ඔන්න ආයෙමත් නෝටියා ඉල්ලං අදෝ මුඛයේ මාමයිට් ගාගන්නයි ලැස්ති වෙන්නේ. මොනවා කරන්නද කහන කටනේ. මූණු පොතේ දැක්ක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොන් ආතල් එකක් නිසයි මේ පොස්ට් එක ලියවෙන්නේ.ඒ කියන්නේ ටිකක් වෙනස් විදියකටයි අද කෙලවා ගන්ට ලෑස්තිය.
හරි... ඔන්න දැන් නෝටියා ඉල්ලං කන්න පටාන් ගන්නයි හදන්නේ...
ප.ප.ලි
ඇනෝ කමෙන්ට්ස් මේ පොස්ට් එකේදී පබ්ලිෂ් කරනවා. ඔන්න ගල් ගහන්ඩෝ...
බුදු දහමට ආදරේ කරන ඇත්තෝ කුණුහරුප කියන්ඩ එපාලා.කැතයිනේ..
ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලෝව
අම්මලාට දුන්නාදෝ කදුළු කෝටියක්
තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක්
කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්
යන්නට පෙර මදුසමයට දෙන්න ලොකු දුකක්
පොත් මිටියක් මල් කලබක් ඌවා අද ඔබේ... දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබෙ සුරතේ සතුටු සිනා... මැද්දේ
මං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේ
සිතා ගන්න බෑ
ටිකෙන් ටික, බිදෙන් බිඳ, අපි ආවද මේ තරම් දුර...
මේ තරම් දුර කටින් කට කටින් කට
ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලොව

සින්දුව ඇහුවා නම් හරි කියෙව්වා නම්, මෙතනින් පහල ටික කියවන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා කියන්න මේ සින්දුවෙන් ඇති උතුම් බුදු දහමට අපහාසයක් වෙලා තියනවද නැද්ද කියලා.
.
.
.
හිතන්න...!
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හිතන්න...!
.
.
.
.
.
.
.
.
.
Daddy එකේ ගයාන් පෙරේරා කතෝලිකයෙක්. ඉතිං මෑන්ස් සහ Daddy set එක හැදුවා සින්දුවක් බුදු දහමට අපහාස කරන්න "භවතුසබ්බ මංගලම්" ගාථා රත්නය යොදාගෙන සින්දුවක්. ඉතිං Daddy music group ඇතුළු සෙට් එක දේශද්‍රෝහියෝ. Daddy set එකම බුද්ධාගමට ගරහන දේශද්‍රෝහියෝ.අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනකාරයෝ
ඔන්න බහුතරේක හිත සුව පිණිස ලිව්වා. සතුටුයි නේ.... :D
![]() |
බුකියේ ගෘප් එකකින් උස්සපු පින්තුරයක්...! |
හරි... ඔන්න දැන් නෝටියා ඉල්ලං කන්න පටාන් ගන්නයි හදන්නේ...
"ටිකෙන් ටික" සින්දුව නෝටියට මුලටම ඇහිච්ච් වෙලාවේ නෝටියට හිතුනේ
"ෂා..! ලස්සන සින්දුවක්."
මම හිතන්නේ ඒක මේ සින්දුව බුද්ධාගමට කරන නිගරුවක් කරන සැදැහැවතුනුත් පිලි ගනීවි මම හිතන්නේ.
ඒත් කෙලිය තියෙන්නේ මේ සින්දුව අස්සට "භවතු සබ්බ මංගලම්" ගාථා රත්නයත් එකතු උනා. ඒ කෙලිය ඩබල් උනා සින්දුව කියන ගයාන් පෙරේරා කතෝලිකයෙක් උන එක. ඉතිං බඩු බනිස්. ඔන්න බුදු දහමට ගරහනෝ......!
හරි... ඒක එහෙම ම උනා කියමුකෝ...
එහෙනම් අල්හාජ් මොහිදීන් බෙග් ගයනා කරන "ඔබෙරාගී මන කැලබේදෝ..." සින්දුව්වත් බුදුදහමට කරන අපහාසයක් නෙවෙයිද. මොකද ඒ සින්දුවේ කෙලින්ම "බුදද්ධ, ධම්ම, සංඝ සරණ යාම" සින්දුවට අරගෙන තියනවානේ (බුද්ධං සරනං ගච්චාමි...). ඒ විතරක්ද මොන පින්කමක් තිබුනත් හැම පන්සලකම වගේ ඒ සින්දුත් දානවා.
(දැන් නෝටියා කියන්නෑ ගයාන්ගේ සින්දුවත් පන්සලේ පින්කමට දාන්න ඕනි කියලා)
ඔය විදියට එව්වා බුදු දහමට අල්හාජ් මොහිදීන් බෙග් බුදු දහමට අපහාස කාලේ නැද්ද "බුද්ධං සරනං ගච්චාමි" එයාගේ සින්දු වලට දාගෙන...? බෙග් මාස්ටර් ගතා සින්දු වලට දාගත්තේ බුදුදහමට ආදරේ නිසාද...?
