Pages

Tuesday, July 31, 2012

ජාතක කරලා අවුරුද්දයි

නෝටියා බ්ලොග් ලෝකේ කරක් ගහන්ට ඇවිල්ලා, නැත්නම් බ්ලොග් ලෝකෙට ජාතක වෙලා අදට අවුරුද්දයි. (31/07/2012 දිනට) පටන් ගන්නකොට නම් නෝටියා හිතුවේ නෑ මේ තරම් දුරට බ්ලොග් එක ලියාවී කියලා (මොකද නෝටි දන්නේ නැද්ද නෝටිගේ කෙරුවාව.). කොහොම හරි ලියලා. දන්නෙම නැතිව ලියවිලා.



අවුරුද්දක් ලියලා කීවාම මතක් උනේ නෝටියා ලියපු මුල්ම පොස්ට් එක. බලන්ටකෝ මේ තියෙන්නේ ඒක.

ඒ දන්නෙම නැතිව ලියවෙච්චි "Naughty's Impression | නෝටිගේ සංකල්පනා" බ්ලොග් එකේ නෝටි උපදින්නේ නෝටි පන වගේ ආදරේ කරන කෙලි පොඩ්ඩ නිසා. නෝටිගේ තියන දගකාර වැඩ නිසාත්, ටිකක් හිතුවක්කාර නිසාත් (ටිකක් මත් නෙවෙයි)  **** කියන දගකාර කොල්ලා "නෝටි" උනා. අන්න ඒ නෝටිගේ හිතට එන නෝටීම නෝටි අදහස් යුනිකේත ගත වෙච්චි අඩවිය තමයි "නෝටිගේ සංකල්පනා"


ඉතිං අද වෙනකොට ඒ කියන්නේ අවුරුද්දක් වෙනකොට නෝටිගේ සංකල්පනා වල...

ලිපි 100කට වඩා ලියලා තියනවා මෙන්න මේ කැටගරි යටතේ...


එතකොට ෆලොවර්ස් ලිස්ට් එක 102

ඉතින් නෝටිට පට්ට සතුටුයි.පට්ට සතුටුයි කියන්නේ අම්බානකට සතුටුයි.

ඒ සතුට බෙදා ගන්න ඔන්න කස්ටියට නෝටිගෙන් කේක්...






Saturday, July 28, 2012

තේරුම් ගත්තොත් 18++ | & Happy Weekend...!

අද ලියන්ට යන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නෝටිම නෝටි කතාවක්. මේ කතාව නෝටියට කිවේ නෝටියගේ මිත්තරයෙක් දෙකක් දාගෙන ඉඳපු වෙලාවක...

ඔන්න කතාව...

දවසක් මහ රෑ මනුස්සෙයක් යනවලු හෙඩ් ලයිට්, සිග්නල් ලයිට්, මොනම මල හත් ඉලව්වක් වත් හරියට වැඩ කරන්නේ නැති රෝද දෙක විතරක් හරියට කැරකෙන  මෝටර් බයික් එකක් පැදගෙන. ටික දුරක් යනකොට නවත්තුවලු පොලෝසියෙන් බයික් එක.

රාලහාමි : කොහෙද අයිසේ මේ ලයිටුත් නැතිව රෑ යන්නේ.

මෑන්ස් : ගෙදර යනවා රාලහාමි

රාලහාමි : රෑට යනකොට හෙඩ් ලයිට් නැතුව යන්න තහනම් බව තමුන් දන්නේ නැද්ද..? හරියන්නෑ. තමුන්ට දඩ කොලයක් දෙන්ට ඕනි.

මෑන්ස් : අනේ රාළහාමි එහෙම කරන්ට එපා. මම එදා වේල හොයාගෙන ජීවත් වෙන අහිංසක මිනිහෙක්,රාලහාමි දඩ ගැහුවොත් පොඩි එකා බඩගින්නේ...

රාලහාමි : එව්වට කරන්ට දෙයක් නෑ. අපි නීතියට වැඩ

කොහොමින් කොහොම හරි රාලහාමි මෑන්ස්ට දඩ කොලේ දුන්නලු මිනිහ කොයි තරම නහයෙන් ඇඬුවත්, ඉතින් මෑන්ස් දඩ කොලේත් ඇරෙගෙන...


අනේ...
"රාලහාමි මගේ පුතා උනා නම්..."

...කියලා කියාගෙන යන්ට ගියාලු.



ප.ලි
ටියුබ් ලයිට් නම් කොරන්ට දෙයක් ඇත්තේම නැතිය.

ප.ප.ලි.
තේරුම් ගත්තා නම්.., "නෝටියා වල් නෝටියා යැයි කීමට ඔට්ටු නැත."


ප.ප.ලි ටත් පසුව :


හම්මේ ගොඩ කාලෙකින් පස්සේ හෙට එල කිරි වගේ පාර්ටි එකක්.
හෙට.... හෙට තමයි හෙට.
එහෙනම් කස්ටියටම Happy Weekend...! කිව්වා...
Cheers..! හොඳේ...

This is stolen by  "Lets laugh a bit" FB fan page


Friday, July 27, 2012

අතීතාවර්ජනය (එදා දුකක් උනත් අද සතුටක්)

දැන් ගොඩක් කාලෙක ඉඳං ලියන්න හිතේ තිබුන, ඒත් ආරම්භයක් ගන්න බැරිව හිටිය කතාවක් තමයි අද ලියන්න හදන්නේ. කොහොම හරි ඒ කතාව ලියන්න ආරම්භයක් ගන්න ඕනි කියලා හිතුනේ හරී ගේ පෝස්ට් එකක් (මම හොරෙක්ද) නිසා.

