Pages

Friday, January 27, 2012

ඇම්ඩන් ගිරවා...

කන පැලෙන්න වැඩ අප්පා... 
ඒ මදිවට පස්ට සීතලයි...
අසනීප උනත් එක්ක...
හුටස්‌//////.....!!..........!!
බ්ලොග් එක කියල එකකුත් තියනවනේ...
ඔන්න පොඩි කතාවක්..

ඔන්න හිටියලු ඥානපාල කියල බුවෙක්... මේකා නමේ හැටියටම ඥානපාල කෙනෙක්.. ඔන්න මිනිහට හම්බුනාලු හොද ගිරා පෝතකයෙක්... මු කතාකරන එකෙක්...


පෙත්තා බත් කෑවද...???පෙත්තා බත් කෑවා.................
පෙත්තා ජෝ බිව්වද...?පෙත්තා ජෝ බිව්වා........

හරිම හුරතල්... ඔන්න ඉතින් ඔය හුරතලේ නිසා මුගේ කුඩුව එල්ලුවලු ගෙදර ඉස්සරහ තියන ගහක...ඔය ගේ ඉස්සරහ තියන පාරෙන් හැමදාම හවසට පොරක් යනවලු කරති කැඩෙන්න වෙල් ෆැන්ට ගහල පාලි සගිස්කුරුත  වපුර වපුර... ඔහොම ටික දවසකට පස්සේ පෙත්තාගෙන් ඇහුවම....

පෙත්තා බත් කෑවද...???^%#&&*^(*(& (* %(* %
පෙත්තා ජෝ බිව්වද...?&^^*^%$%^*&%(&*(^(*^

මුකුත් නෑ ආයේ කුණු හබ්බ විදිනවලු දොබෙන් යන්න... මේක හරියන්නෑ නේ... ඥාණපාලය කරන්නේ මේකව ගෙනිහුං එල්ලුවලු ටොයිලට් එක ලග තිබුන ගහක.... ඔන්න ටික දවසකට පස්සේ....

පෙත්තා බත් කෑවද...???පූ....න්......!! පූ....න්......!! පූ....න්......!!!!!
පෙත්තා ජෝ බිව්වද...?පූ....න්......!! පූ....න්......!! පූ....න්......!!!!!


ප.ලි.
ටියුබ් ලයිට් එහෙම තියනවා නම් පොඩ්ඩක් ස්ටාටර් එක හොලවල බලන්ටකෝ... එතකොට පත්තු වෙයි... ඔය ඉස්ටෝරිය නොටිය ඇතුළු කීප දෙනෙක්ට රෑග් සීසන් එකේ රග දක්වන්නත් උනාලු... නොටියට ගිරවාගේ සීන් එකයි  කා ට බොනපාට් ගේ සීන් එකයි කරන්නත් උනාලු...අන්තිමට සෙට් එකටම බඩු බනිස් උනාලු..


ප.ප.ලි.
හුගක් දවසකට පස්සේ අද බ්ලොග්  වලට අවේ... ගොඩක් එව්වා වෙනස් වෙලා වගෙයි... අනේ මන්ද බ්ලොග් වලටත් මොනවා වෙනවද කියල... මේ පොස්ට් එක ලියන්න කලින් මම බ්ලොග් බැලුව පැය දෙකක් විතර එක දිගට... ගොඩක් එව්වා හිතුන... සිංහල බ්ලොග් අවකාසේ ගොඩ දෙනෙක් අතර කුහකත්වය ගොඩාරියක් ඉස්මතු වෙලා කියල නම තේරුණා හොදටම... නොටිය නම බ්ලොග් ලියන්නේ ස්ට්‍රෙස් එක අඩු කර ගන්න...ජීවිතේ රස මුසු තැන් මතක් කරලා සතුටක් (ආතල් ) ලබන්න... ඒත් දැන් දැන් බ්ලොග් නිසා ස්ට්‍රෙස් එක වැඩි වෙනවද මන්ද... වෙලාවකට හිතෙනවා මේ තියන කුහකත්වය බ්ලොග් ලෝකෙන් සැබෑ ලෝකෙට  ආවොත් ඊළාම් යුද්දය වෙනුවට බ්ලොග් යුද්දය පටන් ගනීවි කියලා...