පිස්සු හැදෙයි කිව්වලු...
මට නම් හිතෙන්නේ මෙහෙමයි, බෙග් මාස්ටර් එයාගේ සිංදු වලට ගාථා පාඨ දැම්ම බහුතරයක් බෞද්ධයෝ ඉන්න රටේ බෙග් මාස්ටර් ගෙ සිංදු hit වෙන්න මාකට් වෙන්න ඕනි නිසා. නැතිව බුදු දහමට ආදරේට නෙවෙයි. ඉතිං මට හිතෙන විදියට ගයාන් පෙරේරාගේ සින්දුවෙත් උනේ ඒ ටික....
එහෙනම් ගයාන්ගේ "ටිකෙන් ටික" සින්දුව වගේම බෞද්ධ ගාථා කොටස් එකතු කරලා තියන සිංදු සේරම තහනම් කරමු....
ඔන්න දැන් පටන් ගනිල්ලා ගහන්න ගල් පව්කාරයන්ට...
ප.ලි
මෙන්න මේ නරි නෝටිය බුදු දහමට නිගරු කරනවෝ... හිකිස් තමයි. නෝටියා ඇතුළු ගෙදර හැම කෙනාම 100%ක් බෞද්ධ හොදේ.බහුතරයක් වගේ නාමික බෞද්ධ නෙවෙයි.
ඇත්ත කියන්නයි බිම ඉඩගන්නයි මොකට භය වෙනවද.කට කෑවත් ඔන්න මට හිතුන දේ ලිව්වා.
ප.ප.ලි
ඇනෝ කමෙන්ට්ස් මේ පොස්ට් එකේදී පබ්ලිෂ් කරනවා. ඔන්න ගල් ගහන්ඩෝ...
බුදු දහමට ආදරේ කරන ඇත්තෝ කුණුහරුප කියන්ඩ එපාලා.කැතයිනේ..
ගයාන්ට බනින්නේ ඌ කතෝලිකයෙක් නිසා . ඒ සින්දුවෙ කිසිම අපාහසයක් සිද්ධ වෙන්නේ නැ , සින්දුවේ පදරචනයයි රූප රාමුවල කියවේන දේයි තේරුම් ගන්න බැරි /තේරුම් ගන්න ඕනි කමක් නැති බත් කන හරක් ටිකක් තමයි ඔය විරුද්ධ වෙන්නේ . බෙග් මහත්තයා කලේ ඔයිට එහා මාකට් කිර්ල්ලක් , තමන්ගේ මුල් භාෂාවෙන් (හින්දියෙන් වෙන්න ඇති ) සිංහල ලියාගෙන තමා එයා බොදු ගුණ ගීත කීවේ . හැබැයි අල්හාජ් නමවත් අත්හරින්නේ නැතුව . ඒ කියන්නේ කිසිම භක්තියක් නැතුව විකුණන්න පුලුවන් දේ විකිනීම , ඒක හොඳ නම් මේක නරක ඇයි ? මට නම් දෙකම හොඳයි !
ReplyDeleteඅනිවා මචං.
DeleteLitle bit correct machan......
ReplyDeleteanyway, thanks your respond machan...!
Deleteමේ සැරේ වෙජිමයිට් ගාගෙන තියෙන්නේ.මෙහෙමනේ "භවතුසබ්බ මංගලම්" කියන්නේ බෞද්ධයන්ට පේටන්ට් තියන ගාථාවක්.ඕක ගයාන් කොපිරයිට්ස් ගෙවන්නේ නැතිව උස්සපු එක තමයි වරද.
ReplyDeleteහිකිස් නේද...?
Deleteනොදකින් තොට එකවත් තේරෙන්නේ නැද්ද බුද්දන් සරනනන් ගච්ච්ච්මි කියපුහම බුද්දාගමට අපහස වෙන්නේ කොහොමද .... එහෙනම් අල්ල හු අක්බර් කියපුහම ඉස්ලාම් වලටත් අපහස වෙන්න එපාය
ReplyDeleteහාකෝ... හාකෝ...
Deleteඑහෙනම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියන "භවතු සබ්බ මංගලම්" කිවම බුදු දහමට අපහාස වෙනවද මචං.
විශේෂයෙන්ම කතෝලික එකෙක් කිවම...
කියන එකේ නෙවි කියන ආකාරයෙය් වෙනස ... ජාතික ගීය අපිට ඕනි ඕනි විදිහට රැප් කරලා කියන්න පුළුවන් ද ?
Deleteහ්ම්ම්...
Deleteඑහෙම නම් ඔය වෙනස මගුල් ගෙවල් 10කට ගියොත් 10 ආකාරයක වෙනසක් දකින්න පුළුවන්.
එහෙම පොඩ්ඩ ඇත්නම් කිපෙන්න නරකයි ඈ
ReplyDeleteහ්ම්ම්... අනිවා..
Deleteමේක පරණ කතාවක්නෙ නෝටියො..
