Pages

Tuesday, May 29, 2012

වත් පොතේ පට්ට කෑලි.... ( 18+ උනත් කතාව ඇත්ත නේද? )



යන්තම් වැහෙන්න ඇඳපු bra එකටයි...
ඇන්දත් නොඇන්දා වගේ panty එකටයි...
Hot and sexy see through dress එකටයි...
දාන,
Friend Request,
Like,
Comments, 

හයියෝ සල්ලි...!

පට්ට කෑලි වගේ ඉන්න
වත් පොතේ...
එල කොල්ලෝ...
:P


ප.ලි:
18+ උනත් කතාව ඇත්ත කියලා බහුතරයක් දෙනා දන්නෙහිය, දැන දැනත් කෙල හලාගෙන බලන්නේහිය. ඒ කොලුකමය (කොලුකමයි ගේ කුරුළු කමයි ටපලවා නොගනු මැනවි). කොලුකම් මොනාද, බලුකම් මොනාද කියා තේරුම්\ ගත යුත්තෙහිය. 

එතකොට බාගෙට හූ පේන කෙල්ලන්ගේ  පින්තුර දමා ප්‍රොෆයිල් හදන්නේ  අහවල් දේකටද කියා නොටියගේ සිඟිති මොලේට තේරෙන්නේ නැතිය. (නෝටියා බබාය) දන්නා එකෙක් හෝ එකියක්  කියන්නේ නම් යෙහෙකිය.









Monday, May 28, 2012

මගේ දෙවැනි අම්මා...

නැතිබැරි කම් එනකොට....
දුක් දොම්නස් එනකොට....
පැනලා යනවලු ආදරේ පස්සා දොරෙන්.
එත්,
මගේ ආදරේ වෙච්චි ඔයා...
නැතිබැරි අගහිඟකම් එනකොට,
ජීවිතේ අනන්ත දුක් එනකොට,
මම නපුරු වෙලා ඔයාට බනිනකොට,
මාව දාලා ගියේ නෑ කවමදාකවත්,
මට හයියක් වෙලා...
මගේ ලගින්ම ඉන්නවා...
හෙවනැල්ල වගේ මගේ ලගින් ඉන්නවා කියලා
ඒ මහමෙරක් තරම ආදරේට අගෞරව කරන්නෑ මම...
දන්නවද ඒ ඇයි කියලා මගේ සුදු මැණිකේ...
අදුරේදී හෙවනල්ලත් අපිව දාලා යනවා...
මම ජාති ජාතිත් ප්‍රර්ථනා කරන්නේ
ඔයාගේ ඒ ආදරය...


ඔයා වගේ අයට තමයි සුදු මැණිකේ කියන්නේ...
දෙවෙනි අම්මා කියලා...
ඔව්..!
මගේ සුදු මණික තමයි මගේ ජීවිතේ දෙවැනි අම්මා..!


මොකද අම්මා කෙනෙක්ටයි,
හොඳ බිරිඳකටයි විතරයි,
අසීමිත කැපකිරීම් කරන්න පුළුවන්, 
තමන්ගේ එකා වෙනුවෙන්. 


෴ ඔයාගේම ආදර නෝටියා ෴









ප.ලි
මගේ සුදු මැණිකේ මට ඔයාගේ ආදරේ ගැන කියන්න වචන සොයා ගන්න අමාරුයි, ඒ ගැන ඔයාගේ නෝටියට සමාව දෙන්න. හොඳ පෙම්වතියක්, හොඳ බිරිඳක් මිනිහගේ දෙවෙනි අම්මා කියලා කියන්නේ අයි කියලා නෝටියාට දැන් අද්දැකීමෙන් දන්නවා..හිතට දැනෙනවා...
නෝටියා මේක ලිව්වේ ඒ ආදරේට කරන පුංචිම පුංචි ගෞරවයක් විදියට (පුංචිම පුංචි ගෞරවයක් කියලා කිවේ ඔයාගේ ආදරේ සෙනෙහස මට වචනෙන් කියන්න තේරෙන්නැති නිසා) ඉතිං මේක කියවපු දවසක ඔයා ඇස් වල කඳුළු නම් පුරවා ගන්න එපා..



