කජුවත්ත එක්සත් Cricket සමාජය මෙව්වා ඒකෙන් පින්තුරය ඉස්සුවෙමි. |
ආසේ හඳේ භාගයක් පේන්නට ඇත. එය ලෙසටම බබලනවාය. හඬ ලෙසටම බබලනවා කියන්නේ පිස්සු හැදෙනවා කියනා එක කියා දෙකේ වත්තේ ඇම්ඩන් සිරිපාල කියනවා මට ඇසී ඇත්තෙහිය...
ඇම්ඩන් සිරාගේ කතාව සටිපිකට් තෘ කියා තේරුනේ පච පෙට්ටියේ පෝර්ති බැලු කල්හිය.
පිස්සු හැදෙයිය, සඳ බැබලෙයි ය...!!
සිරි ලංකා ද්වීපය දන සිරාම සිරා රටක් වී ඇත්තෙහිය. ඉස්සර නම් ලංකාව වෙනුවෙන් චන්ද කලේ ලංකාවේ අපිය. ඒත් දන තත්වය අම්බානට දියුණු වී ඇත්තෙහිය. ලංකාව වෙනුවෙන් පිට දේශ දීපන්කරෙත් චන්ද තියනවාය.
ඉතින් ලංකාවේ පුරවැසියන් විදියට අපිට හේනට ආඩම්බරය.
ඒ උනාට ඕනවට වඩා ආඩම්බර වෙන්න හොද නෑ කියල පන්සලේ පොඩි හාමුදුරුවොයි, පල්ලියේ ජෝසප් ෆාදරුයි කී කතාව හෙනම ඇත්තක් කියා තේරුනේ,
ලංකාව වෙනුවෙන් පිට දේස දීපන්කරේ චන්ද තිබ්බත් එව්වා හුරේ පරාද වීම හේතුවෙනි.
( පෝර්ති වලට කිඋවා... [ හුරේ...!! අපි පරාදයි..!! ]
ඡන්ද විමසීම මේ දැන් පැවැත්උණා..
පක්සව ඡන්ද 24 ..
විපක්සව 15..
ඡන්දය නොදී 8..
ඇමරිකානු යෝජනාව සම්මතයි.. ! )
මෙව්වා එක පරාද උනාම වෙන්නේ මොන කෙන් ගෙඩියක් දැයි නොටියගේ ටිකිරි මොළයට තේරෙන්නේ නැත.
ඒ උනාට නොටියගේ ටිකිරි මොලේට කම්පනාවට ආව දෙයක් ඇත. ලංකාව කෝච්චි පාර හදන්න කියලා කොටි ගානක ප්රෝජෙච්ටුවක් ඉන්දියාවට දුන්නෙහිය, උන් එකට කල ගුණ සැලකීමක් විදියට ලංකාවට ලෙසටම "පු" යන්නයි "ක" යන්නයි පෙන්නුවෙහිය.
අපිට හොදම වැඩේය....!!
හප්පට සිරිය.. තව ජුන්ඩේන් මතක බැරි වෙනවාය. ලංකාවට පක්සව...,
- බංග්ලාදේශය
- චීනය
- කොංගෝව
- කියුබාව
- ඉක්වදෝරය
- ඉන්දුනීසියාව
- ක්වෙයිට්
- මාලදිවයින
- මොරිටේනියා
- පිලිපීනය
- කටාර්
- රුසියාව
- සෞදි අරාබියාව
- තායිලන්තය
- උගන්ඩාව
යන මිතුරු රටවල් චන්දය පාවිච්චි කර ඇත්තෙහිය.
කල ගුණ දත් සිරි ලාංකිකයෙක් විදියට නෝටියා..
Thanks a lot...!
Bangladesh, China, Kongo, Cuba, Ecuador, Indonesia, Kuwait, Maldives, Mauritania, Philippians, Qatar, Russia, KSA, Thailand & Uganda.
....කියලා කියන්නෙහිය.
ලංකාවට පක්ෂව චන්දෙ දුන්න රටවල් වලට ජයවේවා....!
ReplyDeleteජය වේවා..!!
Deleteඅල්ලපු රටෙන් වත් ඡන්දය ගන්නට බැරි තරම් දුර්වල විදෙස් ප්‍රතිපත්තියක් තියාගෙන චීනෙට පුයන්න දීගෙන හිටියාම ඔක්කොම හරිය කියලා හිතාන හිටියාම ඔහොම වෙනවාය , ලංකාවේ දාන පුස් පාට් ජාත්යත්න්තරයෙත් දාන්නට ගොස් ඉල්ලං කා ගැනීමක් හෙවත් බාගෙන නාගැනීමක්ය , ඇමරිකාවට පලු යන්න සමහරුන්ට නම් ඇමරිකාවේ පුරවැසි කමත් ඇත , දිගින් දිගටම ජාත්‍යන්තරයේ නා ගත්තොත් අසරණ වෙන්නේ ඒහෙම එව්වා නැති අපි පමණය !