සමහර විට පොස්ට් දෙක තුනක් ලියවෙයි. ඒ පොස්ට් දෙක තුනේ යාලුවෝ ගැන, නෑදැයෝ ගැන, ගෙදර ගැන, ඉස්කෝලේ කාලේ ගැන ලිය වෙයි. පටන් ගැන්මක් විදියට යාලුවෝ නිසා වැටුන කදුලක් ගැන ලියන්නම්.(ඇත්තම කිවොත් යාලුවෙක්)

ඒ නෝටියා 11 වසරේ ඉන්න අන්තිම මාස කීපය. නෝටිගේ හොඳම යාලුවා උනේ "පූර්ණ"(ඇත්ත නම නම් නෙවෙයි.මීට සමාන නමක්) පූර්ණගෙ ඒ කාලේ හීං නූලෙන් ගියපු සම්බන්ධයක් තිබුනා ලේඩීස් කොලේජ් එකේ කෙල්ලෙක් එක්ක. ඕක දන්නා කෙනෙක්ට හිටියේ මමයි තව දෙන්නෙකුයි විතරයි.

දවසක් පූර්ණට එයාගේ ගර්ල් එක්ක කොහෙද මන්දා යන්න ඕනි වෙලා අතේ සල්ලි නැතිව නොටියගෙන් ඇහුවා "මචං මට බැහැයි කියන්නේ නැතිව රුපියල් 500 ක් දියන්, මම උඹට ඉක්මනටම දෙනවා." ඒ වෙලාවේ මම ලග මතක විදියට තිබුනා රුපියල් 650ක් විතර. ඒ ඊලග මාසේ පන්ති කාඩ් ගන්න ගෙදරින් දුන්න සල්ලි. ඉතින් මම "මචං මම 500ක් දෙන්නම්, හැබැයි ඒ මට ඊලග මාසේ පන්ති කාඩ් ගන්න තියන සල්ලි" කියලා. ඊළඟ සතියේ මට අයෙමත් සල්ලි දෙන පොරොන්දුව මත ඌ සල්ලි ගත්තා.

ඒත් ඊට පස්සේ පූර්ණ ටිකෙන් ටික නෝටියා ආශ්‍රය කරන එක අඩු කලා.මම "මචං මට හෙට පංති කාඩ් ගන්න ඕනි, අර 500 ගන්න පුලුවන්ද" කියලා ඇහුවම පූර්ණ ගෙ උත්තරේ උනේ "මොනාද හු*තෝ, උඹට සල්ලිද යලුවද වටින්නේ" කියලා.

නෝටියට ඒ වෙලාවේ තේරුනා ඒ සල්ලි ආයේ ලැබෙන්නෑ කියලා. ඊළඟ ප්‍රශ්නය උනේ දැන් කාඩ් එක නොගෙන කොහමද පංති යන්නේ.OL ළඟ එකේ කීයට වත් ක්ලාස් මිස් කර ගන්න බෑ.අම්මිගෙන් ආයේ සල්ලි ඉල්ලා ගන්නත් බෑ. මොනවා කියලා අම්මිගෙන් සල්ලි ඉල්ලා ගන්නද. අනික එයාලා කොයි තරම මහන්සියෙන්ද හම්බ කරන්නේ...

ඔය අතරේ තමයි ආච්චිලගේ ගෙවල් ලග කොල්ලෙ කිවේ "මචං ගතමන්ට් එකක් හොයා ගන්න විදියක් තියනවා මොකද කියන්නේ?" කියලා. නෝටියට ඒ වෙලාවේ හිතන්න දෙයක් නෑ, ගත් කටටම ඇහුවේ "මොකක්ද බං", "මේකයි මචං සීන් එක.අපේ ගෙවල් ලග ගෙයක් හදනවා අලුතෙන්. එකට අත් උදවු දෙන්නයි තියෙන්නේ" හිතන්න දෙයක් නෑ නෝටියා ගියා සෙනසුරාදා දනුෂ්ක එක්ක. ඒ වෙනකොට නෝටියාට එහෙම බර වැඩ කරලා පුරුද්දක් නොතිබුන නිසා ඒ වැඩ ගොඩක් අමාරු උනා.ඒත් ඉවසන්නම වෙනවා පංති කාඩ් එක ගන්න ඕනි නම්.

එදා හවස උනේ හීනෙන් වත් නොහිතපු දෙයක්.

හවස එක සැරේටම අවා කාර් එකක්, ඒ වැඩ කරන අයට සල්ලි දෙන්නයි වැඩ කටයුතු හොදින් සිද්ද වෙනවද බලන්නයි හදන ගෙදර අයිතිකාරයෝ ඇවිල්ලා. කාර් එකෙන් බහින අය අතරේ එක රූපයක් දැක්කම මට උන හිටි තැන අමතක උනා. පූර්ණගේ කෙල්ල.කෙල්ල මාව අදුරගෙන හිනාවක්‌ දාල ගියා.


