Pages

Showing posts with label Impression's | සංකල්පනා. Show all posts
Showing posts with label Impression's | සංකල්පනා. Show all posts

Tuesday, April 14, 2015

අලුත් අවුරුද්ද හා සෝෂල් මීඩියා...

මේ වෙනකොට සිංහල අලුත් අවුරුද්ද ලබලා චාරිත්ර වාරිත්ර එහෙම කරලා නෑගම් යන්න කට්ටිය රෙඩි වෙනවා ඇති.

කීදෙනෙක් අවුරුද්ද සෝබනේ නැතිව සමරන්න ඇතිද?

මට හහිතුන දෙයක් කියන්නම්. මගේ යාලුවෝ ගොඩදෙනෙක් අවුරුද්ද සෝබනේට සමරලා තියෙන්නේ. මුං බහුතරයක් FB based කරගෙන අවුරුදු සමරලා තියෙන්නේ.

කාලෙ වෙනස්, තාලේ අලුත්.

කොහොම වෙතත් හැමෝන්ටම සුභ අලුත් අවුරුද්දක් වේවා.

Saturday, February 14, 2015

කොන්ඩම්.

මාතෘකාව නම් 18+. මුලින්ම මං පුංචි දෙයක් අහලා ලියාගෙන යන්නම්.

කොන්ඩම් කියන්නේ වනචර දෙයක්ද?

මම මේකට උත්තරයක් ලියන්නේ නැතිව බලන ඔයාලා ලියාවි කියලා හිතලා මගේ කතාව ලියනවා. අද උදේ මම ගෙදරට ඕනි බඩු වගයක් ගේන්න ටවුන් එකට ගියා. බස් එකේ ගියේ කාර් කටුවෙ බැටරිය මට උදේම ලොකු ලයින් එකක් දැම්ම නිසා. ගන්න ඕනි බඩු ටිකත් අරගෙන මං ආයෙ ගෙදර එන්න බස් එකට නැග්ගම තමා සීන් එක උනේ. මම වාඩිවෙලා හිටිය සීට් එකේ අනිත් පැත්තේ ඇවිත් වාඩි උනා සාමාන්‍ය වයසක ගෑනු කෙනෙකක්. බස් එකෙත් ටිකක් විතර සෙනග හිටියා. ඔය කියපු ගෑනු කෙනාගේ එහා පැත්තේ හිටගෙන කොල්ලෙකුත් හිටියා අවුරුදු 25ක් විතර ඇති. දැං බස් එකේ කොන්දා ලමයා ටිකට් කඩාගෙන කඩාගේන ආවා අපි ඉන්න හරියටත්. ඉතිං අර හිටගෙන ඉන්න පිරිමි ළමයා ටිකට් ගන්න පර්ස් එක ඇරලා සල්ලි ගන්නකොටම පර්ස් එකේ තිබිලා යමක් වැටුනා අර මම කලිං කියපු ගෑණු කෙනාගේ උකුල උඩට.

දෙයියංගේ පිහිටයි සතුට...!

ඕක අර ගෑනු කෙනා දැක්කා විතරයි පටං ගත්තා බස් එකේ දහඅට පාලිය නටන්න. අර කොල්ට යනඑන මං නැතිව පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති. ඒකා අර ගැනු කෙනා කියන හැම දෙයක්ම ගල් බිල්ලා වගේ අහගෙන ඉන්නවා. ඒ ගෑනු කෙනාගේ කියවීම නවතින්නේත් නෑ. මම හිතන්නේ බැරිම තැන වෙන්න ඇති කොල්ලා සද්දෙන් කියපි....

මම ඕක ගත්තේ මගේ ගෑනි එක්ක **** මිසක් ඔහේට **** නෙවෙයි කියලා...


 කතාව එතනින් ඉවරයි...

දැං මට හිතෙන දේ කියන්නම් ඔය ටොපික් එක ගැන. කොන්ඩම් එකක් කියන්නේ මහා ලොකුවට හංගන්න ඕනි දෙයක් නෙමෙයි. කොන්ඩම් එකක් කියන්නෙත් මිනිසාගේ එදිනෙදා ජීවන කාර්යේදි අවශ්‍ය වෙන එක භාණ්ඩයක් විතරයි.

ඒ උනත් කොන්ඩම් එකක් කීවම අපේ හිතට එන හැගීම අවස්ථානුරූපිව විවිධාකාරයි. ඒකට හේතුව විදියට, හුගක් වෙලාවට කොන්ඩම් එකක් උපත් පාලනයට භාවිතා කරන භාණ්ඩයකය වඩා, ගණිකාවන් එහෙමත් නැත්නම් අන් අගනුන්ගේ පහස ආරක්ෂාකාරිව ලබා ගැනීම උපයෝගී වන භාණ්ඩයක් විදියට සමාජයේ මුල් බැහැගෙන තියන නිසා වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.

