Pages

Wednesday, August 22, 2012

නෝටි කියන එකා ඇතුලේ ඉන්නා පොත් කාවා...!

ඔන්න ටිකෙන් ටික සාහිත්‍ය මාසයත් එනවනේ.ඉතිං නෝටියට හිතුනා නෝටියා කියවලා තියන පොත් අතරින් වඩාත්ම හිතගිය සහ කියවන්න ආසා පොත් ගැන ලියන්න...

මුලින්ම කියන්නම් නෝටියට මුලින්ම මතකෙට එන්නේ නෝටියා හිච්චි එකා කාලේ කියවපු පොතක්. පොතේ නම
"සතුන් වත්තේ" - කතෘ නම් මතකෙට එන්නේ නෑ.ඒ උනාට පොත මතකයි.සතුන්වත්ත ගැන ලියවෙච්චි කවි කතාන්දරයක්. (සමහර විට සිබිල් වෙත්තසිංහ වෙන්න ඕනි කතෘ)


ඊලගට... ඒත් හිච්චි එකා සන්දියේ කියවපු

  • අලි බබා සහ හොරු හතලිහ
  • හත් පන - කියලා වැඩක් නෑ.සුපිරිම පොතක්
  • අන්දරේ
  • The ant and The Pigeon (Lev Tolstoy) (නෝටියා අකුරු අහුලා අහුලා කියවපු මුල්ම ඉංගිරිසි පොත, අදටත් ඒ පොත නෝටියගේ සුට්ටි පුස්තකාලේ තියනවා)
  • කැකුළු - මේක නම් පොතක් නෙවි.ලස්සන කවි කතන්දර තිබුන පත්තරයක්

... වගේ කතන්දර නම් අදටත් බලන්න ආසයි.

ඊට පස්සේ ඉස්කෝලේ යනකොට (6,7 වගේ වසරවල් වල) පැල් බැඳගෙන කියවපු පොත් සෙට් එකකුත් තිබුනා....

  • සූර පප්පා - ඇන්ටන් ප්‍රසාද් සමරනායක (පොත් 5ක වගේ සීරිස් එකක් තිබුනා)
  • දොස්තර හොඳ හිත (ඒකත් පොත් 5ක් 6ක් වගේ සීරිස් එකක් තිබුනා)
  • ටින් ටින් කතා සෙට් එක
  • පන්පසිදුන්
  • Oliver Twist - Charles Dickens - කියලා වැඩක් නෑ සුපිරි පොතක්
  • The Railway Children - Edith Nesbit (චන්ද්‍ර අනගිරත්න උන්නැහේ මේ පොත සිංහලටත් පරිවර්තනය කරලා තියනවා "කෝච්චියේ ළමයි"කියලා) මේකත් කියවන්න එල පොතක්.

...ඔය වගේ ලස්සන කතන්දර අතරේ නෝටියාගේ අම්මි නෝටියාට දුන්නා ලස්සන තෑග්ගක් උපන්දිනේකට.ඒ තමයි...

  • වන අරණක කුඩා නිවස
  • තැනිතලාවේ පිහිටි කුඩා නිවස
  • මිදී ඔය අසබඩ
  • රිදී විල් තෙර
  • සීතලෙන් සීත වුනු සමය
  • තැනිතලාවේ පිහිටි කුඩා නගරය
  • මේ මිහිරැති සොඳුරු සමය
  • පළමු සිවු වසර

...කියන, 1867 පෙබරවාරි 7 වෙනිදා "පෙපින් ටවුන්" වල "විස්කොන්සිස්" දී ඉපදුන "ලෝරා එලිසබෙත් ඉන්ගල්ස් වයිල්ඩර්" ගෙ ජීවිත කතාව අලලා ලියවුනු කතා මාලාව.මේ පොත් සෙට් එක "ගංගා නිරෝෂනි සුදුවලිකන්ද" සුපිරියටම සිංහලට පරිවර්තනය කරලා තියනවා මුල් කෘති වලට අසාධාරණයක් නොවෙන්න.

