Pages

Showing posts with label නොටිගේ කට කහනවට. Show all posts
Showing posts with label නොටිගේ කට කහනවට. Show all posts

Sunday, October 5, 2014

යව්වනයේ පොපියන චමත්කාරය

මේ දවස් වල නෝටියට මහා නරක පුරුද්දක් බෝ වෙලා තියනවාලුනේ... (නෝටියාගේ අම්මා සහ නෝටිච්චි පවසන පරිදි).

ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක මට හිතෙන විදියට මහා නරක පුරුද්දක් කියලා මගේ කට සහ හිත පිලිගන්නේම නැහැ.



යව්වනයේ පොපියන චමත්කාරය -  බුලත් විට

අපේ අම්මයි, නෝටිච්ච්යි පුදුම තරමේ කේන්තියක් මේ බුලත් විටත් එක්ක තියෙන්න්‍ෙ.... කට රතුවෙන්න විටක් හපලා... “පුරුස්“ කියලා කෙල පාරක් ගහන එක මේ දෙන්නට නිකං වහ කදුරු වගේ..

ඒක මේක උනයි කියලා නෝටියට ගෙදර ආවම විටක හපන්නමයි හිත. ඒත් විට හපනවා කියන්නේ කනේ පුළුන් ඇබ ගහගෙන ඉන්න වෙන සින් එකක් නිසා Drawing Paper එකක් අරන් ලිවිවා මෙන්න මෙහෙම...


කට මගේ නම්,
මම මගේ නම්,
මම මොනවා කෑවම
කාටත් ඇයි වේදනා.... 

ලියලා නිකන් හිටියා කිලද හිතන්නේ...

හපෝ නෑ....

කොන් හතරේ සෙලෝටේප් ගහලා ඇලෙව්වා කෑම කාමරේ බිත්තියේ.. අලවලා විටකුත් කටේ දාගෙන ගියා පොඩි රවුමක් දාන්න. ගෙහුං ඇවිත් ගියා පෝස්ටරේ තත්ත්වේ බලන්න. ඒකෙම යටින් ගින්දර වගේ ලියලා තියනවා....

මම උඹේ අම්මා නිසා
රිලවෝ් මම උඹේ ගෑනි නිසා...

Tuesday, May 22, 2012

දේශප්‍රේමයට එරෙහිව ඉල්ලන් *කේ මාමයි ගා ගැනීම...!!

ඔන්න හිටපු යුධ හමුදාපතිතුමන් සරත් ෆොන්සේකා නිදහස් උනා..
බලන්ට වාරි වෙච්චි අය එහෙම ඉන්නවා නම් බලන්ටකෝ ලබ්බේ තොයිලේ හෙවත් නිදහස වගේ එක
හරි දැන් ඒක පැත්තකින් තියමුකෝ..

අයෙත් නෝටිය ඉල්ලං මාමයිට් ගාගන්න තමයි ලේස්ති වෙන්නේ..

  • coke එපා...අපි සිංහයෝ
  • pepsi එපා... අපි සිංහයෝ
  • coke ද pepsi ද මවුබිමද?... අපි සිංහයෝ
  • ඔබාමා ලංකාවට *ක දෙයි
  • ඔබාමා ලංකාවට කෙලි... 




ඔන්න ඔව්වා තමයි දැන් ලංකාවේ තියන wall arts. 
ආසාවේ බෑ අප්පා.. ජුගුප්සාජනක ගුජුප්සාජනකද මොකක්ද එකෙන් ඇඟේ හීගඩු හීගඩු පිපෙනවා..
පුදුම දේශප්‍රේමයක් තියෙන්නේ...

දැන් ලංකාවේ කඩ, සුපර් මාකට් වල coke, pepsi නෑ,
දැන් ලංකාවේ කවුරුවත් KFC, Mc Donald's, Pizza Hut යන්නේ නෑ,
එතකොට ගූගල්..! මගුලක් කතා කරනවා ගූගල් තියා ජොලියක් ගියාම යා...හූ....!! කියල වත් කියන්නෑ
කොටින්ම කියනවා නම් දැන් ලංකාවේ කවුරුවත් ඇමෙරිකන් ජෝකෙක් වත් අදින්නෑ




ආච්චිගේ චිත්තේ...!