ගිය අවුරුද්දේ වෙච්චි සිද්ධියකුත් මතක් උනා මේ අතරේම...ගිය අවුරුද්දේ වැලන්ටයින් දවසේ හවස් වෙලා අපි යාලුවො ටික සෙට් උනා (බොන්න නෙමෙයි, coffee party එකකට) සම්පත් කියලා යාලුවෙක්ගෙ ගෙදර. ඒකා ඩොකෙක්. මෑන්ස්ගේ පාමසියේ වැලන්ටයින් දවසේ විතරක් කොන්ඩම් පැකට්ස් 250 කට වඩා විකිනිලා. එහෙම බලනකොට නං ඉතිං... අනේ මංදා...

Monday, February 9, 2015

වැලන්ටයින් ආතල් - රූම් අදිනවාද?


පෙබරවාරි 14 වෙනිදා... වැලන්ටයින් එකට කෑල්ලව රූම් එකකට ඇදලා පොඩි ආතල් එකක් ගන්න කී දෙනෙක් හිතන් ඉන්නවද? බලාගෙන පොලිසියෙන් පරිස්සමෙන්. රූම් එකේ ආතල් ගනිද්දී පොලීසියෙන් පැනලා කූඩුවේ ලගින්න උනොත් ආතල් කුඩුනේ... රූම් අදින කෑල්ල බදින්ම සිරා කරන එක තියා සයිඩ් කික් එකක් උනත් කූඩුවේ ලගින්න උනොත් බඩු බනිස්.

මේකයි සීන් එක
ඔය රූම් අදින කෑල්ල සිරා කරන එක නම්, ඇයි බං කෙල්ල එකක් රූම් අස්සේ රිංගන්නේ, ලිහලා බලන්න තියන මල්ල ඔබලා බලන්න ඕනිද, කවදාක හරි ඔබලා බැරිනම් ලිහලා බල්ටි ගගහා බලන්න පුලූවන්නේ.. අනික තමයි රූම් අදින කෑල්ල සිරා කරන එක නෙවි සයිඩ් කික් එකක් නම්, ඇයි බං ඔය රූම් අදින කෙල්ලත් තමංගේ අම්මා හරි සහෝදරි කියලා හිතන්න බැරි. මොකෙක්වත් අම්මා එක්ක හරි තමන්ගේ සහෝදරි එකක් හරි රූම් ගිහින් ආතල් ගන්නවද, ලංකාවේ සංස්කෘතිය නම් ඒ තරම් පිරිහිලා නෑ මම හිතන්නේ...

මම නම් පෞද්ගලිකව වැලන්ටයින් සමරන්නේ නෑ. මොකද මමයි මගේ සුදු මැණිකෙටයි හැමදාම වැලන්ටයින්. අපි යාලූ වෙලා හිටියා අවුරුදු 04ක් අපි බැදලා දැනට අවුරුද්දයි මාස කිපයක්, අද වෙනකම් අපි හරිම ආදරෙන් ඉන්නවා. වැලන්ටයින් සමරන්න ඕනෙමයි කියලා හිතනවා නම් එදාට පංසලකට ගිහන් මලක් පහනක් පූජා කරලා, පල්ලියට ගිහින් ඉටිපන්දමක් පත්තු කරලා තමංගේ ජීවිත වලට ආශිර්වාදයක් ගන්නවානම් සුපර්බ්.

ජයවේවා..

නිරුවත් හීන - 2015 ට මුල්ම එක



තරු කැට වගේ නිල්මිණි දෑසේ සැගවෙන්න
සුලගක් වෙලා සියුමැලි වතේ දැවටෙන්න
සියුමැලි දෙතොලේ උණුහුම ලබන්න
ආසයි....
ඒ උනත් වරම් නෑ විදින්නට
ඔයා අන්සතු උයනක පිපුණු මලක්
මම සුදනෙක් නෙවෙයි 
වගේම,
වනචරයෙකුත් නෙමෙයි...

Saturday, November 1, 2014

සුදනෙක් නොවෙමි...

 හීසර වන් දෙනෙත් යුග්මයට,
හද සසල කරනා පිරිපුන් රණ හංස යුවලට,
මන බන්දන පුළුල් උකුලට,
හීගඩු පුප්පන අනග රැගුමට,
වශී උන කෝඩු සිත....
වෙර දැරූ නමුදු...
කිමිදෙන්නට අනන්තයට රස සයුර තුල...
සුන්නත් කලෙමි,
කෝල (වනචර වූ)  සිත.

Tuesday, October 7, 2014

ජංගි අදින පිරිමි..

නිමිත්ත...
සර් දන්නවද වැඩක්... අර ලිගල් සෙක්ෂන් එකේ ඉන්න කරුණාරත්න ඊයේ හවස අඩියක් ගහලා සර්ට හොදටම දෙහි කැපුවනේ. මම මේ මේක සර්ට කිව්වේ වෙන මොකවත් නිසා නෙමෙයි, මම සර්ට තියන හිතවත් කම නිසා. ඔන්න සර් කරුණාරත්න ගෙන් මේ වගක් අහන්න යන්න එපා. සර්ට තියන හිතවත් කම නිසයි කිවේ....

සමීක්ෂක වාර්ථාව

ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොව ආයතනයන්හි ජංගි අදින කොට්ඨාස දෙකක් සිටින්නෙහිය.

1. ජංගි අදින ගැහැණු
2. ජංගි අදින පිරිමි.



