Pages

Thursday, April 26, 2012

වැටත් නියරත් ගොයම් කා නම්...? (බඩුවත් හාංදුරුවන්ගේ)

අම්මප මේක නම් අමුතු ලන්තයක්මය...
වෙන්නෙම පිස්සු ඩබල් හරි මොංගල් කේස්මය...


ලොක්කෝ කියලා ජාතියක් ඇත්තෙහිය..
තවද සොක්කෝ කියලාද ජාතියක් ඇත්තෙහිය...
ලොක්කෝ හැම එකෙන්ම ආරස්සා විය යුතුය...
සොක්කෝ ලොක්කන්ගේ ආරස්සවා වෙනුවෙන් අදෝමුඛය දිය යුතුය...
නොදෙන්නේ නම් බලෙන්ම ගන්නවාය..


රටේ නීතියක් කියා දෙයක් ඇත්තෙහිය...
නමුත් එය මහා අමුතු එකකි...
බලපුලුවන් කාරයාට එක නීතියකි,
අහිංසක පොඩි මිනිහාට තවත් නීතියකි...


වැරදිලා වත් වාහනේ එලවනකොට ඉර කපුනොත් බඩු බනිස්ය...
අඩුම ගානේ 500 කට කෙල වෙන්නේහිය...
නමුත්..,
නීතිය පසිඳලීමට ඇති පොලිසියට නීතියක බලපෑමක් ඇත්තෙම නැත්තා සේය...
ඉර කපුනාට අවුලක් නැත,
ඩබල් ඉර කපාගෙන වංගුවකදී ඕවර් ටේක් කලත් අවුලක් නැත...

යමක් මතකෙට නැගෙන්නේහිය..
පසු වූ සිංහල හින්දු අවුරුදු දිනයන්හි මාද නෝටිච්චිද නුවර ගියෙමුය... සිටියේ බසයේ පිටුපස අසුනෙහිය.යමෙකුට අසුන ලබා දී මා නොටිච්චි අසලින් සිටගෙන පිටුපස වීදුරුවෙන් පාර දෙස බලා බලා සිටින කල මා දුටුවේ පිටුපසින් පැමිණෙන පොලිස් ජීප් රථයකි...ඩබල් ලයින්ද නොතකා දැඩි වංගුවකදී පොලිස් රථය බසයට ඕවර්ටෙක් කර පිඹගෙන ගියෙහිය.රථය කිනම් පොලිසියට අයිති රථයක දැයි නොකියන නමුත් මෙය සිදුවුයේ කඩුගන්නාව කන්ද නගින විටදීය...
  • වෙනත් අහින්සක රියදුරෙකුගේ අතින් ඔය වරද සිදු වුයේ නම්...,
  • අන්තරයකාරී ලෙස රිය පැදවීම..,
  • වංගු සහිත ස්ථාන වලදී රිය ඉස්සර කිරීම..,
  • ද්විත්ව රේඛා නොසලකා රිය ඉස්සර කිරීම...
යනාදී ලොවෙත් නැති කරුණු කියා සෑහෙන්න ගානක දඩ කොලයක් දෙනවාමය...
නමුත් ඔවුන්ට අවුලක් නැත්තෙහිය...
මන්ද යත් දෙකම හාංදුරුවන්ගේය...

අදෝමයි...
එකෙක් Z score එකෙන් සොමිය ගන්නවාය...
එකෙකු 2500කින් ආතල් ගන්නවය...
තවකෙක් ඇමරිකන් වර්ජනයකය... (අවුලක් නැත්තේමය, එහෙත් සත්‍යට මුණ දිය යුතුය...)
බහුතරයක් බොර දියේ මාලුවා නාවනවාය...
අපි බලන් ඉන්නෙහිය....
පුල්ම ආතල්ය...
තව දුරටත් ලීවොත් මාද දේශ ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසිය හැකිය...
මගේ බ්ලොගේටත් කෙලවිය හැකිය... 
ඒ නිසා මේක ලීවා ඇති වගේය... 
නමුත් තවමත් කට කසනවා කසනවා වගේය...
එතුරු ටික පස්සේ කසා ගන්නෙමිය..
අතකන් කීමට ඇත්තේ...
මෙව්වා දැකලා පන පලයන් පෙරේදා....
කියලාය.

Friday, April 20, 2012

දෙන්න දෙපැත්තට අදිනවා...(අමුතු ලන්තේ අවුරුදු උළෙල)

කලින් මෙව්වා එකේදී පොරොන්දු උනා වගේ අමුතු ලන්තේ අවුරුදු උළෙලක සිරි නැබරීමට ඇතිවූවා වූ අවලන්කෘත ආසාව දුටු මගේ මිත්තරයා අමුතු ලන්තේ අවුරුදු උත්සවයක් බැලීමට්ට රැගෙන යාමට වූ පොරොන්දුව මල් ඵල ගැන්වීම හේතුවෙන් මා සිටිනුයේ කිලි පොලා යන සතුටකිනි...

