Pages

Thursday, November 3, 2011

තව සුට්ටෙන් නෝටිට කෙලවෙයි.


මේක නං ඇවිල්ලා ඇදගෙන නෑමක්. මොකට මේ තරං ඇදගෙනෙ නානවද මංදා. මේකයි සීන් එක. ඔන්න එක දවසක් නෝටිට ෆැකල්ටියේ කෙල්ලෙක්ගෙන් එනවා මැසේජ් එකක්. මේකයි මැසේජ් එක


mama meka oyata kohoma kiyannada kiyala hitha ganna be. campus out wenakam kiya ganna beri una eka mama ada kohoama hari oyata kiyanawa.
I love you
.
.
.
.
.
.
.
I love you Oxygen (O2) 


ඔන්න  ඕකයි මැසේජ් එක.අපේ බැජියොන්ගේ හැටි දන්න නිසා කලබල නොවි මැසේජ් එක දිගටම කියවපු නිසා හිනා වෙලා හිටියා.

ඒත් එක්කම කොහේදෝ ඉදලා නෝටිගේ හිතට ආව නොසණ්ඩාල අයිඩියාවක් හේතුවෙන් මේ මෙසෙජ් එක තව යෙහෙලියෝ දෙතුන්දෙනෙකුට ෆොවඞ් කලා. (කොල්ලොන්ට යැව්වේ නැත්තේ උන් නෝටියා ගේ කියලා හිතුවොත් මල වෙඩිමක් වෙන නිසා)

කොහොම හරි මෙන්න බොලේ ටික වෙලාවකින් කෝල් එකක් එනවා සදාගෙන්.(ඇත්ත නම දැම්මොත් මං කපෝති නිසා සදා කියලා දැම්මේ)

සදා : හෙලොව්... නෝටි....


මම : හෙලෝ හෙලෝ කොහොමද ඉතිං. දැන් අපිව මතක් වෙන්නෙත් නෑ නේද? හරියනකොට ඔහොම තමයි.

සදා : අනේ මොන හරියෑමක්ද? කැම්පස් ගිහින් ආවට පස්සේ හරි ගිහිල්ලා අපිව අමතකවෙලා තයෙන්නේ ඔයාලාට තමයි.


මම : එහෙම දෙයක් නෑ බන්.

සදා : නෝටි.....


මම : තෙපරබාන්නැතුව කියපන් බන්

සදා : නෝටි ඔයා අර මෙසෙජ් එක එව්වේ ඇත්තටමද නෝටි... අනේ මට සමා වෙන්න නෝටි මට ඔයාගේ තිරනේට කැමැත් දෙන්න බෑ. අපේ පෙරන්ට්ස්ලා ගැන දන්නවානේ. ඔහොම දෙයක් දැන ගත්තොත් මාව මරයි. ඒත් මම ඇත්තටම ඔයාට කැමතියි.


මම : ඈහ්. මොකක්ද බන් ඒ කතාවේ තේරුම... උඹට නකුට පෑගුණාද බන්?

සදා : එතකොට අර මැසේජ් එක?


මම : කෙලා තාප්පෙටම. අනේ බන් ඒ මැසේජ් එක මට අපේ ෆැකල්ටියේ කෙල්ලෙක් එවපු ෆන් මෙසෙජ් එකක්.අනේ උඹ මාව මිස්අන්ඩස්ටෑන්ඞ් කලාද?

සදා : මිස්ඞ්අන්ඩස්ටෑන්ඞ් කලේ නෑ නෝටි. මට ආව ටෙක්ස්ට් එක නිසයි මම ඇහුවේ.


මම : හොදට කියවලා බලපන් බන්

සදා : හොදට තුන් හතර සැරයක් කියවලා තමයි කෝල් කලේ නෝටි. ඔයාට සැක නං ඉන්න මම ආයෙත් ඒ මැසේජ් එක එවන්න.


