Showing posts with label නෝටිට දැනුණා. Show all posts
Showing posts with label නෝටිට දැනුණා. Show all posts
Friday, May 4, 2012
Friday, November 11, 2011
මායි නෝටිච්චියි.....
ඔන්න කම්මැලිකම පැත්තකින් තියලා මමයි නෝට්ච්චීයි අද පොඞී ටුවර් එකක් ගියා.... චික් කැත විදියට හිතන්න එපා බොලවි.. අපි වල් ටුවර් එකක් නෙමෙයි ගියේ මේ පෝය දවසේ. බෝම වැදගත් ටුවර් එකක්. නෝටියා ඇව්ල්ලා සැදැහැවත් බෞද්ධ පිංවන්තයානේ... (අම්මියෝ....ඒ ගැන මොනවට කතා කරනවද?) ඉතිං නෝටිච්චිත් එක්ක ගියා කැළණි විහාරේ වන්දනාමාන කොරගෙන එන්න කියලා. අර කතාවකුත් තියනවනේ....
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණීයේ....
කියලා. කෝම කෝම හරි උදේ 10ට විතර ටවුන් හෝල් එකෙන් කැළණී එන්න බස් එකක නැග්ගයිත් කියමුකෝ... නිද්දකිං ඔක්කෝමත් හරි මේ බස් යන විදිය තමයි දිරවන්නේම නැත්තේ නෝටියට. ඒ උනාට නෝටි ආවේ නෝටිච්චි එක්කනේ.... ඉතිං මොන කම්මැලිකමක්ද?
ඔන්න කැළණි විහාරෙටත් ආවයි කියමුකෝ... මගේ අම්මියෝ..... සූ ගාලා සෙනග. අනේ ඉතිං අපේ මොකෝ.... දෙයියනේ කියලා නෝටිච්චියි නෝටියි හිතේ හැටියට වන්දනාමාන කර ගත්තා. ඊට පස්සේ නෝටිච්චට ඕන උනානේ නෝටි පැටියා වෙනුවෙන බාරයක් වෙන්න. නෝටියා ලබන මාසේ වෙනකොට ලංකාවෙන් යන නිසා නෝටිච්චි යන යන හැම තැනම භාර හාර වෙනවානේ නෝටියා වෙනුවෙන්. ඉතිං නෝටියා ගේ හිත හැම මොහොතෙම ආදරෙන් පිරෙන එක අහන්නත් දෙයක්ද අප්පා නෝට්ච්චී වෙනුවෙන්. ඉතිං දෙයියනේ මේකි නැතිව යන්න වෙනවා නේද කියලා මතක් වෙනකොට තමයි නෝටිට ඇස් වලට කදුලූ එන්නේ.... ඒ වෙලාවට හිත හදා ගන්නේ ගිහිල්ලා මාස කිපයකින් නෝටිච්චිවත් ගන්නවා නේද කියලා හිතලා තමයි.
ඔය අතරේ තියන අනිත් කේස් එක තමයි නෝටියා නෝටිච්චීව මැරි කරලා යනවද නැත්නම් ගිහිල්ලා නිවාඩු ඇවිල්ලා නෝටිච්චිව මැරි කරලා නෝට්ච්චිත් එක්කම යනවද කියන එක. අනේ මංදා මොනවා කරන්නද කියලා. නෝටියාට නෝටිච්චි නැතිව ඉන්නත් බෑ... ඒත් මේ ඉක්මනට එන්ගේජ් වෙන එකත් අමාරුයි. අම්මිලාට කිව්වාම නං ෂුවර් එකට කියන්නේ නිවාඩු ආවාම වෙඩින් එක ගමු කියලා....
ඔන්න ඉතිං ඔව්වා මෙව්වා අරවා මේවා දහසක් දේවල් කතා කරගෙන නෝටිච්චිවත් බෝඩිමට දාලා නෝටියා ගෙදර ආවා 7.00 විතර වෙනකොට. නෝටිච්චි එක්ක දවසම ඉදලා නෝටිච්චිම දාලා එනකොට නම් හරිම තනිකමක් දැනෙන්නේ... ඇත්තටම නෝටියා ගේ අසබට පස්සේ නෝටියාට ගොඩක්ම ආදරේ කරන කෙනා නෝටිච්චි කියලා නෝටිට දැනෙනවා....
හුවැ....යි..... ඔන්න ආයෙත් අර පරන පුරුද්ද එනවා... මෙතනින් එහාට තව ලියන්න කම්මැලියි අප්පා... දැන් ලිවා ඇති ඇති වගේ.... ඔන්න එහෙනම් මේ පෝය දවසේ නෝටියා කියනවා හැමෝන්ටම....
ත‍්‍රිවිධ රත්නයේ සරණයි....
Subscribe to:
Posts (Atom)