මේ අවස්ථාවේ ජංගි අදින Default  කොට්ඨාසය පිළිබදව විස්තර පැවසිමට නොයන්නෙමි.

ජංගි අදින ගැහැණුන්ට අමතරව මේ ජංගි අදින පිරිමි වනාහි අමුතුම සත්ත්ව කොට්ඨාසයකි. හුගක් වෙලාවට මේ ජංගි අදින පිරිමි කොට්ඨාසය ආයතනයන්හි ක්ෂණිකව හදුනා ගැනීමට අපහසු වන අතර, කලක් ආයතනය තුල සේවයේ නිරතව සිටිනා විටදී පැහැදිලිවම හදුනා ගත හැකි අතර අඩු වැඩි වශයෙන් සියළුම ආයතනයන් තුල සිටිනා බැව් සමික්ෂණ වාර්ථා වලින් හෙලිවි ඇත.

තවද, මොවුන් තමන්ගේ පැවැත්ම උදෙසා ජංගි අදිනු ලබන බැව් සමීක්ෂණ වාර්ථා වලින් හෙලිදරව් වන අතර, ආයතනයන්හි කළමණාකාරිත්වය හා උසස් නිලයන් අභියස මෙම කොට්ඨාසය වැඩි වශයෙන් ගැවසෙනු ලබන බැව් හෙලිදරව් වී ඇත. තවද, මොවුන් දිය යටින් ගින්දර රැගෙන යාමේ තාක්ෂණය සහ දිය රෙද්දෙන් බෙල්ල කැපීමේ කලාව මනාව පුහුණු කල අයවළුන් බැව් වැඩිදුරටත් සමීක්ෂකයන් දන්වා සිටී. 

එබැවින් සමීක්ෂකයන් විසින් පෙන්වා දෙනු ලබන අවසන් නිගමනය පහත සදහන් පරිදි බැව් කාරුණිකව දන්වා සිටිමි.

ජංගි අදින Default  කොට්ඨාසයට වඩා ජංගි අදින පිරිමි කොට්ඨාසය සමග වැඩ කටයුතු කරගෙන යාමේදි වඩාත් ආරක්ෂා විය යුතුය... යන්නයි


උඹ...| වෙනකකුගේ කථාවක්


හෙවනැල්ල වගේ ළගින්ම ඉන්නවා,
මම
ඔයාගේ....,
කියූ පමණින්...,

හෙවනැල්ලේ ජීවය 
ආලෝකය ඇති විටදි පමණක් බැව් 
අමතක කර 

උඹ...!

ජීවිතයේ මහා පොදු සාධකය කරගත්
මා මෝඩයෙකි...
උඹ ස්ත්‍රියකි...

Sunday, July 8, 2012

ඇඩ්‍රස් නැති වෙන්න කලින්...


කෙනෙක්ගේ ජීවිතේ එක සුළු දෙකින් කොයි තරම් නම් වෙනසක් කරන්න පුලුවන්ද...?
ඒ සුළු දේ...
කෙනෙක් නිසා...
නැත්නම් ටික දෙනෙක් නිසා වෙන්න පුළුවන්...
ඒත් ඒ වෙන වෙනසට මුහුණ දෙන්න ඕනි අදාල මනුස්සයා.
කොයි තරම් අය හිටියත් වෙන වෙනසට මූණ දෙන්න ඕනි ඒ මනුස්සයා.
වෙනසට මූණ දෙන එකා ඇගෙන් කෑල්ලක් ගියත් ඒ වෙනසට අනුගත වෙන්න ඕනි,
හරියට ඒක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්,
කට කපා ගන්නේ නැතිව කිරි ටික කන්න ඕනි.
නැත්නම් වෙන්නේ...
තමන් කොච්චර නිවැරදියි කියලා තමන්ගේ හිත තමන්ට කීවත්,
ලෝකයා තමන් දිහාට එල්ල කරන ඇගිල්ලෙන් බේරිලා ඉන්න බැරි වෙන එක.
ඒක හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්,
ඒක නිසා කරන්න තියන හොඳම දේ තමයි....
ගෞරවනීය නිෂශබ්දතාවය...
ඒත් ඒ වෙනකොට තමනුත් සෑහෙන්න කණපිට හැරවිලා වෙන්න පුළුවන්...
ඒක තමයි ලෝක ස්වභාවය...
ඇඩ්‍රස් නැති උනත් ඇඩ්‍රස් සොයාගෙන ගමන යන ඒක තමයි....
ජීවත් වෙනවා කියන්නේ...


Friday, May 4, 2012

බොලාට මගේ කට කන්න බෑ...

ලංකාව වනාහි සැදැහැවත් බෞද්ධ රටක්ය...
කොතරම් සැදැහැවත්ද කියලා කියනවා නම් ඇග කිලිපොලා යනවාය...
මෙව්වා කිවා කියලා නෝටියා දේශද්‍රෝහියෙක් කොරයිද දන්නෑ... කට කෑවත් කියන දේ කියන්න ඕනිලුය... බොලාට මගේ කට කන්න බැරි නිසා මම කියන්නෙහිය...