සඳුදා මම ඉස්කෝලේ ගියා.පන්තියට ගියාම, එදා පන්තියට ගියාට වඩා නොගියා නම් හොඳයි කියලා හිතුනා.
"මේසන් බාස් වරුන්ට අත් උදවු කරුවන් අවශ්‍යයි" 
කියලා වයිට් බෝඩ් එකේ ලියලා.නොදැක්කා වගේ හිටියත් පූර්ණගේ අලුත් සෙට් එකේ උන් දිගට හරහට හින්ට් පාස් කරන්න ගත්තා. ඇස් වලින් ගලන කඳුළු අතරේම...
"යාලුවෙක්ට උදවු කරන්න ගිහිං තමයි බදාම අදින්න උනේ"
කියලා ප්‍රිෆෙක්ට් රූම් එකට ගියා. මම මම ගැනම ඇති වෙච්ච දුක නැති වෙන්න ඇඩුවා. දෙවැනි පීරියඩ් එකේ පන්තියට ගියා.පූර්ණ කොයි තරම් සමාව ගන්න ආවත් ලැබුනේ නෑ සමාවක් පූර්ණට.

එදා පූර්ණ ගැන හිතේ තරහක් තිබ්බා, ඒ තරහා අද වෙනකොට මැකිලා ගිහිල්ලා.අද පූර්ණ ගැන හිතේ තරහක් නෑ. ඒ වගේම ආයේ යාළුකමක් පටන් ගන්න අදහසකුත් නෑ.


තව දෙයක් පූර්ණ එදා ඒ පණ වගේ ආදරේ කල කෙල්ල අද මගේම වෙන යාලුවෙක්ගෙ පතිනියක්.



සිරාවටම සතුටුයි මචං උඹලා ගැන, වගේම මම කල දේ ගැන.

නෝටියා මේ පොස්ට් එක ලියන්නේ නෝටියාට ආව ඊ-මේල් එකක් නිසා ඇති වූ චිත්තප්‍රීතිය නිමිත්තෙන්.නෝටියගේ වල් කතා, කුප්ප කතා, චාටර් කතා අතරේ මේ පොස්ට් එකට කොයි විදියේ කැටගරියකට වැටෙයිද දන්නේ නෑ.

කෙලින්ම යන්නේ නෝටියා උසස් පෙළ කරපු කාලෙට.කොයි ඉස්කෝලෙත් 9,10,11,12 වසර වල ඉන්න කොල්ලෝ කෙල්ලොන්ගේ මද කිපෙනවා නේ. නෝටියගේ ඉක්කොලේ ඔය ලවු සීන් එහෙම මාට්ටු උනොත් සොරිම තමයි, කතා දෙකක් නෑ.. ගෙදරින් ගෙන්නුවා. දුන්නා අස්වීමේ ලිපිය.

ඔන්න එක දවසක් අපි ප්‍රිෆෙක්ට් රූම් එකේ ඉන්නකොට එනවා නිවුස් එකක් 11 වසරේ කොල්ලෙක් ලවු ලෙටර් එකක් ලැබිලා කියලා.ඔන්න ඉතිං එතකොට හෙඩ් පපට්  හිටිය නෝටියයි, ඇසිස්ටන්ට් හෙඩ් පපට් හිටිය තඩියයි, ලේඩීස්' හෙඩ් පපට් ආච්චියි වයි  ඇගෙන ගල තොප්පියා යනවා 11 E එකට.

දැන් කට්ටිය හුරේ චෙක් කරනවා හැමෝන්ගෙම පොත් අස්සවලුයි හැම මගුලක්ම. ඔහෝම චෙක් කර කර ඉන්න අතරේ තමයි 11 ගණිතය ටෙක්ස්ට් බුක් එකේ කවරේ ඇතුලේ තිබිලා නෝටියට බඩු මාට්ටු වෙන්නේ.මම එදා වගේම අදත් දෙවියන්ට පින් දෙනවා මම එදා ඒ ලෙටර් එක ගල තොප්පියාට නොදුන්න එක. නෝටියා කලේ හැමෝන්ගෙම ඇස් වහලා ඒක සාක්කුවට දා ගත්ත එක. මොකද මම ඒක ගල තොප්පියාට දුන්න නම් උන් දෙන්නවම ගෙදර යවනවා.

අන්තිමට ගල තොප්පියා හොයලා හොයලා හම්බ වෙන්නේ නැතිම තැන ළමයින් සේරටම අවවාද කරලා අකුලන් ගියා.කොටින්ම කීවොත් ඒ ලියුම මම හංගා ගත්ත එක අද වෙනකනුත් දන්නේ මමයි ඒ මලයයි ඒ නන්ඟයි විතරයි.

මම ලියුම හංගා ගත්තත් දෙන්නටම අවවාද කළා පෞද්ගලිකවම.උන් දෙන්නා කලේ ඇස් වල කඳුළු පුරවන් අහන ඉඳපු එක. අන්තිමටම උන් දෙන්නා පොරොන්දු උනා ඉගෙනීම කඩා කප්පල් කර ගන්නේ නෑ කියලා.

ඉතිං මේකයි වැදගත්ම දේ...  7/25 වෙනිදා උන් දෙන්නගේ ආදරේට ගෙවල් දෙකෙන්ම කැමැත්ත හා ආශිර්වාදය ලැබිලා. ඒ වගේම ඒ මල්ලි අද හපුගල කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක්. ඒ නංගියා රුහුණේ මැනේජ්මන්ට් ස්ටුඩන්ට් කෙනෙක්. ඒ කියන්නේ උන් දෙන්නා පොරොන්දුව අකුරටම ඉෂ්ඨ කළා..

සිරාවටම මට අද ගොඩක් සතුටුයි. මම අතීතේ දවසක ගත්ත තීරණයක් නිසා අද පවුල් දෙකක් සතුටෙන් වගේම උන් දෙන්නගෙම ඉගෙනීමත් සක්සස්.



