දැන් ගොඩක් කාලෙක ඉඳං ලියන්න හිතේ තිබුන, ඒත් ආරම්භයක් ගන්න බැරිව හිටිය කතාවක් තමයි අද ලියන්න හදන්නේ. කොහොම හරි ඒ කතාව ලියන්න ආරම්භයක් ගන්න ඕනි කියලා හිතුනේ හරී ගේ පෝස්ට් එකක් (මම හොරෙක්ද) නිසා.
සමහර විට පොස්ට් දෙක තුනක් ලියවෙයි. ඒ පොස්ට් දෙක තුනේ යාලුවෝ ගැන, නෑදැයෝ ගැන, ගෙදර ගැන, ඉස්කෝලේ කාලේ ගැන ලිය වෙයි. පටන් ගැන්මක් විදියට යාලුවෝ නිසා වැටුන කදුලක් ගැන ලියන්නම්.(ඇත්තම කිවොත් යාලුවෙක්)
ඒ නෝටියා 11 වසරේ ඉන්න අන්තිම මාස කීපය. නෝටිගේ හොඳම යාලුවා උනේ "පූර්ණ"(ඇත්ත නම නම් නෙවෙයි.මීට සමාන නමක්) පූර්ණගෙ ඒ කාලේ හීං නූලෙන් ගියපු සම්බන්ධයක් තිබුනා ලේඩීස් කොලේජ් එකේ කෙල්ලෙක් එක්ක. ඕක දන්නා කෙනෙක්ට හිටියේ මමයි තව දෙන්නෙකුයි විතරයි.
දවසක් පූර්ණට එයාගේ ගර්ල් එක්ක කොහෙද මන්දා යන්න ඕනි වෙලා අතේ සල්ලි නැතිව නොටියගෙන් ඇහුවා "මචං මට බැහැයි කියන්නේ නැතිව රුපියල් 500 ක් දියන්, මම උඹට ඉක්මනටම දෙනවා." ඒ වෙලාවේ මම ලග මතක විදියට තිබුනා රුපියල් 650ක් විතර. ඒ ඊලග මාසේ පන්ති කාඩ් ගන්න ගෙදරින් දුන්න සල්ලි. ඉතින් මම "මචං මම 500ක් දෙන්නම්, හැබැයි ඒ මට ඊලග මාසේ පන්ති කාඩ් ගන්න තියන සල්ලි" කියලා. ඊළඟ සතියේ මට අයෙමත් සල්ලි දෙන පොරොන්දුව මත ඌ සල්ලි ගත්තා.
ඒත් ඊට පස්සේ පූර්ණ ටිකෙන් ටික නෝටියා ආශ්‍රය කරන එක අඩු කලා.මම "මචං මට හෙට පංති කාඩ් ගන්න ඕනි, අර 500 ගන්න පුලුවන්ද" කියලා ඇහුවම පූර්ණ ගෙ උත්තරේ උනේ "මොනාද හු*තෝ, උඹට සල්ලිද යලුවද වටින්නේ" කියලා.
නෝටියට ඒ වෙලාවේ තේරුනා ඒ සල්ලි ආයේ ලැබෙන්නෑ කියලා. ඊළඟ ප්‍රශ්නය උනේ දැන් කාඩ් එක නොගෙන කොහමද පංති යන්නේ.OL ළඟ එකේ කීයට වත් ක්ලාස් මිස් කර ගන්න බෑ.අම්මිගෙන් ආයේ සල්ලි ඉල්ලා ගන්නත් බෑ. මොනවා කියලා අම්මිගෙන් සල්ලි ඉල්ලා ගන්නද. අනික එයාලා කොයි තරම මහන්සියෙන්ද හම්බ කරන්නේ...
ඔය අතරේ තමයි ආච්චිලගේ ගෙවල් ලග කොල්ලෙ කිවේ "මචං ගතමන්ට් එකක් හොයා ගන්න විදියක් තියනවා මොකද කියන්නේ?" කියලා. නෝටියට ඒ වෙලාවේ හිතන්න දෙයක් නෑ, ගත් කටටම ඇහුවේ "මොකක්ද බං", "මේකයි මචං සීන් එක.අපේ ගෙවල් ලග ගෙයක් හදනවා අලුතෙන්. එකට අත් උදවු දෙන්නයි තියෙන්නේ" හිතන්න දෙයක් නෑ නෝටියා ගියා සෙනසුරාදා දනුෂ්ක එක්ක. ඒ වෙනකොට නෝටියාට එහෙම බර වැඩ කරලා පුරුද්දක් නොතිබුන නිසා ඒ වැඩ ගොඩක් අමාරු උනා.ඒත් ඉවසන්නම වෙනවා පංති කාඩ් එක ගන්න ඕනි නම්.