Sunday, May 27, 2012

කවුද හොඳ..? | මම මු..???

ටිකදොහකට පස්සේ ඔන්න මොනවා හරි හරුපයක් කොටලා යන්ට කියලා.. ලියන්නේ මොකක්ද කියල කම්පනා කරනකොට මතක උනේ 
"දෙමාපියන් කියන නිසා හිතුනා බදින්ට..." - පෝල් ප්‍රනාන්දු කියන සින්දුව...






ඉතින් හුදී ජනපහන් මෙව්වා එක උදෙසා බෙල්ලේ වැල දා ගැනීමට සුදුසු කාන්තාවක් සෙවීමේ ජුගුප්සාජනක මෙව්වා එක ගැන නෝටි අදහස් ලියනට තමයි කම්පනාව...


මුලටම වියාපාරික කාන්තාවක් බලන කල්හි.....
මගුලකි,
මෙවැනි එකියන්ට ජීවිතේ හැම මලදානයක්ම ශේෂ පත්‍රයකි. ලාභ පාඩු වලින් තොර කිසිම දෙයක් නැත්තෙහිය.
කොටින්ම කිවොත් පැනිහඳේ දිද හර බර බලනවා බුදු සුවර්ය..


ඊට පස්සේ නර්ස් කෙනෙක්
සොරිම සොරිය, නිකමට වත් හිතන්න එපාය. 
වැරදිලා වත් අතින් ඇල්ලුවොත් "please doctor not now..!"
ඉන් එහාට කීමට අවැසි නැතිය..


නඩුකරවරියක් / ලෝයර් කෙනෙක්...
හැම ඉලව්වම පසුවට කල් දමන්නේහිය,
වැඩ කල් දැමීමේ පුරුද්දක් තියනවා නම අවුලක් නැත්තෙහිය...


හතර වටේටම දීගෙන යන නිසා සුත්තර කාන්තාවෝ ගැන කතා කර වැඩක් නැත්තෙහිය...


කොම්පූටර් ඔපරේටර් වරියක්
Server not found


ටයිප් ගසන්නියක්
කොට්ටෝරුවෙකු මෙන් නිතරම කොටමින් සිටිනු ඇත්තෙහිය..
සම්පූර්ණ ජීවිත රක්ෂණයක් දාගතහොත් ඉන්නට හැකි වෙයි කියා සිතමි..


ගුරුවරියක් 
හුරේ..ය..!
නිතරම ඊයේ නවත්තපු තැනින් පටන් ගන්නේහිය...
දෙක වෙනකොට ගෙදරය
නමුත් හොඳට මතක තියා ගත යුතු දෙයක් ඇත්තෙහිය...
පෙම් හසුන නොදිය යුතුය... හරි වැරදි බලා නැවත රිටන් කරනු බඩේ බත් වගේ සුවර් ය...


ඉතුරු වෘතියන් ගැන උඹලාම හිතලා බලන්නේහිය...


ඔන්න තව පොඩි කතාවකුත් මතක උනා එකත් ලියලම යන්නම්...


ඔන්න ඇම්ඩන් ගොයියා හිච්ච එකා කලේ සිංහල වියාකරණ පට්ටම දුර්වලයිය...
මේකා ට නිතරම,
මම මි.., අපි මු... අමතක වෙන්නේහිය...
දවසක් රචනාවක "මම ගෙදර ගියෙමු" කියා ලියලා තිබෙනු දැක ගුරාට මල පැන "මම ගෙදර ගියෙමි" කියා කළු ලෑල්ලේ 1000 සැරයක් ලියන්න කිවෙහිය...


