Pages

Tuesday, May 22, 2012

දේශප්‍රේමයට එරෙහිව ඉල්ලන් *කේ මාමයි ගා ගැනීම...!!

ඔන්න හිටපු යුධ හමුදාපතිතුමන් සරත් ෆොන්සේකා නිදහස් උනා..
බලන්ට වාරි වෙච්චි අය එහෙම ඉන්නවා නම් බලන්ටකෝ ලබ්බේ තොයිලේ හෙවත් නිදහස වගේ එක
හරි දැන් ඒක පැත්තකින් තියමුකෝ..

අයෙත් නෝටිය ඉල්ලං මාමයිට් ගාගන්න තමයි ලේස්ති වෙන්නේ..

  • coke එපා...අපි සිංහයෝ
  • pepsi එපා... අපි සිංහයෝ
  • coke ද pepsi ද මවුබිමද?... අපි සිංහයෝ
  • ඔබාමා ලංකාවට *ක දෙයි
  • ඔබාමා ලංකාවට කෙලි... 




ඔන්න ඔව්වා තමයි දැන් ලංකාවේ තියන wall arts. 
ආසාවේ බෑ අප්පා.. ජුගුප්සාජනක ගුජුප්සාජනකද මොකක්ද එකෙන් ඇඟේ හීගඩු හීගඩු පිපෙනවා..
පුදුම දේශප්‍රේමයක් තියෙන්නේ...

දැන් ලංකාවේ කඩ, සුපර් මාකට් වල coke, pepsi නෑ,
දැන් ලංකාවේ කවුරුවත් KFC, Mc Donald's, Pizza Hut යන්නේ නෑ,
එතකොට ගූගල්..! මගුලක් කතා කරනවා ගූගල් තියා ජොලියක් ගියාම යා...හූ....!! කියල වත් කියන්නෑ
කොටින්ම කියනවා නම් දැන් ලංකාවේ කවුරුවත් ඇමෙරිකන් ජෝකෙක් වත් අදින්නෑ




ආච්චිගේ චිත්තේ...!

නෝටියාට නම් හිතෙන්නේ අරක එපා - අපි සිංහයෝ, මේක එපා - අපි සිංහයෝ, කියලා තාප්ප පාප්ප වෙන්න දාන වෝල් ආර්ට් තරම් ගොන් ජෝක් එකක් තවත් නෑ වගේ.

සමහර විට ඔය සීන් එකේ ඉන්න දේශප්‍රේමියෝ ටික 100%ක්ම ලාංකික දේවල්ම පාව්ච්චි කරන අය වෙන්ට ඇති,

අර කලින් කිවා වගේ ඇමෙරිකන් ජෝකෙක් වත් අදින්නේ නැතිව ඇති, අඩුම ගානේ ඉන්දියාවෙන් ගෙන්නන ලේලන්ඩ් බස් එකක වත් යන්නේ නැතුව ඇති... (අනේ තාත්තා පා, මෙව්වා බලලා පන පලයන් පෙරේදා කිවලු)

මෙව්වා කියලා නෝටියා දේශද්‍රෝහියා කියලා හංවඩු ගහලා නෝටියගේ බ්ලොගේටත් සොරි.කොම් කරවයිද දන්නෑ...

එහෙව් කියලා මේ වගේ ගොන් ජෝක් දකිනකොට නෝටියගේ කට කසන කැසිල්ල නවත්තන්න මගේ නොටිච්චිට වත් බෑ ඔන්න... (පේනවනේ ටයිට්ල් එකේම තියනවා)

හැබැයි මෙන්න මෙහෙම දේකුත් නෝටියගේ ටිකිරි මොලේට තේරෙනවා...

ලංකාව දියුණු කරන්න නම් 100% ක්ම කරන්න බැරි උණත් අඩුම ගානේ 50%කවත් ලංකාවේ දේවල් වලට මුල්තැන දීලා වැඩ කරනවා නම් ම.රා. මාමා කියන ආස්චර්යද මොකක්ද එක සැබෑ වෙයි.

ඒත් ඉතින් කොහේ කොරන්නද හැම එකාම සුට්ටන් කාලේ ඉඳලාම පරගැති බව ඇගේ ලේ වලටම මුහු කරන්ට හදන කොට..
බොරුද මං කියන්නේ...???

බොරු කියලා කියනවා නම් මේකත් මතක කරලා බලන්ටකෝ...
සරලම උදාහරණයක්..!

1,2,3,4,5,........ වගේ වසරවල් වල් ඉක්කෝලේ ඉගෙන ගන්නකොට ලංකාව කියන්නේ..


ඉන්දියන් සාගරේ මුතු ඇටය

කියලා නෙමෙයිද කියලා දෙන්නේ?
ගාගෙන නෙමෙයිද තියෙන්නේ නැට්ටේ ඉඳං ගොම..!
හිච්චං කාලෙම පොඩි එකාගේ මොලේට කාවද්දලා ඉවරයි පරගැති බව.