උඹලා දෙන්නටම ලස්සන අනාගතේකට සුභ පතනවා. 
දෙවි පිහිටයි..!



මෙන්න ඒ සතුටු දායක ඊය.

Thursday, July 26, 2012

මචං නෝටි, Speaker Mode බං (නැට්ටේ ඉඳං ගොම)

මේ දවස් වල නොටියාට ලබා ඇති ග්‍රහයා නම් පට්ටම චාටර් ය.කොටින්ම කිවොත් අද දවස නොදෝමකින්ය.උදේ පාන්දර දැක්ක එකාව සොයාගෙන ගෙහුං උම්මා දෙන්නට සිතෙන්නේහිය. උනේම පට්ට කුජීත වැඩමය.බර්ගර් එකක් ගත්තත් ඒකෙ මැස්සෙක්ය. Apartment Lift එකත් Temporarily out of services ය. තට්ටු 8ක් පයින් යන්නට උනෙහිය. නොදෝමකින්ය.

සේරම අලකලංචි තොලොංචි වෙලාම පල කියලා වොෂ් එකක් එහෙම දාගෙන බකිසාට කෝල් එකක් දුන්නෙහිය.

මම : අඩෝ බකිසා.... කොහොමද, උඹ ප*යට අපිව දැන් මතක වෙන්නෙත් නෑ නේද..?
බකිසා : අප්පට සිරි නෝටි... කොහොමද මචං.
මම : උඹ මොන ල*බක් අස්සේ ද බං ඉන්නේ. කියන හු**ක් පැහැදිලි නෑ බං
බකිසා : මචං නෝටි මම drive කරන ගමන්... Speaker Mode දාලා බං තියෙන්නේ.
මම : ඉතිං උඹ හැමදාම එහෙමනේ ඩො.
බකිසා : ඒත් බං...
මම : මොන ල*බක්ද බං... කක්ක බර හැදිලා වගේ තටම්මන්නේ නැතුව කියහන්.
බකිසා : මචං මෙතන අකිලාත් ඉන්නවා...
මම : කෙලා හුටා...! තෝ දැන්ද ප* ඒක කියන්නේ..?

ඇතිනේ ටොපිය.! 



අවවාදයයි...!
ජංගම දුකෙන් කතා කරන විට,
1) කතා කරනා අනෙකුත් පාර්ශවය සිටිනා පරිසර තත්වය හොදින් දැන ගන්න.
2) වචන භාවිතයේදී 100% ක් නොව 1000%කටත් වඩා සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම කොල්ලෙක් සමග කතා කරනවා නම් ඔහුගේ පෙම්වතිය/බිරිඳ ළඟ සිටිනවාද නැද්ද යන වග තහවුරු කර ගන්න.

Tuesday, July 24, 2012

මෙන්න වැඩක්.. (ආයෙමත් කපන්නලු යන්නේ..)

ඔන්න ආයෙමත් බබා හම්බ වෙන්නලු යන්නේ. සීන් එක දැන ගත්තේ කවිකාරිගේ මෙව්වා එකෙන් (අද පටන් වහින තෙක් විදුලිය කපයි - කාර්මික දෝෂලු.


ආයෙමත් විද්වත් ලිය කපන්ටලු යන්නේ.(විද්වත් ලිය = විදු + ලිය = විදුලිය). මාරම වැඩේ කියන්නේ වැස්ස නැති උනාම තාප විදුලි බලාගාරත් කැඩෙනවලු, ඒ විතරක් නෙවෙයි කපන වෙලාවලුත් කලින් කියන්ට බැලුනේ. අනේ මම නම් දන්නෑ ඔව්වා.

දැන් ඉතිං ඔය කපනවා කියපු කැපිල්ල කොහොමත් කපාවිනේ. ඔය කපන කැපිල්ල රෑට කපන්න ගත්තොත් තමයි කෙලිය. එක දිගට රෑට විදුලිය කපුවා කියමුකෝ.. ඊට පස්ස රටේ ජනගහනයත් වැඩි වෙයි.ඒක නම් බුදු සුවර්.

අනේ ඉතිං බහු ජන හිතාය බහු ජන සුඛාය කියලා නෝටියා වැස්ස වලාහක දෙය්යන්ට ලියුම් කරදහියක් ලියන්ට කියලා




චා. නෝටි
Woodlands, Ring Road
Singapore
20012.7.23

(ඔබ තුමා දෙයියෙක් නිසා දෙයියන්ගේ පිහිටයි කියා නොලියමි, තරහා අවසර)

වැස්ස වලාහක දෙයියනේ,

දෙයියනේ.. ඔබ වහන්සේ හොඳින් සැපෙන් ඉන්නවා ඇතැයි සිතමි. දෙයියෝ මේ මෙව්වා එක ලියන්නේ මේ මම.නෝටි, චා. නෝටි. මම මේ ලියුම් ලියන්නේ සිරි ලංකාව ගැන උණ්ඩුක පුච්චේන්ම උපන් මෙව්වා එකෙන්.

