Pages

Friday, May 4, 2012

බොලාට මගේ කට කන්න බෑ...

ලංකාව වනාහි සැදැහැවත් බෞද්ධ රටක්ය...
කොතරම් සැදැහැවත්ද කියලා කියනවා නම් ඇග කිලිපොලා යනවාය...
මෙව්වා කිවා කියලා නෝටියා දේශද්‍රෝහියෙක් කොරයිද දන්නෑ... කට කෑවත් කියන දේ කියන්න ඕනිලුය... බොලාට මගේ කට කන්න බැරි නිසා මම කියන්නෙහිය...

ලෝකේ පහල උන උත්තරීතරම ශාස්ත්රුවරයා පහල වූ, බුද්ධත්වය, මහා පරිනිර්වාණය, සිදු වූ උත්තරීතර දිනය හෙට සමරන්නේහිය. (නෝටියාද වෙසගේ නෝටිච්චි සමග පන්සල් ගොස් සිල් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙමුය)

ලෝකෙට සාමය, ප්‍රේමය කියාදුන් ජේසුතුමන්ගේ ගුණ දෙසැම්බර් 25 සමරන්නේහිය...
විය යුත්තේද ඒක කියාද නොටියාට සිතෙන්නේහිය...

ඔක්කොම හොදයිය..
ඒත් නොදෝමකින් එව්වද ඇත්තෙහිය...

වෙසක් විකුණාගෙන කන්න පටන් ගන්නේ වෙසක් වලට සති දෙක තුනක කලින් ඉදලාමය.

වෙසක් කාඩ් කියලා ජාතියක් විකුනනවාය,


වෙස් මුණු කියලා ජාතියක් ද තියෙන්නේහිය..
(සමහරක්ට කරන වැඩ නිසා තියන මූණ පෙන්නන්න බැරි නිසා වෙස් මූණ අගනේය...- වෙස් මූනේ ආක්‍රමණය සිදුව ඇත්තේ හැලෝවීන් ඩේ මගින් කියලා තමයි නොටියාට නම් හිතෙන්නේ)


එව්වා සුට්ටකට පැත්තකින් තියමු.. උණ පතුරු වලින් අටපට්ටම් හදලා හිටියාට දැන් එහෙම උණ බට එක්ක දොන් විය යුතු නැතිය... කඩේට ගිහින් කොලද ඇලවූ අටපට්ටම් මොනරුන්ට ඉලවු වෙන්නේහිය...


හොදම දේ... වෙසක් වලට දවස් කීපයකට කලින් සියලුම බාර් වහන්නේහිය. හැබැයි වහන්නේ ඉස්සරහා දොර විතරයිය... පස්සේ දොරෙන් 1000 බෝතලේ 2000ට දෙන්නේහිය.. බාර් එකේ මුදලාලියාද හිනා වෙන්නේ අධෝ මුඛයෙන්ය.

අදෝමැයි...! @#%#$%#$@^

මෙව්වා කියන්න කියන්න ඇඟේ මාළුවා පහල ඇලේ සික්ස් එයිට්‌ බීට් එකට නටන්නේහිය..!

මගේ මාළුවා නටන තාලෙකට නටපන් කියා මම මේ පෝස්ට් ඒක නතරකරන්නෙහිය...
නෝටියාද කූඩු හැදුවේ නැතිය..
කඩෙන් ගේන්නේද නැතිය...
උදේ වෙන්ට බාරි එක්ක පන්සල් යන්නෙහිය, රෑට පොල් තෙල් පහන් ගොඩාරියක් පත්තු කරන්නෙහිය.
මගේ වෙසක් මම එහෙමෙ සමරන්නේහිය.

එහෙනම් හැමෝන්ටම පින්බර වෙසඟක් වේවා....!!





උතුම් බුදු බණ නිරන්තරයෙන් දෙසු සදහම් සමිඳු සරණයි...
නුවන් සනහන කැළණි මියුගුණ සෑ රඳුන් සිලුමිනෙහි සරණයි...
සමන් ගිරිහිස පහන් කරමින් තැබූ මුනි සිරිපතුලේ සරණයි...
නිවන් දක්නා ජාති දක්වා අප සැමට තුනුරුවනේ සරණයි...











Ummaaaah.....!






I don't know
Why..?