( නෝටියට මතකයි දවසක් 7 හරි 8 හරි සිංහල පාඩමකදී මැඩම් ලංකාව ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියලා කියනකොට නෝටියා.., 
"මැඩම් කියන විදියට ලංකාව කියන්නේ වෙනම රටක් නම් ලංකා සාගරයේ මුතු ඇටය නොකිය ඉන්දියන් සාගරේ මුතු ඇටය කියන්නේ."
කියලා ඇහුවම මැඩම් නෝටියට චු යන්න කන මිරිකපු හැටි
ඒත් පීරියඩ් එක ඉවර වෙලා මැඩම් යනකොට නෝටියට කියලා ගියපු එකෙන් නම් නෝටියට මාර කික් එකක් ආවා
"මම ඒ වෙලාවේ කනෙන් ඇල්ලුවට පුතේ ඔයා හරි" )

ආයෙමත් ට්‍රැක් එකට..!

අරක එපා, මේක එපා කියලා ගොන් ජෝක් දුන්නට වැඩක් නෑ. මුල ඉඳලාම වරද්දලා හෝ වැරදිලා තියෙන්නේ. අන්න ඒ වැරදුන තැන නිවැරදි කරගෙන අවොත් "ලක්දිව සයුරේ මුතු ඇටය" හැමදාම දිදුලාවී..

හැබැයි කොයි තරං ගොන් ජෝක් උනත් ඒ වෝල් ආර්ට් වලින් එක දෙයක් නම් නෝටියා පිලිගන්නවා ඔබාමා ලංකාවට *ක දෙයි..

කිරි අප්පට තංගල්ලේ මීකිරි කිවලු. 
දන්නෙම නැතිව ගොඩක් ලියවිලා..තව ලීවොත් පෝස්ට් එක වනචර වෙනවා.. ආයෙමත් ඉල්ලං මාමයිට් ගාගැනීමේ අවලන්කෘත වූ නොසන්සිඳෙන ආසාවෙන් නෝටියා තට්ටු වෙනවා...

16 comments:

  1. අපි සිංහයෝ උන්ගේ ගොන් පාට් වගේම තමා ඉතින් ඉන්දියන් සාගරේට විරුද්ධ එක . මොකද ඉතින් ලෝකේම කියන නමක් අපි වෙනස් කරන්නයැ , නම කෙසේ වෙතත් මේක මුතු ඇටේ වෙනුවට අමුතු ඇටයක් වේගන එන එකයි දුක . ඇටේ වෙනස් කොරන්න බැරි නම් වෙනත් සාගරේක වෙනත් ඇටයටකට පැන ගන්නයි වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අමුතු ඇටේ වෙන එක නම් මම හිතන්නේ සක්කරයට වත් නවත්තන්න බැරි වෙයි මචං...

      සමහර විට ඒක මම බලන විදිය වෙන්න ඇති.
      ඉස්සර ලංකාවට සිලෝන් කිව, සේරඩිප් කිවා..
      ඒත් අද කියන්නේ ශ්‍රී ලංකා.
      භාවිතය කියන්නේ කාලයත් එක්කම වෙනස් වෙන දෙයක් නෙමෙයිද..?

      Delete
    2. මෙහෙමනේ මචන් ලංකාව අවට මුහුදට අපි කැමති නමක් දාගත්තා කියමුකො ඒත් ඒකේ මුතු ඇටේ උනාට වැඩක් නෑනේ , ඉන්න එකම ඇටේ අපිනේ , ඒත් මහා දැවැන්ත ඉන්දිය සාගරේටම මුතු ඇටේ වෙනවා කියන්නේ අනික් ඇට තියෙත්දිත් අපි විතරක් මුතු ඇටේ වෙන එකනේ . කාටද ආඩම්බර :)

      Delete
  2. කෝක්,පෙප්සි මොකටද නෝටියෝ කික් තියෙද්දි...:)))

    ReplyDelete
    Replies
    1. අඩේ ඔවුමයි
      sri lankan to the last drop..!

      Delete
    2. ඔන්න ඕකෙන් බූරුවංසට ගෙවන්ට ඇති සුවර්! සොට්!

      Delete
  3. නෝටියට මුලින් කියපුව හ‍රි නමුත් අන්තිම ටිකේ පොඩ්ඩක් වැරදුනා වගේ.
    ඉන්දියන් සාගරේ මුතු ඇටය කියන්නෙ අපේ රට තියෙන සාග‍රේට කියන්නෙ ඉන්දියන් සාගරේ කියල කියන මිසක් ඉන්දියාවට ගැතිනිසා නෙවි, ලක්දිව සයුරේ මුතු ඇටය කියල කියන්න බැරි එහෙම සාග‍රයක් ලොකෙ කොහෙවත් නැති නිසා. ;)

    ReplyDelete
    Replies
    1. සමහර විට ඒක මම බලන විදිය වෙන්න ඇති.
      ලංකාවෙන් පිටක පදිංචියට ආවම, ලංකාව කියන රට ගැන ලෝකේ වෙනත් රටවල් වල මිනිස්සු කියන කතා ඇහෙනකොට ගොඩක් දේවල් හිතෙනවා.