ඉතිං මේකා ලියන්නේහිය... අන්තිම පීරියඩ් එක වෙනකමුත් ලියන්නේහිය..  මේකා ලියලා ඉවර වෙනකොට පන්තියේ ගුරා තියා මැස්සෙක් වත් නැත්තෙහිය...


ඉතිං මේකා කොළ කෑල්ලක යමක් ලියා ගුරු මේසය මත තබා ගෙදර ගියෙහිය,
"1000 වාරයක් ලියා මම ගෙදර ගියෙමු"

Tuesday, May 22, 2012

දේශප්‍රේමයට එරෙහිව ඉල්ලන් *කේ මාමයි ගා ගැනීම...!!

ඔන්න හිටපු යුධ හමුදාපතිතුමන් සරත් ෆොන්සේකා නිදහස් උනා..
බලන්ට වාරි වෙච්චි අය එහෙම ඉන්නවා නම් බලන්ටකෝ ලබ්බේ තොයිලේ හෙවත් නිදහස වගේ එක
හරි දැන් ඒක පැත්තකින් තියමුකෝ..

අයෙත් නෝටිය ඉල්ලං මාමයිට් ගාගන්න තමයි ලේස්ති වෙන්නේ..

  • coke එපා...අපි සිංහයෝ
  • pepsi එපා... අපි සිංහයෝ
  • coke ද pepsi ද මවුබිමද?... අපි සිංහයෝ
  • ඔබාමා ලංකාවට *ක දෙයි
  • ඔබාමා ලංකාවට කෙලි... 




ඔන්න ඔව්වා තමයි දැන් ලංකාවේ තියන wall arts. 
ආසාවේ බෑ අප්පා.. ජුගුප්සාජනක ගුජුප්සාජනකද මොකක්ද එකෙන් ඇඟේ හීගඩු හීගඩු පිපෙනවා..
පුදුම දේශප්‍රේමයක් තියෙන්නේ...

දැන් ලංකාවේ කඩ, සුපර් මාකට් වල coke, pepsi නෑ,
දැන් ලංකාවේ කවුරුවත් KFC, Mc Donald's, Pizza Hut යන්නේ නෑ,
එතකොට ගූගල්..! මගුලක් කතා කරනවා ගූගල් තියා ජොලියක් ගියාම යා...හූ....!! කියල වත් කියන්නෑ
කොටින්ම කියනවා නම් දැන් ලංකාවේ කවුරුවත් ඇමෙරිකන් ජෝකෙක් වත් අදින්නෑ




ආච්චිගේ චිත්තේ...!

නෝටියාට නම් හිතෙන්නේ අරක එපා - අපි සිංහයෝ, මේක එපා - අපි සිංහයෝ, කියලා තාප්ප පාප්ප වෙන්න දාන වෝල් ආර්ට් තරම් ගොන් ජෝක් එකක් තවත් නෑ වගේ.

සමහර විට ඔය සීන් එකේ ඉන්න දේශප්‍රේමියෝ ටික 100%ක්ම ලාංකික දේවල්ම පාව්ච්චි කරන අය වෙන්ට ඇති,

අර කලින් කිවා වගේ ඇමෙරිකන් ජෝකෙක් වත් අදින්නේ නැතිව ඇති, අඩුම ගානේ ඉන්දියාවෙන් ගෙන්නන ලේලන්ඩ් බස් එකක වත් යන්නේ නැතුව ඇති... (අනේ තාත්තා පා, මෙව්වා බලලා පන පලයන් පෙරේදා කිවලු)

මෙව්වා කියලා නෝටියා දේශද්‍රෝහියා කියලා හංවඩු ගහලා නෝටියගේ බ්ලොගේටත් සොරි.කොම් කරවයිද දන්නෑ...

එහෙව් කියලා මේ වගේ ගොන් ජෝක් දකිනකොට නෝටියගේ කට කසන කැසිල්ල නවත්තන්න මගේ නොටිච්චිට වත් බෑ ඔන්න... (පේනවනේ ටයිට්ල් එකේම තියනවා)

හැබැයි මෙන්න මෙහෙම දේකුත් නෝටියගේ ටිකිරි මොලේට තේරෙනවා...