ReplyDeleteමම බෞද්ධ නොවෙන නිසා වෙන මොකුත් කියන්න බෑ... මොකද මේකෙන් බුදු දහමට අපහාසයක් වෙනවද නැද්ද කියලා හරියටම තේරෙන්නේ බෞද්ධ අයටනෙ..
තේරෙන එක්කෙනෙක් තමයි ඔය උඩ තියන ඇනෝ කමෙන්ට් එක දාන්න ඇත්තේ..
Deleteඒ සිංදුවෙ වරදක් පේන්න නැහැ මට. බුද්ධාගමට අපරාධ ඔයිට වඩා වෙනවා. ඒවාට කාටවත් හඩක් නගන්න බැරිද?
ReplyDeleteගයාන් - සුනිල් පෙරේරා මහතාගෙ පුතා වීම මේ හැම එදිරි වීමටකටම මුල යැයි සිතමි. !
/*ගයාන් - සුනිල් පෙරේරා මහතාගෙ පුතා වීම මේ හැම එදිරි වීමටකටම මුල යැයි සිතමි. !*/
Deleteඒ වගේම ගයාන් කතෝලිකයෙක් උන එකත් කොස්සක්
අඩේ මේ පරණ කතාව ආයෙ ඇදලානෙ.මොනවා වුනත් ඒ සින්දුව ලස්සනයි.තේරුමත් ලස්සනයි.
ReplyDeleteඔවු නිසූ.. පරණ කතාවක් ආයෙමත් ඇදිලා ඇවිත්, බුකියේ ගෘප් එකක දැකපු මෙව්වා එකක් නිසා තමයි ලිවේ...
Deletemalli at_ deka tala ganna oneda ahh
ReplyDeleteඅඩේ...
Deleteසිංදුවක් නිසා මගේ ඇ* දෙක තලන්න...
චී....
මේ නම් මහා වල් ඇනෝ කෙනෙක්.!
හැබයි නොටියෝ බෙග් ගෙ සින්දු වල තිබ්බෙ බුදු ගුන.ගයාන්ලගෙ සින්දුවෙ කියන්නෙ වෙන කතවක් නේද? එතනට ගාථා ඔනෙ නෑ නෙද?
ReplyDeleteඕන් මට හිතුන දේ කිව්වෙ.මං කියන එක වෙන කාට හරි වැරදි කියන්න පුලුවන්
ඔව්.ගයාන්ගේ සින්දුවේ තිබුමේ භවතු සබ්බ මංගලම් (ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ලැබේවා)කියන ගාථාව.
Deleteබෙග් මාස්ටර් බුදුගුණ මාකට් කලා.ගයාන් ත්‍රවිධ රත්නයේ ගුණ මාකට් කලා. වැරදි නම් දෙන්නම වැරදි කියලයි මගේ අදහස
කොහොම උනත් අදහසට තැන්කු වේවා...!
භවතු සබ්බ මංගලම් කියන්නේ ගැන පිටුවල කියන්න ඕන ගායනයක් ... ඕනි ඕනි අයට හිතුනු හිතුනු විදිහට කියන්න බෑ වස් වදිනවා ... එක කියන්න නියමිත ආකාරයක් තියෙනවා ... ඔය දන්නවද දලදමලිගවේ සමහර තේවාවන්ට කියන එව්වා කාටවත් අහන්න තහනම් ... බුද්ධං සරනං ගච්චාමි කියන්නේ මම බුදුන් සරණ යනවා කියල එක ගීයකින් බැරි නම් නට නට .. ඇදෙ නිදාගෙන ... උඩ බලියාගෙන ... තනිකකුලෙන් හිටගෙන කිව්වත් අපිට්ට කමක් නෑ.. සංස්කෘතියක් හරි ජම්මයක් නැති එවුන් තම මේවා සදාරණීය කරණය කරන්නේ ... ඔය කතාකරන විදියෙන් ක්‍රිස්තියානි කාරයෙක් කියල පෙනෙනවා ... අපි ඔහෙලගෙ දේවල් අරගෙන විකුර්තිකරලා නෑ නේද ? අපි මෙව්වා පේ දරුවන්ටත් එඅ ආකාරයෙන්ම ඉතුරු කරන්න ඕනි ... ඔයාලට එහෙම දේවල් නැති උන කියල අපි පලි ද ? ගයන් නියම මහත්තයෙක් නම් මේ විකුර්ති කරපු ගීතය ඉල්ලා අස්කරගන්න ඕනි
ReplyDeleteතෝ පොට්ටද ?
Deleteනෝටියා ඇතුළු ගෙදර හැම කෙනාම 100%ක් බෞද්ධ හොදේ.බහුතරයක් වගේ නාමික බෞද්ධ නෙවෙයි.
ඇනෝ මහත්තයෝ මුලින්ම මම කියන්ට ඕනි නෝටියා කියන්නේ හොඳ බෞද්ධයෙක්.(කතෝලික සංස්කෘතිය ගැන ගොඩක් විස්තර දැනගන්න ඕනි නම් "හරී" සහෝදරයාගේ බ්ලොග් එක බලන්න http://dreamsofharee.blogspot.com/)
Deleteමහත්තයෝ "භවතු සබ්බ මංගලම්" ගාථ රත්නය විතරක් නෙවෙයි...