නෝටියාට නම් හිතෙන්නේ අරක එපා - අපි සිංහයෝ, මේක එපා - අපි සිංහයෝ, කියලා තාප්ප පාප්ප වෙන්න දාන වෝල් ආර්ට් තරම් ගොන් ජෝක් එකක් තවත් නෑ වගේ.

සමහර විට ඔය සීන් එකේ ඉන්න දේශප්‍රේමියෝ ටික 100%ක්ම ලාංකික දේවල්ම පාව්ච්චි කරන අය වෙන්ට ඇති,

අර කලින් කිවා වගේ ඇමෙරිකන් ජෝකෙක් වත් අදින්නේ නැතිව ඇති, අඩුම ගානේ ඉන්දියාවෙන් ගෙන්නන ලේලන්ඩ් බස් එකක වත් යන්නේ නැතුව ඇති... (අනේ තාත්තා පා, මෙව්වා බලලා පන පලයන් පෙරේදා කිවලු)

මෙව්වා කියලා නෝටියා දේශද්‍රෝහියා කියලා හංවඩු ගහලා නෝටියගේ බ්ලොගේටත් සොරි.කොම් කරවයිද දන්නෑ...

එහෙව් කියලා මේ වගේ ගොන් ජෝක් දකිනකොට නෝටියගේ කට කසන කැසිල්ල නවත්තන්න මගේ නොටිච්චිට වත් බෑ ඔන්න... (පේනවනේ ටයිට්ල් එකේම තියනවා)

හැබැයි මෙන්න මෙහෙම දේකුත් නෝටියගේ ටිකිරි මොලේට තේරෙනවා...

ලංකාව දියුණු කරන්න නම් 100% ක්ම කරන්න බැරි උණත් අඩුම ගානේ 50%කවත් ලංකාවේ දේවල් වලට මුල්තැන දීලා වැඩ කරනවා නම් ම.රා. මාමා කියන ආස්චර්යද මොකක්ද එක සැබෑ වෙයි.

ඒත් ඉතින් කොහේ කොරන්නද හැම එකාම සුට්ටන් කාලේ ඉඳලාම පරගැති බව ඇගේ ලේ වලටම මුහු කරන්ට හදන කොට..
බොරුද මං කියන්නේ...???

බොරු කියලා කියනවා නම් මේකත් මතක කරලා බලන්ටකෝ...
සරලම උදාහරණයක්..!

1,2,3,4,5,........ වගේ වසරවල් වල් ඉක්කෝලේ ඉගෙන ගන්නකොට ලංකාව කියන්නේ..


ඉන්දියන් සාගරේ මුතු ඇටය

කියලා නෙමෙයිද කියලා දෙන්නේ?
ගාගෙන නෙමෙයිද තියෙන්නේ නැට්ටේ ඉඳං ගොම..!
හිච්චං කාලෙම පොඩි එකාගේ මොලේට කාවද්දලා ඉවරයි පරගැති බව.

( නෝටියට මතකයි දවසක් 7 හරි 8 හරි සිංහල පාඩමකදී මැඩම් ලංකාව ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියලා කියනකොට නෝටියා.., 
"මැඩම් කියන විදියට ලංකාව කියන්නේ වෙනම රටක් නම් ලංකා සාගරයේ මුතු ඇටය නොකිය ඉන්දියන් සාගරේ මුතු ඇටය කියන්නේ."
කියලා ඇහුවම මැඩම් නෝටියට චු යන්න කන මිරිකපු හැටි
ඒත් පීරියඩ් එක ඉවර වෙලා මැඩම් යනකොට නෝටියට කියලා ගියපු එකෙන් නම් නෝටියට මාර කික් එකක් ආවා
"මම ඒ වෙලාවේ කනෙන් ඇල්ලුවට පුතේ ඔයා හරි" )

ආයෙමත් ට්‍රැක් එකට..!

අරක එපා, මේක එපා කියලා ගොන් ජෝක් දුන්නට වැඩක් නෑ. මුල ඉඳලාම වරද්දලා හෝ වැරදිලා තියෙන්නේ. අන්න ඒ වැරදුන තැන නිවැරදි කරගෙන අවොත් "ලක්දිව සයුරේ මුතු ඇටය" හැමදාම දිදුලාවී..

