නෝටියා මේ පොස්ට් එක ලියන්නේ නෝටියාට ආව ඊ-මේල් එකක් නිසා ඇති වූ චිත්තප්රීතිය නිමිත්තෙන්.නෝටියගේ වල් කතා, කුප්ප කතා, චාටර් කතා අතරේ මේ පොස්ට් එකට කොයි විදියේ කැටගරියකට වැටෙයිද දන්නේ නෑ.
කෙලින්ම යන්නේ නෝටියා උසස් පෙළ කරපු කාලෙට.කොයි ඉස්කෝලෙත් 9,10,11,12 වසර වල ඉන්න කොල්ලෝ කෙල්ලොන්ගේ මද කිපෙනවා නේ. නෝටියගේ ඉක්කොලේ ඔය ලවු සීන් එහෙම මාට්ටු උනොත් සොරිම තමයි, කතා දෙකක් නෑ.. ගෙදරින් ගෙන්නුවා. දුන්නා අස්වීමේ ලිපිය.
ඔන්න එක දවසක් අපි ප්රිෆෙක්ට් රූම් එකේ ඉන්නකොට එනවා නිවුස් එකක් 11 වසරේ කොල්ලෙක් ලවු ලෙටර් එකක් ලැබිලා කියලා.ඔන්න ඉතිං එතකොට හෙඩ් පපට් හිටිය නෝටියයි, ඇසිස්ටන්ට් හෙඩ් පපට් හිටිය තඩියයි, ලේඩීස්' හෙඩ් පපට් ආච්චියි වයි ඇගෙන ගල තොප්පියා යනවා 11 E එකට.
දැන් කට්ටිය හුරේ චෙක් කරනවා හැමෝන්ගෙම පොත් අස්සවලුයි හැම මගුලක්ම. ඔහෝම චෙක් කර කර ඉන්න අතරේ තමයි 11 ගණිතය ටෙක්ස්ට් බුක් එකේ කවරේ ඇතුලේ තිබිලා නෝටියට බඩු මාට්ටු වෙන්නේ.මම එදා වගේම අදත් දෙවියන්ට පින් දෙනවා මම එදා ඒ ලෙටර් එක ගල තොප්පියාට නොදුන්න එක. නෝටියා කලේ හැමෝන්ගෙම ඇස් වහලා ඒක සාක්කුවට දා ගත්ත එක. මොකද මම ඒක ගල තොප්පියාට දුන්න නම් උන් දෙන්නවම ගෙදර යවනවා.
අන්තිමට ගල තොප්පියා හොයලා හොයලා හම්බ වෙන්නේ නැතිම තැන ළමයින් සේරටම අවවාද කරලා අකුලන් ගියා.කොටින්ම කීවොත් ඒ ලියුම මම හංගා ගත්ත එක අද වෙනකනුත් දන්නේ මමයි ඒ මලයයි ඒ නන්ඟයි විතරයි.
මම ලියුම හංගා ගත්තත් දෙන්නටම අවවාද කළා පෞද්ගලිකවම.උන් දෙන්නා කලේ ඇස් වල කඳුළු පුරවන් අහන ඉඳපු එක. අන්තිමටම උන් දෙන්නා පොරොන්දු උනා ඉගෙනීම කඩා කප්පල් කර ගන්නේ නෑ කියලා.
ඉතිං මේකයි වැදගත්ම දේ... 7/25 වෙනිදා උන් දෙන්නගේ ආදරේට ගෙවල් දෙකෙන්ම කැමැත්ත හා ආශිර්වාදය ලැබිලා. ඒ වගේම ඒ මල්ලි අද හපුගල කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක්. ඒ නංගියා රුහුණේ මැනේජ්මන්ට් ස්ටුඩන්ට් කෙනෙක්. ඒ කියන්නේ උන් දෙන්නා පොරොන්දුව අකුරටම ඉෂ්ඨ කළා..
සිරාවටම මට අද ගොඩක් සතුටුයි. මම අතීතේ දවසක ගත්ත තීරණයක් නිසා අද පවුල් දෙකක් සතුටෙන් වගේම උන් දෙන්නගෙම ඉගෙනීමත් සක්සස්.