1) නමස්කාර ගතා රත්නය (නමෝතස්ස භගවතෝ...)
2) බුද්ධ, ධම්ම, සංඝ, සරණ යාමේ ගතාව (බුද්ධං සරනං ගච්චාමි..)
ආදී සියලු ගාථාවන් නිවැරදි ඝන පිහිටලා කියන්න ඕනි. එහෙම නැති උනොත් "වස් වදිනවා" නෙමෙයි ඒ ගතා වලින් ලැබෙන ගුණය, බලය ලැබෙන්නේ නෑ.
**මම කැමතියි ඔබතුමා මේ ප්‍රශ්න දෙකටත් අවංකව උත්තරයක් දෙනවා නම්..
/*බුද්ධං සරනං ගච්චාමි කියන්නේ මම බුදුන් සරණ යනවා කියල එක ගීයකින් බැරි නම් නට නට .. ඇදෙ නිදාගෙන ... උඩ බලියාගෙන ... තනිකකුලෙන් හිටගෙන කිව්වත් අපිට්ට කමක් නෑ..*/
1)මේ වගේ දෙයක් කියන ඔබ තුමා/තුමිය ගයාන් ගෙ සින්දුවේ ගුණදොස් විචාරන්න සදාරනාත්මක අයිතියක් තියනවද කියලත් හිතන්න.?
2)ඒ වගේම බෞද්ධයාගේ අත් පොත වෙච්ච ධම්මපදය ඔබ තුමා අඩුම ගානේ එක සැරයක් වත් කියවලා තියනවද.?
ඒ වගේම ඇනෝ මහත්තයෝ නෝටියා මේ වෙනකොට 3 සැරයක් ගිහි පිරිත් කියලා තියනවා,ඒ වගේම බෞද්ධ ගතා රත්නයන්ගේ බලය අස් දෙකෙන් දැකලත් තියනවා.නෝටියා මුලටම ගිහි පිරිත් කිව්වෙත් ෆැකල්ටි එකේ මුල අවුරුද්දේ ඉන්නකොට.ඒ නිසා මම හිතනවා මම ඒ ගැන යමක් දන්නවා කියලා.මොකද ගිහි පිරිත් කියන්නේ අවුරුදු ගානක් පුරුදු වෙලා, ආරණ්‍ය ගත ස්වාමීන් වහන්සේගෙන් වරම් අරන්, ඒකටම පේවෙලා.
ඒ වගේම ඔබතුමාට වැරදුන තව තැනක් නිවැරදි කරන්නම්,
/*ඔය දන්නවද දලදමලිගවේ සමහර තේවාවන්ට කියන එව්වා කාටවත් අහන්න තහනම් ...*/
මහත්තයෝ තෙවාවන්ට කියන්නේ එව්වටම වෙන්වෙච්චි ගාථා සහ ශ්ලෝක.මාලිගාවට ගියාම අපිට දකින්න ලැබෙන්නේ දළදාව තැම්පත් කරලා තිබුන කරඩුවට කරන තේවාව සහ තව තේවාවන් දෙක තුනක් විතරයි.ඉතිරි සියලු තේවාවන් කරන්නේ දියවඩන නිලමේ තුමන් ඇතුළු පිරිස.ඔබ තුමාට තව විස්තර ඕනි නම් http://www.sridaladamaligawa.lk/si/node/9 ඔන්න ඔය ලින් එකට ගිහිල්ලා බලන්න.
අවසාන වශයෙන් කියන්නම් ගයාන් ඔය ගීතය ඉල්ලා අස්කර ගන්න ඕනි නම් බෙග් මාස්ටර් කියාපු ඒ සින්දුත් ඉල්ලා අස් කරගන්න ඕනි නැද්ද.?
කමන්ට් එහෙකට මෙච්චර දිග රිප්ලයි එකක් දැම්මාමයි. හිකිස්...!
/*තෝ පොට්ටද ?
Deleteනෝටියා ඇතුළු ගෙදර හැම කෙනාම 100%ක් බෞද්ධ හොදේ.බහුතරයක් වගේ නාමික බෞද්ධ නෙවෙයි.
*/
මම 100% ම පොට්ට නෑ.ඒත් ඇස් වල දුර්වලතාවයක් තියනවා. - හිකිස්
අනිවාර්යෙන්ම ගෙදර හැම කෙනාම 100%ක් බෞද්ධ. නොටියගේ මවුතුමිය උපතින් කතෝලිකයෙක් උනත් දැනට අවුරුදු 26ක ඉඳන් හොඳ බෞද්ධ කාන්තාවක්.බෞද්ධ යැයි කියාගන්නා හුග දෙනෙක්ට වඩා...
විද්දෙ පඳුරට වැදුනෙ හාවට.
