Pages

Friday, February 24, 2012

ෆිටෝන් ජොකා ඇන්ඩ් ලෝකල් බ්‍රෑන්ඩ්

මේ දවස් වැල නෝටියට නිකන් ඇදගෙන නාන එව්වා, එතකොට කුප්ප කතා, ජල්බරි සීන් මයි මතක් වෙන්නේ.හරියන්නෑ අපේ අම්මිට කියන්න ඕන මගේ කේන්දරේ පොඩ්ඩක් බලන්ට කියල.. (පටන් ගන්නකොටම පිට පැන්න). බ්ලොග් අවකාසේ හුගක් අය ජොක්කු කතා ලියල තිබුන දැක්ක වෙලේ ඉදන් නොටියගේත් කට කසනවා... ඔන්න ඔහේ මාත් ලියනවා...



එපිසෝඩ් නම්බර් 01

මේ සීන් ඒක උනේ 2006 දී. නොටියගේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකේ හිටිය මාරු බඩුවක්.යන යන තැන රස සාගරයයි.(මම මෑන්ස් ට කිබුළා කියල කියන්නම්කො.)
ඔන්න දවසක් අලුත් අවුරුද්දට ඇදුම ගන්න සෙට් එක "සීමා නැත" එක පැත්තට ගියා.දැන් කස්ටිය ඇදුම් තෝරනවා.ඔන්න කිබුළා ඇවිත් කියනවා මචං නෝටි ජොක්කු දෙකතුනක් ගන්න ඕන යම්න්කෝ බන් කියල.
ඔන්න දැන් අන්ත එව්වෝ ඇදුම තොරණ අතරේ කිබුළා ජොක්කු තෝරනවා..මම එතන ඉදන් අරුට තනි රකිනවා...
ඔන්න ඒක පාරටම වැඩකරන කෙල්ලෙක් ඇවිත් අරුගෙන් අහනවා "එක්සියුස් මී සර්.. මොකක්ද සයිස් එක" කියල...
අරූ කියනවා "නිකං ස්මෝල් සයිස් වගේ."
සේල්ස් ගර්ල් කියනවා "ස්මෝල් සයිස් නම් සර් ට මදි වෙයි වගේ... මීඩියම් ඒකෙන් ගන්න" කියල...
අනේ එතකොට අපේ ගොන් වස්සා කියපි.. "ෆිටෝන් කරලම බලමුද?"

එදා ඉදන් කිබුලට "ෆිටෝන් කරලම බලමුද?" කියලා අහන්න ඕනි නෑ "ෆිටෝන්" කියල වැරදිලා වත කියවුණත් කිබුල කියන්නේ f*** off man..!
"ෆිටෝන් ජොකා" කියල වැරදිලා වත් කිව්වොත් නම් තත්වය ශෝචනීයයි...!


එපිසෝඩ් නම්බර් 02

මේ සීන් ඒක උනේ නම් නෝටියට,2007 දී.(ඔන්න ඔහේ ඇදගෙන නාමු.)
ඔන්න ඉතින් කොල්ල උ.පෙ. කරලා ෆැකල්ටි සෙලෙකට් වෙනකම් කම්පුටර් ස්කූල් එකක ඉන්ස්ට්‍රක්ටර් සෙල්ලමක් කලානේ.. ඔන්න ඉතින් ඔය කාලේ නෝටියටයි තව ඉන්ස්ට්‍රච්ටර්ල තුන්දෙනේක්ටයි කොලබින් ටිකක් එහා තියන සෙන්ටර් එකක මාසික පරීක්ෂණ වගේකට. ඔය සෙට් එකේ හිටියේ හසිත කියල අයිය කෙනෙකුයි උගේ කෙල්ලයි තව නිශා කියල කෙල්ලෙකුයි. දැන් උදේ පිටකොටුවෙන් තම අපි බස එකට සෙට් වෙන්නේ. (හසිතයා ඉතින් උගේ කෙල්ල එක්ක ඩබල් දාලා යනකොට නිකම්ම නිශා නොටියත් එක්කම එන්න උනා)
දැන් හදුන්ව දීම ඇති.ඔන්න කතාව.
ඔන්න උදේ බස එකට නගින්න අපි සෙට් ඒක කොලබ ගුණසේන ඒක ලග ඉන්නවා.හසිතය උගේ කෙල්ල එක්ක බරටම චැට බසය එනකම්.නිශා ඇන්ඩ් නෝටි වෙනම මලක්.(හිකිස්‌)))))))

