Pages

Friday, October 10, 2014

ඇතුලටම තද කරන්න...

හුගක් දවස් වලට නම් හරිම ලේසියෙන් ඇතුලට යනවා,

ඒත් දැන් දවස් දෙකක වගේ ඉදලා හවස් වරුවේ ඇතුලට යන්න මාර ගේමක් දෙන්න වෙනවා,

සමහරුන්ට නම් කොච්චර ට්‍රයි කලත් ඇතුලට යවා ගන්න බැරි වෙනවා,

ඒත් සමහරු නම් කොච්චර අමාරු උනත් ගේ්‍ම ගහලා ඇතුලටම යනවා...,

සමහරුන්ගේ කලබලේ වැඩි කමට භාගයක් එලියේ

ඒත් ට්‍රයි එක කොහොම හරි යාගන්න,

මේ කලබල අස්සේ සමහරු නම් කොහොම හරි ඇතුලට යවාගෙන යන්න හදන්නේ

අමාරුවෙන් හරි යවා ගත්තොත් වාසි නිසා...

ඒ වගේම ඇතුලට ගිය අය එළියට ගන්නකොට පන යන්න ඔන්න මෙන්න

එහෙමයි කියලා කරන්ට දේකුත් නෑනේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දන්නේ නැද්ද, මේ දවස් වල කෝච්චි ස්ට්‍රයික්.. 

ඒක නිසා කොළඹ මාතර බස් කට කපලා....

කොන්දොස්තරලා නම් මාර හැපී එකේලු ඉන්නේ කාලෙකින් හොද ගානක් කපා ගන්න පුළුවන් චෙචිචි නිසා..


Tuesday, October 7, 2014

ජංගි අදින පිරිමි..

නිමිත්ත...
සර් දන්නවද වැඩක්... අර ලිගල් සෙක්ෂන් එකේ ඉන්න කරුණාරත්න ඊයේ හවස අඩියක් ගහලා සර්ට හොදටම දෙහි කැපුවනේ. මම මේ මේක සර්ට කිව්වේ වෙන මොකවත් නිසා නෙමෙයි, මම සර්ට තියන හිතවත් කම නිසා. ඔන්න සර් කරුණාරත්න ගෙන් මේ වගක් අහන්න යන්න එපා. සර්ට තියන හිතවත් කම නිසයි කිවේ....

සමීක්ෂක වාර්ථාව

ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොව ආයතනයන්හි ජංගි අදින කොට්ඨාස දෙකක් සිටින්නෙහිය.

1. ජංගි අදින ගැහැණු
2. ජංගි අදින පිරිමි.



මේ අවස්ථාවේ ජංගි අදින Default  කොට්ඨාසය පිළිබදව විස්තර පැවසිමට නොයන්නෙමි.

ජංගි අදින ගැහැණුන්ට අමතරව මේ ජංගි අදින පිරිමි වනාහි අමුතුම සත්ත්ව කොට්ඨාසයකි. හුගක් වෙලාවට මේ ජංගි අදින පිරිමි කොට්ඨාසය ආයතනයන්හි ක්ෂණිකව හදුනා ගැනීමට අපහසු වන අතර, කලක් ආයතනය තුල සේවයේ නිරතව සිටිනා විටදී පැහැදිලිවම හදුනා ගත හැකි අතර අඩු වැඩි වශයෙන් සියළුම ආයතනයන් තුල සිටිනා බැව් සමික්ෂණ වාර්ථා වලින් හෙලිවි ඇත.

තවද, මොවුන් තමන්ගේ පැවැත්ම උදෙසා ජංගි අදිනු ලබන බැව් සමීක්ෂණ වාර්ථා වලින් හෙලිදරව් වන අතර, ආයතනයන්හි කළමණාකාරිත්වය හා උසස් නිලයන් අභියස මෙම කොට්ඨාසය වැඩි වශයෙන් ගැවසෙනු ලබන බැව් හෙලිදරව් වී ඇත. තවද, මොවුන් දිය යටින් ගින්දර රැගෙන යාමේ තාක්ෂණය සහ දිය රෙද්දෙන් බෙල්ල කැපීමේ කලාව මනාව පුහුණු කල අයවළුන් බැව් වැඩිදුරටත් සමීක්ෂකයන් දන්වා සිටී. 

එබැවින් සමීක්ෂකයන් විසින් පෙන්වා දෙනු ලබන අවසන් නිගමනය පහත සදහන් පරිදි බැව් කාරුණිකව දන්වා සිටිමි.

ජංගි අදින Default  කොට්ඨාසයට වඩා ජංගි අදින පිරිමි කොට්ඨාසය සමග වැඩ කටයුතු කරගෙන යාමේදි වඩාත් ආරක්ෂා විය යුතුය... යන්නයි


උඹ...| වෙනකකුගේ කථාවක්


හෙවනැල්ල වගේ ළගින්ම ඉන්නවා,
මම
ඔයාගේ....,
කියූ පමණින්...,

හෙවනැල්ලේ ජීවය 
ආලෝකය ඇති විටදි පමණක් බැව් 
අමතක කර 

උඹ...!

ජීවිතයේ මහා පොදු සාධකය කරගත්
මා මෝඩයෙකි...
උඹ ස්ත්‍රියකි...

Related Posts Plugin for WordPress, Blogger...