ඉගෙන ගන්න ළමයෙකුට වගේම ඕනිම කෙනෙක්ට කැත නැතිව දෙන්න පුළුවන් තෑග්ගක් මේ පොත් සෙට් එක.

ම්ම්ම්... ඊට පස්සේ මෙන්නේ මේ සෙට් එක
  • Love's Labour's Lost (pocket edition) Shakespeare
  • Anna Karenina - Leo Tolstoy 
  • No Orchids for Miss Blandish  -James Hadley Chase
  • Just the way it is - James Hadley Chase
  • Eve - James Hadley Chase
  • Not my thing - James Hadley Chase
  • This is for real - James Hadley Chase
  • You've got it coming  - James Hadley Chase
  • A Lotus for miss Queen  - James Hadley Chase
  • My Laugh comes Last  - James Hadley Chase (James Hadley Chase ගෙ පොත් වල නෝටිය දකින විශේෂත්වය තමයි ඔහුගේ එක පොතක් කියෙව්වොත් වන ඇබ්බැහි වීම. කොටින්ම කිවොත් එකක් කියෙව්වොත් අනික් පොතුත් කියවන්න පුදුම ආසාවක් එන්නේ, පොත් අසූ ගානක් තියනවා.කොහොම හරි වලකජු ගහන්න කලින් ඔය පොත් සෙට් එකේ හිමිකාරයා වෙනවාමයි :D
  • Heidi - Johanna Spyri
  • Pride and Prejudice - Jane Austen 

ඊට පස්සේ...

  • ෂර්ලොක් හෝම්ස් කතා සෙට් එක (චන්දන මෙන්ඩිස් ලොක්කා පරිවර්තනය කල පොත් සෙට් එකම නෝටියා ලග තියනවා)
  • මාර්ටින් වික්‍රමසිංහ නමැති මහා පඩිරුවනගේ පොත්
  • Nancy Drew - Caroline Ken
  • ගුරු ගීතය - චින්ගීස් අයිත්මාතව් (රෂියන් පොත්)
  • Karma - Kushwanth Singh 
  • SHE - H.R Haggard 

ඔය සේරම පොත් අතරේ නෝටියා ගෙ පුංචි පුස්තකාලේ තියනවා දැනමුතු උගතුන් බොළඳ කතා කාරයා කියලා හංවඩු ගහලා තියන "සුජීව ප්‍රසන්න ආරච්චි" ගේ කතන්දර සෙට් එකක්ම. ඒ පොත් සෙට් එකටත් නෝටියා ගොඩක් ආසයි. කවුරු මොනා කිවත් ඒ පොත් වල තියනවා අමුතුම රසයක්.කොටින්ම කිවොත් ඒ පොත් වල සමහර තැන් කියවනකොට ඇස් වලට කඳුළු එන්නේ නොදැනුවත්වම.

හුට්ටා... දන්නෙම නැතිව පෝස්ට් එක දිග වැඩිවෙලා වගේ (කියන්න හිටිය පොත් සේරම ගැන ලියන්නත් බැරි උනා).පොත් ගැන ලියන්න ගියොත් කොටි නකුට අල්ල ගත්තා වගේ.
ඔන්න ඔහේ කමක් නෑ. දැනට ඇති වගේ.පොත් ගැන තව පෝස්ට් එකක් ලියනවා හිතුනොත්.මොකද මතක් වෙන මතක්වෙන විදියට ලිවේ.ගොඩාරියක් ආසා පොත් මගහැරුනා

එහෙනම් බ්ලොග් ලෝකේ ඉන්න අනික් කාවො දාමු බලන්ට කමෙන්ට් එකක් කියවලා තියන අමතක නොවෙන, පට්ට ආසා පොත්.