මාර සීන් එක, ලංකාවේ ආයෙමත් කපන්ටලු යන්නේ. මමත් ඒක දැන ගත්තේ අර බ්ලොග් ලියන කවිකාරිගේ  මෙව්වා එකෙන්.(නැත්නම් පිට දේස දීපන්කරේ ඉන්න මම කොහොමැයි දන්නේ) වැඩේ කියන්නේ දෙයියනේ කෙරවලපිටියටත් සොරි වෙලාලු වැස්ස නැතිව (හිකිස්‌ නේද දෙයියෝ..? ) මොන මගුල හරි ඉතිං එහෙම ආයෙමත් කපන්ට ගියොත් තත්වය හරිම සෝචනීයිනේ නේද දෙයියනේ.. ඉතිං හොඳ දෙයියා වගේ ලංකාවේ තියන එව්වා ටික පුරවලා දාන්ටකො. දෙයියා හොඳ දෙයියානේ.

එහෙනං දෙයියනේ දැන් නෝටියා වැඩට යන්න හදන්නේ.මට දෙයියන්ගේම පිහිටයි.!
දෙයියා අර මෙව්වා ටික පුරවලා දානවා නේද?


මෙයට
නෝටි




Monday, July 23, 2012

අමතක වෙන අමරේ ( එහෙනම් ප* ද ඕයි මෙතන තියල ගියේ..?)

ඔන්න කිව්වා වගේම ගාමන්ට් පැට්ටේරියේ ඊළඟ කතාන්දරය. ඔය පැට්ටේරියේ හිටියා අමරසිංහ කියලා ටිකක් වයසක මනුසප්පයෙක්. මිනිහට කවුරුත් කිවේ අමරේ මාමා කියල. මිනිහට නප්පියට තද වෙනවා කවුරු හරි "අමරේ ප* ද ඕයි තිබ්බේ" කියලා ඇහුවාම.


සීන් එක මොකක්ද කියලා අපේ ගමයා අයියා කිවේ මෙන්න මෙහෙම.


මචං අපේ අමරේට හිටපු ගමන් පොඩ්ඩක් නට්.සමහර වෙලාවට ඌ කාලේ මොකක්ද කියලා ඌට අමතකයි.දවසක් ෆැක්ටරි එකේ සැලරි පොඩි කේස් එකක් ඇවිත් accounting section එකේ files වගයක් ෆැක්ටරි මැනා අමරේට කියලා ගෙන්න ගෙන තියනවා...


ටික වේලකට පස්සේ අමරෙයා ඉන්නවලු නිකන් ගල උඩ රීපු පූසා වගේ මැනා ගේ රූම් එකේ.මැනා මේකා එතනට වෙලා ඉඳපු නිසා අහලා තියනවා "මොකද අයිසේ මෙතනට වෙලා කරන්නේ, තමුසේට වැඩ නැද්ද?"කියලා. මූ කියනවලු එතකොට "සර් මට ගෙන්න කියාපු පයිල් එක නෑ නේ"කියලා.


ෆැක්ට්‍රි මැනා ට තද වෙච්ච් පාර මුහෙන් අහලා "එහෙනම් ඕයි තමුසේ දැන් ප* ද මෙතන තියලා ගියේ" කියලා. ඒ වෙලාවේ ඔෆිස් එකේ ඉඳපු "මුවා" ලස්සනට රොයිටර් පාර දීල තියනවා.


ඉතිං එදා ඉඳං අමරේගෙන් "අමරේ මොකක්ද බං තිබ්බේ..?" කියලා කවුරුහරි ඇහුවොත්,
තත්ත්වය ශෝචනීයයි..!

Saturday, July 21, 2012

මුල්ම දවසේ... (*කෙනුත් හිනා)

මේ නෝටියා ලියන්න හදන්නේ ගිය අවුරුද්දේ නෝටියා ෆැකල්ටි අවුට් උන ගමන්ම වගේ (ට්‍රේනින් ප්ලේස් වලට යන්ට කලින්) මාසයක් විතර හක්කලන් ගහපු ගාමන්ට් පැට්ටේරියක වෙච්චි අලකලංචිය ලියන්න...

ඔන්න ඉතිං නෝටියගේ මවුතුමියගේ හැදුනුම් කමකින් නෝටියට එක ගාමන්ට් පැට්ටේරියක සෙට් උනා කියමුකේ ජොබක්... ඔන්න ඉතිං ගිය මුල්ම දවසේ නෝටියව නිකං කරකෝල අත්හැරිය වගේ... එක පාරටම චූං...! චූං...!! කියල මියුසික් එකක් යනවා, ඊට පස්සේ මෙන්න මොකෙක්ට හරි අහවල් තැනට එන්න කියල අනවුන්ස් කරනවා... එක කෙලියයි..!

ඔන්න ඉතිං සුට්ට වෙලාවකින් HR & Administrating Manager එක්ක කචබචයක් ගහලා Factory Manager එක්කත් කතා කොරලා ඔන්න නොටියාවත් දැම්ම IT Department  එකට. වැඩි හොදට කියලා Fac: Mana:  ගේ උපදෙස් පිට මුලටම නෝටියව දැම්මේ Pay-Roll  System එක study කරන්න කියලා ඒ වෙනකොට Pay-Roll System එක කොරපු  අලි ඔලුවෙන් හිටපු බවලතියෙක් ලගට. ඔන්න ඉතිං දැන් එකී නෝටියට මෙන්න මෙහෙම කියල දෙන්න පටාන් ගත්තා...( මම පහසුවට එතුමියට නිසංසලා කියලා කියන්නම්කෝ )

නිසංසලා : හොඳයි වැඩ පටන් ගන්න කලින් ඔයාට මම කවුද කියලා කියලා ඉන්නම්. මම නිසංසලා.මම මේ ගාමන්ට් ෆැක්ට්‍රි එකේ ටෙන් ඉයර්ස් වගේ වර්ක් කරනවා. Pay-Roll System එක මැනුවලි කරන කාලේ ඉදන් තමයි මම මේක කරන්නේ.