හැබැයි කොයි තරං ගොන් ජෝක් උනත් ඒ වෝල් ආර්ට් වලින් එක දෙයක් නම් නෝටියා පිලිගන්නවා ඔබාමා ලංකාවට *ක දෙයි..

කිරි අප්පට තංගල්ලේ මීකිරි කිවලු. 
දන්නෙම නැතිව ගොඩක් ලියවිලා..තව ලීවොත් පෝස්ට් එක වනචර වෙනවා.. ආයෙමත් ඉල්ලං මාමයිට් ගාගැනීමේ අවලන්කෘත වූ නොසන්සිඳෙන ආසාවෙන් නෝටියා තට්ටු වෙනවා...

ලබ්බේ තොයිලේ හෙවත් නිදහස වගේ එක

හවස කීයටද මන්දා එක කෙළියට සතිඥඥා පත්තු වෙනකොට නෝටියට මතක් උනා හිටපු හමුදාපති තුමන්ට හම්බෙච්ච ටොපිය කාලා ඉවරවෙලා නිදහස ලැබුනා කියලා...


කොහොමින් කොහොම හරි අනේ වාසනාවන්..!
(මොනවා උනත් කුඩුවක ලගින්න ඕනි මනුස්සයෙ නෙවෙයි එතුමා.)


ඇත්තටම හිටපු හමුදාපතිතුමා හට ලැබුන නිදහස වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහසක්ද...?


කාට හරි කියන්න පුළුවනි "ඕව්" කියලා...
ඒත් ඒ වෙලාවට නොටියට කියවෙන්නේ 
"ආච්චිගේ රෙද්ද.." කියලා...


ඇත්තටම ඔහුට ලැබිලා තියෙන්නේ නාමික නිදහසක් කියලයි මට නම් හිතෙන්නේ...


කොටින්ම කියනවා නම් පරවියගේ තටු කපලා කුඩුවෙන් දොට්ට දැම්ම වගේ වැඩක්...!


මොකද කියනවානම් රටේ පාලන පක්ෂය කියන විදියට ඔහුට ලැබිලා තියෙන්නේ...! නිදහසක් නෙවෙයි...!
සමාවක්...!!! ඕව්... නියම ගුණසිරි බුල්ටෝ එකක්.


හොඳයි.., මොන මගුලකින් හරි දැන් ඔහුට යම්තාක් නිදහසක් ලැබුනානේ... එතකොට ඊළගට...?
ඊට කලින් කියන්න ඕන නෝටියා දැනගත් විදියට සරත් ෆොන්සේකා කියන්නේ කෙලින් අදහස් තියන, තද තීරණ ගන්නා, නිර්භය, හොඳ අතම විශ්වාසයක් තියන දකුණේ අම්බලන්ගොඩටම ආවේනික උණ හිතුවක්කරකමකින් හෙබි මනුස්සයෙක්.. (අඩේ..!නොටියටත් ආඩම්බරයි අප්පා..., මොකද නොටියත් අම්බලන්ගොඩයෙක්නේ...)
ඊළගට....?

  1. ලිඳට වැටුන එකා ලිඳේ කටෙන්ම ගොඩ එන්න ඕනි කියනවා වගේ කලටිපොල් වලට අයෙත් අවතීර්ණ වෙයිද...?
  2. නැත්නම් ගෞරවනීය සිවිල් පුරවැසියෙක් විදියට ජීවත් වෙයිද...?
නෝටියා නම් කැමති දෙවැනි මෙව්වා එක සිද්ධ වෙනවා නම්. මොකද කියනවා නම් ලංකාවේ දේශපාලනේ නමින් තියන බලු පොරේට එකතු උනොත් බිහි වෙන්නේ බල තණ්හාවෙන් පිරුන කෙනෙක්ව. 
ඕනෑම හොඳ මනුස්සයෙක් තිරිසනෙක් කරන්න හැකියාව ලංකාවේ දේසපාලනේ වගේ එකට තියනවා...

මොකද කියනවා නම්....