ලංකාව දියුණු කරන්න නම් 100% ක්ම කරන්න බැරි උණත් අඩුම ගානේ 50%කවත් ලංකාවේ දේවල් වලට මුල්තැන දීලා වැඩ කරනවා නම් ම.රා. මාමා කියන ආස්චර්යද මොකක්ද එක සැබෑ වෙයි.

ඒත් ඉතින් කොහේ කොරන්නද හැම එකාම සුට්ටන් කාලේ ඉඳලාම පරගැති බව ඇගේ ලේ වලටම මුහු කරන්ට හදන කොට..
බොරුද මං කියන්නේ...???

බොරු කියලා කියනවා නම් මේකත් මතක කරලා බලන්ටකෝ...
සරලම උදාහරණයක්..!

1,2,3,4,5,........ වගේ වසරවල් වල් ඉක්කෝලේ ඉගෙන ගන්නකොට ලංකාව කියන්නේ..


ඉන්දියන් සාගරේ මුතු ඇටය

කියලා නෙමෙයිද කියලා දෙන්නේ?
ගාගෙන නෙමෙයිද තියෙන්නේ නැට්ටේ ඉඳං ගොම..!
හිච්චං කාලෙම පොඩි එකාගේ මොලේට කාවද්දලා ඉවරයි පරගැති බව.

( නෝටියට මතකයි දවසක් 7 හරි 8 හරි සිංහල පාඩමකදී මැඩම් ලංකාව ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියලා කියනකොට නෝටියා.., 
"මැඩම් කියන විදියට ලංකාව කියන්නේ වෙනම රටක් නම් ලංකා සාගරයේ මුතු ඇටය නොකිය ඉන්දියන් සාගරේ මුතු ඇටය කියන්නේ."
කියලා ඇහුවම මැඩම් නෝටියට චු යන්න කන මිරිකපු හැටි
ඒත් පීරියඩ් එක ඉවර වෙලා මැඩම් යනකොට නෝටියට කියලා ගියපු එකෙන් නම් නෝටියට මාර කික් එකක් ආවා
"මම ඒ වෙලාවේ කනෙන් ඇල්ලුවට පුතේ ඔයා හරි" )

ආයෙමත් ට්‍රැක් එකට..!

අරක එපා, මේක එපා කියලා ගොන් ජෝක් දුන්නට වැඩක් නෑ. මුල ඉඳලාම වරද්දලා හෝ වැරදිලා තියෙන්නේ. අන්න ඒ වැරදුන තැන නිවැරදි කරගෙන අවොත් "ලක්දිව සයුරේ මුතු ඇටය" හැමදාම දිදුලාවී..

හැබැයි කොයි තරං ගොන් ජෝක් උනත් ඒ වෝල් ආර්ට් වලින් එක දෙයක් නම් නෝටියා පිලිගන්නවා ඔබාමා ලංකාවට *ක දෙයි..

කිරි අප්පට තංගල්ලේ මීකිරි කිවලු. 
දන්නෙම නැතිව ගොඩක් ලියවිලා..තව ලීවොත් පෝස්ට් එක වනචර වෙනවා.. ආයෙමත් ඉල්ලං මාමයිට් ගාගැනීමේ අවලන්කෘත වූ නොසන්සිඳෙන ආසාවෙන් නෝටියා තට්ටු වෙනවා...

ලබ්බේ තොයිලේ හෙවත් නිදහස වගේ එක

හවස කීයටද මන්දා එක කෙළියට සතිඥඥා පත්තු වෙනකොට නෝටියට මතක් උනා හිටපු හමුදාපති තුමන්ට හම්බෙච්ච ටොපිය කාලා ඉවරවෙලා නිදහස ලැබුනා කියලා...