ලෝකේ පහල උන උත්තරීතරම ශාස්ත්රුවරයා පහල වූ, බුද්ධත්වය, මහා පරිනිර්වාණය, සිදු වූ උත්තරීතර දිනය හෙට සමරන්නේහිය. (නෝටියාද වෙසගේ නෝටිච්චි සමග පන්සල් ගොස් සිල් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙමුය)

ලෝකෙට සාමය, ප්‍රේමය කියාදුන් ජේසුතුමන්ගේ ගුණ දෙසැම්බර් 25 සමරන්නේහිය...
විය යුත්තේද ඒක කියාද නොටියාට සිතෙන්නේහිය...

ඔක්කොම හොදයිය..
ඒත් නොදෝමකින් එව්වද ඇත්තෙහිය...

වෙසක් විකුණාගෙන කන්න පටන් ගන්නේ වෙසක් වලට සති දෙක තුනක කලින් ඉදලාමය.

වෙසක් කාඩ් කියලා ජාතියක් විකුනනවාය,


වෙස් මුණු කියලා ජාතියක් ද තියෙන්නේහිය..
(සමහරක්ට කරන වැඩ නිසා තියන මූණ පෙන්නන්න බැරි නිසා වෙස් මූණ අගනේය...- වෙස් මූනේ ආක්‍රමණය සිදුව ඇත්තේ හැලෝවීන් ඩේ මගින් කියලා තමයි නොටියාට නම් හිතෙන්නේ)


එව්වා සුට්ටකට පැත්තකින් තියමු.. උණ පතුරු වලින් අටපට්ටම් හදලා හිටියාට දැන් එහෙම උණ බට එක්ක දොන් විය යුතු නැතිය... කඩේට ගිහින් කොලද ඇලවූ අටපට්ටම් මොනරුන්ට ඉලවු වෙන්නේහිය...


හොදම දේ... වෙසක් වලට දවස් කීපයකට කලින් සියලුම බාර් වහන්නේහිය. හැබැයි වහන්නේ ඉස්සරහා දොර විතරයිය... පස්සේ දොරෙන් 1000 බෝතලේ 2000ට දෙන්නේහිය.. බාර් එකේ මුදලාලියාද හිනා වෙන්නේ අධෝ මුඛයෙන්ය.

අදෝමැයි...! @#%#$%#$@^

මෙව්වා කියන්න කියන්න ඇඟේ මාළුවා පහල ඇලේ සික්ස් එයිට්‌ බීට් එකට නටන්නේහිය..!

මගේ මාළුවා නටන තාලෙකට නටපන් කියා මම මේ පෝස්ට් ඒක නතරකරන්නෙහිය...
නෝටියාද කූඩු හැදුවේ නැතිය..
කඩෙන් ගේන්නේද නැතිය...
උදේ වෙන්ට බාරි එක්ක පන්සල් යන්නෙහිය, රෑට පොල් තෙල් පහන් ගොඩාරියක් පත්තු කරන්නෙහිය.
මගේ වෙසක් මම එහෙමෙ සමරන්නේහිය.

එහෙනම් හැමෝන්ටම පින්බර වෙසඟක් වේවා....!!





උතුම් බුදු බණ නිරන්තරයෙන් දෙසු සදහම් සමිඳු සරණයි...
නුවන් සනහන කැළණි මියුගුණ සෑ රඳුන් සිලුමිනෙහි සරණයි...
සමන් ගිරිහිස පහන් කරමින් තැබූ මුනි සිරිපතුලේ සරණයි...
නිවන් දක්නා ජාති දක්වා අප සැමට තුනුරුවනේ සරණයි...











Ummaaaah.....!






I don't know
Why..?


Closed ma eyes automately,..
scalated ma heart beat very fastely...
I felt fly Butterfly in my body...
I felt sweet aroma..


Oh..!
Mind blowing..
I had ma First Kiss..

Wednesday, April 11, 2012

කොහෝ හඬයි... රබන් හඬයි - ගුද ගුද තක..!! ගුද ගුද තක..!!



කොහෝ හඬයි...
රබන් හඬයි...
රැව් පිලි දෙන්නා...
ගුද ගුද තක..!! ගුද ගුද තක..!!
රැව් පිලි දෙන්නා..... අවුරුදු එන්නා...!!

කැවුම්, කොකිස්, රස අලුවා
සුවඳ දැනෙන්නා...
ගුද ගුද තක..!! ගුද ගුද තක..!!
සුවඳ දැනෙන්නා..... අවුරුදු එන්නා...!!

ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද
කිරියෙන් පැණියෙන් ඉතිරෙන 
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

Tuesday, March 20, 2012

සින්නක්කර

ඔය සිත අද්දරට වෙලා
තරු ඇස් දෙක දිහා බලාගෙන ඉන්නකොට
දැනෙන සැනසීම
නිදහස
නෑ හිතට,
ඔයාගෙන් දුරස් වෙලා ඉන්නකොට.
ගෙවෙන හැම දවසක්ම
ගෙවෙන හැම විනාඩියක්ම
හැම තත්පරයක්ම
ගෙවෙන්නේ හරීම හෙමින්..