ඔන්න ඔය අතරේ තමයි එන්නේ "ගන්න මහත්තය 100 ට 3යි" පොරක්.
පොර හසිතයල ලගට ගිහින් ටෝක් කරනවා ජොක්කු පෙන්න පෙන්න "ගන්න මහත්තය 100 ට 3යි". උන් නෝන්ඩිය කාගන්න බැරුව ආවා කියමුකෝ අපි ඉන්න තැනට.
දැන් අර පොර අයෙමත් අපි ඉන්න තැනට ඇවිත් නිශාට කියනවා...
"ගන්න නෝනා...මහත්තයට ගැලපෙනවා... 3ම 100යි"
ගත් කටටම නිශා කියපි...
"අපේ නෝටි ඔය ලෝකල් බ්‍රෑන්ඩ් අදිනනෑ"






ප.ලි.
මගේ සුපුන්ච මේක දැක්කොත් නම් නෝටියට බඩු බනිස් වෙනවා බුදු ෂුවර්... කමක් නෑ බොල.මගේ කෙල්ල මට පන වගේ ආදරෙයි...

Monday, February 20, 2012

නැන්දම්මා -vs- බෑණා

ඇදගෙන නාන එකේ ලිමිට් එකක් නැති නිසා ටිකක් වැඩිපුර ඇදගෙන නාන්න හිතුනා. චිරාත් කාලයක සිට පැවත එන නැන්දම්මා ඇන්ඩ්  බෑණා සීන් කෝන් නොටිගේ ඇසින්...


තියරියට අනුව නැන්දම්මා කෙනෙක්  බෑණාවරුන් කොට්ටාශ දෙකකින් හදුනා ගනී..

  1. ජෙනුයින් බෑණා 
  2. ලෝකල් බෑණා

ජෙනුයින් බෑණා
සෑම නැන්දම්මා කෙනෙකුගේම ඒකායන තේරීම මෙය වන අතර මෙම බෑණා හට නන්දම්මගෙන් දුව පමණක් නොව බඩේ බත් පවා දීමට පෙලබෙනු ඇත. මන්ද යත් ජෙනුයින් බෑණා ධනවත්, කුලවත් කමින් නොඅඩු සහ අර පොරොන්දම් මේ පොරොන්දම් ටක්කෙටම ගැලපෙන එකෙකු නිසාය. එම නිසා ජෙනුයින් බෑණා නැන්දම්මට "අපේ පුතාය".

තවද ජෙනුයින් බෑණා සුරාවෙන් සූදුවෙන් චොරය (අරක්කු කටේ තියන්නේ නැත.කෙලින්ම උගුරටම හලා ගන්නවාය.). කොටින්ම කිවුවොත් බෝ පැලය. පෙරාපු රත්තරන්ය.

ලෝකල් බෑණා.
කිසිම නැන්දම්මා කෙනෙක් නොපතන්නේය. මෙවන් බෑණා කෙනෙකුට තමන්ගේ දුවව දෙනවට වඩා කොටියට කන්න දෙන එක හොදයි කියා සිතන්නේය. මෙම බෑණා ජෙනුයින් බෑණා තරම් ධනවත් නොවෙන අවස්ථා බොහොමයක් ඇති අතර පොරොන්දම් කියා දෙයක් තියනවද කියා දන්නේ වත් නැතිය.
එම නිසා ලෝකල් බෑණා නෙන්දම්මගේ ආමන්ත්රණය සිදුවනුයේ "එයා හෝ මෙයා" කියාය.
ජෙනුයින් බෑණා බෝ පැල වන අතර ලෝකල් බෑණා "වල් බෝ" ය.

මෙම ලෝකල් බෑණා ඉදල හිටලා අඩියක් ගසන අතර ගෑනිට පන සේ ආදරය කරන්නෙහිය. ගෑනි වෙනුවෙන් පන උනත් දීමට සැදී පැහැදී සිටින්නෙහිය.