ඔය විදියට ටිකක් වල් පල් කතා කරලා ඒකි ෆෝන් එක තිබ්බයි කියමුකෝ. ඔන්න එනවා මගේ දුකට මෙසෙජ් එක


mama meka oyata kohoma kiyannada kiyala hitha ganna be.campus out wenakam kiya ganna beri una eka mama ada kohoama hari oyata kiyanawa.
I love you
.
.
* Some Text Missing * (…)


ඇතිනේ ටොපිය...

මේ අනුව නිරීක්ෂණය කල හැක්කේ...
1. කෙල්ලන්ට ෆනී මෙසෙජස් යැවිම අනතුරුදායක විය හැකිය.
2. වඩා දිගු මෙසේජස් කෙල්ලන්ට යැවීම බරපතල සිරදඩුවම් සහිතව ජිවිතාන්තය දක්වා හිරේ යෑමට මග පෑදීමක් විය හැකිය.


එම නිසා නිගමනය....
ජංගම දුරකතනයට ෆනි මෙසේජයක් ලැබුණු වහාම එය ඩිලීට් කල යුතුය.

11 comments:

  1. හෙහ්.. මටත් ඉස්සර ඇවිත් තියෙනවා ඔහොම මැසේජ් එකක්.. හොද වෙලාවට මගේ ෆෝන් එකේ ස්ක්‍රින් එක ටිකක් ලොකුයි.. ඉතින් අර ඉඩ තියල යටින් දාපු එකත් පල්ලෙහාට නොගිහින්ම බලන්න පුලුවන්... එනිසා එදා බේරුනා..

    ReplyDelete
  2. උඹගේ වෙලාවටම සම් ටෙක්ස්ට් මිසින්ග් වුනා නේ...හිකිස්...
    අනිත් එවුන්ට ඕක මිසින් වෙලා තිබ්බේ නැතෙයි.....?
    උඹ දාන සීන් මරු බං ...පට්ට හිනා යනවා...ඔව්වා ඇත්තටම වෙච්චිවාද බං....

    ReplyDelete
  3. @ Dinesh
    මම හිතන්නේ අපේ සදාගේ ජංගම දුකේ ඩිස්ප්ලේ එක සුට්ටියි.ඒක නිසා ඒකි කෑවා බුල්ටෝ එක රස කර කර.

    ReplyDelete
  4. @ ගලයා
    අනේ මංදා බන් මොනවා උනාද කියලා.මේ සැරේ නෝටිගේ ග‍්‍රහයෝ සේරම නීච වෙලා වගේ.මාරයා අයියාට කියලා වත් වෙලාව බලා ගන්න ඕනි.

    මචං මේ සිද්ධිය වෙලා තාම වැඩි දවසක් නෑ.තාම දුම දානවා...

    ReplyDelete
  5. හික් හික්..මරු වැඩේ...අපිනම් ඕක යැව්වේ මෙහෙමයි...

    I *********
    I Love*****
    I Love Y***
    I Love Yo**
    I Love Yogurt....

    ReplyDelete
  6. @ සයුරි
    හී.... හී.... ඒකත් එළ

    I *********
    I Love*****
    I Love Y***
    I Love Yo**
    I Also Love Yogurt....

    හික් හික්

    ReplyDelete
  7. අපේ අප්පෝ...මදැයි ඔයින් ගියා... :P

    ReplyDelete
  8. @ Ice (අයේෂා කුලතුංග)
    පෙර ආත්මභවයක කුසලකර්මයකට තමයි බේරුනේ... තව සුට්ටෙං නෝටිට සොරි වෙනවා...

    ReplyDelete
  9. උඹ ඕක මැසේජ් දෙකක එකක් යවලනේ...
    අපිනම් ඉතිං ෆෝවර්ඩ් කරන්නේ තනි මැසේජ් එකේ ඒවා විතරයි...
    (මොකද ඕක බලන එකා සල්ලි දෙනවා කියලයැ)

    ReplyDelete
  10. @ තාරක Dilsh@n
    මොනවා කරන්නද මචං...ඔන්න ඔහේ යැව්වා... ඊට මදි නොකියන්න ටොපිය ලැබෙනවා තන ටිකෙන්.

    ReplyDelete
  11. හුටා මලා හුටා හික් හික්

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...