කියා ගන්න බැරි තරමේ
පාළුවක්,
තනිකමක් හිතට එකතු කරලා....

කොච්චරක් ඇගිලි ගන්නත්
වැඩක් නෑ...
ඔරලෝසුවේ කටු කැරකෙන්නේ හරිම හෙමින්...

ඒත්... ඒත්....
ඔයා එක්ක ගත කරන දවස ගෙවිල යන්නේ
විදුලි වේගයෙන්...
නළලත තියපු හාදුවේ උණුසුම මෙකෙන්නත් කලින්
දන්නෙම නෑ වෙලාව ගත වෙලා...

ඒ වෙලාවට  තමයි තේරෙන්නේ...
සතුට සැනසීම සින්නක්කර දෙයක් නෙමෙයි කියලා..
ඒත් උබ මගේ ජීවිතේ, ආදරේ සින්නක්කරම ලියාගෙන,
මටත් හොරෙන්ම...


Monday, January 16, 2012

හබිය vs ස්වීටි

මේක ඇවිල්ල නොටිය ටික කාලෙකට කලින් දාන්න හිටපු පොස්ට් එකක්. මේකයි සීන් එක. ටිකක් රසවත් එකක්. ඒ තමයි අපේ ගෙවල් දොරවල් වල සුවාමි පුරුසයටයි බිරින්දෙටයි ආමන්ත්‍රණය කරන සුන්දර වචන

සුවාමි පුරුසයට මුලින්ම බලමු...

  • අපේ එක්කෙනා...
  • ඒයි... (මල පැනල කතා කරනක්ප්ට ඕයි කියල වෙනස් වෙනවා.)
  • අපේ මහත්තය...
  • දරුවන්ගේ තාත්ත...
  • හබිය (ටිකක් පොස් විදියට)
  • සුදු මහත්තය
  • රාලහාමි
  • ටුටූ
  • බබා


ගෑණු මනුස්සයට කියන එව්වා බලමුකෝ...

  • දරුවන්ගේ අම්ම...
  • අපේ එක්කෙනා...
  • අපේ උන්ද...
  • සුකිරි බොලේ (ටිකක් බැටර පාර ගැන වෙලාවට)
  • සුදු නෝනා
  • මැණිකේ
  • මල හොන්තුව... (මල පැන්නහම කියනවලු..)
  • බබී
  • ස්වීටි  (පොස් විදියට)

ඔන්න ඔය විදියට තමයි නොටියට මටක් උනේ.... මොකද කියන්නේ... තව එව්වා දන්නවනම් කියමුකො බලන්ට.

අද මගේ සුපුන්චාගේ උපන් දිනේ.... ඔන්න ගිහින්ම බලන්ටකෝ... (ඔවු! ඔවු!! නෝටිච්චි තමයි බං)

Saturday, December 31, 2011

ආවඩා...!!!

අඩේ අප්පා මොන ග්‍රහයෙක් ලබලද මන්ද මොකවත් ලියන්න හිතෙන්නෑ.ශික් කියන්නේ ශික්ම ශික්. මාරයට කියලා අහවල් එක වත් බලාගන්න ඕනි.

එව්වා පැත්තකින් තියමුකෝ... 

ගෙවිල ගිය 2011 නම් නෝටියට එල අව්රුද්දක්. ඒ කියන්නේ පිස්සු පීකුදු වෙච්ච අවුරුද්දක්. බය්ල ඕන නෑ..... ගෙවිල ගිය 2011 දී තමා නෝටියට නොටිච්චිව හම්බ උනේ, ෆැකල්ටි අවුට් වෙලා ජොබ් එකට සෙට් උනේ, ඒ විතරක් නෙමෙයි මේ බ්ලොග් එක පටන් ගත්තෙත් 2011... එව්වා එතින් සුට්ටන් සුට්ටන් එව්වා. තව එව්වා මෙව්වා අම්බානකට.
ඉතින් කාට නැතත් 2011 නම නෝටියට ගොඩක්ම වැදගත් වගේම ජීවිතේ අමතක නොවෙන වසරක්...

ම්ම්ම්ම්ම්ම්.... ඉතින් දැන් 2011 නම් ඉවරා...යි..තව සුට්ටන් වෙලාවකින් 2012 එනවා....නොටියි නොටිච්චිය් නම් ටිකක් වෙනස් විදියකට අවුරුද්ද පටන් ගන්නය් හිතන් ඉනනේ... ඒ විස්තර හෙටම ලියනවා...

එහෙනම් නෝටියයි නොටිච්චියි ඔයාලා සියලු දෙනාටම සියලු හිරිහැර බාධක මැඩගෙන 2012 ත් ජය ගන්න ශක්තිය දෛර්ය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...

පින්තුරේ නම් සිළුමිණ පත්තරෙන්
සියලු කරදර මග හැරී යන
සියලු භාධක තුරන් වී යන
සැපත සැනසුම පිරී ඉතිරෙන
නැවුම් වසරට ආවඩා... ආයුබෝ...

Monday, November 28, 2011

ජීවිතේ කවියක්...