මම : හී හී... ( ගොනා සේ කර බාගෙන කියන දේ අසා සිටී...)

නිසංසලා : මගෙන් හැමදේම ඉගෙන ගන්න. කම්පියුටර් එහෙම පුලුවන්ද... එහෙං මෙහෙන් අතගාල වත් තියනවද...?

මම : එහෙං මෙහෙන් අතගාල යමක කරන්න බැරි වෙන එකක් නෑ... (ඒ වෙලාවේ මගේ හිනාව නතර කරලා දුන්න දෙවියනට පින් සිදු වේවා...!)

නිසංසලා : හරි ඉතිං මොනවා කරන්නද..? මුල ඉඳන්ම කියලා දෙන්නම්. දැන් ඉතිං වෙන මොනවා කරන්නද? අපේ බොස්ලාටත් පිස්සුද කොහෙද...? 
( PC එක shut Down කරයි) හරි... කම්පියුටර් එක On කරන්නේ කොහොමද කියලා කියන්න.

මම : අර බොත්තම ඔබලා නේද මිස්...? (UPS එකේ Power Button පෙන්වා.)

නිසංසලා : හී... හී... මෙයා නම් Pay-Roll ම කරයි. බ්ලා... බ්ලා... බ්ලා...!!! @$#@$!#@%@!

ඔය වෙලාවේ තමයි නෝටියා දිහා දෙයියා බලන්නේ.

හප්පට සිරි නෝටි මලයා...උබත් මෙතනට සෙට් උනාද... එල එල...!! (ගමගේ අයියා- ඇත්තම නම)

ඔව් අයියේ. 
දෙන දෙය්යා ඉල්ලන්නත් කලින් දුන්න වගේ. අපේ ෆැකල්ටි එකේ සීනියර් බැච් එකේ අයියා කෙනෙක්.

නිසංසලා : ගමගේ සර් මෙයාව දන්නවද...?

ගමයා අයියා : දන්නවද කියලත් අහනවා, අපේ කැම්පස් එකේ මල්ලි කෙනෙක්. අපේ ජුනියර් බැච් එකේ.

මම : හී හී... ! මේ මිස් මට හොඳට මට කියලා දෙන ගමන් හිටියේ.

ගමයා අයියා : එහෙනම් මල්ලි මම රූම් එකට යනවා. ඔය ටික Study කරගෙන මගේ රූම් එකට එන්න.අපි දෙන්නට තමයි එකට වැඩ කරන්න වෙන්නේ. 
නිසංසලා ඔය වැඩ ටික ඉවර උනාම Mr නෝටි ව අපේ Department එකට එකන් එන්න 
ගමයා අයියා එහෙම කියලා එයාගේ රූම් එකට ගියා කියමුකෝ ඊට පස්සේ.

නිසංසලා : ඔයා..... ගමගේ සර් ගේ....?

මම : Faculty of IT, UO*... ඔව් මිස් මම ගමගේ අයියගේ ජුනියර් බැච් එකේ

ඒ වෙලාවේ නම් නිසංසලාගේ මූණ බලන්න දුකා....යි....! මොනා කරන්නද ඉතිං එයානේ කුම්බලා කරෝල කෑවේ.





ප.ලි.
නෝටියා මේ කතා ලියන්නේ අපේ ගමයා අයියගේ අනු දැනුම මත,මම අන්වර්ථ නාමයකින් අදුන්වපු කෙනත් නෝටියගේ බ්ලොගය බලනවා කියලා දන්නවා.ඉතිං මම එතුමියට So sorry කියන්න අවස්තාවක් කරගන්නවා මේක. මොකද දන්නවද මිස් "නැති ලොකු කම පෙන්නන්න ගිහිල්ල ඔයයි ඉල්ලන් කෑවේ". 

මිස් නිසංසලා කවමදාක වත් කෙනෙක් හරියට නොදැන අඩු තක්සේරු කරන්න එපා. ඒකෙන් වෙන්නේ හානිය ඔයාටමයි. ඔයා එක්ක නම් නෝටිගේ කිසි තරහක් නෑ.


ප.ප.ලි.
දිග වැඩි උනාද මන්දා. රස කතා ඊළඟ පොස්ට් එකෙන් ලියන්නම්.

Coming Soon...!
හිටිය ගමන් කරන වැඩේ අමතක වෙන අමරේ
බෝල ලතා සමග නම ගිය චරිත.


   



Wednesday, July 11, 2012

මගේ වසන්තය උදා විය - 4 (වසන්තය උදාවීම)

කලින් කොටසෙන්...


"ආ... දැන්නම් කොල්ලගේ අසනීප හොඳයි වගේ.මලානික පාට නැතිවෙලා. මොකද කතා කලාද..?"

 "දරුවෝ මූණ කියන්නේ ඕනෑම කෙනෙක්ගේ හදවතේ කැඩපත" 



විදියට ටික දවසක් ගත උනා. දවසක් නෝටියට ඔෆිස් එකේ වැඩකට ඕනි උනා MY OB කියන Accounting Pack ඒක, නෝටියාට ඒක සොයා ගන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නකොට මතක් උනේ... රුවන්තිත් Accounting Package course එකක් follow කළා කියලා කිව කතාව. අන්න ඒ මතක් වීමත් එක්කම තමයි ජීවිතයේ අලුත් පිටුවක් පෙරලෙන්න හේතු පාදක වෙන්නේ.
ඉතින් රුවන්තිට කතා කල වෙලාවේ නෝටියා අහනවා රුවන්තිගෙන් MY OB Accounting Pack ඒක තියනවද කියලා. ඔව්... රුවන්ති ළඟ තිබුන MY OB Acc: Pack ඒක. ඒත් කොහොමද මම ඒක එයාගෙන් ගන්නේ කියන ඒක තමයි ඊළඟ ප්‍රශ්ණය උනේ...