DeleteAnonymousAugust 14, 2012 1:59 PM කියනවා //ඔය කතාකරන විදියෙන් ක්‍රිස්තියානි කාරයෙක් කියල පෙනෙනවා //
මම උත්තර දුන්නෙ ඌට
ලොක්කා ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි තහංචි නෑ.
Deleteලෝක්ක ඔබ තුමා මම අහපු අර ප්‍රශ්න දෙකටත් පොඩි උත්තරයක් හරි දෙනවද.. මම ඇහුවේ...
/*බුද්ධං සරනං ගච්චාමි කියන්නේ මම බුදුන් සරණ යනවා කියල එක ගීයකින් බැරි නම් නට නට .. ඇදෙ නිදාගෙන ... උඩ බලියාගෙන ... තනිකකුලෙන් හිටගෙන කිව්වත් අපිට්ට කමක් නෑ..*/
1)මේ වගේ දෙයක් කියන ඔබ තුමා/තුමිය ගයාන් ගෙ සින්දුවේ ගුණදොස් විචාරන්න සදාරනාත්මක අයිතියක් තියනවද ?
2)ඒ වගේම බෞද්ධයාගේ අත් පොත වෙච්ච ධම්මපදය ඔබ තුමා අඩුම ගානේ එක සැරයක් වත් කියවලා තියනවද.?
දෙවැනි ප්‍රශ්නේ ඕනි නෑ. (1) ට උත්තරයක් දෙන්නකෝ බලන්න...
නෝටියො මැට්ටා නොවී මේක අහපිය
Delete/භවතු සබ්බ මංගලම් කියන්නේ ගැන පිටුවල කියන්න ඕන ගායනයක් ... ඕනි ඕනි අයට හිතුනු හිතුනු විදිහට කියන්න බෑ වස් වදිනවා ... එක කියන්න නියමිත ආකාරයක් තියෙනවා ... ඔය දන්නවද දලදමලිගවේ සමහර තේවාවන්ට කියන එව්වා කාටවත් අහන්න තහනම් ... බුද්ධං සරනං ගච්චාමි කියන්නේ මම බුදුන් සරණ යනවා කියල එක ගීයකින් බැරි නම් නට නට .. ඇදෙ නිදාගෙන ... උඩ බලියාගෙන ... තනිකකුලෙන් හිටගෙන කිව්වත් අපිට්ට කමක් නෑ.. සංස්කෘතියක් හරි ජම්මයක් නැති එවුන් තම මේවා සදාරණීය කරණය කරන්නේ ... ඔය කතාකරන විදියෙන් ක්‍රිස්තියානි කාරයෙක් කියල පෙනෙනවා ... අපි ඔහෙලගෙ දේවල් අරගෙන විකුර්තිකරලා නෑ නේද ? අපි මෙව්වා පේ දරුවන්ටත් එඅ ආකාරයෙන්ම ඉතුරු කරන්න ඕනි ... ඔයාලට එහෙම දේවල් නැති උන කියල අපි පලි ද ? ගයන් නියම මහත්තයෙක් නම් මේ විකුර්ති කරපු ගීතය ඉල්ලා අස්කරගන්න ඕනි /
මේක දැම්මෙ මම නෙමෙයි යකෝ. මේ කමෙන්ට් එකේ උඹ ක්‍රිස්තියානි කාරයෙක් කියලා චෝදනා කරනවා නේද? ඒකට උත්තරයක් විදිහට /තෝ පොට්ටද ?
නෝටියා ඇතුළු ගෙදර හැම කෙනාම 100%ක් බෞද්ධ හොදේ.බහුතරයක් වගේ නාමික බෞද්ධ නෙවෙයි./ කමෙන්ට් එක දැම්මෙ මම. පොට්ටද ඇහුවෙ තෝ නෙවෙයි. උඩින්ම ඉන්න ඇනෝ.
මට මැට්ටා කියාපු ඇනෝ...
Deleteහුටා කෙලා.මෙතන ඇනොලා දෙන්නක් ඉන්නවද බොලේ.
කවුද දන්නේ...?
මේක අර මී හරකෙක් වගේ තප්පුලන දෙවන ඇනෝ ට, ඇනෝ කෙනෙක් උනත් මම නියම මහත්තයෙක් වගේ පලමුවෙනි කොමෙන්ට් ඒක දැම්මේ, එකට වැදගත් විදිහට රිප්ලය් කරන්න බැරි නම් නිකා ඉන්න, ගයන් වගේ මහත් හොරුන් ගේ වැඩ සදරනීකරන කරන්නේ ඔය වගේ ජාතියක් ජම්මයක් නැති තැන නොතැනක් දාන්නේ නැති එවුන් තමා ....
