Pages

Friday, January 27, 2012

ඇම්ඩන් ගිරවා...

කන පැලෙන්න වැඩ අප්පා... 
ඒ මදිවට පස්ට සීතලයි...
අසනීප උනත් එක්ක...
හුටස්‌//////.....!!..........!!
බ්ලොග් එක කියල එකකුත් තියනවනේ...
ඔන්න පොඩි කතාවක්..

ඔන්න හිටියලු ඥානපාල කියල බුවෙක්... මේකා නමේ හැටියටම ඥානපාල කෙනෙක්.. ඔන්න මිනිහට හම්බුනාලු හොද ගිරා පෝතකයෙක්... මු කතාකරන එකෙක්...


පෙත්තා බත් කෑවද...???පෙත්තා බත් කෑවා.................
පෙත්තා ජෝ බිව්වද...?පෙත්තා ජෝ බිව්වා........

හරිම හුරතල්... ඔන්න ඉතින් ඔය හුරතලේ නිසා මුගේ කුඩුව එල්ලුවලු ගෙදර ඉස්සරහ තියන ගහක...ඔය ගේ ඉස්සරහ තියන පාරෙන් හැමදාම හවසට පොරක් යනවලු කරති කැඩෙන්න වෙල් ෆැන්ට ගහල පාලි සගිස්කුරුත  වපුර වපුර... ඔහොම ටික දවසකට පස්සේ පෙත්තාගෙන් ඇහුවම....

පෙත්තා බත් කෑවද...???^%#&&*^(*(& (* %(* %
පෙත්තා ජෝ බිව්වද...?&^^*^%$%^*&%(&*(^(*^

මුකුත් නෑ ආයේ කුණු හබ්බ විදිනවලු දොබෙන් යන්න... මේක හරියන්නෑ නේ... ඥාණපාලය කරන්නේ මේකව ගෙනිහුං එල්ලුවලු ටොයිලට් එක ලග තිබුන ගහක.... ඔන්න ටික දවසකට පස්සේ....

පෙත්තා බත් කෑවද...???පූ....න්......!! පූ....න්......!! පූ....න්......!!!!!
පෙත්තා ජෝ බිව්වද...?පූ....න්......!! පූ....න්......!! පූ....න්......!!!!!


ප.ලි.
ටියුබ් ලයිට් එහෙම තියනවා නම් පොඩ්ඩක් ස්ටාටර් එක හොලවල බලන්ටකෝ... එතකොට පත්තු වෙයි... ඔය ඉස්ටෝරිය නොටිය ඇතුළු කීප දෙනෙක්ට රෑග් සීසන් එකේ රග දක්වන්නත් උනාලු... නොටියට ගිරවාගේ සීන් එකයි  කා ට බොනපාට් ගේ සීන් එකයි කරන්නත් උනාලු...අන්තිමට සෙට් එකටම බඩු බනිස් උනාලු..


ප.ප.ලි.
හුගක් දවසකට පස්සේ අද බ්ලොග්  වලට අවේ... ගොඩක් එව්වා වෙනස් වෙලා වගෙයි... අනේ මන්ද බ්ලොග් වලටත් මොනවා වෙනවද කියල... මේ පොස්ට් එක ලියන්න කලින් මම බ්ලොග් බැලුව පැය දෙකක් විතර එක දිගට... ගොඩක් එව්වා හිතුන... සිංහල බ්ලොග් අවකාසේ ගොඩ දෙනෙක් අතර කුහකත්වය ගොඩාරියක් ඉස්මතු වෙලා කියල නම තේරුණා හොදටම... නොටිය නම බ්ලොග් ලියන්නේ ස්ට්‍රෙස් එක අඩු කර ගන්න...ජීවිතේ රස මුසු තැන් මතක් කරලා සතුටක් (ආතල් ) ලබන්න... ඒත් දැන් දැන් බ්ලොග් නිසා ස්ට්‍රෙස් එක වැඩි වෙනවද මන්ද... වෙලාවකට හිතෙනවා මේ තියන කුහකත්වය බ්ලොග් ලෝකෙන් සැබෑ ලෝකෙට  ආවොත් ඊළාම් යුද්දය වෙනුවට බ්ලොග් යුද්දය පටන් ගනීවි කියලා...

දන්නෙම නැතුව ඒ ගැන ටිකක් වැඩිපුර ලිය වුනා... 
පස්සේ හිතුනොත් පොස්ට් එකක් දානවා නෝටියට හිතෙන දේ... 
ඕන නෑ කියලත් හිතෙනව වෙලාවකට... 
බලුමු...
කාලෙත් එක්ක කරන දරුණු හටනක් වෙලානේ දැන් ජීවිතේ...

