Pages

Tuesday, November 1, 2011

සීවරං දෙයියනේ.... ඇතිනේ ටොපිය.

කට්ටිය දන්නවා ඇතිනේ ෆැකල්ටි එකේ රැග් සීසන් එක කියන්නේ කොයි තරම් නම් අමතක නොවෙන සුදුවීම් ඇති වෙන මාස කිපයක් ද කියලා. අපි රැග් වෙන මාස කිපය වගේම ජූනියර් බැජ් එකට රැග සෙටි කරන මාස කිපයත් එක වගේම සුන්දර කාල සිමාවන්. ඔන්න පොඩි සිද්ධියක් නිසා නෝටිට මතක් උනා ජූනියර් බැජ් එකේ රැග් සීසන් එක අවසානේ ෆ්‍රෙෂර්ස් නයිට් එකේදි පෙරලූනු බාල්දියක් ගැන.

ෆ්‍රෙෂර්ස් නයිට් එක කිවාම ඉතින් අමුතුවෙන් විස්තර කන්න  ඕනි නෑනේ.... වැඩ කෝටියයි නෙමෙයි කෙල කෝටියයි. ඔන්න ඔය කෙලකෝටියක් වැඩ අතරින් කෙරෙන වැඩක්නේ ඔය ඹඹරියෙක් සෙට් කර ගැනීම.
(කෝලන් වරහන් වහලා - හිනා)

ඉතින් සීන් එක මේකයි... මගේ හොද බොක්කක් තමයි මේ සිද්ධියට සම්බන්ධ. ඔන්න මෑන්ස්ට කෙල්ලෙක් ගැන හිත වැටිලා. එක කෙලියයි. කනක් ඇහිලා ඉන්න නෑ
(කෝලන් පී - දිව දොට්ට)

අනේ යමන් බන් නෝටි මට අර කෙල්ලට කතා කරන්න  ඕනි.. අනේ යමන්කෝ බන්....

මොනවා කරන්නද ඉතින්. එක කුස උපන් යාලූවානේ. ඔන්න ඉතින් ඒ කෙල්ලට කතා කරන්න කියලා හිතාගෙන අපි දෙන්නා ගියා උන් ඉන්න පැත්තට. ඒකි ඉන්නවා තව යාලූවෝ දෙන්නෙකුත් එක්ක.(බොලේ බැලින්නම් මේකි ව මම සිසන් එකේදී අම්බානකට මඩවපු කෙල්ලෙක්) මම ඉතිං කා (කා කියලා කියන්නේ අපේ රැග් සීසන් එකේදි මෑන් බෞතීස්ම කෙරුව නම) ට කිව්වා ඔන්න ඉන්නවා ගිහින් කතා කරෆන් කියලා.

මූ පොර ටෝක් දාගෙන ගියාට මොකද කකුල් දෙක අස්සේ නගුට ගහගෙන දගලනවා. යකෝ මූ එනකං මට ඉන්න දුන්නෑ යමංකෝ කියලා දැන් මූ යන්නෑ බඩ පණුවා වගේ දගලනවා. අනේ ඉතිං ඔය වෙලාවට තමයි මුව ලූණු නැතිව කන්න හිතෙන්නේ...
(කෝලන් ස්ළැෂ් -  හොද මල)


ඒ ගමන මේකා කියනවා අනේ බන් නෝටියෝ ඒකිව චුට්ටක් මෙහාට එක්ක වරෙන්කෝ බන්.... අනේ එක්ක වරෙන්කෝ...
(කෝලන් ස්ළැෂ් -  හොද මල)


නිද්දකින් මුට ලව් කරවන්න මම චී වෙන්න  ඕන. මොනවා කරන්නද මුගේ ඇඩිම නවත්තන්නත් එපැයි. ඔන්න ඉතිං මම කෙල්ලට කතා කරන්න ගියා ඒ පැත්තට.