උඹලා දෙන්නටම ලස්සන අනාගතේකට සුභ පතනවා.
දෙවි පිහිටයි..!
මෙන්න ඒ සතුටු දායක ඊය.
බලාගෙන ගියහම නෝටිය එල කොල්ලෙක්නේ.
ReplyDeleteතැන්කු AD
Deleteඇත්තටම මට ගොඩක් හැපී මචං..
එල එල නෝටි..
ReplyDeleteඅපිත් අසාධාරණව කොල්ලංට පාට් දැම්මෙ නෑ..
ජයවේවා..
ජෝඩුවට සුභ මංගලං!!!!
අනිවා මචං අබේ.
Deleteඑදා ඒ කල දේ ගැන අද අම්බානට සතුටුයි මචන්
සිරා සපෝට් එකක් දිල නොවැ..
ReplyDeleteඋන්ට ජය වේවා !
මට මෙහෙම හැපී නම් උන දෙන්නට කොහොම හැපී ඇද්ද?
Deleteඑලකිරි ලව් එකක්. එලකිරි හෙඩ් පපට් කෙනෙක්. උන් දෙන්නාට මුලින් හම්බෙන පොඩි එකාට නෝටිගේ නම දායිද දන්නේ නැහැ :D
ReplyDeleteහෆොයි..., එහෙම උනොත් පොඩි එකා ගේත් ගන්න දෙයක් නැති වෙනවා.
Deleteනියමයි ඒ වැඩේ නම්..:)
ReplyDeleteනෝටි හොඳ වැඩකුත් කරලනේ :)
නෝටි උනාට නයිස්
Deleteනෝටි උනාට නයිස්!
ReplyDeleteහී හී..
Deleteනෝටි උනාට නයිස්...!
එළ ඈ. උබේ හිතේ තියෙන සතුට කොච්චරක්ද කියලා මට හිතාගන්න පුළුවන්.
ReplyDeleteඅනිවා මචං...
Deleteනම නෝටි වුනාට නෝටි හොද වැඩත් කරලනේ.සතුටුයි සතුටුයි අපිටත්.හ්ම්ම්...මමත් ඔහොම Help වැඩනම් හුගක් කලා මතකයි.
ReplyDeleteනෝටි උනත් නයිස්..
Delete:)
ශා.... හොද වැඩක්නෙ කරලා තියෙන්නෙ. අද කාලෙ ඉන්න් දෙමව්පියොත් ඔහොම හිතනවානම් ගොඩක් ඛේදවාචක නවත්තන්න තිබුනා.
ReplyDeleteඑහෙම හිතන දෙමවුපියොත් නැත්තේම නෑ නිසූ.
Deleteඒත් බහුතරයක්...???
නෝටියා හොද තීරණයක් නොවැ එදා අරන් තියෙන්නේ.නැත්නම් ඕක අහු උන ගමන් පිස්සෙක් වගේ දගලලා වැඩේ වන කළා නම් අරුන් දෙන්නා රටටම චාටර් වෙලා විකාරයක් වෙනවා
ReplyDeleteඇත්තටම මම සතුටුයි මචං.
Deleteඑදා ඇත්තටම මම උන දෙන්නව චාටර් නොකලේ උන් දෙන්නව ඉස්කෝලෙන් අයින් කරයි කියන බයට වගේම ඒ කොල්ලා හෙන අහිංසක කොල්ලෙක් නිසා.
නම නෝටි උනත් කලේ හොද වැඩක්........
ReplyDeleteතැන්කු මචං.
Deleteඕනේ වෙලාවට ඉක්මන් තීරණයක් අරන් වැඩ කරන්න පුළුවන් මිනිස්සු ලංකාවේ නැති එක ගැන නම් දුකයි නෝටි අයියේ... :(
ReplyDeleteනැත්තේ නෑ මල්ලි.ඉන්නවා.ඒත් ඒ මිනිස්සුන්ව මේ සමාජ ක්රමය විසින් පාගලා දානවා.ඒ නිසා එහෙම අය බිහි වෙනවා අඩුයි.
Delete