මේක නම් මූණුපොතෙන් අහුලා ගත්තේ...
ඇත්තටම ලස්සන කවියක්...
කියවලා අදහසත් දාලාම යන්ටකෝ...

Friday, November 11, 2011

Chinese Telephone Centre







Hi there.. 
First of all I would like to tell you, my naughtychchi was sent to me this article. Anyway I like to publish again this via my blog. Have a fun gals and gays, oops…! Sorry, sorry GUYS

That’s a Story…

Caller : Hello… Can I speak ANNIE WAN?

Operator : Ya. You can speak to ME

C : No.no... I want to speak to ANNI WAN!

O : Ya. I can understand you want speak to ANYONE, so you can speak to me. Who’s this?

C : I’m SAM WAN, and I need to call ANNIE WAN. it’s urgent.

O : I know you’re SOMEONE and  you need to talk ANYONE. But what’s this urgent matter?

C : Well. Just tell my Sis ANNIE WAN that our brother NOE WAN was faced in an accident. NOE WAN go injured and now NOE WAN was sent to the hospital Right now. AVERY WAN is on his way to the hospital

O : Look..! If NO ONE was injured and NO ONE was set to the hospital, then the accident isn’t an urgent matter! You may find this hilarious but I don’t have time for this

C : Oops… You’re rude. Who’re you..?

O : I’m SAW REE

C : Ya… you should be SORRY. Anyway… now give me your name

O : That’s what I Said. I’m SAW REE

C : Oh… God

Hah!  J
How is that my friends? Is it so funny known?
(Specially, I need to tell you. That’s only narrative. I never mind to insult any person. Okay)

See you again
Cheers!
Naughty

  

Tuesday, November 8, 2011

පරණ ගොනාව

ඈතට පලයං
දෑහැට නොපෙනෙන්නම පලයං
නුඹේ ඔය බොරුකාර ආත්මයත්, 
ආදරයත් අරං
ඈතටම පලයං..
මොකටද තවත් ළං වෙන්නේ
විනාස වෙලා ගිය හිත තවත් පොඩි කරලා දාන්නද
ආයෙත් හීන ලොකෙකට අරං ගිහිල්ලා පස්සට පයින් ගහන්නද
නැත්තම් වෙන ගොං නාම්බෙක් සෙට් උනේ නැද්ද
පුහ්....
වැඩක් නෑ... 
උඹට කරන්න පුලූවන් ඇටිකෙහෙලක් නෑ
තැලිච්ච හිතේ තලන්න මොකවත් නෑ
අනික....
උඹේ වංචාකාර කදුලූ වලට 
දැං හිත උණු වෙන්නෙත් නෑ
ඒ ගොනා වික්කා....


?පරණ ගොනාව මස් කඬේට දක්කපු
    නෝටියා මං....  J

Sunday, November 6, 2011

දෝනියි තාත්තීයි තනිඋනා



දැන් ඉතිං මොනවා කරන්නද නිරාෂා. දැන් ඉතිං පරක්කු වැඩියි...

ඔයාට එදා සුපුන් එක්ක යන්න කලියෙන් ගොඩක් දේවල් හිතන්න තිබුණා. මම ගැන නෙමෙයි අපේ පුංචි කෙලි පොඞ්ඩ ගැන හිතන්න තිබුණා. ඒකි අම්මෙක් නැතිව ජිවිතේ ගොඩනංවා ගන්නේ  කොහොමද කියලා ඔයාට හිතන්න තිබුණා. කවදා හරි ඒකි ලොකු ළමයෙක් වෙච්ච දවසට... කව්ද කෙලිව බලා ගන්නේ....

ඔයාට අමතක වෙන්න ඇති අපි ඉස්කෝලේ යන කාලේ කොයි තරම් නං ආදරෙන් හිටියද. ගෙවල් වලින් අපේ සම්බන්දෙ දැනගෙන මොන තරම් නම් ප‍්‍රශ්ණ ආවත් අපි කොයි තරම් නං ආදරෙන්ද හිටියේ. අන්තිමට ඒ හැම බාධකයක්ම දිනලා දෙමාපියන් සේරගේම ආශිර්වාදේ මැද්දේ එක වහලක් යටට උනේ මොන තරම් නං බලාපොරොත්තු කන්දරාවක් හිතේ පුරවගෙනද....

කෙලි පැටික්කී අපේ ලෝකෙට ආවායින් පස්සේ අපේ ලෝකෙ සතුට කොයි තරම් නං වැඩි උනාද. ඒ අහිංසක මූන දිහා බලාගෙන ඔයා කොහොමද ඒ අහිංසකීව දාලා පැදුරටත් හොරෙන් ගියේ. අපේ පුංචි කුරුලූ කුඩුවේ මොන අඩුවක් සම්පූර්ණ කර ගන්නද ඔයා යන්න ගියේ...

කමක් නෑ... කමක් නෑ ඔයා හොදයි නම්. දෝනිට දෝනිගේ තාත්ති ඉන්නවා.... එතකොට අත්තම්මා ඉන්නවා... එතකොට සීයත් ඉන්නවා... දෝනිට අම්මියෙක් ගේ අඩුව වහන්න බැරි උනාට ගොඩාක් ආදරෙන් දෝනිව ගුණයහපත් නෝනා කෙනෙක් කරන්න තාත්තිටයි සීයටයි අත්තම්මටයි පුලූවන්...