කොහොමින් කොහොම හරි අනේ වාසනාවන්..!
(මොනවා උනත් කුඩුවක ලගින්න ඕනි මනුස්සයෙ නෙවෙයි එතුමා.)


ඇත්තටම හිටපු හමුදාපතිතුමා හට ලැබුන නිදහස වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහසක්ද...?


කාට හරි කියන්න පුළුවනි "ඕව්" කියලා...
ඒත් ඒ වෙලාවට නොටියට කියවෙන්නේ 
"ආච්චිගේ රෙද්ද.." කියලා...


ඇත්තටම ඔහුට ලැබිලා තියෙන්නේ නාමික නිදහසක් කියලයි මට නම් හිතෙන්නේ...


කොටින්ම කියනවා නම් පරවියගේ තටු කපලා කුඩුවෙන් දොට්ට දැම්ම වගේ වැඩක්...!


මොකද කියනවානම් රටේ පාලන පක්ෂය කියන විදියට ඔහුට ලැබිලා තියෙන්නේ...! නිදහසක් නෙවෙයි...!
සමාවක්...!!! ඕව්... නියම ගුණසිරි බුල්ටෝ එකක්.


හොඳයි.., මොන මගුලකින් හරි දැන් ඔහුට යම්තාක් නිදහසක් ලැබුනානේ... එතකොට ඊළගට...?
ඊට කලින් කියන්න ඕන නෝටියා දැනගත් විදියට සරත් ෆොන්සේකා කියන්නේ කෙලින් අදහස් තියන, තද තීරණ ගන්නා, නිර්භය, හොඳ අතම විශ්වාසයක් තියන දකුණේ අම්බලන්ගොඩටම ආවේනික උණ හිතුවක්කරකමකින් හෙබි මනුස්සයෙක්.. (අඩේ..!නොටියටත් ආඩම්බරයි අප්පා..., මොකද නොටියත් අම්බලන්ගොඩයෙක්නේ...)
ඊළගට....?

  1. ලිඳට වැටුන එකා ලිඳේ කටෙන්ම ගොඩ එන්න ඕනි කියනවා වගේ කලටිපොල් වලට අයෙත් අවතීර්ණ වෙයිද...?
  2. නැත්නම් ගෞරවනීය සිවිල් පුරවැසියෙක් විදියට ජීවත් වෙයිද...?
නෝටියා නම් කැමති දෙවැනි මෙව්වා එක සිද්ධ වෙනවා නම්. මොකද කියනවා නම් ලංකාවේ දේශපාලනේ නමින් තියන බලු පොරේට එකතු උනොත් බිහි වෙන්නේ බල තණ්හාවෙන් පිරුන කෙනෙක්ව. 
ඕනෑම හොඳ මනුස්සයෙක් තිරිසනෙක් කරන්න හැකියාව ලංකාවේ දේසපාලනේ වගේ එකට තියනවා...

මොකද කියනවා නම්....

හොද මිනිහෙක් ලංකාවේ දේශපාලනේට ආවොත් වෙන්නේ...
1. පාළනතන්ත‍්‍රය තුලින් ඔහුව පාලන තන්ත්‍රයේ බළල් අතක් බවට පත් කර ගැනීම...
2. එසේ නොහැකි වුවහොත් මොනයම් ක‍්‍රමයකින් හෝ ඔහුව දේශපාලණයෙන් අතුගා දැමීම..

කලින් කමෙන් එකක කිවා වගේ උදාහරනයකින්ම කිවොත්...විජය කුමාරතුංග (නාදුනන වෙඩික්කරුවෙක්), ලක්ෂ්මන් කදිර්ගාමර් (ස්නයිපර් කරුවෙක්), ඇයි ප්‍රේමදාස ජනාදිපති තුමා (බෝම්බ පිපුරුමක්), දැන් සරත් ෆොන්සේකා (යුධ අපරදකරුවෙක්)

නෝටියා දන්නා කෙහෙම්මල් කලටිපොලයක් නෑ ඕයි..! 
ඒ උනාට ඔන්න ඕකයි තත්වය...

