Pages

Tuesday, October 11, 2011

ජාතිය වෙනස් විමේ පාපය



ආදර කියන්නේ කොයි තරම් සුන්දර දෙයක්ද?ඒත් ඒ සුන්දරත්වය හැම කෙනෙක්ටම අත් විදින්න වාසනාව තියනවාද? කීයක් දෙනෙක් යම් යම් සමාජයේ මුල් බැහැපු සමහර දේ නිසා ආදරය මකලා දානවද...

පුංචි ප‍්‍රශ්ණයක් !

සිංහල කොල්ලෙක්ට / කෙල්ලෙක්ට මුස්ලිම් කෙල්ලෙක්ව / කොල්ලෙක්ව බදින්න පුලූවන්ද? 

මට දෙන්න පුලූවන් උත්තරේ නම් ඔව්. 

ඒත් මගේ උත්තරේ ඔව් කියලා උනාට ඇත්තටම ඒ උත්තරේ ඔව් වෙන්න පුලූවන්ද? මගේ දැනුවත් කමේ හැටියට නම් බෑ. 

ඇයි ඒ බැරි? 

සරලම උත්තරේ ආගම් දෙකක නිසා. කොටින්ම කිව්වොත් කෙල්ල මුස්ලිම් නිසා. නැත්තම් කොල්ලා මුස්ලිම් නිසා. මුස්ලිම් කෙල්ලක්ට වෙන ආගමක කොල්ලෙක් හෝ මුස්ලිම් කොල්ලෙක්ට වෙන ආගමක කෙල්ලෙක් එක්ක දීග යන්න තහනම් නිසා.

ඒත් ඒ නීතිය සර්ව සාධාරණද?

ආගමික වශයෙන් මම දන්නෑ. ඒත් මානුශික වශයෙන් ගත්තොත් ඒක මොන තරම් අසාධාරණ නීතියක්ද? ආදරයකට ජාති භේදයක්, ආගම් භේදයක් තියනවාද? ආදරය කියන්නෙ ජාතිය ආගම මත පදනම් වෙලා ඇති වෙන දෙයක්ද? 

උත්තරේ නෑ.

මොකද මගේ දැනීමේ විදියට ආදරය කියන්නේ සර්ව සම්පූර්ණයෙන්ම මානුශික සාධකයක්.

එතකොට ඇයි මේ 

උඹ සිංහල කොල්ලෙක් ඒක නිසා උඹට මුස්ලිම් කෙල්ලෙක්ව බදින්න බෑ
උඹ සිංහල කෙල්ලෙක් ඒ නිසා උඹට මුස්ලිම් කොල්ලෙක්ව බදින්න බෑ
කියලා නීතියක්??

මොකද කසාද බන්දවන්නේ ආගමද? 

නෑ කසාද බදින්නේ මනුෂ්‍ය පරාන දෙකක්. දෙයියනේ ආගම ජාතිය කියන්නේ මොකෙක් හරි ඉපදෙන පවුල මත පදනම් වෙන දෙයක් නේද?

නැත්තම් මොකෙක් හරි එකෙක් හරි එකියක් හරි ඉපදෙනකොට ඔන්න මම මුස්ලිම් හොදේ... එක්කෝ ඔන්න මම සිංහල හොදේ.... කියාගෙන මේ ලෝකෙට එනවද?

ඇයි හත් දෙයියනේ මේ ආගම් භේදයක් ගාව ගන්නේ හැම දේකටම. ඔය දේවල් නිසා මේ ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ කී දෙනෙක් නම් දුක් විදිනවා ඇත්ද? කි දාහක් ආගම වෙනස් වීමේ පාපය නිසා විදවනවා ඇත්ද?

ඇයි ඒ...

හැමෝන්ටම තියෙන්නේ රතු ලේ නේද?

Monday, October 10, 2011

බයිසිකලයක් ලැබුණා... ඒත් පොම්පෙ නෑ...



ඔන්න එකෝමත් එක කාලෙක හිටියලූ යුධ හමුදාවේ සේවය කරන කෙනෙක්. 
අපි කියමුකෝ මෑන්ස්ට පාල කියලා. :)


ඔන්න ඉතින් පාල හමුදාවට එකුතු වෙලා වැඩි දවසක් නෑලූ. ඔය අතරේ තමයි පාලට හදිසියේම බදින්න වෙලා තියෙන්නේ ඉතින් මෑන්ස් බැදලා එහෙම ශේප් එකේ ආවලූ ආයෙම කෑම්ප් එකට. ;)


මොකද මිනිහා හොරෙන් තමා බැදලා ඉන්නේ. මෑන්ස්ගේ වයිෆ් මෑන්ස්ට ලියුං කියුං එහෙම එවන්නේ නංගි විදියටලූ. ;)


ඔය අතරේ මිනිහා නිවාඩු ඇවිත් එහෙම යනවලූ.


ඔය අතරේ තමයි මෑන්ස්ට පිය පදවි ලැබෙන්න සූදානම් උනේ. කෝම හරි මෑන්ට බබා හම්බෙනකොට (නෑ නෑ බං මෑන්ස්ගේ වයිෆ් ට) නිවාඩු ඉවර වෙලා යන්න උනාලූ. :-/


මෑන්ස් ඉතිං ආයෙ කෑම්ප් එකට ගියාලූ මුණ දෙල් කරගෙන.යන්න කලින් වයිෆ්ට කියලා ගියාලූ බබා හම්බුනාම ලියුමක් එවන්න කියලා. :))


තව කියලා ගියාලූ මෑන් මැරි කල විත්තිය කෑම්ප් එකේ කොල්ලෝ දන්නැති නිසා පුතෙක් ලැබුනොත් "බයිසිකලයක් ලැබුණා" කියලා ලියලා එවන්න කියලා. 8-}


ඔන්න මැන්ස් බලාපොරොත්තුවෙන් හිටිය ලෙටර් එක ආවලූ....


නිවසේ දී ලියමි


දෙයියන්ගේම පිහිටයි
පාල අයියා වෙත


පාල අයියේ ඔයා පරිස්සමෙන් කෑම්ප් එකට ආවා නේද... බලාපොරොත්තු උන විදියටම එදා හවස බයිසිකලයක් ලැබුණා..ඒත් පොම්පෙ නෑ..


මීට ආදර නංගි


=))   =))

Sunday, October 9, 2011

බීපං




බීපං...
හතුරෝ ඇති කර ගන්න නෙමෙයි...
මිතුරෝ වැඩි කර ගන්න...

බීපං...
පොඩි වෙලාවකට දුක අමතක කරන්න නෙමෙයි...
බොන වෙලාවට සතුටින් ඉන්න...

බීපං...
බිලා රණ්ඩු කරන්න නෙමෙයි...
සිංදුවක් කියලා සොමියෙන් ඉන්න...

බීපං...
ප‍්‍රශ්ණ වැඩි වෙලාවට නෙමෙයි...
ප‍්‍රශ්ණ නැති වෙලාවට...

බීපං...
අණුන්ට ණය වෙලා නෙමෙයි...
අතේ සල්ලි තියන වෙලාවට...

නොබී ඉදපං...
උඹේම යහපත වෙනුවෙන්....
;)

Related Posts Plugin for WordPress, Blogger...