හොද මිනිහෙක් ලංකාවේ දේශපාලනේට ආවොත් වෙන්නේ...
1. පාළනතන්ත‍්‍රය තුලින් ඔහුව පාලන තන්ත්‍රයේ බළල් අතක් බවට පත් කර ගැනීම...
2. එසේ නොහැකි වුවහොත් මොනයම් ක‍්‍රමයකින් හෝ ඔහුව දේශපාලණයෙන් අතුගා දැමීම..

කලින් කමෙන් එකක කිවා වගේ උදාහරනයකින්ම කිවොත්...විජය කුමාරතුංග (නාදුනන වෙඩික්කරුවෙක්), ලක්ෂ්මන් කදිර්ගාමර් (ස්නයිපර් කරුවෙක්), ඇයි ප්‍රේමදාස ජනාදිපති තුමා (බෝම්බ පිපුරුමක්), දැන් සරත් ෆොන්සේකා (යුධ අපරදකරුවෙක්)

නෝටියා දන්නා කෙහෙම්මල් කලටිපොලයක් නෑ ඕයි..! 
ඒ උනාට ඔන්න ඕකයි තත්වය...

හැබැයි මෙන්න මෙහෙම දෙයක් නම් නොටියගේ ටිකිරි මොලේට කම්පනාවට එනවා... ෆොන්සේකාට කලටිපොලේ ඕනෑම නම් ම.රා. එක්ක එකතු උනොත් යම්තාක් දුරක් යන්න හැකි වෙයි කියලා හිතෙනවා...

මොනවා උනත් හත් ඉලව්වේ ලෝක බෝලේ අබ ඇටයක් තරම් තියන රටක ඇතුලෙනේ මේ හැම කෙන් ගෙඩියම වෙන්නේ... හරියට ලබ්බ ඇතුලේ තොයිලේ වගේ...

අවසාන වසයෙන් නෝටියා පතනවා ඔහුට යුද්ධය අවසන් කල හමුදා සෙන්පති ජනරල් සරත් ෆොන්සේකා කියන ලැබිය යුතු (නමුත් අහිමි උණු) ගෞරවේ වත් ලැබේවා කියලා..


Saturday, May 19, 2012

ඒබරං ආතට ජම නාරං කිව්වලු..!! - අහවල් කතාවක්නෙ

නෝටියා බ්ලොග් එකට අවේ නැති දවස් ටිකට සෑහෙන්න දේවල් සිද්ද වෙලා... බ්ලොග් පතාකයෙක් වෙච්ච තරුණ හදක් ඇති සුන්දර මිනිසා බ්ලොග් ලෝකෙන් විතරක් නෙමෙයි, මේ ලෝකෙන්ම සමුගෙන... ඔබා මාමා...!
දෑසින් නොදුටු සබඳ ඔබට නිවන් සුව...!


හරි...!


ඊයේ....
දසක ගානක් ලංකාවට ඇනයක් වෙලා තිබුන වණය ලංකාවෙන් තුරන් කරලා තෙවස් පූර්ණය සමරුව...
වැඩේ නම් හොඳයි කියලා හිතෙනවා...
ඒත්...!
ඒ මෙහෙවර ඉටු කරන්න උර දුන්නු ඒ අභීත සෙන්පතියා...??


ඕව්...! ෆොන්සේකාට ඇප දෙන්නලු හදන්නේ...
මගුලයි...!
ඇප දීලා නිදහස් උනත් ඒක නිදහස් වීමක් නෙමෙයි ලු...
සමාව දීමක්ලු...!
ඒබරං ආතට ජම නාරං කිව්වලු..!!




කොහොමෙන් කොහොම හරි ඒ මනුසප්පයා නිදහස් වෙනවා නම් නොටියාට හැපි ය.


නෝටියා දන්නා අහවල් කලටිපොලයක්  නැත.
ඒත් ෆොන්සේකා කලටිපොල නමැති බලු පොරයට නොගියේ නම් කුඩුවේ කූරු ගනින්නට වෙන්නේ නැත.
සුදු කොඩි කතන්දරද නැත.
හමුදාවෙන් පැන ගිය සෙබළු අරක්සාවට තියන හිටියා කියල කතන්දරද නැත...


එහෙනම් ඔහු තාමත් යුද්ධය නිමකළ ජෙනරල් සරත් ෆොන්සේකාමය..