19 comments:

  1. //කුහකත්වය ගොඩාරියක් ඉස්මතු වෙලා කියල නම තේරුණා හොදටම... නොටිය නම බ්ලොග් ලියන්නේ ස්ට්‍රෙස් එක අඩු කර ගන්න...ජීවිතේ රස මුසු තැන් මතක් කරලා සතුටක් (ආතල් ) ලබන්න... //

    සෑමා මුකුත් කියන්නේ නැහැ. මේ ටිකම ඇති නෝටියා.. සිරා

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං සෑමෝ... ඉදිරියේදී මොනවයින් මොනවා වෙයිද කියල හිත ගන්න බෑ මේ විදියට...

      Delete
    2. බ්ලොග් ලියන එකාලම ඇනෝ විදියට එනවා බං. ප්‍රොෆයිල් එකෙන් දාන කමෙන්ට් බොක්කෙන් දෙනවා. ඒ එක්කම ඇ‍නෝ විදියට ඇවිත් විනාස කරනවා.

      අපේ පාඩුවේ අපි ලියනවා ! :-)

      Delete
    3. ඔහ්...
      එව්වට නම් කියන්න තියෙන්නේ මචං මානසික ආබාධ කියල...

      Delete
  2. ඇත්තට ඉතින් ගිරවා කියන්නේ ඇහෙන ඇහෙන දේ කියන සතෙක් නෙ. පව් අසරණයා... :PP

    ඔය පහලින් තියෙන මාර්තෘකව ගැන නම් මන් අදහස් ප්‍රකාශ කරන්න කැමති නෑ ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. ඒ අසරනයත් පව්....
      ඊට වඩා නෝටි අසරණයි කා අසරණයි අම්බානකට පවූ රැග් එකේදී චා උන චා වීම... හොදි ඕනනෑ...

      Delete
  3. එළ එළ නෝටියෝ හොඳින් වැඩ ටික කරගෙන මේ පැත්තෙත් ඇවිල්ලා පලයං.උඹගේ බ්ලොග් එක කියවන්න ආසයි...ඉතින් කොහොමද වැඩ කටයුතු....

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා මචං..
      වැඩ කටයුතු නම් අවුලක් නැතුව කෙරීගෙන යනවා...
      උබත් හොදින් කියල හිතනවා..
      ජය

      Delete
  4. නොටියා මොකෝ ස්ට්‍රස්. විබාගයක්වත් තියනවද,,

    අන්තිමට ලියපු කුහකකම ගැන නම් මට අවබෝදයක් නැත...

    ReplyDelete
    Replies
    1. අන්තිමට ලියපු දේ තේරෙන්නත්නම් නොහිත ඉන්න එක තමයි හොදම දේ...

      Delete
  5. හික් හික් ඌ නම් ඇම්ඩන් ගිරවෙක්ම තමා අෆ්ෆා... :)ජයවේවා නෝටි අය්යට!!!

    ReplyDelete
    Replies
    1. හික් හික්..
      ජය වේවා ඇන්ඩ් තැන්කු වේවා...

      Delete
  6. අදයි මේ පැත්තට ගොඩවුනේ....අන්තිමට කියල තිබුන දේ ගැන එච්චරටම අවබෝදයක් නැහැ, මම තාම බ්ලොග් වලට අලුත් නිසා වෙන්න ඇති....

    නෝටිට ජය!!!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වෙල්කම්..
      අන්තිමට ලියපු දේ ගැන නම් කියන්න තියෙන්නේ දුපත් වාසියට කියපු දේම තමයි...
      අන්තිමට ලියපු දේ තේරෙන්නත්නම් නොහිත ඉන්න එක තමයි හොදම දේ..

      Delete
  7. අනේ නෝටයෝ ඉස්ටාටරේ නම් හොලවන්න බෑ.. ඒත් කතාව තේරුනා..
    මම මේ කල්පනා කරේ මාස්ටර් බෙඩ් රූම් එකේ උන්නොත් මොනවා කියාවිද කියලා

    ReplyDelete
    Replies
    1. ඉස්ටටරේ හොලවන්න බෑ... හිකිස්‌....
      මාස්ටර් රූම් එකේ හිටිය නම් තත්වය සෝචනීය වෙනවා මීට වඩා..
      ඒක බුදු ෂුවර්..!

      Delete
  8. මම පහුගිය ටිකේ පොඩ්ඩක් බ්ලෝගෙන් ඈත් වෙලා හිටියේ ඒ ටික දොහට ගොඩක් ලොකු සිද්ධි වෙලාලුනේ අක්කලා දෙන්නෙක් බ්ලොගෙන් සමු අරන්ලු ඒත් මම දන්නේ නෑ ඇයි කියලා දැන්නම් පොඩ්ඩක් තේරෙන්න අරන් තියෙන්නේ ඔයාගේ පැහැදිලි කිරීම් එක්ක.....හි හි බට ලයිට වැඩ හොඳේ

    ReplyDelete
    Replies
    1. /* අක්කලා දෙන්නෙක් බ්ලොගෙන් සමු අරන්ලු...?? */
      ඒ කවුද..?

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...