දන්නෙම නැතුව ඒ ගැන ටිකක් වැඩිපුර ලිය වුනා... 
පස්සේ හිතුනොත් පොස්ට් එකක් දානවා නෝටියට හිතෙන දේ... 
ඕන නෑ කියලත් හිතෙනව වෙලාවකට... 
බලුමු...
කාලෙත් එක්ක කරන දරුණු හටනක් වෙලානේ දැන් ජීවිතේ...

Monday, January 16, 2012

සුපුන්චෝ....


සියක් ආයු ලැබ
මගෙත් ආයු ගෙන
මටත් වඩා කල්
ඔබ ජීවත් වේවා..!

ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා 
මගේ සුපුන්චෝ...!!!


ප.ලි.
අද මගේ සුපුන්චාගේ උපන්දිනේ.... ඔන්න හැමෝන්ටම කේක්.... අපි මතට තිත නිසා ඇග රත්වෙන එව්වා නම නෑ ඔන්න.

බලන්ටකෝ මෙන්න මේකත් හබිය vs ස්වීටි 


හබිය vs ස්වීටි

මේක ඇවිල්ල නොටිය ටික කාලෙකට කලින් දාන්න හිටපු පොස්ට් එකක්. මේකයි සීන් එක. ටිකක් රසවත් එකක්. ඒ තමයි අපේ ගෙවල් දොරවල් වල සුවාමි පුරුසයටයි බිරින්දෙටයි ආමන්ත්‍රණය කරන සුන්දර වචන

සුවාමි පුරුසයට මුලින්ම බලමු...

  • අපේ එක්කෙනා...
  • ඒයි... (මල පැනල කතා කරනක්ප්ට ඕයි කියල වෙනස් වෙනවා.)
  • අපේ මහත්තය...
  • දරුවන්ගේ තාත්ත...
  • හබිය (ටිකක් පොස් විදියට)
  • සුදු මහත්තය
  • රාලහාමි
  • ටුටූ
  • බබා


ගෑණු මනුස්සයට කියන එව්වා බලමුකෝ...

  • දරුවන්ගේ අම්ම...
  • අපේ එක්කෙනා...
  • අපේ උන්ද...
  • සුකිරි බොලේ (ටිකක් බැටර පාර ගැන වෙලාවට)
  • සුදු නෝනා
  • මැණිකේ
  • මල හොන්තුව... (මල පැන්නහම කියනවලු..)
  • බබී
  • ස්වීටි  (පොස් විදියට)

ඔන්න ඔය විදියට තමයි නොටියට මටක් උනේ.... මොකද කියන්නේ... තව එව්වා දන්නවනම් කියමුකො බලන්ට.

අද මගේ සුපුන්චාගේ උපන් දිනේ.... ඔන්න ගිහින්ම බලන්ටකෝ... (ඔවු! ඔවු!! නෝටිච්චි තමයි බං)

Wednesday, January 11, 2012

සූප්පු කරන්න... හැමෝන්ටම හොරෙන්...


ෆුඩ් සෙන්ටර් එකේ අම්මෙක් එක්ක ඉන්න පොඩි එකා සූප්පු කරනවා...
ඉතින් මටත් ආවා ඌට වගේ සූප්පු කරන්න ආසාවක්...
පොඩි එවුන්ට විතරද සූප්පු කරන්න හොද..?
මමත් අරන් ගියා අපාට්මන්ට් එකට...
සූප්පු කරන්න...
හැමෝන්ටම හොරෙන්...
අල්ලපු රූම් එකේ ඉන්න ජපනා දැක්කොත් ඌත් එනවා සූප්පු කරන්න ඉල්ලගෙන...
වොෂ් එකක් දාන්න කලින් එකක් සූප්පු කළා...
වොෂ් එකක් දාලා අනෙක සූප්පු කළා...
හිතේ හැටියට සූප්පු කළා..
සීතල කාලගුනේ දෙගුණ වෙන්න රස වින්දා....
කවමදාකවත් නොදැනුනු රසයක්...
ආයෙත් සූප්පු කරන්න හිතෙනවා...
ෂා...!!
අයිස් පලම්..!!