Thursday, April 26, 2012

වැටත් නියරත් ගොයම් කා නම්...? (බඩුවත් හාංදුරුවන්ගේ)

අම්මප මේක නම් අමුතු ලන්තයක්මය...
වෙන්නෙම පිස්සු ඩබල් හරි මොංගල් කේස්මය...


ලොක්කෝ කියලා ජාතියක් ඇත්තෙහිය..
තවද සොක්කෝ කියලාද ජාතියක් ඇත්තෙහිය...
ලොක්කෝ හැම එකෙන්ම ආරස්සා විය යුතුය...
සොක්කෝ ලොක්කන්ගේ ආරස්සවා වෙනුවෙන් අදෝමුඛය දිය යුතුය...
නොදෙන්නේ නම් බලෙන්ම ගන්නවාය..


රටේ නීතියක් කියා දෙයක් ඇත්තෙහිය...
නමුත් එය මහා අමුතු එකකි...
බලපුලුවන් කාරයාට එක නීතියකි,
අහිංසක පොඩි මිනිහාට තවත් නීතියකි...


වැරදිලා වත් වාහනේ එලවනකොට ඉර කපුනොත් බඩු බනිස්ය...
අඩුම ගානේ 500 කට කෙල වෙන්නේහිය...
නමුත්..,
නීතිය පසිඳලීමට ඇති පොලිසියට නීතියක බලපෑමක් ඇත්තෙම නැත්තා සේය...
ඉර කපුනාට අවුලක් නැත,
ඩබල් ඉර කපාගෙන වංගුවකදී ඕවර් ටේක් කලත් අවුලක් නැත...

යමක් මතකෙට නැගෙන්නේහිය..
පසු වූ සිංහල හින්දු අවුරුදු දිනයන්හි මාද නෝටිච්චිද නුවර ගියෙමුය... සිටියේ බසයේ පිටුපස අසුනෙහිය.යමෙකුට අසුන ලබා දී මා නොටිච්චි අසලින් සිටගෙන පිටුපස වීදුරුවෙන් පාර දෙස බලා බලා සිටින කල මා දුටුවේ පිටුපසින් පැමිණෙන පොලිස් ජීප් රථයකි...ඩබල් ලයින්ද නොතකා දැඩි වංගුවකදී පොලිස් රථය බසයට ඕවර්ටෙක් කර පිඹගෙන ගියෙහිය.රථය කිනම් පොලිසියට අයිති රථයක දැයි නොකියන නමුත් මෙය සිදුවුයේ කඩුගන්නාව කන්ද නගින විටදීය...
  • වෙනත් අහින්සක රියදුරෙකුගේ අතින් ඔය වරද සිදු වුයේ නම්...,
  • අන්තරයකාරී ලෙස රිය පැදවීම..,
  • වංගු සහිත ස්ථාන වලදී රිය ඉස්සර කිරීම..,
  • ද්විත්ව රේඛා නොසලකා රිය ඉස්සර කිරීම...
යනාදී ලොවෙත් නැති කරුණු කියා සෑහෙන්න ගානක දඩ කොලයක් දෙනවාමය...
නමුත් ඔවුන්ට අවුලක් නැත්තෙහිය...
මන්ද යත් දෙකම හාංදුරුවන්ගේය...

අදෝමයි...
එකෙක් Z score එකෙන් සොමිය ගන්නවාය...
එකෙකු 2500කින් ආතල් ගන්නවය...
තවකෙක් ඇමරිකන් වර්ජනයකය... (අවුලක් නැත්තේමය, එහෙත් සත්‍යට මුණ දිය යුතුය...)
බහුතරයක් බොර දියේ මාලුවා නාවනවාය...
අපි බලන් ඉන්නෙහිය....
පුල්ම ආතල්ය...
තව දුරටත් ලීවොත් මාද දේශ ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසිය හැකිය...
මගේ බ්ලොගේටත් කෙලවිය හැකිය... 
ඒ නිසා මේක ලීවා ඇති වගේය... 
නමුත් තවමත් කට කසනවා කසනවා වගේය...
එතුරු ටික පස්සේ කසා ගන්නෙමිය..
අතකන් කීමට ඇත්තේ...
මෙව්වා දැකලා පන පලයන් පෙරේදා....
කියලාය.