ඉතින් දෙන්න එක්ක කතා කරලා සෙනසුරාදා දවසක දවල් හම්බ වෙන්න කතා කරගත්තා...


ඔන්න ඉතින් සෙනසුරාද දවසත් උදා උනා. නොටියත් ඉතින් නෝටිගේ ජාතික ඇඳුමෙන් සැරසිලා (ඩෙනිමකුයි, ටී ෂර්ට් එකකුයි, ඩොට් ස්ලිපර්ස් දෙකකුයි) රුවන්ති එනවා කියපු තැනට වෙලා ඉන්නවා. ටික වෙලාවක් ඉන්නකොට මෙන්න කෙල්ලෙක් ඇවිත් නෝටීගෙන් අහනවා...


"ඔයා නෝටි නේද..?"
නෝටි නිකං කරකවලා අතහැරිය වගේ... වචන ගලප ගන්න පුලුවන් උන මොහොතෙම....


"ඔවු..මම තමයි... ඔයා නේද රුවන්ති....?"


"හ්ම්ම්....., කොහොමද දැන් MY OB ගන්නේ.. සොෆ්ට්වෙයාර් එක මගේ පෙන් ඩ්‍රයිව් එකේ.."
ඔන්න ඒ වෙලාවේ තමයි නෝටියට තරු විසික් උනේ... නෝටිය Laptop එක ගෙදර තියලානේ ආවේ... දැන් ඉතින් මොකද කරන්නේ...


කරන්නම දෙයක් නැති නිසා දෙන්නත් එක්ක Net Cafe එහෙකට යන්න කතා උනා. දැන් ඉතින් දෙන්න එක්ක එක එක එව්වා කියව කියව Net Cafe සොයනවා මහරගම.ඔන්න චුට්ට දුරක් එනකොට තිබුන Net Cafe එකකට ගිහිල්ල එතන ඉඳපු ගෑනු ළමයට කියලා Software එකත් මගේ Mini HD එකට දාගෙන ආයෙත් එනවා බෝ ගහ පැත්තට.


රුවන්ති මට Accounting Pack එක දෙන්න ආවේ උදේ තිබුන class එකට විතරක් ඉඳලා.හවස class එකට ඉන්නේ නැතිව. class ඉවර වෙලා රුවන්තිගේ අක්කා එක්ක තමයි ගෙදර යනවා කිවේ.අක්ක වැඩ කරන්නේ Cancer Hospital. ඉතින් කරන්න දෙයක් නැති නිසා හවස් වෙනකම් දෙන්න එක්ක ගියා පුස්තකාලේ ට.


ඒ වෙනකොට නෝටියගේ හිත කවමදාක වත් නැති තරම් සතුටකින් පිරිලා. හරියට ඇඟ ඇතුලේ දිය ඇල්ලක් ගලාගෙන යනවා වගේ හැගීමක්.


පුස්තකාලෙට ගිහිල්ල K-Map කුප්පියකුත් දාලා එයාව අක්කා එන තැනට ගිහින් දාලා මමත් ආවා ගෙදර. ඇත්තම කිවොත් ගෙදර එවිලා. නෝටියගේ හිතේ තියෙන හැගීම මොකක්ද කියලා නෝටියට හොඳටම තේරිලා තිබුනේ... 


වෙන දෙයක් වෙච්චාවේ කියලා නෝටියා කිවා එයාට කෝල් කල වෙලාවේ කතා කරලා තියන්න කලින් කිවා...
"රුවන්ති මට ඔයාව මගේ කරගන්න හිතෙනවා"


... කියලා.එහෙම කියලා ෆෝන් ඒක තිබ්බා. පුදුම සැහැල්ලුවක් හිතට දැනුනේ. ඇයි කියලා නොතේරුණත් මගේ හිත මට කිවා රුවන්ති මගේ කියලා...


පහු වෙනිදා ඒක එහෙම තමයි කියලා ඔප්පු උනා. ඒත් එක්කම හැමෝන්ටම පොදු ප්‍රශ්නේ අපිටත් ආවා."කේන්දරේ..!" එයා කිවා "අපි කේන්දරෙත් බලමු" කියලා. (මම අද වෙනකනුත් විශ්වාසය අඩු දෙයක් තමයි ඒක.) මගේ උත්තරේ උනේ "වැරදිලා වත් නගලපුනොත්..!" ඒක නිසා තව දුර නොයා හිත් රිදවා ගන්නේ නැතිව මේක නවත්තලා දාමු" කියන ඒක. මොකද කියනවා නම් අපේ හිතේ ආදරේ ඇති උනේ "කේන්දර" බලලා නෙවෙයි නිසා. එහෙම මම කිවා විතරයි. (දැන් නම් ඉතින් කේන්දර ප්‍රශ්නෙත් විසදිලා ඉවරයි සුභදායක විදියට)


"බෑ බෑ... මට ඔයාව ඕනි, මට ඔයා නැතිව ඉන්න බෑ."
ඒ වෙලාවේ නෝටිගේ ඇස් දෙකෙන් සතුටු කඳුළු ගැලුවේ නෝටිටත් හොරා.