Tuesday, August 21, 2012

හැම ජීවිතයක්ම කවියක්ද...? | සෑහෙන්න බොන්න ඕනි කේස් එකක් | Is it half empty or half full...?

ඔන්න හුඟක් දවසකින් නෝටියා ආවා බ්ලොග් එක පැත්තේ. කලින් පෝස්ට් එකෙන් ඉල්ලන් කාලා (ඔන්න නොබලපු අය බලලා ගල් මුල් ප්‍රහාර එල්ල කොරන්ටකෝ) සති දෙකකට විතර පස්සේ. (හිකිස් :D )

ඔන්න ඔහොමයි කියමුකෝ කතන්දරේ.ඉතිං ඔව්වා මෙව්වා වෙනකොට හිතෙන්නේ ජීවිතේ කියන්නේ .




ඔන්න නෝටියා නම් හිතන්නේ මෙන්න මේ විදියට...


* භාගයක් පිරිච්ච බෝතලයක් කියලා
* භාගයක් හිස් බෝතලයක් කියලා (මෙහෙමත් හිතෙනවා වෙලාවකට නම්, මොකද හැම වෙලාවකම සර්ව සුභවාදී වෙන්නත් අමාරුයි නෝටියාටනම්)


එක එකා ජීවිතේ ගැන හිතන්නේ එක එක විදියට නේ.







අනේ ඉතිං නෝටියා එහෙම හිතුවට හැමොන්ම එහෙම හිතන්නේ නෑ නේ.මෙන්න මෙයා හිතන විදියත් එල. මෙයා ඉපදිලා තියෙන්නේ නම් 1758 කොල්ලුපිටියේ මිලාගිරි පල්ලියේදී.බෞතීස්ම කල නම නම් දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා. (හැබැයි ප්‍රසිද්ධ උනේ නම් ගජමන් නෝනා කියන නමින්)


ජීවිතේ කවියක්.. ආදරේ එහි සොඳුරුතම වදනක්
කඳුලැලි බිදක් හසරැලි පොදක්
එකට එක් වූ විට දැනේ
පෙර නොවිදි රසයක්…..
පසුපසින් හඹා එන අතවර
හැරදමා යා නොහැක බෝ දුර
දුකද ඉවසා දරා ගන්නට සිතම බලකරනා
හැඟුම් අවදිව නැගේ තනිකම
ජීවිතය කවියක්…….
සෙනෙහසින් රැදී උන් නෙක දන
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ
කවුරු නම් ලං වේද තනියට
ජීවිතේ කවියක්…….




මෙන්න සින්දුව.අහලාම බලන්ටකෝ...


Tuesday, August 14, 2012

කට නිසා ඉල්ලං කෙලවා ගැනීම...? | Daddy's Song :/

ඔන්න ආයෙමත් නෝටියා ඉල්ලං අදෝ මුඛයේ මාමයිට් ගාගන්නයි ලැස්ති වෙන්නේ. මොනවා කරන්නද කහන කටනේ. මූණු පොතේ දැක්ක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොන් ආතල් එකක් නිසයි මේ පොස්ට් එක ලියවෙන්නේ.ඒ කියන්නේ ටිකක් වෙනස් විදියකටයි අද කෙලවා ගන්ට ලෑස්තිය.


ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලෝව

අම්මලාට දුන්නාදෝ කදුළු කෝටියක්
තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක්
කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්
යන්නට පෙර මදුසමයට දෙන්න ලොකු දුකක්

පොත් මිටියක් මල් කලබක් ඌවා අද ඔබේ... දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබෙ සුරතේ සතුටු සිනා... මැද්දේ
මං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේ
සිතා ගන්න බෑ

ටිකෙන් ටික, බිදෙන් බිඳ, අපි ආවද මේ තරම් දුර...