එක්ස්සියුස් මී ප්ලීස්.... නංගි මට චුට්ටක් කතා කරන්න පුලූවන්ද..? වචනේ දැම්මා විතරයි අනිත් කෙල්ලෝ දෙන්නා පැත්තකට ෂේප් වෙලා ගියා. උනුත් දන්නවානේ මොකක්ද සීන් එක කියලා. ඉතිං මම ඒකිට චුට්ටක් එළියට එන්න කියලා මමත් එළියට ආවා. කා  ඉන්නවා නිකං මනමාලිව බලන්න ආව මනමාලි වගේ.
ඔන්න කෙල්ලත් දැන් ලගට ඇවිල්ලා....
(කෝලන් වරහන් වහලා - හිනා)

නංගි මේ කා අයියාට ඔයා එක්ක මොනවාද දෙයක්  කතා කරන් තියනවාලූ ඔන්න පොඞ්ඩක් කතා කරගන්නකෝ කියලා මම ටිකක් එහාට ගියා.
(සෙම් කොලන් වරහන් වහලා -ඇහැක් ගැහුවා)

ඔන්න දැන් විනාඩි පහක් විතර ගියා. කා කෙල්ලට හුරේ ටෝක් කරනවා. මුං ලව් මට ඉලව්. ඔන්න කෙල්ල ටික වෙලාවකින් ඇතුලට ගියා. අරුත් එනවා මූන මල ගේ කරගෙන. දුකේ බෑ. උගේ මූණ දැක්කාම ඇඩෙනවා.
(කෝලන් පෙරලි කොමා වරහන් වහලා - ඇඩෙනවා)

හරියන්නෑ බන්. ඒකි ගත් කටටම කිව්වා බන් කැමති නෑ කියලා.
මොනවා කරන්නද. කට කපලා එකයි දුක. වරෙන් යන්න අඩියක් ගහන්න.


මොනවා කරන්නද ඉතිං යාලූවාගේ දුක මගේත් දුකනේ. ෂේප් එක්කෙ දෙකක් නවාගෙන කස්ටිය ඩාන්ස් කරන තැනට සෙට් උනා. ඔන්න අර කෙල්ලත් ඩාන්ස් කරනවා දැක්කා. මමත් ඉතිං ඒකිටත් දත් තිස් දෙක පෙන්නලා අපේ බැජියෙක්ට සෙට් උනා නටන්න.

(සෙම් කොලන් වරහන් වහලා -ඇහැක් ගැහුවා)



ටික වෙලාවක් නටන කොය අපේ බැජි මහන්සි බන් ටිකක් වාඩි වෙලා ඉදලා එමු කියලා ටිකක් වාඩි වෙන්න ගියා. මමත් තව ටිකක් ඩාන්ස් කොරලා වාඩියක් දාන්න යන්න හදනකොට අර ගර්ල්
අයියේ චුට්ටක්.... මම හිතුවා අරුට මේකි කැමති වෙලා ඒක කියන්න කියලා කියන්න මට කතා කොලා කියලා.ඉතින් මමත් ඇයි නංගි කියලා ඇහුවා...

අයියේ මම හිතුවේ අර වෙලාවේ අයියාට කතා කරන්න මට එළියට එන්න කිව්වා කියලා.වෙන දෙයක් කියලා දන්නවා නම් මම කියට වත් එළියට එන්නෑ...


සීවරං දෙයියනේ.... ඇතිනේ ටොපිය.
(කෝලන්  ඕ - බුදු අම්මෝ)




හැමොන්ටම වගේ නෝටිටත් ෆැකල්ටි ලයිෆ් එකේ අමතක නොවෙන දේවල් අපමණයි.

Saturday, October 29, 2011

ඊ...යා.....!!!



ඔන්න යාලූවනේ මේ සිද්ධිය උනේ හරියටම අපේ ෆැකල්ටි එකේ රැග් සීසන් එක ඉවර වෙලා පහුවෙනිදා. අපි ගෙදර යන දවසේ. ඔන්න ඉතිං නෝටියත් ගෙදර එන්න බසයකට නැග්ගා. මාස ගානක් රැග් වෙලා පාං කියාගන්න බැරිව හිටි නෝටි නැග්ගේ ඒසී බස් එකකට. බස් එක යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි බස් එකට නැග්ගා චූටි හුරතල් දුවෙක් වඩාගෙන අම්මා කෙනෙක්. ඔන්න ඉතිං මේ දෙන්නා වාඩි උනේ මගේ සීට් එකේ. ටික දුරක් යනකොට නෝටිට තේරුණා මේ පොඩි එකී මාර කටර් එකක්ය කියලා.


දෑං මේ පැහිච්ච අම්මන්ඩි නෝට් එක්ක එකසියගානට ෆිට් වෙලා. සිංදු කියනවයි හිනා වෙනවයි එක කෙලියයි.