Wednesday, April 11, 2012

නෙද්දකින්..! ලැජ්ජයි යකෝ ලැජ්ජයි...!!

ලංකාවට සුනාමි තත්ත්වයක සේයාවක් ඇදී මැකී ගියේය.
ඒ අපට ඉතිහාසේ දවසක වෙච්චි දෙයක් මතක් කරලා දෙන්නට මෙනි.
ලෝකයේ සිටින මිනිසුන් අතරින් අනෙකකු කෙරෙහි අනුකම්පාව දයාව ඉහලින්ම දක්වන මිනිසුන් සිටින රට ලංකාව යයි ඇස පනාපිටම අද දිනයේද දැක ගන්නට ලැබුණි...

එහෙත් රටේ කරුමෙකටද උන්ගේම කරුමෙකටද, පහල වූ ගොන් නාම්බන් ටික දෙනෙක් මුණු පොතේ අද දින (අප්‍රියල් 11) ඇති වූ සුනාමි අවදානමෙන් ගොන් ආතල් ගැනීමට තරම් තුහීන වී ඇත්තේය..
වරක් සුනාමියෙන් බැට කැ අපේම මිනිසුන්ගේ ජීවිත වල වටිනාකම, අද්දකීමේ දරුණු බව විහිලුවට ගත්තේ කිනම් පරමාර්තයකින්ද කියා තේරුම් ගත නොහැක..

උපුටා ගැනීම : Pacific Tsunami Warning Center 
අබුද්දස්ස කාලෙය...

සුනාමි තත්වයක් රටට ඇති නොවේවා.. කියා බුදුන්ට දෙවියන්ට,
රටට හානියක් නොවේවා කියා ජෙසුන්ට යාඥා කල සැබෑ මිනිසුන් සිටිනා රටක සිටින රටට‍ ඇත වූ  අවදානමෙන් ගොන් ආතල් ගත්ත සම"හරක්"ට..,
අප...
ශාප කරන්නෙමුද..?
අනුකම්පා කරන්නෙමුද...?


සුනාමි තතත්වයන් (ආසියා ශාන්තිකාර කලාපිය..) දන ගැනීම සඳහා පිවිසෙන්න>>
Pacific Tsunami Warning Center ( http://ptwc.weather.gov/ )

--------------------------------------------------------------

හෙට(12) පරණ අවුරුද්දත් ලබනවානේ...ඔන්න නොටියාගේ සුභ පැතුමත් ගන්න ගිහින් එන්නකෝ මෙන්න මේකටත්..


ප.ලි.
නෝටියා මේ තරම් නොසන්සුන් කමකින් පොස්ට් එකක් ලිව්වමයි. භාවිතා කල වචන සැර වැඩි ඇති.. ඒත් නෝටියා ඒ වචන ආයේ එඩිට් කරන්න යන්නේ නෑ.. 
ඒ ඇයි කියලා හිතක් පපුවක් ඇති මිනිසුන්ට තේරේවි...





Friday, April 6, 2012

හෙලුව සැපයි, පෝලිම දැක්කම...(අවුරුදු චාරිකා 01)

අවුරුදු කුමරාගේ වශීකෘත වූද.., කඩ කාරයාගේ අවලන්කෘත වූද..., බැල්ම වැටි ඇති බක් මහේ ලක්දිවට ගොඩ බැහීමට ලැබුනේ පූරුවේ පිනකටද, පවකටද,  යයි නෝටිය තවම සිතන්නේහිය...

මුළු ලංකාවම එක කෙළියට සිංහල හින්දු දෙමළ ( යුද්දේ දිනන්න කලියෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද කියා කීවද යුද්දේ දිනුවට පස්සේ එය අපිටද නොදැනීම සිංහල දෙමළ අලුත් අවුරුද්ද විය. ) අවුරුදු කන්න ලැස්ති වෙන්නේහිය.

ඕන පු...ක් දෙකයි පනහයි කියලා නෝටියද අවුරුදු සිරි විදගන්නට එලියට බැස්සෙහිය...