මේ තරම් දුර කටින් කට  කටින් කට
ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලොව


සින්දුව ඇහුවා නම් හරි කියෙව්වා නම්, මෙතනින් පහල ටික කියවන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා කියන්න මේ සින්දුවෙන් ඇති උතුම් බුදු දහමට අපහාසයක් වෙලා තියනවද නැද්ද කියලා.




.
.
.
හිතන්න...!
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හිතන්න...!
.
.
.
.
.
.
.
.
.


Daddy එකේ ගයාන් පෙරේරා කතෝලිකයෙක්. ඉතිං මෑන්ස් සහ Daddy set එක හැදුවා සින්දුවක් බුදු දහමට අපහාස කරන්න "භවතුසබ්බ මංගලම්" ගාථා රත්නය යොදාගෙන සින්දුවක්. ඉතිං Daddy music group ඇතුළු සෙට් එක දේශද්‍රෝහියෝ. Daddy set එකම බුද්ධාගමට ගරහන දේශද්‍රෝහියෝ.අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනකාරයෝ
ඔන්න බහුතරේක හිත සුව පිණිස ලිව්වා. සතුටුයි නේ.... :D
බුකියේ ගෘප් එකකින් උස්සපු පින්තුරයක්...!

 හරි... ඔන්න දැන් නෝටියා ඉල්ලං කන්න පටාන් ගන්නයි හදන්නේ...

"ටිකෙන් ටික" සින්දුව නෝටියට මුලටම ඇහිච්ච් වෙලාවේ නෝටියට හිතුනේ
"ෂා..! ලස්සන සින්දුවක්."  
මම හිතන්නේ ඒක මේ සින්දුව බුද්ධාගමට කරන නිගරුවක් කරන සැදැහැවතුනුත් පිලි ගනීවි මම හිතන්නේ.

ඒත් කෙලිය තියෙන්නේ මේ සින්දුව අස්සට "භවතු සබ්බ මංගලම්" ගාථා රත්නයත් එකතු උනා. ඒ කෙලිය ඩබල් උනා සින්දුව කියන ගයාන් පෙරේරා කතෝලිකයෙක් උන එක. ඉතිං බඩු බනිස්. ඔන්න බුදු දහමට ගරහනෝ......!

හරි... ඒක එහෙම ම උනා කියමුකෝ...

එහෙනම් අල්හාජ් මොහිදීන් බෙග් ගයනා කරන "ඔබෙරාගී මන කැලබේදෝ..." සින්දුව්වත් බුදුදහමට කරන  අපහාසයක් නෙවෙයිද. මොකද ඒ සින්දුවේ කෙලින්ම  "බුදද්ධ, ධම්ම, සංඝ සරණ යාම" සින්දුවට අරගෙන තියනවානේ (බුද්ධං සරනං ගච්චාමි...). ඒ විතරක්ද මොන පින්කමක් තිබුනත් හැම පන්සලකම වගේ ඒ සින්දුත් දානවා.
(දැන් නෝටියා කියන්නෑ ගයාන්ගේ සින්දුවත් පන්සලේ පින්කමට දාන්න ඕනි කියලා)

ඔය විදියට එව්වා බුදු දහමට අල්හාජ් මොහිදීන් බෙග් බුදු දහමට අපහාස කාලේ නැද්ද "බුද්ධං සරනං ගච්චාමි" එයාගේ සින්දු වලට දාගෙන...? බෙග් මාස්ටර් ගතා සින්දු වලට දාගත්තේ බුදුදහමට ආදරේ නිසාද...?

පිස්සු හැදෙයි කිව්වලු...

මට නම් හිතෙන්නේ මෙහෙමයි, බෙග් මාස්ටර් එයාගේ සිංදු වලට ගාථා පාඨ දැම්ම බහුතරයක් බෞද්ධයෝ ඉන්න රටේ බෙග් මාස්ටර් ගෙ සිංදු hit වෙන්න මාකට් වෙන්න ඕනි නිසා. නැතිව බුදු දහමට ආදරේට නෙවෙයි. ඉතිං මට හිතෙන විදියට ගයාන් පෙරේරාගේ සින්දුවෙත් උනේ ඒ ටික....