ReplyDeleteප.ලි - අල්ලපු රට විතරක් නෙවේය , සප් එක දෙනවාය කියා කලින් කියා තිබූ මලයාසියාවද නිහඬය
එකයි. ඕකට කියන්නේ මචන් හක්කේ බුද රැස් බොක්කේ දඩ මස් කියලා.
Deleteඅපි හේනට සතුටු විය යුතුය.මේ වගේ පාලකයෝ ඉන්න රටක ජීවත් වීමත් පිනකි.
සිරා මචං..
ReplyDeleteඅපේ කිරිකොට් ටීම් එක ඉන්දියාව පාඩමක් ඉගැන්නුවා ඒකම ඇති.. :)
හිකිස්ය..!
Deleteඉන්දියන් කිරිකොට් සැට් එකට නස්පුනි වෙන්නට අපේ උන් ගේම සෙට් කළෙහිය.
:D
//මෙව්වා එක පරාද උනාම වෙන්නේ මොන කෙන් ගෙඩියක් දැයි//
ReplyDeleteමෙන්න මේක තමා මටත් දැන ගන්න ඕනෙ.හරියටම කියන්නෙ කවුද කියලා හොයා ගන්න එක තමා ප්රරශ්නෙ.
නොටියගේ ටිකිරි මොලයට කම්පනවට් දෙයක් එන්නෙහිය.
Delete"7500 මාමාගෙන්" හරි, "ගූගල් එපා" මාමාගෙන් හරි ඇහුවානම් කන දෙක කීං ගාන්න විතර කරලා දෙනු ඇතිය..
ඉන්දියාව අපට "පු" යන්නයි "ක" යන්නයි පෙන්නුවෙ අපි උන්ට (දහ)"තු" යන්නයි "න" පෙන්නුව නිසාය....
ReplyDeleteපිට රැටියන් ලංකාවෙ හරක් මෙන් බොරැවෙන් රැවටිය නොහැකිය....
ඒය අෙප් මහදැන මුත්තලා දැන ගත යුතුය.....
දැන ගත යුතුය...
Deleteරාදු කියූ කතාවෙත් අත්තක් ඇත.මන්ද යත් දෙවන හෝ තෙවන පාර්ශවයකට් ප්‍රධාන පාර්ශවයට නොපෙනෙන අඩුලුහුඩුකම් ඕනෑවටත් වඩා පෙනෙන නිසාවෙනි...
අපට සහය දැක්වූ රටවලට ඔබේ ස්තුතිය මෙන්ම මගේ ස්තුතියත් එක් කරමි.
ReplyDeleteදැන්වත් අපි මෙවැනි ප්‍රශ්නවලට ලක් නොවීම සඳහා අදාළ සිහියෙන් කටයුතු කල යුතුයි.
අනිවාර්යෙන්ම මචං
Deleteදෙයියනෙ කියලා ගෑස් ටිකයි කරන්ට් එකයි වැඩිකරගන්න පුලුවන්
ReplyDeleteආයෙත් අහලා...
Deleteසුයඞ් පෝසිත රටක නම් එහෙම වෙන්ට එපැයි..
සෝමාලියාව පැත්තේ පොඩි ඉඩං කෑල්ලක් බැලුවා...එහේ හොඳා වගේ මීට වඩා...
ReplyDeleteඔන්න ඔහේ මටත් එක්කම පර්චස් 10ක් බලපාන මචං..
Deleteඕකුන්ට බලයෙ ඉන්න තියෙන තණ්හාව නෙ බොල.....තමිල්නාඩුවට බයයි මුලු ඉන්දියාවම අයියෝ දේශපාලුවො......
ReplyDeleteතණ්හාය ජායති සෝකෝ....
Deleteකියන මෙව්වා එක උන දන්නා බං
ටිකිරි මොළේ මාරයි ඈ... බලාගෙන නෝටියෝ කොහේ හරි තානාපති කමකට ගනී......!!!
ReplyDeleteඉන්දියාවෙන් අදත් කතා කල..
Deleteහෙහ්..:
අපි නම් අහුවෙයි ඔව්වට..!!
අපි තව ඉන්දියාවෙන් ජරා ෆයිබර් කෝච්චි ටිකක් ගෙන්නමුද?, ඇයි ලෙලන්ඩ් බස්, බජාජ්-ටි.වී.එස් ත්‍රිවීල්..... ඉන්දියන් සාරි.....මටනම් ඉන්දියාව ඒපා.......වෙලා.............. ම්ම්ම්ම්හ් මට නිකන් පිස්සු වගෙ..! නියම ලිපියක් ඔබට ජයවේවා.....
ReplyDelete