Friday, January 6, 2012

හයියෝ........!! ගාලු ගෙට් එක

යාලුවනේ හැමෝන්ම දන්නවනේ හෙට අපේ බ්ලොග් ලියන සෙට් එක ගාල්ලට සෙට් වෙනවා කියලා... ඔව් කට්ටිය සුපිරි ෆන් එකක් ගන්න, අලුත් යාලුවෝ අඩන ගන්න හෙට ගාල්ලට සෙට් වෙනවා... නොටියත් අම්බානක අසාවෙන් තමයි හිටියේ ගාල්ලේ ගෙට් එකට සෙට් වෙන්න. ඒත් ඒ සේරම ආසාවල් ආසාවල් වලටම විතරක් සීමා වුනා.

ඔයාලා හෙට සෙට් වෙලා සතුටු වෙනකොට නෝටියා ගොඩාරියක් දුර ඇත.කාලෙකට පොල පැලෙන්න රස්නේ, තව කාලෙකට පන යන්න සීතල කටාර් රාජ්‍යයේ. ඔවු... මගේ දෙවැනි රටේ... මේ බ්ලොග් පොස්ට් එක ලියන්න ගත්තෙත් හෙට ගෙට් එක මිස් වෙන දුකට. මොනවා කරන්නද..?මේක ලියන මොහොතේ නෝටිය ඉන්නේ කටුනායක ගුවන් තොටේ... ගොඩක් ලියන්න බැ... හිත කලබලයි.


යන්න කලින් නෝටිය ගැන විස්තර ටිකක් කියන්නම්...

නම : ෂශි
උපන්දිනය : පෙබරවාරි 10
වයස : 24
රැකියව : Computer Engineering and Designer
අධ්‍යාපනය : තොරතුරු තාක්ෂණ අධ්‍යන පීටය - ගාල්ල(කරාපිටිය)
ජාතිය : ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය
නොටියගේ අම්මි සීතා. Laboratory Technician  - Sri Lanka Health Department (Western Province)
නොටියගේ තාත්ති ශාන්ත. Front Office engineer - කටාර් රාජ්‍යය
නොටියගේ වෙන්න බාරි රුවන්ති. Nursing Training School රත්නපුර.

එහෙනම් යාලුවනේ නෝටියා දැනට නවතින්නම්. තව පැය දෙකකින් විතර පියාබනවා.මටක ඇතුව අපිටත් එක්ක හොදට විනෝද වෙන්න.. ඒවගේ මටක සටහනුත් දාන්න අපිට බලන්න. එහෙනම් හැමෝන්ටම...

බුදුසරණයි..!
ජේසු පිහිටයි..!




මම ෂශි
නෑ... නෑ... වැරදුනා... නෝටියා.







ප.ලි.
මේ පොස්ට් එක දාල සයින් අවුට් වෙන්න ලැබුන්නෑ.කවුරු හරි ඊරිසිය කාරයෙක් හෙට ගේට් එකට ජරා කතා කියල ඇනෝ කමෙන්ට් දාල... ඒ අයට කියන්න තියෙන්නේ..... 
අනේ පවු....!!!

Tuesday, January 3, 2012

කපල් එකට සීට් එක | Oops..!!

අලුත් අවුරුද්දේ මුල්ම පොස්ට් ඒක ෆැකල්ටි ලයිෆ් එකේ වෙච්ච අමතක නොවෙන සීන් එකකින්ම පටන් ගන්න  ඕනි කියලා හිතුන.