එහෙනම් ගයාන්ගේ "ටිකෙන් ටික" සින්දුව වගේම බෞද්ධ ගාථා කොටස් එකතු කරලා තියන සිංදු සේරම තහනම් කරමු....

ඔන්න දැන් පටන් ගනිල්ලා ගහන්න ගල් පව්කාරයන්ට...


ප.ලි
මෙන්න මේ නරි නෝටිය බුදු දහමට නිගරු කරනවෝ... හිකිස් තමයි. නෝටියා ඇතුළු ගෙදර හැම කෙනාම 100%ක් බෞද්ධ හොදේ.බහුතරයක් වගේ නාමික බෞද්ධ නෙවෙයි.

ඇත්ත කියන්නයි බිම ඉඩගන්නයි මොකට භය වෙනවද.කට කෑවත් ඔන්න මට හිතුන දේ ලිව්වා.



ප.ප.ලි
ඇනෝ කමෙන්ට්ස් මේ පොස්ට් එකේදී පබ්ලිෂ් කරනවා. ඔන්න ගල් ගහන්ඩෝ...
බුදු දහමට ආදරේ කරන ඇත්තෝ කුණුහරුප කියන්ඩ එපාලා.කැතයිනේ..

Wednesday, August 8, 2012

කෑම | කන කෑම හිතා ගන්න බැරි වෙයිද..? (Naughty's Favorite Menus)

ඔය එක එක කතා, ජීවන අද්දැකීම් ලියන අතරේ නෝටියාට හිතුනා කෑම ගැන පොස්ට් එකක් ලියන්න. හිතලම බලන්ටකෝ කන කෑම හිතා ගන්න පුලුවන්ද කියලා..


හ්ම්ම්... කෙහෙන්ද පටාන් ගන්නේ. ඔන්න ඔහේ හබුං වලින්ම පටන් ගමු.
(ඔන්න මේක කියවලා "මේකා නම් කන්නම උපන් එකෙක්" කියන්න ඔට්ටු නෑ ඔන්න)
  1. පොල් සම්බෝලයි, සම්බා බතුයි, හාල්මැස්සෝ කරවෙන්න බැදලා.
  2. රට ළූණු කෑල්ලකුයි, අමු මිරිස් කරල් දෙකතුනකුයි, ලුණු දෙහි කෑල්ලක් එක්ක උණු උණුවේ සම්බා බත්
  3. තැම්බුන් හොදි එකක් බීලා, ගොටුකොල සම්බෝලයි, අල බැදුම් එක්ක රතු බත් (මේ කෑම කෑවේ මහියංගනේ යාලුවෙක්ගෙ ගෙදරින්.කියල වැඩක් නෑ මතක් වෙනකොටත් කටට කෙළ එනවා)
  4. රතු හාල් වලින් හදපු කිරි බතුයි,  සැරම සැර කට්ට සම්බෝලයි. කාලා ඉවර වෙලා හොද ප්ලේන්ටි එකක්
  5. රෝස් පානුයි, පොල් සම්බෝලයි, කාලා ඉවර වෙලා වැඩි සීනි ප්ලේන්ටි
  6. මාළු ඇඹුල්තියල් එක්ක පොල් රොටි / ක්‍රීම් ක්‍රැකර්
  7. චිකන් හොදි එක්ක බිත්තර ආප්ප
  8. චිකන් හොදි එක්ක බිත්තර රොටි
  9. තොසේ සාම්බාර් එක්ක උළුදු වඩේ
  10. චිකන් හොදි එක්ක ඉඳි ආප්ප
  11. අඩු සීනි කොපි එකක් එක්ක ගෝල්ඩ්ලිෆ් එකක් (ෆැකල්ටි ලයිෆ් එකේ අවසානය සමග මතට තිත තිබ්බෙහිය)
  12. Extra spicy chicken Pizza with Lime Soda (හවස් වෙලා පොඩ්ඩක් ඇවිදලා කන්න කියාපු මෙනු එක)
  13. Spicy pasta with Pepsi (මේකත් හවස් වරුවකට සුපිරි)
  14. Strawberry berry Ice cream with Coke or Pepsi (අනේ ඉතිං මේ මෙනුව නම් ඕනි වෙලාවක)
  15. Toblerone dark chocolate with Coke (උදේ දවල් රෑ කියලා කිසි වෙනසක් නැතුව ලස්සනට උගුරෙන් පහලට බහින්නේ)
  16. Iced Cappuccino with chocolate chip cookies (හවස් වෙලාවට මරු)
  17. Strawberry cake with Orange Juice (දෙයියනේ කියලා ඕනිම වෙලාවක)
  18. Chocolate chip cookies with Pasteurized milk (මේක නම් ගොඩ වෙලාවට උදේට)
  19. French Fries with tomato ketchup and Lime soda (මේකත් කිසි අවුලක් නැතිව හවස් වෙලාවක ෆිල්ම් එකක් බලන ගමන් කියාපු මෙනු එක)
  20. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා හොඳම මෙනු එක, මල විකසිත උනාම කන දත් කූරු කෑම.   :D