වැඩි බයිලා ඕන නැතිය.. අවුරුදු උළෙලේ සිරි මෙසේය...

මම හා මිත්තරයා අවුරුදු උත්සවේ තියන ඉස්පොට් එකට රාහු කාලේ බලලා වම් අණ්ඩ පෙරට තබා පිටත් වීමු.

ඇග කිලිපොලා යනවාය. කිරි අප්පට බිත්තර ආප්පය. අවුරුදු සිරි උතුරනවාය. අපි යනකොට එක පටන් අරංය..

මුල්ම එක අලියාට ඇහැ තැබීමය... ලංකාවේද අවුරුදු උත්සව වල අලියාට ඇහැ තබා තෑගී දිනා ඇති නිසා මාද මිත්තරයා සමග අලියාට ඇහැ තියන්න සේටාර් උනෙමු..

අප්පට සිරිය... අලියාට ඇහැ තියන්න දාර පෝලිමකි... කෝම හරිය තිලාම යමු කියලා මිත්තරයා කියපු නිසා අපිද පෝලිමට එන්ටර් උනෙමු...

ගම්බාර දෙයියන්නේ ආනුභාවයෙන් මගේ චන්ස් එක ආවෙහිය...

ඇස තබන්න කලින් බෝඩ එකේ ඇද ඇති අලියා දෙස බැලුවෙමි..

මට හුස්ම පොද රැඳෙ ගිහිය... එහි ඇති අලියෙක නැත... කවුදෝ මන්ද ඩයල් එකක පින්තුරයක් අලවා ඇත..මම ඇස තියන්න අලියා කෝ කියා අසූ විට කොලු ගැටයෙක් අර පිතුරය පෙන්නා ඇස බැද ගිහින් තියන්න යයි කීවෙහිය...

දත කට පූට්ටු කරන් මා ගොස් ඇසක් තබුවෙහිය...

මට දෙලෝ රථ විය.. එතන හිටි කොලුවා මෙන්න අයියා තියපු ඇහැ කියලා රූපයේ පස්ස පැත්තට කිට්ටුව තියන ඩොට් එකක් පෙන්නුවෙහිය...
ලජ්ජාවත් අතින් වහගෙන මා එතනින් මාරු විය...
(පසුව දන ගත පරිදි දැන් අමුතු ලන්තේ අලි උන්ට ඇස තබනාවාට වඩා ඇස තැබීමට සුදුසු අලි සිටිනවා කියා පිකටින් කර ඇත. එදා සිත අවුරුදු උත්සව වල ඇහැ තියන්නේ මේ අලියාටය.)


***

ඊලග මෙව්වා එක උනේ කඹ ඇදීමයි... කවදාවත් කඹ ඇද නැති නිසා එය බැලීමට ගියෙමුය...

කණ්ඩායම දෙකකි... එකක් රාජපස්ස කණ්ඩායමය... අනික ජහමනයාගේ කණ්ඩායමය...

සේරම ලැස්ති වූ පසුව කණ්ඩායම් දෙක කොන දෙක අල්ලාගෙන ඇදීමට සුදානම් වුහ... විනිස්ස කාරයා නලාව පිම්බා විතරය... ජහමනයාගේ කන්දායන රාජපස්ස කණ්ඩායම ඇද තිබුනිය.. ජහමනයාගේ කන්දායාම උස්සලා පොලවේ ගැහුවා වගේ උන දේ හිතා ගන්න බැරුව ඊ ලග ඇදීමට දෙපැත්ත මාරු විය..

විනිස්ස කාරයා පිම්බෙහිය... පිම්බ පරක්කුව විතරය.. ජහමනයා හුලන් පොදක් වගේ රාජපස්ස පැත්තට ආදී ආවේය... තරගය 3ට 2ක් විදියට රාජපස්ස කණ්ඩායම දින්නේහිය...

ලංකාවේ නම් කණ්ඩායම් දෙන්නා දෙපැත්තට අදිමින් වැඩි සත්තිය තියන එව්වෝ ජය ගන්නේහිය. මෙහි ගේමක් නැතුවම තරගේ ඉවර උනෙහිය. මෙහි දෙන්න දෙපැත්තට ඇද්දේ නැතිය...අදින්න කලින්ම ජහමනයාගේ කණ්ඩායමට ගිහින්ය

***

ඊලග මෙව්වා එක බනිස් කෑමය...සුට්ටන් බඩගින්නක් දැනුන නිසා මාද බනිස් කෑම සදහා නම දාන්න ගිහිය... මම එතන උන් කොලුවාට මටත් බනිස් කන්න ඕන කිය රුපියල් 10ක්  දුන් විට රුපියල් 100ක දී නම දාන්න දැන් 10ට වඩයක් වත් ගන්න බැහැ යයි කිවෙහිය.. බනිස් කන්න 100ක ඕනද ඇසු විට ඌ කෝචෝක් සිනාවක් දමා කිවේ මේක අමුතු ලන්තය කියාය

ගෙදර ආවම බනිස් කනවා කියා සිතා මා එතනින් මාරු උනෙමි.

