Pages

Wednesday, October 19, 2011

සුදු ගේ දොලදුක





මේ සංතෑසිය උනේ අපේ බාප්පගේ චූටි කෙලීගේ ජමුබු ගහෙන් වැටීමේ ප‍්‍රීතිය නිමිත්තෙන් තියපු පාටි එකේදි. 2008දි විතර. අපේ ඔය වෙන්න හිටපු බාරි  (වෙන්ඩ හිටපු බාරි කිවේ දැන් මගේ සුදු මැණිකේ මගෙන් ගොඩාරියක් ඈතට ගිහින් නිසා.සුදු මැණිකේ.)  නෝටිට ටිකක් නෑදැ වෙන ලමිස්සියෙක්.ඒ ඇත්තිත්ලත් ඉතිං පවුලේ උත්සව වලට අනිවා එනවාම තමයි.


නෝටී.... සුදු මැණිකේ අත කොනිත්තන ගමන් බබා පාට් දාන්න පටන් ගත්තේ හොදකට නෙමෙයි කියලා නෝටිට නිකං හූනා කියන්න වගේ කියන්න පුලූවන්.


මොකැ බන්...? ඒ ගමන මොන මරාලයක් පාත් කොරන්නද හදන්නේ?


අනේ නෑ නෝටි පැටියෝ.... මට චූටි ආසාවක් ආවා...


ඈහ්....` හප්පට සිලි දැම්මම.` ඇයි ඉලව්වේ මම මොකවත් කලෙත් නෑනේ තාම.


චිකේ මේකාගේ නෝටි හිත. එහෙම ආසාවක් නෙමෙයි මගේ නෝටි පැටියෝ...


එහෙනං කිකිලි බ්ත්තර දානවා වගේ තෙපරබාන්නැතුව කියපංකෝ බන්


මම කියන්නං... හැබැයි ඔන්න මට බනින්න බෑ.


හරි හරි කියන්නකෝ...


නෝටි මම ආසයි... බියර් චුට්ටක් බිලා බලන්න...


හරිනේ වැඬේ. ඔය කෙලවෙන්න හදන්නේ මහ ගහෙන්ම. අපේ සුදු මැණිකෙට දෙයකට ආසාවක් ආවොත් ඉතිං ඒක ඉෂ්ඨ කර ගන්නකං නිකං මඤ්ඤං වගේ. මොකෑ ඉතිං කොරන්නේ.


නෝටිත් ඉතිං අනේ මගේ එකීගේ ආසාවනේ කියලා බියර් එකක් උස්සන් එන්නයි ලෑස්තිය. පාටියට නෑදෑයෝ සේරම වගේ ඇවිත් තියන නිසා උන්ගේ ඇස් වහලා එපැයි ගන්න.(කාට හරි මාට්ටු උනොත් හොදි  ඕන්නෑනේ...) ෆුල් ගරිල්ලා මිශන් එකක් දීලා උස්ස ගත්තා කියමුකෝ.


හම්මේ ඒක දැක්කා විතරයි සුදු මැණිකෙගෙ මූණ.... මම බෝතලේ පියන අයින් කරලා ග්ලාස් එකකට චුට්ටක් දාලා දෙන්න හැදුවම


දෙන්න බබා  ඕක මෙහාට...


කියලා ගත්තේ නෑතැ බෝතලේම. මේකිගේ උණ තියෙන්නේ බෝතලේ කට තියන් බොන්න. ආයෙත් කිසිම හෙවිල්ලක් බැලිල්ක් නෑ.  මගෙත් මොකෝ ඉතිං.දුන්න බෝතලේම බොන්න බැරි නම් නාගනිය කියලා.


තූ...හ්....``` තුප්...` තුප්....`` තුප්.....```  චීයා..... මේ මොන මල ජරාවක්ද.
චික්. මම හිතුවා ඔයා රස කර කර කියනකොට රස ඇතියි කියලා. මීට පස්සේ බොන්න එහෙම නෑ ඔය මල ජරාව.(කාලා වරෙන්කෝ ඉතිං)


හරියට හරි සුදු මැණිකේ.
මම එදා ඉදන් බියර් බොන්නෑ. මම දැන් බොන්නේ අරක්කු.



CHEERS...!!!

Tuesday, October 18, 2011

මගේ එකත් හුච්



මේක නම් ඇවිල්ලා පොඩි මඩක්.


මේ සිද්දිය උනේ මම උසස් පෙළ කරලා ඉවර වෙලා Faculty select වෙච්ච කලේ. ඔය දවස් වල තමේ මට මුලටම ජංගම දුකක් හම්බ උනේ. අපේ අම්මිගෙන් තෑග්ගක්   විදියට.


ඕකේ මම මුලටම දාල තිබ්බේ HUTCH සිම් එකක්ග ඔන්න දවසක් අපි යාලුවෝ කට්ටිය පන්සල් යන්න සෙට් වෙනවා හවසක.


අපිත් එක්ක හිටිය මෝලා කියල කාඩ් එක දාපු කොල්ලෙක්. කලොත් කරන්නේ මෝල් වැඩක්ම තමය්. මෑන්ස්ටත් ටත් ජංගම දුකක් ගෙදරින් හම්බවෙලා තියෙන්නේ ඔය දවස් වලම තමය්. සැහෙන්න වටිනා එකක් තම ඒක. මිනිහ හෙන ලොකුවකින් තම ඕක තියන් උන්නේ.  (මගුලය් කතාව පිට ගියා)


මෙකය් සිද්ද උනේ.


අපි පන්සල් යන්න මුගේ ගෙදර ලගට ගියාම මු ගෙදරි එලියට අවේ මෙන්න මෙහෙම කියාගෙන.


මචන් නෝටි මමත් PHONE එකක් ගත්ත. උබේ වගේම තමා මගේ එකත් හුච්!

Monday, October 17, 2011

බම්බුව !





උඹ හිතන්නේ...
උඹ මහා රජ කුමාරයෙක් කියලාද...?
අනේ මොකටද මගේ කට...
උඹ හිගන්නෙක් යකෝ...
උඹ හිතනවද කෙල්ලෙක් වත් උඹට කැමති වෙයි කියලා
නිද්දකින්...බලපන් ඇදන් ඉන්න වස්තරේ දිහා...
බලපන් ඒමදිවට...
උගුඩුවා වගේ අරක්කුත් බීලා...
බලපන් උඹේ  රැුවුල... නිකං බමුණා වගේ
ටිකක් මනුස්සයෙක් වගේ ඉදපංකෝ


බම්බුව!
දුක තනිකම මහා පොදු සාධකය උන ජිවිතේකට
මොන මනුස්ස කමක්ද?
Related Posts Plugin for WordPress, Blogger...