එහෙනම් මම ගියාවේ.
ඔන්න නොටියගේ බඩජහරි කම. මොකද කියන්නේ. කමෙන්ට් කරමුද ඔයාලගෙත් Favorite Menus...

Lime Soda :)
    හම්මියෝ... බිත්තර රොටි












මාළු ඇඹුල්තියල් :)



 
Coke Pepsi and Strawberry berry Ice cream





Sunday, August 5, 2012

අතීතාවර්ජනය II - පුලුවන්ද සෝදන්න ටොයිලට්, ආදරේ කරන කෙල්ල වෙනුවෙන් (එදා වගේම මට අදටත් සතුටුයි)

ඔන්න අතීතාවර්ජනය දෙවෙනි පොස්ට් එකත් ලියන්නයි හදන්නේ.හරියටම මමයි නෝටිච්චියි යාලු වෙලා මාස 8කට විතර පස්සේ.

සැ.යු : මේ පෝස්ට් එක 100% ආත්ම කථනයක් බව සලකන්න

ඒ දවස් වල ජීවිතේ ගොඩාරියක් ලොකු ප්‍රශ්න තිබුනා.
(එව්වා කියන්න ගියොත් නෝටියා ආයෙම අවුල් වෙයි කියලා හිතෙන නිසා එව්වා මතක් කරන්නේ නෑ.පස්සේ හෙමීට ලියනවා පුළුවන් උනොත්)

ඔය ප්‍රශ්න අතරේ වෙච්චි ලොකුම ප්‍රශ්නේ තමයි මගේ නෝටිච්චි අසනීප වෙච්ච එක.කළුබෝවිල හොස්පිට්ල් එකේ සති දෙකක් විතර නැවතිලා ඉන්න උනා. ඒ කලේ නෝටියා ජොබ් එකක් කලේ නෑ. ට්‍රේනින් හිටපු තැනින් අයින් වෙලා හිටියේ. ඒ විතරක් නෙවෙයි නෝටිච්චිගේ මවුතුමිය අපේ සම්බන්දෙට තදින්ම විරුද්ධව හිටියේ. (නෝටි තමයි ඒ පවුලට ජෝයින් වෙන්න ඉන්න නරකම බෑණා - හිකිස් නේද :ඩී)

හරි..ඒ ඇති කතාව කියන්න....