***

එව්වා මෙව්වා තරග අත්රේ මා කෙල හල හල බලන හිටිය අවුරුදු කුමාරි තරගේ පටන් ගන්නවා කියා යකඩ කටෙන් කියනවා ඇසුණු නිසා මම මිත්තරයා සමග ඉස්ටෙජ් එක ලගටි ගියෙමුය.

තරේගේ වට තුනකින් තියනවලුය....

මුල් වටේ පටන් ගත්තෙහිය... එය මෙසේය..


මුල් වටයෙන් අමන්දානන්දයට පත වූ මා දෙවැනි වටය පටන් ගන්න තුරු නොඉවසිල්ලෙන් බලන් සිටියෙහිය...

දෙවැනි වටයද පටන් ගත්තෙහිය... එය මෙසේය...


දෙඅනි වටය දුටු මට උන් හිටි තැනද අමතක විය... මා හෝන්දු මාන්දු වී කොපමණ වෙලා සිටියා දැයි මට මතක නැත.. 
එවිටම වාගේ තෙවන වටයත තව නිමේසයකින් පටන් ගන්නා බව කියනවා මට ඇසුනිය


පලවන වටය මෙසේ වීනම්

දෙවන වටය මෙසේ වීනම්

තෙවැනි වටය.......??????
මට තුම්මුල්ලෙන් දාඩිය අවෙහිය...
මා ලජ්ජා බයට හැදුන එකෙක් නිසා මිත්තරයා සමග මා හනික අවුරුදු උත්සවය තියන පොට් එකෙන් මාරු විය




නෝටි
සුවාධීන වාර්තාකරු
අමුතු ලන්තේ සිට.


Wednesday, April 11, 2012

නෙද්දකින්..! ලැජ්ජයි යකෝ ලැජ්ජයි...!!

ලංකාවට සුනාමි තත්ත්වයක සේයාවක් ඇදී මැකී ගියේය.
ඒ අපට ඉතිහාසේ දවසක වෙච්චි දෙයක් මතක් කරලා දෙන්නට මෙනි.
ලෝකයේ සිටින මිනිසුන් අතරින් අනෙකකු කෙරෙහි අනුකම්පාව දයාව ඉහලින්ම දක්වන මිනිසුන් සිටින රට ලංකාව යයි ඇස පනාපිටම අද දිනයේද දැක ගන්නට ලැබුණි...

එහෙත් රටේ කරුමෙකටද උන්ගේම කරුමෙකටද, පහල වූ ගොන් නාම්බන් ටික දෙනෙක් මුණු පොතේ අද දින (අප්‍රියල් 11) ඇති වූ සුනාමි අවදානමෙන් ගොන් ආතල් ගැනීමට තරම් තුහීන වී ඇත්තේය..
වරක් සුනාමියෙන් බැට කැ අපේම මිනිසුන්ගේ ජීවිත වල වටිනාකම, අද්දකීමේ දරුණු බව විහිලුවට ගත්තේ කිනම් පරමාර්තයකින්ද කියා තේරුම් ගත නොහැක..

උපුටා ගැනීම : Pacific Tsunami Warning Center 
අබුද්දස්ස කාලෙය...

සුනාමි තත්වයක් රටට ඇති නොවේවා.. කියා බුදුන්ට දෙවියන්ට,
රටට හානියක් නොවේවා කියා ජෙසුන්ට යාඥා කල සැබෑ මිනිසුන් සිටිනා රටක සිටින රටට‍ ඇත වූ  අවදානමෙන් ගොන් ආතල් ගත්ත සම"හරක්"ට..,
අප...
ශාප කරන්නෙමුද..?
අනුකම්පා කරන්නෙමුද...?


සුනාමි තතත්වයන් (ආසියා ශාන්තිකාර කලාපිය..) දන ගැනීම සඳහා පිවිසෙන්න>>
Pacific Tsunami Warning Center ( http://ptwc.weather.gov/ )

--------------------------------------------------------------

හෙට(12) පරණ අවුරුද්දත් ලබනවානේ...ඔන්න නොටියාගේ සුභ පැතුමත් ගන්න ගිහින් එන්නකෝ මෙන්න මේකටත්..


ප.ලි.
නෝටියා මේ තරම් නොසන්සුන් කමකින් පොස්ට් එකක් ලිව්වමයි. භාවිතා කල වචන සැර වැඩි ඇති.. ඒත් නෝටියා ඒ වචන ආයේ එඩිට් කරන්න යන්නේ නෑ.. 
ඒ ඇයි කියලා හිතක් පපුවක් ඇති මිනිසුන්ට තේරේවි...





Related Posts Plugin for WordPress, Blogger...