හුටස්‌..ය,
ටවුමේ දාර පෝලිමකි... කිසිත් නොදන්නා මාද පෝලිමට ලංකර එතන උන්නු බවලතියකට වදනක් දා බැලුවෙහිය.
මගුලකි..!
එය ඇදුම් සාප්පුවකට යන්න තියන පෝලිමකි.නෝටියට කලන්තේ නොහැදුනා විතරය... හරියට ලංකාවේ මිනිස්සු  අවුරුද්දකම හෙළුවෙන් ඉදලා වගේය...
ඒ තරමටම ඇදුම් ගන්න පොරකනවාය...

උඩු රාවණා ගේ මෙව්වා ඒකෙන ඉස්සුවේ

මෙච්චර පෝලිමක ඉද අදුම අදිනවට වඩා හෙළුවෙන් ඉන්න එක දාහෙන් සම්පතක් කියා මගේ ටිකිරි මොලේට වැටුන නිසා මා එතනින් මාරු විය. (බන්දුල මාමාගේ තුනටම 7500 ඇති මෙව්වා එකත් එක්ක බැලුවාම අනාගතේදී හෙළුවෙන් ඉන්න වෙන එක එතරම් ගැටළුවක් නොවෙයි කියා දැන් දැන් නෝටියට සිතෙන්නේහිය)

දැමු දාඩිය පොල්ලත් පිහිදමින් ටවුමේ ඇතුලට එන්න ආවේමිය...

අඩ මේ....!! අඩ මේ...!! 
බුවෙක් ගිරිය කඩන කෑ ගසන්නේහිය... මාද එතනට කිට්ටු කර බැලුවෙහිය...
පිස්සු කොරය...
මෑන්ස් විකුනන්නේ රතිඥ්ඥා ය..!
මාද රුපියල් 50ක් දුන්නෙහිය... ඒ ආදයම ගානේ චීන පටස් 10ක් වත ලැබේවි යයි සිතාය... කිරි අප්පට $@#%$#@%#@ කිව්වලු...
අරු මට දෝත බදලා චීන පටස් දෙකක් දුන්නෙහිය...

මෑන්ස්ට වැරදුනා වත්ද යයි සිතා "අය්යියා මම ඔයාට රුපියල් 50ක් දුන්නානේ..." යයි කිව්වෙහිය...
"හෙහ් මල්ලි එකක් 25යි, 50ට ක් දෙන්න මෙව්වා සීනි බෝල කියල හිතුවද...?" යයි කියා අවලං හිනාවක්‌ දම්මේහිය...

අවුරුදු සිරි එපා වූ මා රතිඥ්ඥා දෙකත් රැගෙන ගෙදර ආවේ රතිඥ්ඥා දෙක වත පත්තු කර සැනසෙනවා කියා සිතාය...

නොදෝමකින්ය...!!

පත්තු කරන්න හදනකොට එකක නුල ගැලවිණි...
අනික පත්තු විය...
කන් දෙක වහගන්න හදනකොටම චුස්‌..! ගෑවේය...

තවම ඒ රතිඥ්ඥා විකුණන එකාට හචිං යනවා බුදු සුවර්ය....



ප.ලි.
නොටිච්චි අවුරුද්දට සොපින් කරන්න යන්න ඕනි කියා නහයෙන් අඩන්නේහිය... දැන් ඉතින් තෙවන ලෝක යුද්දෙට ලැස්ති විය යුතුය...
අර කිරිකට් ගහන අය අධි ආරක්‍ෂිත කලාපය ආරක්සා කර ගන්න දාන වගේ ගැජට් එකක් වහාම ගත යුතුය... 
ගූගල් දෙයියා තම පිතුරේ සොයලා දුන්නේ...
සොපින් කොරන්න යනවා වගේ නෙවෙයි දාර පෝලින් වල පොරකන්න ගිහිල්ල තියන ගැජමැටික් වලට හානි කරගන්න කවුද අප්පා කැමති.

Friday, March 23, 2012

ඉන්දියාව ද අපිට "පු"යන්න යි, "ක"යන්න යි පෙන්නුවෙහිය.