නෝටිච්චි අසනීප උනේ, හොස්පිටලයිස් කරන්න උනේ නෝටි නිසා කියලයි නෝටිච්චිගේ මවුතුමිය හිතුවේ. ඒ සිතිවිල්ල නිසා නෝටිච්චි හොස්පිටලයිස් කරලා සතියකටත් වඩා කාලයක් යනකම් නෝටිච්චිගේ මවුතුමිය ආවේ නෑ නෝටිච්චිව බලන්න. ඉතිං මගේ කෙල්ල ඒ ගැන ගොඩක් ලොකු දුකකින් හිටියේ.නෝටිච්චිගේ අක්කයි, නෝටියි තමයි කෙල්ලගේ හෙවනැල්ල වගේ හිටියේ.

ඉතිං ලේඩීස් වෝඩ් එකක පිරිමි අයට නිතරම, රෑට ඉන්න දෙන්නේ නැති නිසා නෝටියට සිද්ධ උන්නා හවසට ගෙදර ගිහින් අනික් දවසේ උදේ පාන්දරින්ම එන්න. ඒක නම් නෝටියට්ට අවුලක් උනේ නෑ. ඒත් අවුලක් වෙච්ච තැනක් තිබ්බා.දවස් දෙක තුනක් යනකොට නෝටියා අතේ තිබුන සල්ලි ඉවර උනා.

ඒ වෙලාවේ කාගෙන් හරි ඉල්ලා ගන්න විදියක් නොතිබුනත් නෝටිගේ අම්මිගෙන් ඉල්ලා ගන්න තිබුනා.ඒත් යාලු වෙලා ඉන්න කෙල්ල බලන්ට යන්න අම්මිගෙන් සල්ලි ඉල්ලන්න නෝටියගේ දිව නැමුණේ නෑ. එහෙමයි කියලා කෙල්ල තනි කරන්නත් බෑ.

කලින් සැරේක වගේ නෝටියා ගත්තා ඒ තීරණේ. දෙහිවලට කිට්ටුව තිබුන සයිට් එකක අත්වැඩ දෙන්න ගියා.දවල් වරුවේ නෝටිච්චි ළඟ ඉඳලා හවස 7.30 ඉඳන් රෑ 2.30 විතර වෙනකම් වැඩ කලා සයිට් එකේ. ඒකෙන් උපයා ගත්ත මුදල ප්‍රමාණවත් උනා වියදමට. ඒ වගේම මගේ කෙල්ලට වගේම අක්කටත් මම ඒ කරන හැම දෙයක්ම වසන් කරන්න මට ගොඩක් වෙහෙසෙන්න උනා.


දවසක්  මම සයිට් එකට යනකොට සයිට් එකේ හෙඩ් බාස් ඉන්න උන්ට අම්මමෝ නැතුව බනිනවා. කවුරු හරි එකෙක් ටොයිලට් එක පාවිච්චි කරලා ඒක හරියට ෆ්ලෂ් කරන්නේ නැතිව ගිහින්.ඉන්න උන්ට කියනවා ටොයිලට් ඒක සුද්ධ කරන්න.ඒත් ඒ කීම එකෙක් වත් නෙවෙයි ගණන් ගත්තේ."අපිරිසිදු කල එකාම සොදපන් කියලා හැමෝම මග හැරිලා" හිටියේ. ඔය අතරේ තමයි හෙඩ් බාස් මාව දකින්නේ.


"උඹට රුපියල් 500ක් වැඩියෙන් දෙන්නම්, මේක සුද්ද කරලා දාපන්."

ඔව් යාලුවනේ,
නෝටියා ඒ අපිරිසිදු ටොයිලට් එක සුද්ධ කලා.
කෙනෙක්ට හිතෙන්න පුළුවන් උඹ 500ට පෙරේත වෙලා අනුන් රීපු බොක වල සුද්ධ කලා කියලා.

ඒත් ඒක කල නිසා පහුවෙනිදා මට මගේ කෙල්ලට ඒකි ආසා දොඩම් ගෙඩි ටිකකුයි චීස් බිස්කට් එකකුයි ගෙනියන්ට පුළුවන් උනා.


Related Posts Plugin for WordPress, Blogger...