      ලංකාව ගැන ලොකු දුකකුත් ලොකු ආදරෙකුත් ඇති වෙනවා.

      දුකක් ඇති වෙනවා කිවේ ලෝකේ බොහොමයක් මිනිස්සු හිතන ඉන්නේ ලංකාව කියන්නේ ඉන්දියාවේ බූදලයක් කියලා. වැඩිය ඕන නෑ ඉන්දියාවේ උනුත් හිතන ඉන්නේ එහෙම. වැඩිය ඕනි නෑ "සහරා මුම්බායි" කියන ඉන්දියන් ටි.වී චැනල් එකේ ලංකාවේ නිවුස් දෙන්නේ ලෝකල් නිවුස් කැටගරියේ.

      ලංකාව අයිති ලාංකිකයන්ට උනාට ලෝකේ බොහොමයක් මිනිස්සු හිතන් ඉන්නේ ලංකාව අයිති ඉන්දියාවට කියලා...
      එතකොට තමයි කළා ඉන්න අමාරු.

      Delete
  4. මෙකෙතව වනචර වෙන්න මොනවද අඩු

    ReplyDelete
    Replies
    1. හෑහ්..!
      එහෙනම් එකත ඇත්ත වෙන්ට ඇති...!

      Delete
  5. ඉන්දියාවත් එක්ක ඈදල ලංකාව ගැන කතාකරන අය තමයි ලෝකෙ වැඩියෙන්ම ඉන්නෙ. මම එකසැරයක් කියෙව්ව එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තයගෙ පොතක්. ඒකෙ තියෙන්නෙ එතුමා ඇමෙරිකාවෙ ගතකල කාලයේ මුහුණදුන් අත්දැකීම්. එයා කියනව ඉන්දියාව ගැන කියන්නෙ නැතුව ලංකාව ගැන කතාකරන්න පවා බැරිවුනා කියල(මං කියන්නෙ 60හෝ 70 ගනන්වල කාලය ගැන).

    ReplyDelete
    Replies
    1. දැනුත් තත්වය වැඩි වෙනසක් නෑ රාජ්...!

      Delete
  6. අපි ඉංදියන් බාන්ඩ වර්ජනය කරන එක තෙරුමක් නැති වැඩක්, අපි කරන්න ඔනේ ගන්න වෙනත් රටක නිශ්පාදනයක් නැත්නම්ම පමනක් ඉංදියන් බාන්ඩ ගන්න කියලයි, එවිට ඉංදියන් බන්ඩ පරිබොජනය අඩුවෙනව, නැතුව වර්ජනය කිරිම කිසිම තෙරුමක් නැහැ.....මම නම් පොඩි කාලේ ඉඳන් ඉංදියන් බාන්ඩ ගන්නේ මෙම ප්‍රති පත්තියෙ සිටයි, එනිසා කිසිම අපහසුවක් නොමැතිව ජිවත් වෙන්නපුලුවන්....

    ReplyDelete
  7. මං නම් ඕවල සංකීරණ දේවල් දන් නැ එත් එකක් කියන්න පුළුවන් පිටරටින් එන දේවල් වලින් වලකින්න නම් ලංකාවෙන් ඒවට විකල්ප තියෙන්නත් ඕනා.
    අඩුම ගානේ ලංකාව පෙනක් වත් හදන නැනේ හැදුවොත් එක ලියවෙන් නැ හරි වෙන මොකක් හරි අව්ලක් .....
    ඉතාකොට ඉතින් අපිට වෙන රෑට වලට *ක දෙන්න වෙනවා තමයි ඔබමට කෙසේ වෙතත් ..............

    ReplyDelete
  8. දේශප්‍රේමිත්වය මෝඩ චූන් එකක් බං.. අවංක නැහැ.. මිනිස්සුන්ව උසි ගන්නන්න අපේ එවුන් භාවිත කරන වචනයක් විතරයි.

    ඔය කියන ආයතන වල වැඩ කරන ලාංකික පිරිස් ගැන බුරුවංස මොකද කියන්නේ ?

    ReplyDelete
  9. කොහොමත් දේශප්‍රේමය කියන්නේ දේශපාලන වාසිය සඳහා බාවිතාවන වචනයක් විතරයි, ඔය ලොකු ලොකු ප්‍රභූන් කියල කියන අයට කිසිම දෙශප්‍රේමයක් නැහැ, මොකද එගොල්ලෝ රට රට වල සවාරි ගහල, විදෙශ බාන්ඩ මිලදි ගෙන, සමහර අය විදේශ වල පුරවැසි කමුත් තියගෙන තමයි, අපිට දෙශප්‍රේමය ගැන කියන්නේ.....හැබැයි පුංචි අපේ හිත්වලනම් ලංකාව ගැන චුට්ටක් හරි ආදරයක් තියෙනව..

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...