක ජීවිත, කුඩා ලෝරා තම පියාව දකින විදිය, ඒ වගේ ජීවිත කතාවක් කියවන කොට අමුතු හැඟීමක් ඇතිවෙනව. කොහොමටත් මම ස්වයං චරිතාපදානවලටත් කැමතියි, කවුරුහරි ලියන චරිත කතාවකට වැඩිය ඒව රසවත්. මාර්ටින් වික්‍රමසිංහ මහත්මයත් උපන් දා සිට කියල එහෙම පොතක් ලියල තියෙනව, ඔයා කියවලත් ඇති.
අනගිරත්න මහත්මය පරිවර්තනය කරපු කෝච්චියෙ ළමයි පොත වගේම ඊඩිත් නෙස්බිට්ගෙම තව දඟකාර ළමයි (ද ස්ටෝරි ඔෆ් ද ට්‍රෙෂර් සීකර්ස්) පොතත් හරි අපූරුයි. චන්දන මෙන්ඩිස් මහත්තයගෙ ෂර්ලොක් හෝම්ස් පොත් සෙට් එකත් මම නිතර නිතර කියවන පොත් ටිකක්, මේ අවුරුද්දෙත් ලබන මාසෙ සමහරවිට තව පොතක් එයි. (ඩොයිලිගෙ කතා තරම්ම ඒව රසවත් නොවුනත් ආසාව අතාරින්න බැරි නිසා අරන් කියවනව)
තව කේ. ජී. කරුණාතිලක මහත්මයගෙ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා පොත් ටික. නියම කතාව. මම දහදොලොස් පාරක්ම ඒ පොත් හය කියෙව්ව ගත්තට පස්සෙ, කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නෑ. තව එතුමගෙම ටාර්සන් පොත් පරිවර්තනවලට මම හරි කැමතියි. විශේෂයෙන් පළමු පොත ‘වානරයන්ගෙ ටාර්සන්‘. ඔය නිසුපා කියල තියෙන අගතා ක්‍රිස්ටිගෙ පොතුත් නියමයි. (හැබැයි හුඟක් පරිවර්තකයොන්ගෙ භාෂාව නම් ගන්න දෙයක් නෑ.)
තව ඔයා ගොඩක් කැමැත්තෙන් කියවාවි, ජෙරල්ඩ් ඩරල්ගෙ පොත් - රාණි සේනාරත්න රාජපක්ෂ මහත්මියගෙ පරිවර්තන මගේ පවුලයි අනික් සත්තුයි, කුරුල්ලෝ සිවුපාවෝ සහ නෑදෑයෝ, දේව උද්‍යානය. බඩ අල්ලගෙන හිනා වෙවී කියවන්න පුළුවන් පොත් ටිකක්. පොත් කියවල ඉවරවෙල මම නෙට් එකෙන් ටීවී සීරීස් එකත් බාගෙන බැළුව.
සෞදි රජ කුමරියකගෙ සත්‍ය අත්දැකීම්වලින් ජීන් පී. සූසන් ලියපු ‘ද ප්‍රින්සස්‘ චිත්‍රා. අයි. පෙරේරාගෙ පරිවර්තන පොත් තුන කූඩු කිරිල්ලි, අරාබියේ දියණියෝ, වැලි කතරේ කුමාරි නියම පොත් ටික. අරාබි සල්ලිකාරයොන්ගෙ නිරුවත නියමටම පෙන්වන පොත් ටිකක්.
තව ඩබ්ලියු ඒ. සිල්වා ශූරීන්ගෙ පොතුත් නියමයි. සුජීව ප්‍රසන්න ආරච්චි, චන්දි කොඩිකාර වගේ කට්ටියගෙ පොත් නම් මම නෙට් එකෙන් බාගෙන කියවල තියෙනව පීඩීඑෆ්. අවුලක් නෑ කියවන්න පුළුවන් ඒත් මට වැඩිය දිරවන්නෙ නෑ. ජයසේන ජයකොඩි මහත්මයගෙත් පොත් නියමයි.