Closed ma eyes automately,..
scalated ma heart beat very fastely...
I felt fly Butterfly in my body...
I felt sweet aroma..


Oh..!
Mind blowing..
I had ma First Kiss..

Monday, April 30, 2012

කෙල්ලනි... පරිස්සම් වෙයල්ලා - හෙට මැයි පළවෙනිදා..


අහෝ...! දුකකි, තිතකි, ඉරකි..!


හෙට සකල ලෝක  වාසි කාන්තාවන්ගේ සෝක දිනය ය.
(ටියුබ් ලයිට් නැතිව ඇති මම හිතන්නේ.ටිටුබ් ලයිට් නම් ස්ටාටර් එකට පොදී තට්ටුවක් දාලා බලන්න.ස්ටාටර් එක ගහල ගිහිල්ල නම් සොරිම තමා..)


ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ය, එකම හේතුව හෙට "මැයි පළවෙනිදා" වීමය.


කාන්තාවන්ට සෝක දිනයක් වනවා නම් පුරුස අයටත් ඉෆෙක්ට් එකක් නැති වෙන්නට බැරිය.. ඒ නිසා "මැයි පළවෙනිදා" සැමරීමට සිතා සිටින පුරුෂෝත්තමයන් පොඩි ඉන්සූරන්ස් පාරක් ගැනීම යෙහෙකි...


සකල ලෝක වාසි කාන්තාවන්ට වගේම මැයි පළවෙනිදා වැඩකොරන ජනතාවගේ දවස කියා නම් කර ඇත්තෙහිය.(එහෙම නම් කලේ කවුද කියා නොටියා දන්නේ නැතිය.)


ලංකාව වගේ රටවල් වල සිරාවටම වැඩ කරන ජනතාව මැයි දිනේ සමරුවත් මෙහි (අමුතු ලන්තයේ) එසේ නොවන්නේහිලුය...


ලංකාවේ මැයි දින රැස්වීම් තියනකොට නම් සූ ගලා සෙනගය. ඇගිල්ලක් ගහන්න තියා ඇගිල්ලක් දිහා බලන්නවත් බැරිය..එතරම් සෙනගය.


එත් අමුතු ලන්තයේ නම් සිස්ටම් එක මැයි දින රැස්වීම් තියන ඉස්පොට් වලට බස් වලින් සෙනග අදින්නේහිය.එන උන්ට කෑම පැකට් එකයි ගතමනාවකුයි ලැබෙන්නෙහිය.එතකොට බොන්න වතුර වලට අමතරව බොන ජාතිත් (අරක්කු නෙවෙයි මටත් පැන් කියල ජාතියක්ලු දෙන්නේ.) අම්බානකට ඇත්තෙහිලුය.


ඉතින් කට්ටිය රැස්වීම් වලට යන්නේ විනෝද ගමනක් යනවා වගේය..පුල් අතල් එකේය...


අපේ ලංකාවෙනම් මැයි දින රැස්වීම් වල කතා කරන්නේ සිරාවටම වැඩ කරන, ජනතාව වෙනුවෙන්ම පෙනී සිටින "ජනතා සේවකයෝය."
එත් අමුතු ලන්තේ නම් එයද හාත්පසින්ම වෙනස් ය.


මෙහි එන්නේ ඇමති තුමන්ලා, මන්තිරි තුමන්ලා, අර සහෝදරවරු, මේ සහෝදර වරුය.බෙහෙතකට වත් සොයා ගන්න නැති උන් අම්බානකට ගිරිය පුප්පන් කියවලා කියවලා යනවලුය...ඒ ඇවිත් කියන දේවල් උන්ට වත් තේරෙන්නේ නැතිලුය... 


අපි ලංකාවේ අනන්ත වත් ඔව්වා දැක ඇත්තෙමු.
එහෙත් අමුතු ලන්තේ වගේ මැයි දින මීටිමක් බැලිය යුත්තේමය.ඇග කිලි පොලා යන අස්වාදේ උතුරනවාය.


නොටියත් හෙට අමුතු ලන්තේ සිටින මගේ මිතුරා සමග හෙට අමුතු ලන්තේ රැළියක් නැබරීමට යන්නෙහිය..එහි විස්තරද පාඨක ඔබ වෙනුවෙන් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් දැනට නවතින්නේහිය...


එහෙනම්...!!


Related Posts Plugin for WordPress, Blogger...