Pages

Wednesday, August 3, 2011

විය සිදුරෙන් අහස බැලීමි



පොතයි පෑනයි දුරස් වෙලා යනකොට
අත හුරු උනේ යතුරු පුවරුවට
නිරුවත් දැසින් දුටු ලෝකට
දකින්නට උනේ අජීවි පරිණක තිරයෙන්
මුලු ලෝකෙම දකින්නේ අගල් 14කින්
දැනෙන්නේ මුලූ ලෝකයම දෑගිලි අතර ලෙස
එනමුදු
විදුලිය නැති වූ විට තමයි දකින්නේ නිදහස් ලෝකය
අගල් 14 එහා ලෝකය සුන්දරද මේ තරම්
නිල් අහස...
සිංදු කියන කුරුල්ලෝ...
කොයි තරම් නම් ලස්සනද
සජිවි ලෝකය...

Tuesday, August 2, 2011

වෛශ්‍යාව...


එය ඇගේ වරදක්ද..?
නැතිනම් ඔහුගේ වරදක්ද...?
මොනවා උනත් ඒක වරදක්ලූ
නිල් කොල වලට
යහන්ගත වන ඇය
වරදක්ලූ ඇ සමාජයට...

Monday, August 1, 2011

මිරිගුව...


මිරිගුව...
කෲර වු ලෝකයේ
බිදකුදු ඉතිරි නොවු
මහා මිනිසත්කම
සොයා දිව ගියෙමි කතරක
යනෙන මං පැටලී
දුබල වූ පා ගමන
තවමත් අකම්පිතව
වෙහෙස වූයේ
ලෝතතු දොඩමලූ වනු වස්
මිනිස්කම නම් වූ...

මිරිගුව
Related Posts Plugin for WordPress, Blogger...