Deleteනෝටි ගේ ප්‍රශ්නයට උත්තරය : බුද්ධං සරනං ගච්චාමි කියන්නේ මම බුදුන් සරණ යනවා කියන එකය් ඒක කවියක් හෝ ගායනාවක් හෝ නොව ප්රකාශනයක් (It is a statement)... ඒක කොය් ආකාරයකට කිව්වත් කමක් නෑ .. ගායනාවක් කරන්න නියමිත ආකාරයක් තියෙනවා ඒකයි මම කිව්වේ
@ Anonymous August 14, 2012 1:59 PM
Delete"ඔය දන්නවද දලදමලිගවේ සමහර තේවාවන්ට කියන එව්වා කාටවත් අහන්න තහනම්"
දළදා මාළිගාවේ සමහර තේවාවන්ට කියන රහස් ගාථා හෝ වෙන යමක් ඇත්තේ නැහැ. ඒත් දළදා මාළිගාවේ කවිකාර මඬුවේ සහ ආලත්ති බාන ආලත්ති අම්මලා කියන කවි කිසිවෙකුට තේරුම් ගන්න අමාරු ආකාරයකටයි ඔවුන් ගායනා කරන්නේ. ඒ කවිවලිනුත් ඔවුන් කරන්නේ දළදාවේ ගුණ මහිමය වර්ණනා කිරීම.
මට නම් සින්දුව ලස්සනයි. වෙනස්.
ReplyDeleteහ්ම්ම්...
Deleteවෙනස් ආකාරයක සිංදුවක්.
ඒ ගාථාව වෙනස් කරපු නැති එක ලොකු දෙයක් නේ ගාථාව මගුල් ගෙවල්වල කියන්න හොදයි සින්දුවකට දාන්න බෑ...පික්සු විකාර...
ReplyDeleteඅනිවාර්යෙන්ම...
Deleteමටත් ඕකේ වරදක් පේන්නෑ බං...
ReplyDeleteගොං හැත්තගෙ ගොං වැඩ නිසා බුදු දහමත් ගොං වෙනවා...
අනිවා මචං. එක එක්කෙනා බලන කෝණය අනුව තමයි මේ සේරම.
Deleteඅනික බුදු හාමුදුරුවොත් කිවනේ වසර 2000 වෙනකොට උන්වහන්සේ දේශනා කල ධර්මය රැදී තියෙන්නේ බහුතරයක් "ආමිස පූජාවෙන්" කියලා.
ලස්සන සිංදුවක් හොඳ බීට් එකක් එක්ක......අහපු මුල්ම දවසෙම ඩවුන්ලෝඩ් කරගත්තා...
ReplyDeleteහ්ම්ම්...
Deleteඇත්තටම ලස්සන සිංදුවක්
Affa........ අපේ සමහර කට්ටියනම් හරි ගොන්..... ඒ සින්දුවට background එකෙන් "භවතු සබ්බ මංගලම්" (කසාද බඳිනකොට පෝරුවේදී කියනවනේ) ගාථාව දාල තියෙන්නෙ සින්දුවෙන් කියවෙන කතාව පැහදිලි වෙන්නනේ......
ReplyDeleteහ්ම්ම්...
Deleteතේරුම් ගැනීම පිලිබඳ ගැටළු තමයි ඇනෝ...
නෝටි උනත් වටින පොස්ට් එකක්..සිංදුව ඇහුවා .. ලස්සනයි..
ReplyDeleteනෝටි උනත් නයිස්...
Deleteතැන්කු හොදේ..
ඉරාජ්ගේ ගීතයක් මුස්ලිම් ආගමේ දෙයක් නිසා තහනම් කළා නම්, මේ ගීතෙත් බුදු දහමෙ දෙයක් යොදාගත්ත නිසා තහනම් කරන්න ඕනෙ. බුදුදහමට තමයි අසාධාරණේ වෙන්නේ.ලංකාවේ කතෝලික ආගමෙන් බුදුදහමට එදා ඉඳලා වෙන හානියෙන් කොටසක් තමයි මේ සින්දුවෙනුත් පෙන්නන්නේ. බලෙන් හොරාට සල්ලි දීලා මිනිස්සු අන්‍යාගමීකරණය කළාට, මැල්කම් රංජිත් පියතුමාට ආසියාවේ පදවියක් දුන්නට, පල්ලියෙන් ලෙඩ හොඳකරනවා කියලා මත පැතිරෙව්වාට ලංකාව කතෝලික රටක් කරන්න බැරි බව කතෝලිකයින් මතක තියාගන්න ඕනෙ.කොහොමත් කතෝලික කෙල්ලක් බඳිද්දී කොල්ලා බෞද්ධනම් කොල්ලටත් කතෝලික වෙන්නනේ පල්ලියෙන් කියන්නේ.
ReplyDeleteහාමුදුරුවො කියන බණ වගේ කුණුහරුප කතා, විහිළු කතා හදලා එලියට දාන්නෙත් ඔය කතෝලිකයින් තමයි.
කතෝලිකයින්ගේ දෙයක් බුදුදහමේ දෙයකට ගත්තා නම් බලන්න තිබ්බා කතෝලික කට්ටියගේ වැඩ. පල්ලියකට එරෙහිව නඩු දැම්මයි කියලා මැල්කම් රංජිත් පියතුමා ආණ්ඩුවට තර්ජනය කරපු හැටි අපි දැක්කනේ.
හුටා හුටා..