...ඔන්න ඔය විදියට මගේ ආදරේ ආරම්භ උනා. තව දෙයක් කියන්න තියනවා. දැක්ක ගමන ආදරේ ඇති වෙලා තියෙන්නේ නෝටියාට විතරක්ම නෙවෙයි. ඒ නිසා එයාගේ හිතේ තිබුන ආදරෙත් නෝටියා පස්සේ කාලෙක දන ගත්තා...






එකම ඒක ආදරණීය දෙයක් කියන්නම්...
රුවන්ති එදා මට MY OB දෙන්න ආව දවසේ ඇඳන් හිටිය Blouse එක (සොදන්නෙත් නැතිව), K-Map කුප්පිය දාපු කටු කොළ, මම ලියපු පෑන, තවමත් එයා ළඟ ඒ විදියටම ආරක්ෂිතව තියනවා.








පෙර ආත්ම භාවයක ඉඳන්ම
අපි අපේම වෙන්න පතාගෙන එන්න ඇති...
කොයි තරම් නම් පුදුම විදියකට අපි මුණ ගැහුනේ...
ආදරේ ඇති උනේ...
ලංකාවේ දෙපැත්තක ඉන්න අපි,
අපේම උනේ...
ඔයා කියන්න වගේ...
ඒක තමයි ආත්මීය බැඳීම....
සාංසාරික පුරුද්ද...






ප.ලි
ඔන්න ඔහොම තමයි නෝටියගේ ආදර කතාව හුගක් කෙටියෙන්ම.ඉතින් ඊලඟට අපි දෙන්නගේ ජීවිතේ ආදරණීය නිමේෂයන් මගේ බ්ලොග් පිටු අතර සැරිසරාවී. අපේ ආදරේ වෙනුවෙන්.මගේ නොටිච්චි වෙනුවෙන්. ඒ වගේම මගේ කෙල්ලේ... සමහර විට ඔයාගේ නෝටියගේ අකුරු වලට 100% ක්ම බැරි වෙයි ඒ ආදරණීය නිමේශයන්ට සාධාරණයක් ඉටු කරන්න. ඒත් කවද හරි අපේ පොඩි එකෙක්ට පෙන්නන්න හරි නෝටියා ලියලා තියන්නම්...





Sunday, July 8, 2012

ඇඩ්‍රස් නැති වෙන්න කලින්...


කෙනෙක්ගේ ජීවිතේ එක සුළු දෙකින් කොයි තරම් නම් වෙනසක් කරන්න පුලුවන්ද...?
ඒ සුළු දේ...
කෙනෙක් නිසා...
නැත්නම් ටික දෙනෙක් නිසා වෙන්න පුළුවන්...
ඒත් ඒ වෙන වෙනසට මුහුණ දෙන්න ඕනි අදාල මනුස්සයා.
කොයි තරම් අය හිටියත් වෙන වෙනසට මූණ දෙන්න ඕනි ඒ මනුස්සයා.
වෙනසට මූණ දෙන එකා ඇගෙන් කෑල්ලක් ගියත් ඒ වෙනසට අනුගත වෙන්න ඕනි,
හරියට ඒක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්,
කට කපා ගන්නේ නැතිව කිරි ටික කන්න ඕනි.
නැත්නම් වෙන්නේ...
තමන් කොච්චර නිවැරදියි කියලා තමන්ගේ හිත තමන්ට කීවත්,
ලෝකයා තමන් දිහාට එල්ල කරන ඇගිල්ලෙන් බේරිලා ඉන්න බැරි වෙන එක.
ඒක හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්,
ඒක නිසා කරන්න තියන හොඳම දේ තමයි....
ගෞරවනීය නිෂශබ්දතාවය...
ඒත් ඒ වෙනකොට තමනුත් සෑහෙන්න කණපිට හැරවිලා වෙන්න පුළුවන්...
ඒක තමයි ලෝක ස්වභාවය...
ඇඩ්‍රස් නැති උනත් ඇඩ්‍රස් සොයාගෙන ගමන යන ඒක තමයි....
ජීවත් වෙනවා කියන්නේ...


Saturday, July 7, 2012

ෂා......!!! ...ආතල් එක...


හැමදාම සූප්පු කරන්නත් ලැබෙන්නෑ නේ
හොදට පිරිපුන්ව තියනකොට
ලස්සනට කෙඳි කෙඳි තියනකොට
අඩුම ගානේ අතගාල හරි බලන්න හිතෙනවනේ
ඒ වගේද ඇසට මන පිනවන
දිවට රස ගෙනෙන අපූරුව
කෙඳි ටික අයින් කරලා
කටේ දාලා සූප්පු කරනකොට
තියන කික් එක...
ෂා......!!! 
ආතල් එක...
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||||
මල්වානේ පැණි රඹුටන්..!



Wednesday, July 4, 2012

තදම තද උනත් ඇතුලටම ඔබන


කෑ ගහල, කෑ ගහල ඇතුලට දාන
කොච්චර දැම්මත් ඇතුලටම නොයන
දාන්න දාන්න තව ඉඩ තියන
තදම තද උනත් ඇතුලටම ඔබන
ඒ කොයි වෙතත් මුදලට කෙරෙන
දාඩිය දාල එලියට යවන
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අපේ රටේ ප්‍රයිවට් බස් සම්ප්‍රදාය




Related Posts Plugin for WordPress, Blogger...