හැබැයි මෙන්න මෙහෙම දෙයක් නම් නොටියගේ ටිකිරි මොලේට කම්පනාවට එනවා... ෆොන්සේකාට කලටිපොලේ ඕනෑම නම් ම.රා. එක්ක එකතු උනොත් යම්තාක් දුරක් යන්න හැකි වෙයි කියලා හිතෙනවා...

මොනවා උනත් හත් ඉලව්වේ ලෝක බෝලේ අබ ඇටයක් තරම් තියන රටක ඇතුලෙනේ මේ හැම කෙන් ගෙඩියම වෙන්නේ... හරියට ලබ්බ ඇතුලේ තොයිලේ වගේ...

අවසාන වසයෙන් නෝටියා පතනවා ඔහුට යුද්ධය අවසන් කල හමුදා සෙන්පති ජනරල් සරත් ෆොන්සේකා කියන ලැබිය යුතු (නමුත් අහිමි උණු) ගෞරවේ වත් ලැබේවා කියලා..


Saturday, May 19, 2012

ඒබරං ආතට ජම නාරං කිව්වලු..!! - අහවල් කතාවක්නෙ

නෝටියා බ්ලොග් එකට අවේ නැති දවස් ටිකට සෑහෙන්න දේවල් සිද්ද වෙලා... බ්ලොග් පතාකයෙක් වෙච්ච තරුණ හදක් ඇති සුන්දර මිනිසා බ්ලොග් ලෝකෙන් විතරක් නෙමෙයි, මේ ලෝකෙන්ම සමුගෙන... ඔබා මාමා...!
දෑසින් නොදුටු සබඳ ඔබට නිවන් සුව...!


හරි...!


ඊයේ....
දසක ගානක් ලංකාවට ඇනයක් වෙලා තිබුන වණය ලංකාවෙන් තුරන් කරලා තෙවස් පූර්ණය සමරුව...
වැඩේ නම් හොඳයි කියලා හිතෙනවා...
ඒත්...!
ඒ මෙහෙවර ඉටු කරන්න උර දුන්නු ඒ අභීත සෙන්පතියා...??


ඕව්...! ෆොන්සේකාට ඇප දෙන්නලු හදන්නේ...
මගුලයි...!
ඇප දීලා නිදහස් උනත් ඒක නිදහස් වීමක් නෙමෙයි ලු...
සමාව දීමක්ලු...!
ඒබරං ආතට ජම නාරං කිව්වලු..!!




කොහොමෙන් කොහොම හරි ඒ මනුසප්පයා නිදහස් වෙනවා නම් නොටියාට හැපි ය.


නෝටියා දන්නා අහවල් කලටිපොලයක්  නැත.
ඒත් ෆොන්සේකා කලටිපොල නමැති බලු පොරයට නොගියේ නම් කුඩුවේ කූරු ගනින්නට වෙන්නේ නැත.
සුදු කොඩි කතන්දරද නැත.
හමුදාවෙන් පැන ගිය සෙබළු අරක්සාවට තියන හිටියා කියල කතන්දරද නැත...


එහෙනම් ඔහු තාමත් යුද්ධය නිමකළ ජෙනරල් සරත් ෆොන්සේකාමය..

Friday, May 4, 2012

බොලාට මගේ කට කන්න බෑ...

ලංකාව වනාහි සැදැහැවත් බෞද්ධ රටක්ය...
කොතරම් සැදැහැවත්ද කියලා කියනවා නම් ඇග කිලිපොලා යනවාය...
මෙව්වා කිවා කියලා නෝටියා දේශද්‍රෝහියෙක් කොරයිද දන්නෑ... කට කෑවත් කියන දේ කියන්න ඕනිලුය... බොලාට මගේ කට කන්න බැරි නිසා මම කියන්නෙහිය...