කජුවත්ත එක්සත් Cricket සමාජය මෙව්වා ඒකෙන්
පින්තුරය ඉස්සුවෙමි.
අල්ලපු ගෙදර කොට ජොසපින් ගේ බලු නකුටා ලවක් දෙවක් නැතුව හුරේ බුරන්නේහිය. කනක් ඇහිල්ලක ඇත්තෙම නැත. මොන ගිනි විච්චුම්බරයක් වෙළද කියා බලන්නට පිළිකන්නේ දොරෙන් දොට්ට බැස්ස කල කරණය වැටහුණි.

ආසේ හඳේ භාගයක් පේන්නට ඇත. එය ලෙසටම බබලනවාය. හඬ ලෙසටම බබලනවා කියන්නේ පිස්සු හැදෙනවා කියනා එක කියා දෙකේ වත්තේ ඇම්ඩන් සිරිපාල කියනවා මට ඇසී ඇත්තෙහිය...

ඇම්ඩන් සිරාගේ කතාව සටිපිකට් තෘ කියා තේරුනේ පච පෙට්ටියේ පෝර්ති බැලු කල්හිය.
පිස්සු හැදෙයිය, සඳ බැබලෙයි ය...!!

සිරි ලංකා ද්වීපය දන සිරාම සිරා රටක් වී ඇත්තෙහිය. ඉස්සර නම් ලංකාව වෙනුවෙන් චන්ද කලේ ලංකාවේ අපිය. ඒත් දන තත්වය අම්බානට දියුණු වී ඇත්තෙහිය. ලංකාව වෙනුවෙන් පිට දේශ දීපන්කරෙත් චන්ද තියනවාය.
ඉතින් ලංකාවේ පුරවැසියන් විදියට අපිට හේනට ආඩම්බරය.

ඒ උනාට ඕනවට වඩා ආඩම්බර වෙන්න හොද නෑ කියල පන්සලේ පොඩි හාමුදුරුවොයි, පල්ලියේ ජෝසප් ෆාදරුයි කී කතාව හෙනම ඇත්තක් කියා තේරුනේ,

ලංකාව වෙනුවෙන් පිට දේස දීපන්කරේ චන්ද තිබ්බත් එව්වා හුරේ පරාද වීම හේතුවෙනි.

( පෝර්ති වලට කිඋවා...  [ හුරේ...!! අපි පරාදයි..!! ]
ඡන්ද විමසීම මේ දැන් පැවැත්උණා.. 
පක්සව ඡන්ද 24 .. 
විපක්සව 15..
ඡන්දය නොදී 8..
ඇමරිකානු යෝජනාව සම්මතයි.. ! )

මෙව්වා එක පරාද උනාම වෙන්නේ මොන කෙන් ගෙඩියක් දැයි නොටියගේ ටිකිරි මොළයට තේරෙන්නේ නැත.

ඒ උනාට නොටියගේ ටිකිරි මොලේට කම්පනාවට ආව දෙයක් ඇත. ලංකාව කෝච්චි පාර හදන්න කියලා කොටි ගානක ප්රෝජෙච්ටුවක් ඉන්දියාවට දුන්නෙහිය, උන් එකට කල ගුණ සැලකීමක් විදියට ලංකාවට ලෙසටම "පු" යන්නයි "ක" යන්නයි පෙන්නුවෙහිය.

අපිට හොදම වැඩේය....!!

හප්පට සිරිය.. තව ජුන්ඩේන් මතක බැරි වෙනවාය. ලංකාවට පක්සව...,
  • බංග්ලාදේශය
  • චීනය
  • කොංගෝව
  • කියුබාව
  • ඉක්වදෝරය
  • ඉන්දුනීසියාව
  • ක්වෙයිට්
  • මාලදිවයින
  • මොරිටේනියා
  • පිලිපීනය
  • කටාර්
  • රුසියාව
  • සෞදි අරාබියාව
  • තායිලන්තය
  • උගන්ඩාව 

යන මිතුරු රටවල් චන්දය පාවිච්චි කර ඇත්තෙහිය.
කල ගුණ දත් සිරි ලාංකිකයෙක් විදියට නෝටියා..


Thanks a lot...!
Bangladesh, China, Kongo, Cuba, Ecuador, Indonesia, Kuwait, Maldives, Mauritania, Philippians, Qatar, Russia, KSA, Thailand & Uganda.

....කියලා කියන්නෙහිය.



Related Posts Plugin for WordPress, Blogger...