ඒ වගේම තවත් දෙයක්.... 
දෝනිගේ තාත්ති වත් .... දෝනි වත්.... දෝනිවයි තාත්තිවයි දාලා ගිය අම්මිට කවදාවත් ම වෛර කරන්නෑ....ඒත් දෝනි අම්මි ලගට එන්න කැමති වෙන එකක් නෑ කවමදාවත්...


ප/ලි
මේ ලිපිය සම්පූර්ණයෙන්ම නිර්මාණයක් ම පමණයි... ඒත් මේ වගේ සිද්ධින් මේ සමාජයේ කොතෙකුත් නම් වෙනවා ඇත්ද? ඒ වගේ තනිවෙච්චි කෙනෙක්ගේ සිතේ මොන වගේ හැගීම් සමුදායක් ඇත්ද? නෝටිට හිතෙන විදියට ඒ හැගිම් වචන වලට පෙරලූනේ මෙහෙමයි. කොයි තරම් සාර්ථකයිද කියලා දන්නෑ. මොකද මේ වගේ අද්දැකිමක් නෝටි ලබලා නැති නිසා. මොනවා උනත් සාර්ථක අසාර්ථකභාවය ගැන නිර්ණය ඔයාලාට භාරයි...


************************

************************

Friday, November 4, 2011

සොදුරු සිතැත්තී...


මේ ඒක නෙවෙයි. හැමදාම වගේ එක එක පිස්සු කාතා ලිය ලිය ඉන්නැතුව නෝටිට හිතුනා එයා ගැන වචන ටිකක් අමුනන්න. (ලැජ්ජාවෙන් ඇඹරෙමින් J) දැං මම කොහොමෙයි එයාව අදුන්වලා දෙන්නේ....



ම්......හරි... නෝටිච්චී... J ඒක සෝක්. දැං මෙහෙමයි මගේ ආදරණීය නෝටිච්චීව මට ලැබුනේ


යාලූවනේ මම උසස් පෙල කරන දවස් වලම අගනුවර තියන පරිගණක පාසලක පාඨමාලාවක් කරන්න පටන් ගත්තා. හරිද... 


කොහොම හරි ඒ ලෙවල් කරලා ඉවර වෙනකොටම වගේ මට ඒ ආයතනයේ ඉන්ස්ට‍්‍රක්ටර් කෙනෙක් විදියට සෙට් වෙන්න චාන්ස් එක ලැබුණා. ඔන්න මට මුලම ලෙක්චර් එක කරන්න උනේ විදාතා එකේ සෙට් එකකට ටෙ‍්‍රින්ං ප්‍රෝග‍්‍රැම් එකක්. 


අඬේ සේරම නෝටියට වඩා වැඩිමල් අය. කොහොම හරි ඔය සෙට් එකට වගේ නෝටියට අම්බානකට ෆිට් උනා. කොටින්ම කිවොත් කෝල් කරලා සැප දුක අහන්න තරං  ෆිටී උනා. ඒ අතරින් එක අක්කෙක් බුදු ෆිට්. කොහොම හරි උන්ගේ ටෙ‍්‍රිනින් එක ඉවර වෙනවත් එක්කම මම ෆැකල්ටි සිලෙක්ට් උනා. ඒ නිසා අර ආයතනෙන් මම අස් උනා.


ඒ උනත් අර බුදු ෆිට් අක්කා (මම කිරුතිකා කියලා කියන්නම්කෝ) හුගක් වෙලාවට කෝල් එහෙම කලා. ඒ නිසා හොද ක්ලෝස් ෆ්‍රෙන්ඞ්ෂිප් එකක් තිබුනා.


හරි දැන් ඇති අඩිතාලම දැම්මා. ඔන්න මෙහෙමයි නෝටිච්චිව නෝටියාට ලැබුනේ


ඕන්න එක දවසක් කිරුතිකා අක්කා මට කෝල් කරනලා කියනවා මල්ලී මගේ ක්ලාස් එකේ ස්ටුඩන්ට් කෙනෙක්ට සී ලැංග්වේජ් එකේ මොනවද දැනගන්න තියනවා පොඩි හෙල්ප් එකක් දෙන්න. මම ඔයාගේ කන්ටෑක් නම්බර් එක එයාට දුන්නා හොදේ... 