ලෝකේ පහල උන උත්තරීතරම ශාස්ත්රුවරයා පහල වූ, බුද්ධත්වය, මහා පරිනිර්වාණය, සිදු වූ උත්තරීතර දිනය හෙට සමරන්නේහිය. (නෝටියාද වෙසගේ නෝටිච්චි සමග පන්සල් ගොස් සිල් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙමුය)

ලෝකෙට සාමය, ප්‍රේමය කියාදුන් ජේසුතුමන්ගේ ගුණ දෙසැම්බර් 25 සමරන්නේහිය...
විය යුත්තේද ඒක කියාද නොටියාට සිතෙන්නේහිය...

ඔක්කොම හොදයිය..
ඒත් නොදෝමකින් එව්වද ඇත්තෙහිය...

වෙසක් විකුණාගෙන කන්න පටන් ගන්නේ වෙසක් වලට සති දෙක තුනක කලින් ඉදලාමය.

වෙසක් කාඩ් කියලා ජාතියක් විකුනනවාය,


වෙස් මුණු කියලා ජාතියක් ද තියෙන්නේහිය..
(සමහරක්ට කරන වැඩ නිසා තියන මූණ පෙන්නන්න බැරි නිසා වෙස් මූණ අගනේය...- වෙස් මූනේ ආක්‍රමණය සිදුව ඇත්තේ හැලෝවීන් ඩේ මගින් කියලා තමයි නොටියාට නම් හිතෙන්නේ)


එව්වා සුට්ටකට පැත්තකින් තියමු.. උණ පතුරු වලින් අටපට්ටම් හදලා හිටියාට දැන් එහෙම උණ බට එක්ක දොන් විය යුතු නැතිය... කඩේට ගිහින් කොලද ඇලවූ අටපට්ටම් මොනරුන්ට ඉලවු වෙන්නේහිය...


හොදම දේ... වෙසක් වලට දවස් කීපයකට කලින් සියලුම බාර් වහන්නේහිය. හැබැයි වහන්නේ ඉස්සරහා දොර විතරයිය... පස්සේ දොරෙන් 1000 බෝතලේ 2000ට දෙන්නේහිය.. බාර් එකේ මුදලාලියාද හිනා වෙන්නේ අධෝ මුඛයෙන්ය.

අදෝමැයි...! @#%#$%#$@^

මෙව්වා කියන්න කියන්න ඇඟේ මාළුවා පහල ඇලේ සික්ස් එයිට්‌ බීට් එකට නටන්නේහිය..!

මගේ මාළුවා නටන තාලෙකට නටපන් කියා මම මේ පෝස්ට් ඒක නතරකරන්නෙහිය...
නෝටියාද කූඩු හැදුවේ නැතිය..
කඩෙන් ගේන්නේද නැතිය...
උදේ වෙන්ට බාරි එක්ක පන්සල් යන්නෙහිය, රෑට පොල් තෙල් පහන් ගොඩාරියක් පත්තු කරන්නෙහිය.
මගේ වෙසක් මම එහෙමෙ සමරන්නේහිය.

එහෙනම් හැමෝන්ටම පින්බර වෙසඟක් වේවා....!!





උතුම් බුදු බණ නිරන්තරයෙන් දෙසු සදහම් සමිඳු සරණයි...
නුවන් සනහන කැළණි මියුගුණ සෑ රඳුන් සිලුමිනෙහි සරණයි...
සමන් ගිරිහිස පහන් කරමින් තැබූ මුනි සිරිපතුලේ සරණයි...
නිවන් දක්නා ජාති දක්වා අප සැමට තුනුරුවනේ සරණයි...











Ummaaaah.....!






I don't know
Why..?


Closed ma eyes automately,..
scalated ma heart beat very fastely...
I felt fly Butterfly in my body...
I felt sweet aroma..


Oh..!
Mind blowing..
I had ma First Kiss..
Related Posts Plugin for WordPress, Blogger...