මෙය කෙසේ උවත් කාලය ගත වීමත් සමග බොහෝ අවස්ථා වල ලෝකල් බෑණා නැන්දම්මට ජෙනුයින් බෑණාට වඩා හොද වන අවස්ථාද ඇත.

කීමට බොහෝ දේ ඇතත් මේ පොස්ට් ඒක දැන් නතර කලොත් හොදයි කියල හිතෙනවය.

කෙසේ වෙතත් මෙය පැවසිය යුතුමය...
ජෙනුයින් ලෝකල් බේදයක් නැතුව බෑණා වරුන්ට උරුම දෙයක් තියනවාය.ඒක නම් කියන්නේ අන්දරේය. අන්දරේගේ කතාව මුසාවක් විය නොහැක. එය මෙසේය.


අලුත් පිට බෑණා ගෙදර එන කොට
මලුත් පුදා දුව කැදවා දෙති ලගට
කලක් ගොසින් බෑණා පරණ වෙන කොට
බලුත් නොවටී බෑණා නැන්දම්මට...



ප.ලි.
කට කසනවට ලිව්වා වගේ නෙමෙයි.. මේක අපේ සූපුන්චා (නෝටිච්චි) එහෙම දැක්කොත් කට විතරක් නෙමෙයි මුළු ඇගම කසන්න වෙනවා.. බුදු ෂුවර්.

ප.ප.ලි.
මේ දවස් ටිකේ මගේ සූපුන්චා අසනීපෙන්. දෙවියන්ගේ පිහිටෙන් මගේ සූපුන්චට ඉක්මනටම සනීප වෙන්න ඕනි.

Tuesday, February 14, 2012

ලබ්බ තිත්ත(යි?) - අබුද්දස්ස කාලේ...!!

මේ ලබපු කාලේ නම් නෝටියට එච්චර හොද කලක නෙවෙයි කියලමයි හිතෙන්නේ... සිරාවටම ඇදගෙන නාන්නමයි හිත.. ඔන්න ඔහේ කියලා දාමු.

ඔන්න හෙටත් තව දවසක් ලබනවා... මද(ර්)ස් ඩේ, ෆාද(ර්)ස් ඩේ, සයන්ස් ඩේ(අර ඉස්කෝලෙදි තියන්නේ)..... අර ඩේ..., මේ ඩේ..., අතරේ...

වැලන්ටයින් ඩේ...!!

කාට හරි සද්දෙට අදෝ වාතයක් (නෝටියා නරක නෝටිය කියන නිසා "පඩයක්" කියා නොකියමි.) ගියත් සමරන එකේ... ආදරෙටත් දවසක් දාන ඒක මහා ලොකු දෙයක් නෙවෙයිනේ...
එව්වා වැඩක් නෑ.. මෙන්න මෙහෙමයි නොටියගේ කතාව...



දෙයියනේ කියල වැලන්ටයිගේ පිහිටෙන් පේමන්ට් එකේ වැලන්ටයින් කාඩ්ස් විකුනපු, සෝස මල් විකුනපු මුදලාලි මාමේ....!! 
සුපර් මාකට් එකේ ලොකු ලොකු කොළ වලට වැලන්ටයින් විකුනපු මුදලාලි මාමේ...!!


උබලට වැලන්ටයින්ගේ නාමෙන් බඩගෝස්තරේ රැක ගන්න හෙටින් පස්සේ තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවා... 
ගෙඩි පිටින්ම අවුරුද්දක්..!

එතකං
ඉවසපන් පපුව ඉවසපන්..!! :D

ඔන්න එහෙනම් හැමෝන්ටම ජූනා ගේ පිහිටයි..! ආරක්සාවයි..!!





ප.ලි.
රෝමන් දේව කථා අනුව ‘ජූනා’ තමයි ආදරයේ හා විවාහයේ දෙවඟන. දෙව්ලොව රැජිනත් ‘ජූනා’ දෙවඟන.
HERA, Queen of Heaven & Love
(
ජූනා හෙවත් හෙරා, ආදරයේ හා විවාහයේ දෙවඟන සහ දෙව්ලොව රැජින)

Related Posts Plugin for WordPress, Blogger...