Deleteඑකත් එහෙමයි කියමුකෝ...
අනිවාර්යෙන්ම මේක සිංහල බෞද්ධ රටක්.
එකේ කිසි වෙනසක් නෑ.
කරන්නත් බෑ.
අර ඔයා කිව විදියට "කතෝලික කෙල්ලක් බඳිද්දී කොල්ලා බෞද්ධනම් කොල්ලටත් කතෝලික වෙන්න පල්ලියෙන්" කියනවා නම් එහෙම සල්ලි අරන් කතෝලික වෙනවා නම් කරන්න තියෙන්නේ රජ කාලේ වගේ "හිටුවා පස්" ගැසීම.
එහෙනම් යාලු බෙග් මාස්ටරුත් කරලා තියෙන්නේ ඔය දේම නෙවෙයිද..?
මුලින්ම මට හිතෙන්නෙ ඔබතුමා කතෝලිකයො කියන්නෙ කාටද කියලා හරියටම දන්නෙ නෑ.
Deleteකතෝලික ක්‍රිස්තියානි කියන්නෙ වෙනස් දෙකක් කියලා දන්නෙ නෑ නේද?
ගෙවල් ගානෙ ආගම් ප්රචාරයට එන්නෙ වගේම ගොඩක් එන්ජීඕත් කතෝලික නෙමෙයි කියලා දන්නෙ නෑ නේද?
මැල්කම් රංජිත් කියන්නෙ කවුදැයි හරියටම දන්නේ නෑ නේද?
පල්ලියෙන් ලෙඩ හොඳකරනවා කියලා පතුරවන්නේ කතෝලික නොවන වෙනත් කොටස් කියලා දන්නෙ නෑ නේද?
මිශ්‍ර විවාහය කියන්නේ මොකක්දැයි දන්නේ නෑ නේද?
ආණ්ඩුවට බලපෑම් කරපු සිද්ධිය මොකක්දැයි හරියට දන්නේ නෑ නේද?
මට අවශ්‍ය වාදයක් ඇතිකිරීම නෙමෙයි. ඔබ කරන චෝදනා පදනම් විරහිතයි.
හැබැයි මේ ටිකත් කියන්න ඕනෙ. මේ රටේ තියෙන්න ඕනෙ තමුන්ගෙ ආගම විතරයි අනිත් ආගම් වැනසිය යුතුයි කියලා හිතන අන්තවාදියො කොයි ආගමෙත් ඉන්නවා. කතෝලික ආගමෙත්,බෞද්ධ ආගමේත්, ඉස්ලාම් ආගමේත් ඔය කොයිකේත් ඉන්නවා. ඒ අන්තවාදීන් තමයි ඔබ කියන ආකාරයේ කුණුහරුප කතා, විහිළු කතා හදලා අනිත් ආගම් වලට අපහාස කරන්නේ. අන්තවාදීන්ගේ වැඩ නිසා ආගමට හෝ දර්ශනයට ඇඟිල්ල දික්කරන්න ගියොත් තමුනුත් අන්තවාදීන් වෙලායි නවතින්නෙ.
@ හරී..
Deleteහරියටම හරි ලොක්කා..
+++++++
මම නම් කියන්නේ මේකයි... ඔය කෑ ගහන අය හදන්නකෝ සින්දුවක් මොකක් හරි ආගමක කැල්ලක් දා ගෙන.. මම නම් සින්දු වලින් බුදු දර්ශනය මනින්නේ නෑ.. මොකද මම මගේ ජිවිතේ හදා ගත්තේ ඒවා මත නිසා..
ReplyDeleteඇත්ත දේවල් මතු වේවි.. සියලු සංස්කාරයෝ අනියතයි.. මොනවා උනත් බුදු හාමුදුරුවෝ පුර්ණ නිදහසක් දුන්න... විශේෂයෙන්ම ගිහියොන්ට.. තමන් තම පමණ දැන ගෙන වැඩ කරාම ඉවරයි... මේ ඒ දවස් වල මම දාපු මගේ අදහසක්.." " අපි හැමෝටම නිදහස ඕනෙ... ඒත් ඒක අසිමිත නිදහසක්ම වෙන්න ඕනෙද? මට මතකයි ඉන්දියවේ කවුරුදෝ පඩිවරයෙක් කියල තිබුණා ඔබට අසිමිත නිදහසක් ඇත. එය ඔබේමය..අපගේ නොවන්නේමය... ඔබට සිත් සේ ඔබගේ හැරමිටිය වැනිය හැක.. ඒත් ඒ අනෙකාගේ ඇස් මායිම තෙක් පමණි..