එදා හවස උනේ හීනෙන් වත් නොහිතපු දෙයක්.
හවස එක සැරේටම අවා කාර් එකක්, ඒ වැඩ කරන අයට සල්ලි දෙන්නයි වැඩ කටයුතු හොදින් සිද්ද වෙනවද බලන්නයි හදන ගෙදර අයිතිකාරයෝ ඇවිල්ලා. කාර් එකෙන් බහින අය අතරේ එක රූපයක් දැක්කම මට උන හිටි තැන අමතක උනා. පූර්ණගේ කෙල්ල.කෙල්ල මාව අදුරගෙන හිනාවක් දාල ගියා.
සඳුදා මම ඉස්කෝලේ ගියා.පන්තියට ගියාම, එදා පන්තියට ගියාට වඩා නොගියා නම් හොඳයි කියලා හිතුනා.
"මේසන් බාස් වරුන්ට අත් උදවු කරුවන් අවශ්‍යයි"
කියලා වයිට් බෝඩ් එකේ ලියලා.නොදැක්කා වගේ හිටියත් පූර්ණගේ අලුත් සෙට් එකේ උන් දිගට හරහට හින්ට් පාස් කරන්න ගත්තා. ඇස් වලින් ගලන කඳුළු අතරේම...
"යාලුවෙක්ට උදවු කරන්න ගිහිං තමයි බදාම අදින්න උනේ"
කියලා ප්‍රිෆෙක්ට් රූම් එකට ගියා. මම මම ගැනම ඇති වෙච්ච දුක නැති වෙන්න ඇඩුවා. දෙවැනි පීරියඩ් එකේ පන්තියට ගියා.පූර්ණ කොයි තරම් සමාව ගන්න ආවත් ලැබුනේ නෑ සමාවක් පූර්ණට.
එදා පූර්ණ ගැන හිතේ තරහක් තිබ්බා, ඒ තරහා අද වෙනකොට මැකිලා ගිහිල්ලා.අද පූර්ණ ගැන හිතේ තරහක් නෑ. ඒ වගේම ආයේ යාළුකමක් පටන් ගන්න අදහසකුත් නෑ.
තව දෙයක් පූර්ණ එදා ඒ පණ වගේ ආදරේ කල කෙල්ල අද මගේම වෙන යාලුවෙක්ගෙ පතිනියක්.

ඔහොම දෙයක් වුනාට පස්සෙ යාලුවෙක් කියලා කියන්න පුලුවන්ද නේද???
ReplyDeleteසමහර විට මගේ ලජ්ජා නැති කම නිසා මෑන්ස් අයෙත් හෙල්ප් එකක් ඉල්ලුවොත් සුළුවෙන් හරි කරාවි... ඒත් යාළුකමක් ඇති වෙන්නේ නෑ...
Deleteඋඹට සල්ලි නැතිවෙලාවෙ කරන්න දේවල් දෙකක් තිබුනා එකක් කොහොම හරි සල්ලි හොයන් පන්ති යන එක පන්ති නොයා කට්ටි පනින එක. උබ කළයුතු හොඳම දේ තෝරාගෙන තියෙනවා. ඒකට මගේ ප්‍රණාමය.
ReplyDeleteඌ සල්ලි නොදී මගහැරියා මදිවට කෙල්ල කියපුදේ අනිත් කොල්ලන්ට කියලා චාටර් කරන්න හොඳ නෑ. අනික අපිට හතර මහ නිධානෙ පහළවුනත් අනිත් මිනිස්සුන්ව පාච්චල් කරන්න හොඳ නෑ.