හරීම හුරතල් කෙලි පොඞ්ඩ. ඔන්න ටික දුරක් මේ විදියට ආවයි කියමුකෝ... මෙන්න මේකි අම්මගේ කණට කරලා මහා සද්දෙන් කියනවා....


අම්මි... අම්මී..... මට ප*යක් ගියා..!


Thursday, October 27, 2011

එළ නේද?


ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි



මේ ලිපිය නෝටිගේ යාලූවෙක් ගෙන ලැබුණු ඊ තැපෑලක්. පුද්ගලයා කවුරු උනත් දැන ගන්න වටිනා කරුණු ටිකක් නිසා නෝටිට හිතුන් මේ ලිපිය බ්ලොගියේ දාන්න. ඔන්න එහෙනම් කියවලා බලන්නකෝ ගඩාෆිගේ වැඩ. අප‍්‍රිකාවේ ස්විස්ටර්ලන්තය හෙවත් ලිබියාව ගැන ඔබ නොදුටු කරුණු 16ක් කියලා තමයි ටයිට්ල් එක තිබුනේ...


  1. ලිබියාවේ විදුලි බිල් නොමැති අතර සියලූ වැසියන්ට විදුලිය නොමිලේ ලබා දෙයි.
  2. ලිබියානු බැංකු රජය සතු වන අතර බැංකූ ණය සදහා පොලි අය නොකරයි.
  3. නිවසක් යනු සියලූම ලිබියන් වැසියන්ගේ මානව අයිතිවාසිකමක් වන අතර සියලූම ලිබියානු වැසියන් සදහා නිවෙස් ලැබෙන තුරු තම දෙමාපියන්ට නිවසක් සාදා නොදෙන බව ගඩාෆි දිවුරා ඇත.
  4. අලූතින් විවාහ වන අය සදහා රජය විසින් ඇමරිකන් ඩොලර් 50000 මුදලක් නිවසක් ලබා ගැනීමට ලබා දෙයි.
  5. අධ්‍යාපණය සහ සෞඛ්‍ය සියල්ල නොමිලේ වන අතර ගඩාෆි බලයට පත් වීමට පෙර සාක්ෂරතාවය 25% පමණ වු අතර ගඩාෆි පැමිණිමත් සමග එය 83% පමණ වර්ධනය විය.
  6. ලිබියන් වැසියෙක් සිය රැකියාව ලෙස ගොවිතැන් තොරා ගතහොත් ඒ සදහා අවශ්‍ය භුමිය ඇතුලූ සියලූ දේ ලබා දෙයි.
  7. ලිබියන් වැසියෙකු අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය ගැන සැහීමකට පත් නොවේ නම් විදෙස් ගතව එම සේවාවන් ලබා ගැනීමට රජය විසිනි ඇ.ඩො 2300 ලබා දෙයි.
  8. ලිබියානුවෙක් ලිබියාවේදි මෝටර් රථයක් මිලදි ගනී නම් එහි මිලෙන් භාගයක් රජය විසින් ගෙවනු ලබයි.
  9. ලිබියාවේ පෙට‍්‍රල් ලිටරයක මිල ඇ.ඩො 0.14
  10. ලිබියාව සතු සංචිත ප‍්‍රමාණය ඇ.ඩො බිලියන 150 වන අතර ලිබියාව කිසිම රටකට ණය නැත.
  11. ලිබියන් උපාධිහිමියකු ට සරිලන රැකියාව ලැබෙන තුරු ඔහුගේ රැුකියාවේ පඩිය මෙන සමාන ගෙවිමක් රජය විසින් සිදු කරයි.
  12. ලිබියාවේ තෙල් විකුණා ලැබෙන මුදල් වලින් කොටසක් ලිබියාවේ සෑම කෙනෙකුගේම ගිණුම් වලට බැර වෙයි.
  13. දරුවකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දිමනාවක් රජයෙන් හිමි වේ.
  14. ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15.
  15. ලිබියානුවන් සියට 25ටම උපාධි ඇත.
  16. ලොව විශාලම වාරි ව්‍යාපෘතිය ගඩාෆි සිදු කල අතර කාන්තාර දේශයක් වන ලිබියාවේ ජලය සුලභ කිරිමට ඉන් හැකි විය.
ඔන්න ඔහොමයි කතන්දරේ... නිකමට හිතන්නකෝ ලංකාව ඔය වගේ කාලයක් උදා උනොත් කොහොමද?


Related Posts Plugin for WordPress, Blogger...