ඒකත් ඇත්ත තමා... වැරදිලා හරි හැරමිටිය වෙන කෙනෙක්ගෙ ඇඟේ වැදුනොත්..අනිවාර්යයෙන්ම නිදහසේ කෙලවර දකින්නම වෙනවා..........." මේ උඩ තියෙන්නේ මම නිදහස් දවසේ දාපු note එකෙන් කොටසක්.. ඒකෙත් මම කිව්වනේ නිදහස ගැන..නිර්මාණකරුවෙක්ට තමංගෙ නිර්මාණය වඩා සාර්ථක කර ගන්න ඕනෙ තරම් නිදහසක් ලංකාවේ තියෙනවා..ඒකට කොහෙත්ම ආගම් ජාති කුල මල ප්‍රශ්නයක් නෑ..ඒත් ඒ යොදා ගන්න අයිතමයන් ගැන නම් දෙපාරක් හිතන්නම වෙනව.මොකද අපි ආදරය කරන වන්දනා මාන කරන පූජනීය දේකට මොනව හරි බලපෑමක් උනොත් වැහුණු කටවල් ඇරෙන්න මහ වෙලාවක් යන්නේ නෑ.. මේ සින්දුවට මෙච්චර කලබගෑනියක් කරන්න මේ දවස් වල ගම් වල සිද්ද වෙන NGO projects එක හේතුවක් වෙන්න පුළුවන්.. වෙනත් ආගම් වලට හැරවීමේ කූට plan එකක් මේ දවස් වල ගම්වල ක්‍රියාත්මක වෙනව.. ඒක බොරු කියන්වා නම් නෙළුවට එන්න මම ඒක පෙන්නන්නම්..මේ ඒකෙ එක් අතුරු ප්‍රතිඵලයක්ද කියන්න නම් මම දන්නේ නෑ.. ඒත් මෙහෙමත් තියෙනවා පෝයට පංසල් නොයන්නෙත් තමංගෙ වෙලඳසැල වහන්නේ නැත්තෙන් බෞද්ධයාම තමා. ඒත් බලන්න මුස්ලිම් අය තමංගෙ ආගමට දක්වන සැලකිල්ල.. මේවට ඒ නාමික බෞද්ධයොත් වගකියන්න ඕනෙ.. අනික තමංගෙ wedding එකට තමංගෙ ආගම අඩුවෙන්ම දායක කරගන්නෙත් ඒ බෞද්ධයාම තමා. ඔය යාන්තම් ආගමික කටයුත්තක් ලෙස කරන්නේ පෝරුව වෙලාවේ අශ්ඨක ,ජය මංගල ගාථා කියන එක විතරයිනෙ...අනිත් ඔක්කොම western pattern... ඒ අතින් ක්‍රිස්තියනි අය තමංගෙ wedding function එක කරන්නෙම තමංගේ ගමේ පල්ලිය මුල් කරගෙන.. ඔය සින්දුවේ නිර්මණකරුවත් ක්‍රිස්තියානි උණ එකේ ඔය ගාථා දාපු කොටසට ඔය බයිබල් කොටසක් දැම්ම නම් ඔය වගේ ප්‍රශ්න එන්නෙත් නෑනේ.. අනික ඒ ගාථා රත්නය ඉදිරිපත් වෙන වෙලාවේ ඉදිරිපත් වෙන රංගනය ඒ ගාථාවට නම් සුදුසු මදී නේද? එතනට පෝරුවක ඉන්නවා වගේ කොටසක් යොදල වෙනස් කර නම් යම් සහනයක් දෙන්න පුළුවන්.. මේ ඔක්කෝම කියලා මම කියන්නේ නෑ බුද්ධගමේ තියෙන කොටස් ගීත නිර්මාණයට ගන්න බෑ කියලා..ඔය ඕනෙ තරම් තියෙන්නේ උසස් නිර්මාණ... ආගමට හානියක් නොවෙන්න.. තමංගේ සාර්ථකත්වය, නිර්මාණයේ උසස් බව වැඩි දියුණු කරන්න ඒවා යොද ගන්න.. ඒත් ලෝකේ තියෙන නරකම ආගමට උණත් අපහාස කරන්න එපා.... වැරදි වෙනවා.. ඒව හදාගමු.. එකයි වෙන්න ඕනෙ. :)"
කෙටියෙන්ම උත්තරයක් දෙන්නම්
Deleteඑල.

ඇයි බං මෙ පරන කතාවක් ආයෙමත් ඇදලා ගත්තේ
ReplyDeleteබුකියේ තිබ්බ මගුලක් දැකලා නිකං කට කහනවා වගේ උනා...
Deleteමිනිස්සුන්ට කාටහරි වරදක් පටවන්න මොකක්හරි පොඩි දෙයක් ඇදලා ගන්නවා.ඒක මේ සමාජයේ හැටි.මට නම් ඔය ගීතයේ කිසි වරදක් පේන්නේ නැහැ.
ReplyDeleteහ්ම්ම්. සම'හරක්' ට තමන්ගේ ඇහේ තියන පොල් පරාලේ පෙන්නේ නෑ. අනික් එකාගේ ඇහේ තියන පොල් කීර පේනවා...
Deleteමට නම් ඒ සිංදුව එච්චර අල්ලන්නෙ නෑ...හැබැයි ඒකෙ තේරුම මම ගයාන්ගේ සිංදු වලට අකමැති කියන එක නෙමෙයි...
ReplyDelete