Pages

Tuesday, May 22, 2012

ලබ්බේ තොයිලේ හෙවත් නිදහස වගේ එක

හවස කීයටද මන්දා එක කෙළියට සතිඥඥා පත්තු වෙනකොට නෝටියට මතක් උනා හිටපු හමුදාපති තුමන්ට හම්බෙච්ච ටොපිය කාලා ඉවරවෙලා නිදහස ලැබුනා කියලා...


කොහොමින් කොහොම හරි අනේ වාසනාවන්..!
(මොනවා උනත් කුඩුවක ලගින්න ඕනි මනුස්සයෙ නෙවෙයි එතුමා.)


ඇත්තටම හිටපු හමුදාපතිතුමා හට ලැබුන නිදහස වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහසක්ද...?


කාට හරි කියන්න පුළුවනි "ඕව්" කියලා...
ඒත් ඒ වෙලාවට නොටියට කියවෙන්නේ 
"ආච්චිගේ රෙද්ද.." කියලා...


ඇත්තටම ඔහුට ලැබිලා තියෙන්නේ නාමික නිදහසක් කියලයි මට නම් හිතෙන්නේ...


කොටින්ම කියනවා නම් පරවියගේ තටු කපලා කුඩුවෙන් දොට්ට දැම්ම වගේ වැඩක්...!


මොකද කියනවානම් රටේ පාලන පක්ෂය කියන විදියට ඔහුට ලැබිලා තියෙන්නේ...! නිදහසක් නෙවෙයි...!
සමාවක්...!!! ඕව්... නියම ගුණසිරි බුල්ටෝ එකක්.


හොඳයි.., මොන මගුලකින් හරි දැන් ඔහුට යම්තාක් නිදහසක් ලැබුනානේ... එතකොට ඊළගට...?
ඊට කලින් කියන්න ඕන නෝටියා දැනගත් විදියට සරත් ෆොන්සේකා කියන්නේ කෙලින් අදහස් තියන, තද තීරණ ගන්නා, නිර්භය, හොඳ අතම විශ්වාසයක් තියන දකුණේ අම්බලන්ගොඩටම ආවේනික උණ හිතුවක්කරකමකින් හෙබි මනුස්සයෙක්.. (අඩේ..!නොටියටත් ආඩම්බරයි අප්පා..., මොකද නොටියත් අම්බලන්ගොඩයෙක්නේ...)
ඊළගට....?

  1. ලිඳට වැටුන එකා ලිඳේ කටෙන්ම ගොඩ එන්න ඕනි කියනවා වගේ කලටිපොල් වලට අයෙත් අවතීර්ණ වෙයිද...?
  2. නැත්නම් ගෞරවනීය සිවිල් පුරවැසියෙක් විදියට ජීවත් වෙයිද...?
නෝටියා නම් කැමති දෙවැනි මෙව්වා එක සිද්ධ වෙනවා නම්. මොකද කියනවා නම් ලංකාවේ දේශපාලනේ නමින් තියන බලු පොරේට එකතු උනොත් බිහි වෙන්නේ බල තණ්හාවෙන් පිරුන කෙනෙක්ව. 
ඕනෑම හොඳ මනුස්සයෙක් තිරිසනෙක් කරන්න හැකියාව ලංකාවේ දේසපාලනේ වගේ එකට තියනවා...

මොකද කියනවා නම්....

හොද මිනිහෙක් ලංකාවේ දේශපාලනේට ආවොත් වෙන්නේ...
1. පාළනතන්ත‍්‍රය තුලින් ඔහුව පාලන තන්ත්‍රයේ බළල් අතක් බවට පත් කර ගැනීම...
2. එසේ නොහැකි වුවහොත් මොනයම් ක‍්‍රමයකින් හෝ ඔහුව දේශපාලණයෙන් අතුගා දැමීම..

කලින් කමෙන් එකක කිවා වගේ උදාහරනයකින්ම කිවොත්...විජය කුමාරතුංග (නාදුනන වෙඩික්කරුවෙක්), ලක්ෂ්මන් කදිර්ගාමර් (ස්නයිපර් කරුවෙක්), ඇයි ප්‍රේමදාස ජනාදිපති තුමා (බෝම්බ පිපුරුමක්), දැන් සරත් ෆොන්සේකා (යුධ අපරදකරුවෙක්)

නෝටියා දන්නා කෙහෙම්මල් කලටිපොලයක් නෑ ඕයි..! 
ඒ උනාට ඔන්න ඕකයි තත්වය...

හැබැයි මෙන්න මෙහෙම දෙයක් නම් නොටියගේ ටිකිරි මොලේට කම්පනාවට එනවා... ෆොන්සේකාට කලටිපොලේ ඕනෑම නම් ම.රා. එක්ක එකතු උනොත් යම්තාක් දුරක් යන්න හැකි වෙයි කියලා හිතෙනවා...

මොනවා උනත් හත් ඉලව්වේ ලෝක බෝලේ අබ ඇටයක් තරම් තියන රටක ඇතුලෙනේ මේ හැම කෙන් ගෙඩියම වෙන්නේ... හරියට ලබ්බ ඇතුලේ තොයිලේ වගේ...

අවසාන වසයෙන් නෝටියා පතනවා ඔහුට යුද්ධය අවසන් කල හමුදා සෙන්පති ජනරල් සරත් ෆොන්සේකා කියන ලැබිය යුතු (නමුත් අහිමි උණු) ගෞරවේ වත් ලැබේවා කියලා..


6 comments:

  1. අකැමැත්තෙන් වුනත් එතුමාට ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න වෙනවා. අද රැස්වුන සෙනග කිසිම පක්ෂෙකින් බස් දාලා අද්දපු සෙනගක් නෙ‍වේ අවංකවම එතුමා වෙනුවෙන් ආපු සෙනගක්.

    ඒ ජනතාවගේ ඉල්ලීම එතුමා ඉටු කරනු නිසැකයි.

    ReplyDelete
    Replies
    1. අනිවා...
      ඒත් මොන දේ කලත් ලංකාවේ බහුතරේකට මුල මතක තියෙන්නේ බොහෝම ටික දවසයි.. ටික කාලයයි..

      කල හොඳ පස්සෙන් පන්නනවා කියන කියමන නම් කාට නැතත් ලංකාවට නම් සර්ව සාධාරණයි..

      Delete
  2. aniwage katawa sampurana etta

    ReplyDelete
  3. aniwage katawa etta

    ReplyDelete
  4. බලාගෙන ඉම්මු මොනවා වෙයිද කියලා...

    ReplyDelete
  5. කොහොමත් එක එකාගෙ අවශ්‍යතාවයන් වෙනුවෙන් අන්තිමට කෙලවෙන්නෙ තමන්ට කියලාවත් එතුමට තෙරුම් යනවනම් ..... ඊයෙ ලකුනු දාගන්න ආපු කට්ටිය දැක්කම්වත් එතුමට තෙරුනානම් ඇති. කට්ටියක් නම් රෙද්දක් ඇඳගෙන එන්න බැරි හන්දා ආවෙ නෑ මයෙ හිතෙ. නැත්නම් අමතකවෙලාද ?

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...