පොත් ලිස්ට් එක තවත් දිගට මතක් කරකර යන්න පුළුවන් උනාට දැනටත් මේ කමෙන්ට් එක දිග වැඩියි. ආසම පොත් සෙට් එකක් මතක් කරාටත් ස්තූතියි.
කෙටියෙන්ම කියන්නම් "එල!"
Deleteකූඩු කිරිල්ලි, අරාබියේ දියණියෝ, වැලි කතරේ කුමාරි කියවන්ට ආසයි.
*************************************
නෝටියාද මොනත ක්රිරිස්තෝ, ටාසන් දේතුන්සරයක්ම කියෙව්වා.
ඒ වගේම ගොඩක් අසාවෙන් ලෝරා කතා සෙට් එක කියෙව්වා.
දැන් ලෝරා කතා මාලාවේම දෙවැනි කොටසකුත් තියනවා.
1.ඇපල් සුවඳ මුසු වූ ගොවිබිම
2.කඳු මුදුනේ සොඳුරු නිවස
3.අස්වනු සමයේ පුර හඳ
...කියලා.පුළුවන් නම් සොයාගෙන කියවන්න.චිත්‍රා අමරසේකර තමා පරිවර්තනේ කරලා තියෙන්නේ.
ස්තූතියි ඔත්තුවට, ඒ ගැන නම් මම දැනගෙන හිටියෙ නෑ. ඔය පොත්වල තියෙන්නෙ ඇගේ විවාහ ජීවිතයෙ ඉදිරි කාලය ද? ගංගා නිරෝෂනි සුදුවැලිකන්ද නම් කියවන්න ආස හිතෙන විදියට භාෂාව හසුරුවල තියෙනව, මේ පොතුත් ඒ වගේ හොඳ මට්ටමක තියනවද? කතාව කොච්චර හොඳ වුනත් භාෂා භාවිතය හොඳ වුනේ නැත්නම් කියවන එක වදයක් වෙනව.
Deleteතැනිතලාවේ පිහිටි කුඩා නිවස විතරයි කියවල තියෙන්නේ.. ඔතන තියෙන English පොත් ටික ඇර අනිත් ඔක්කොම පොත් මම කියවල තියෙනවා.. සුජීවගේ පොත් තාත්ත ගන්න දෙන්නේ නෑ.. සල්ලි තියෙන දවසක අරන් කියවන්න ඕනේ.. අපේ ගෙදරත් පොත් 1000ක විතර පුස්තකාලයක් තියෙනවා.. ඕක තමා මට හම්බුවෙන දායාදය. සෝම ජයකොඩි, සුමිත්‍ර රාහුබද්ධ, සරත් විජේසුරිය වගේ අයගේ පොත් තම වැඩිපුරම කියවන්නේ,,,,
ReplyDeleteමං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
"එල!"
Deleteලෝරා ගේ සෙට් එකේ අනික් පොත් ටිකත් කියවලා බලන්නකෝ.අපිත් නොදැනුවත්වම 1867-1957 කාලයට ගියා වගේ දැනෙනවා.
ගුරු ගීතය,හරි පුදුම ඉස්කෝලේ,සුළඟ වගේ ඇවිදින්,ගොළු හදවත .....මේ පොත්ටිකට තමා මන් වැඩියෙන්ම ආස......:)
ReplyDeleteගුරු ගීතය මමත් ගොඩක් ආසා පොතක්
Deleteම් .... මම ඊයෙ දමපු කමෙන්ට් එක දැන් නෑනේ.
ReplyDeleteහඃ වෙන්නට බෑ. උඩ බලන්ටකෝ...
Deleteඒයි.......
නෑ නෑ වහල බලන්න එපා...
ඔය ඉස්කොරල් ද මොකක්ද පොල්ල උඩට මෙව්වා කරලා බලන්ටකෝ.
මාත් හරිම ආසයි ෂර්ලොක් හෝම්ස් පොත් වලට... හැබැයි චන්දන මෙන්ඩිස් ගේ තරම් අනිත් අයගේ පරිවර්තනය හොඳ නෑ... හයිඩි.. හරි ආසාවෙන් කියවපු පොතක්...
ReplyDelete