Pages

Tuesday, August 21, 2012

හැම ජීවිතයක්ම කවියක්ද...? | සෑහෙන්න බොන්න ඕනි කේස් එකක් | Is it half empty or half full...?

ඔන්න හුඟක් දවසකින් නෝටියා ආවා බ්ලොග් එක පැත්තේ. කලින් පෝස්ට් එකෙන් ඉල්ලන් කාලා (ඔන්න නොබලපු අය බලලා ගල් මුල් ප්‍රහාර එල්ල කොරන්ටකෝ) සති දෙකකට විතර පස්සේ. (හිකිස් :D )

ඔන්න ඔහොමයි කියමුකෝ කතන්දරේ.ඉතිං ඔව්වා මෙව්වා වෙනකොට හිතෙන්නේ ජීවිතේ කියන්නේ .




ඔන්න නෝටියා නම් හිතන්නේ මෙන්න මේ විදියට...


* භාගයක් පිරිච්ච බෝතලයක් කියලා
* භාගයක් හිස් බෝතලයක් කියලා (මෙහෙමත් හිතෙනවා වෙලාවකට නම්, මොකද හැම වෙලාවකම සර්ව සුභවාදී වෙන්නත් අමාරුයි නෝටියාටනම්)


එක එකා ජීවිතේ ගැන හිතන්නේ එක එක විදියට නේ.







අනේ ඉතිං නෝටියා එහෙම හිතුවට හැමොන්ම එහෙම හිතන්නේ නෑ නේ.මෙන්න මෙයා හිතන විදියත් එල. මෙයා ඉපදිලා තියෙන්නේ නම් 1758 කොල්ලුපිටියේ මිලාගිරි පල්ලියේදී.බෞතීස්ම කල නම නම් දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා. (හැබැයි ප්‍රසිද්ධ උනේ නම් ගජමන් නෝනා කියන නමින්)


ජීවිතේ කවියක්.. ආදරේ එහි සොඳුරුතම වදනක්
කඳුලැලි බිදක් හසරැලි පොදක්
එකට එක් වූ විට දැනේ
පෙර නොවිදි රසයක්…..
පසුපසින් හඹා එන අතවර
හැරදමා යා නොහැක බෝ දුර
දුකද ඉවසා දරා ගන්නට සිතම බලකරනා
හැඟුම් අවදිව නැගේ තනිකම
ජීවිතය කවියක්…….
සෙනෙහසින් රැදී උන් නෙක දන
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ
කවුරු නම් ලං වේද තනියට
ජීවිතේ කවියක්…….




මෙන්න සින්දුව.අහලාම බලන්ටකෝ...


9 comments:

  1. මේක සිරාම සිංදු වලින් එකක්...

    ReplyDelete
  2. මම දන්නේ නැති නිසා අහන්නේ.. ඇත්තටම ඔය සින්දුව ලියල තියෙන්නේ ගජමන් නෝනමද...? නැතිනම් වෙන නුතන රචකයෙක්ද...?
    කොහොම උනත්.. ඇත්ත කතාව...
    ජීවිතේ කවියක්.. ආදරේ එහි සොඳුරුතම වදනක්
    කඳුලැලි බිදක් හසරැලි පොදක්
    එකට එක් වූ විට දැනේ
    පෙර නොවිදි රසයක්…..

    ReplyDelete
    Replies
    1. මේක 'ගජමන් නෝනා' ටෙලි නාට්‍ය ගීතය, නූතන රචකයෙක් ලියලා තියෙන්නේ. රචකයා නොදනිමි.....

      Delete
  3. "ජීවිතේ කවියක්.. ආදරේ එහි සොඳුරුතම වදනක්"

    ඇත්ත තමා මචං....!

    ReplyDelete
  4. මම ආස ම සින්දුවක් මේ. ජීවිතේ හැල හැප්පීම් එක්ක ජීවත් වෙන්න ඕනේ කොහොම ද කියලා හොඳ ට කියැවෙන සින්දුවක්..... :)))

    ReplyDelete
  5. මන් ආසම සින්දුවක්.. නෝටියාගේ වැඩ නෝටිම නැ..:)

    ReplyDelete
  6. මං ආසම සිංදු වලිං එකක්..
    නන්දා මාලනී ඒකට අමුතු පනක් දෙනවා..

    ReplyDelete
  7. සුදා මල්ලි කියපු කතාවම තමා මාත් කියන්න ගියේ. කොහොම හරි ගජමන් නෝනා මේ කවිය සිංදුව නොලිව්වත් එයාගේ ජීවිතෙන් කියවෙන ගීතය තමා ඒ....

    ReplyDelete
  8. ම්ම්ම්....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...