ඉතිං එදා තමයි මගේ නෝට්ච්චි මට මුලටම කෝල් කලේ.කොහොමින් කොහොම හරි එදා ඒ ගත්තු කෝල් එක දිනපතා අනිවාර්ය කෝල් එකක් බවට පත් වෙලා අපි කැම්පස් අවුට් උන අවුරුද්දේ මැයි 31 ඒකි මගේ උනා. ඒ කියන්නේ මේ අවුරුද්දේ මැයි 31 (2011 - 05 - 31)


ඇත්තටම මගේ නෝටිච්චි මට ගොඩාරියක්ම ආදරෙයි. ඒකි දැං නර්සිං සිලෙක්ට් වෙලා රත්නපුරේ නර්සිං කොලේජ් එකේ ඉන්නේ. නෝටි දකූනේ නිසා නෝටිට නෝට්ච්චිව දකින්න වෙන්නේ සතියට දවසයි. ඒත් කවමදාවත් ආදාරේ අඩුවෙලා නෑ දසමෙකින්. හැමදාම වැඩි උනා මිසක්. කෝක වෙතත් අපි අතරේ පුංචි පුංචි හිත් රිදීම් උනේ නැතිවාත් නෙමෙයි. ඒ උනත් ඒ හැම හිත් රිදීමක්ම චුට්ට වෙලාවයි. එහෙම හිත රිදුන වෙලාවක මුලින්ම නෝටි කතා කරනවා නැත්තම් නෝටිච්චී කතා කරනවා. 
හැබැයි නෝටිච්චී තමයි නෝටියාට වැඩිපුරම කතා කරන්නේ. නෝටියාට හිතෙන්නේ ඒකි ඒ තරම්ම නෝටියාට ආදරෙයි.


නෝටියාට ඒක මේ ටික කාලෙට හොදට තේරුණා. දවසක් නෝටිච්චිගේ බැග් එකේ තිබිලා පුංචි පොතක් හම්බුණා.මම ඒක ගන්නකොටම නෝටිච්චී ඒක මගෙන් උදුරලා ගත්තා. ඒත් ඉතිං නෝටි නෝටිම නිසා කෝම හරි ඒ පොත අරන් පෙරලලා බැලූවා. ඒකේ තිබුනේ එදිනෙදා අපි දෙන්නගේ ජිවිතේ විශේෂ සිදුවිම් ලියලා. ඒත් පොතේ මැදක් හරියේ තිබුණු දෙයක් දැකලා මගේ ඇස් වලට කදුලූ ආවා... ඒකෙ ලියලා තිබුනේ....


මගේ රත්තරං නෝටියාට මගේ අතින් උන අතපසුවීම්.... මගේ ආදරේ නාමෙන් මම මේවා හදා ගන්නවා.... කියලා පුංචි පුංචි අතපසු වීම් ලියපු කොලයක්.ඇත්තටම එතන තිබුණු සමහර දේවල් උනාද කියලා වත් මතකයක් තිබුන්නෑ මට.


ඒ වගේම තවත් දවසක් අපි දෙන්නා දළදා වදින්න ගිය දවසේ.... අනේ දළදා හාමුදුරුවනේ මගේ නෝටිව කවමදාවත් මට නැති කරන්න එපා කියලා ඇස් දෙකේ කදුලූ පුරෝගෙන පඩුරු ගැට ගහපු හැටි.... මතක් වෙනකොට හිතෙනවා දෙයියනේ මේ කෙල්ල මම වෙනුවෙන්මද ඉපදිලා තියෙන්නේ කියලා.


තවත් හිත හිරිවැටිලා යන්න වෙච්ච දෙයක් තමයි.....
දවසක් නෝට්ච්චිලාව ලේබර් රූම් දාලා... ඉතිං ඒක ඉවර වෙලා ඇවිත් කියනවා....


අම්මෝ නෝටියෝ අද අපිව ලේබර් රූම් දැම්මා. ඒකේ එව්වා දකිනකොට ගැහැණු වෙලා ඉපදෙන්නේ මොකටද කියලා හිතෙනවා. ඉතිං මම කිව්වා එහෙනං ඊලග ආත්මේ කොල්ලෙක් වෙලා ඉපදෙන්න ප‍්‍රාර්ථනා කරන්නකෝ කියලා. මම එහෙම කිව්වාම මොනවාද දන්නවද මගේ නෝට්ච්චි කවිවේ....


අනේ මගේ නෝටියෝ මට එහෙම  ඕන්නෑ... ලබන ආත්මේ විතරක් නෙමෙයි මොන දුකක් විදින්න උනත් උපදින හැම ආත්මෙකම ඔයාගේම නෝටිච්චී වෙන්න ඉපදෙන්න කියලා මම ප‍්‍රාර්ථනා කරනවා.


ඉතිං නෝටිගේ හැම නෝටි වැඩක්ම ඉවසා වදාරගෙන හිත පිරෙන්න ආදරේ කරන මගේ රත්තරං කෙල්ලට මම පණ වගේ ආදරේ කරන එක හරි නේද?

Tuesday, October 25, 2011

ඔබ සමගින්මයි




මේක තමයි දවස...
මේක තමයි විශේෂිම දවස..
නුඹට...
දීපාවලී....
ගනේෂ් දේවේන්ද්‍රයන් ඔබ සමගින්මයි...

සුභ දීපාවලි දිනයක් වේවා...!


இந்த ஒரு நாள் உள்ளது ...
இது ஒரு மிக மிக சிறப்பான நாள் உள்ளது ...
நீங்கள்

கோயிலில் ஆசீர்வாதம் தீபாவளி அன்று நீங்கள்இருக்கலாம் ...
எப்போதும் நீங்கள் லார்ட் கணேஷ் ...

ஹேப்பி தீபாவளி ..!


Related Posts Plugin for WordPress, Blogger...