මම නම් ඔය වගේ වැඩ අපේ ගේ හදද්දි නම් කළා. අත් උදව්කරුවෙකු නොගෙන ඒ වෙනුවට මම වැඩ කරා. ඒ වගේම මචන් ඕ/එල් ඉවරවෙලා ගෙදර ඉද්දි බාප්පා කෙනෙක්ගෙ වැඩවලට උදව් උණා. ඔය පොඩි පොඩි මල් හදන වැඩ. ඕං බලපන් නෑයො. පොරොන්ඳු උන ගානෙන් ටිකක් දීලා මඟඇරියා.
ලෝක ස්වභාවය හරී
Deleteමිනිස්සුන්ව අදුරගන්න ඔහොම දෙයක්ම වෙන්න ඕන!
ReplyDeleteඅනිවාර්යෙන්ම, මිනිස්සු කාල බලලා අදුනා ගන්න බැහැ නේ.
Deleteනෝටියාට මං හිස නමා ආචාර කරනවා.
ReplyDeleteමේ මම කියවපු තුන් වෙනි නෝටිගෙ සංකල්පනාව.
බොක්කට වැදුනු තැන්:
පන්තියට ගෙවන්න හිටපු සල්ලි අරූට ණයට දීම
ආපහු අම්මලගෙන් සල්ලි ඉල්ලන්නෙ කොහොමද එයාලත් අමාරුවෙන්නෙ හම්බ කරන්නෙ
කුලී වැඩට යාමට තීරණය කිරීම
පන්ති නොයා කට්ටි නොපැනීම
අරුන්ගේ විහිලු තහලු වලටලක්වීම
ඒකාට සමාව දීම
මෙන්න මේ අදහසත් නියමයි "ඒ වගේම ආයේ යාළුකමක් පටන් ගන්න අදහසකුත් නෑ."
I salute you!!
henryblogwalker the Dude
Thanks Dude Henry
Deleteසංවේදී කතාවක්. ඔය වගේ දේවල් කරන මිනිස්සු එක්ක ආස්සරේ අඩු කරන එකමයි හොද. ජය...
ReplyDeleteඅනිවාර්යෙන්ම, මිනිස්සු කාල බලලා අදුනා ගන්න බැහැ නේ.
Deleteතැන්කු ප්‍රදීප්.
ජය!
යාලුකමක් කියන්නේ විශ්වාසය උපයා ගැනීමක්. ඒ විශ්වාසය නැති වුණාම ඒ යාලුකමේ ආයි කතා කරන්න දෙයක් නැහැ
ReplyDeleteහ්ම්ම්... කතා කරන්න දෙයක් නෑ වගේම කතා කරන්න යන එකෙත් තේරුමක් නෑ.
Deleteගත්ත දෙයක් ආයිත් නොදෙන එක මහ එපාම කරපු වැඩක්.. :/
ReplyDeleteහ්ම්ම්...
Deleteනොදුන්නත් කමක් නෑ ඒක දැනුවත් කරලා.
hamoma eka wage ne ayya....
ReplyDeleteහ්ම්ම්... ඒක නම් ඇත්ත අරලිය. අතේ ඇඟිලි 5 උනත් ඒක වගේ නෑ නේ.
Deleteයාළුවො ඔහොම කරනවද බං????
ReplyDeleteඔය වගේ උංව පොල්පිත්තකිං කපා ගන්න පුළුවංනේ
ඔය ලස්සනේටම කලේ බං
Deleteසිද්ධ උන සිද්ධිය නම් පට්ට අවුල්,ඒ කෙල්ල දන්නවා නම් ඒකිගේ කොල්ල නිසා ඔය වැඩේ කළ කියල එකී ඔය වගේ කතාවක් කියන එකක් නැති වෙයි,පූර්ණ වගේ යාලුවෝ නම් නැති එක හොදයි එහෙව් කාලකන්නි පොල්පිත්තෙනුත් කපලා ගන්න පුළුවන්....
ReplyDeleteහ්ම්ම්...
Deleteසමහර විටි එකී නොදන්නවා ඇති. සමහර විට දන්නවත් ඇති.
මිත්‍රයා හදුනගෙන ඇත් කරපු එක හොදයි !
ReplyDeleteහ්ම්ම්... අද ඒ ගැන සතුටුයි සෑමා.
Deleteනෑ ඔහොම ඇවුන් ඉන්න ඕනේ.. අපි වගේ එල හරක්ට ඕව තේරුම් කරලා දෙන්න.. අරුගේ නම් A . පූර්ණද..?
ReplyDelete