අපි සිකුරාදාට ගෙදර එනකොට එන්නේ අපි 5ක සෙට් එකක්.මොකද කියනවා නම් අපි හතරම ඉන්නේ එකම පළාතක. අපේ සිකුරාදා ගෙදර එන සෙට් ඒක තමයි බි.පී , කිතු (බි.පී ගේ බබරි), සුදු දෝනි, සුදු දෝනිගේ මලය (මලයත් හොස්ටල් ඉදන් සිකුරාදාට ගෙදර යන්නේ අපිත් එක්ක.), නෝටිය.ඔන්න ඉතින් එදත් අපි සෙට් ඒක බස් එකට නැග්ග කියමුකෝ ගෙදර එන්න. ඔන්න ඉතින් පුරුදු විදියටම බි.පී ඇන්ඩ් කිතු සීට් එකකට සෙට් උනා කියමුකෝ... මටයි සුදු දෝනි ටයි වාඩි වෙන්න හම්බුනේ ඔන්න ඔය පහල තියනවා වගේ විදියට...

කහ පාට සීට් සුදු දෝනි, කොළ පාට  නෝටියා

ඔන්න දැන් බස් එක යනවා... සුදු දොනිටත් කට පියාගෙන යන්න බැරි රෝගයක් තියන නිසා සීට් එකෙන් හැරි හැරි මගෙත් එක්ක චැට් එකක් දාගෙන යනවා.... ඔන්න බස් එකේ කොන්දත් ටිකට් කඩාගෙන එනවා... සුදු දෝනි මටත් එක්ක ටිකට් අරන් ඔන්න අයෙම කතාව... සුදු දෝනිගේ එහා පැත්තේ හිටියේ ඉස්කෝලේ ගිහින් ගෙදර යන සුදු දෝනිගේ මල්ලි. මෙන්න කොන්ද ඌට මහා සද්දෙන් කියනවා.....

මල්ලි මේ කපල් එකට සීට් එක දීල ඔයා මේ සීට් එකට එන්න කියලා..

මිනිස්සු බැලුවේ නැ එක්කෙනෙක් වත්.... 
විලි ලේජ්ජාවේ තන්තොසේ බෑ... 
ඒ මදිවට මලයත් සීට් එකෙන් නැගිටලා... මොනවා කරන්නද ඉතින්...ලැජ්ජාව අතින් වහගෙන් ඒ සීට් එකට ගියා...


ප.ලි..

තව ජුන්ඩේන් කියන්න අමතක වෙනවා.. සුදු දොනි කියන්නේ අපේ බැච් එකේ ඉදපු කෙල්ලෙක්.පොඩ්ඩක් විශේෂයි.විශේශේ තමයි ෆැකල්ටි රේජිස්ට්‍ට්‍රෂන් දවසේ මමත් එක්ක බස් එකේදී සෙට් උනා මෙකි. ඉතින් එදා බස් එකේදී ඇති උන ෆ්‍රෙන්ඩ්ෂිප් එක නිසා තමා ඒ අවුරුදු වල මගේ සහෝදරියක් වගේ මෙකි හිටියේ...

ඇත්තටම සුදු දෝනි නොටියට සහෝදරියක්... ඒ කොයි තරම්ද කියනවා නම් එකී මට කතා කලේ මල්ලි බබා කියලා... වචනෙට විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් එකී මට අක්කෙක් වගේ සැලකුව....
නෝටියට හොදට මතකයි Faculty එකේ party එකක් දවසේ නෝටිය බියර් ටිකක් බිල උබට මට්ටු වෙලා උබ කන මිරිකපු හැටි.... පට්ට පතුරු යන්න බැනපු හැටි. හම්මෝ ඒ බැනපු බැනිල්ල මතක වෙනකොට තාමත් කන දෙක කීං කීං ගානවා :D
සිරාවටම දෝනි අක්කේ උබලව නෝටියට මතක වෙනවා... නෝටිය ගොඩක් දුරක් හිටියත් උබල සේරම (රටා, කා, බි.පී, ඉකා, හධ්ධ, උබ, වැටි කෙල්ල) නෝටියට හැමදාම මතකයි.
Related Posts Plugin for WordPress, Blogger...