මහරගම පොදු කක්කුස්සි වල මෙන් උතුරා යන චිත්තප්රිතියෙන් යුතුව ලියන්නේහිය...
දැන් සිරි ලංකාව සවුභාග්යේ දොරටුවඅබියසට පැමිණ පසුකර ඇත්තෙහිය. ඒ කියන්නේ ලංකාව සුවයන් පෝසිත වී ඇත්තෙහිය. සතුට වැඩිකමට නොටියට ඇඩෙන්නේහිය.(වරදවා වටහැ නොගනු මැනවි.
ඇඩෙන්නේ ඇස් දෙකටමය.) ලංකාවේ දැන් සැම දෙයක්ම තියෙන්නේහිය. උදාහරණ දෙක තුනක් කීයාපන් මගේ හදුන්පොත කෑගහන නිසා කියන්නේමිය.
දැන් සිරි ලංකාව සවුභාග්යේ දොරටුව
- සුවයන් පෝසිත රටක වැදගත් සාදකයක් වන මල රෑ කාර් රේස් වලින් දැන් ලංකාව පෝසිතය.
- දැන් සකල වාසි ලාංකිකයන්ට ඩිස්නිලන්තේ යාමට රට රාජ්ජ වල යායුතු නැත..දැන් එව්වා එක්ක ගාල්ලේ තියෙන්නේහිය.
- හප්පට සිරිය...! තව ජුන්ඩේන් අමතක වෙන්නේහිය... දැන් ලන්කාව ඇමරිකන් ගැති රටක් නොවන්නෙහිය.
- ගූගල් නැත.- විස්ස විජ්ජාල වල දැන් නවතම සර්ච් ඇන්ජිමක් භාවිතා වන බව දන ගන්න ලැබී ඇත.නමුත් මා නොදනිමි.(වී.වී. අවුට් වී වසරක් පමණ වන හෙයිනි.)
- කොකා කොලා නැත.- අවුලක් නැත,ප්ලේන්ටි ඇත.නමුත් කූල් නැත.
- KFC, Mc Donalds, Pizza Hut, නැත. එයද අවුලක් නැත්තේමය. උවයිස් නානාගේ සයිවර් කඩේයි මාතර බත් කඩෙයි ඇත.
උදාහරණ ඇතිය.
උදාහරණ ඇති කිඋවට නොටියගේ ටිකිරි මොලේට තවත් එක කතාවක් මතක් වෙන්නේහිය, විකට සභාවේ ඉන්න මාමා කෙනෙක් කියූ කතාවක්ය. තුන්දෙනෙක් ඉන්න පවුලකට මාසෙට 7500 ඇති කියපු කතාවක්ය. ඒ සන්තෑසිය ඇසුණු වෙලාවේ ඉදන් නොටියගේ ඇග කසන්නේහිය. ඒ අපේ අම්මගෙන් මාසේ වියදම් පොත ඉල්ලගෙන බැලීමේ ආසාව නිසා ඇති වූ අවල්න්කෘත හැගීම නිසාවෙනි. මා අම්මගෙන් එය ඉල්ලු කල
තොට මොකටද ඇච්චෝ ඒක.දෙන දෙයක් කාලා අදාල හිටු කීවාය..
හෙහ්..! නොතියා එව්වට සැලෙන්නේ නැතිය...අම්මා ගෙදර නැති වෙලාවක් බලා පොත උස්සා බලුවෙමිය.(එය හුදෙක්ම මතු පොරෝජනය සදහම පමණක් කලෙමි.නොටිච්චි කැන්දාගෙන ඒමට ප්රථම එව්වා දන ගැනීම යෙහෙකැයි සිතුනු නිසාවෙනි.)
එය බැලූ කල මට කිරි අප්පට පැණි ආප්ප කියා සිතුනි.
සතියට හාල් කිලෝ 4,හාල් කිලෝ 1ක් 68 ===> 68*4= 272
සතියකට එළවලු මාළු වලට ===> 1250
එතකොට මාසෙට ===>1250*5= 6750
ලයිට් බිල ===> 2875
වතුර බිල ===> 127
ටැලිපෝන් බිල ===> 3923
ගෑස් එක ===> 2070
ගෙනාපු මනුස්සයට 150 ===> 2220
ගමන් වියදමුයි බස් ගාස්තුයි ===> 10400
වෙනත් වියදම් ===> 6342
එකතුව ===> 33988
අප්පට සිරි වෙන්නට බැරිය. කොහෙත්ම වෙන්න බැරිය.ලංකාවේ විකට සභාවේ ඉන්න මාමිලා නන්දිලා බොරු කියන්නේ නැත.එතකොට ජෝක් කරන්නේද නැත. ආයෙත් සැරයක් ලිස්ටුව බැලු කල්හි නොටියගේ ටිකිරි මොලයට තේරුම ගියේ නොටියගේ 3ක් ඉන්න පවුලේ වියදම් සන්සෝදනය කල යුතු බවය. ඒ නිසා නොටියා ඊලග මාසයට බජට් එකක් සෑදුවෙහිය. එය හුදී ජන සිත් පහන් සංවේගය උදෙසා පහතින් ලිය තබන්නේහිය.
සන්සෝදිත ගෙදර බජට් එක
සතියට හාල් කිලෝ 2ක් හොදටම ඇතිය (දවසකට වේලක් කෑවම ඇතිය)
එතකොට හාල් වලට ===> 680 (ඉතිරි වෙනවා 680)
සතියකට එළවලු මාළු වලට 1250 හොදටම වැඩිය, 100ක් හොදටම ඇතිය
එතකොට මාසෙට ===>100*5= 500 (එතකොට ඉතුරු වෙනවා 6250)
ලයිට් බිල 2875 ක්ද හොදටම වැඩිය, එම නිසා රෑට ගෙදර එක ලයිට් එකක් දැම්මාම ඇතිය.එතකොට වියදම 100 කට විතර අඩු කල යුතුය. (එතකොට එතුරු වෙනවා 2775)
වතුර බිල 127, එය අනවස්ස වියදමකි.ජොසපින් අන්ටිලගේ ළිදෙන් වතුර ගන්න හැකිය. එතකොට ඒ වියදමත් ඉතුරු වෙනවය.
(ඒ කියන්නේ 127ම ඉතුරුයි)
ටැලිපෝන් බිල 3923, හප්පට සිරිය. ටැලිපෝන් එකත් ඕන නැතිය. එතකොට ගෙඩි පිටින් 3923ක් ඉතුරුය.
ගෑස් වලට වියදම 2220කි. එය දුටු කල මට හීං දාඩිය දැමුණි.ගාසුත් එපාය.කොට ඩොටිගෙන් මාසෙටම දර 500කට ගත්ත හැකිය.එතකොට ඇඩ්ඩින් ගොය්යගේ ගෑනි නැති වෙලාවක් බලලා වත්තට පැනලා හොරෙන් පොල් අත්තක් දෙකක් ෂේප් එකේ ඇදගත හැකිය.
(එතකොට ගෙඩි පිටින්ම 1720 විතර ඉතුරු වෙනවාය.)
ගමන් වියදමුයි බස් ගාස්තුයි හොදටම වැඩිය.10400කි.කජු ඇටද, කොස් ඇටද කියා සිතුනි.මෙයින් බාගයකට වඩා අඩු කල යුතුය. 5000ක් පමණක් දැමිය යුතුය.කකුල් දෙකට පින් දී පයින් යා යුතුය.අම්බිලි ගොයියාගේ ගොන් කරිත්තේ ගොනා සමග විකුනනවා කියල කොට ඩොටි කිව මතකය. එය ගැනීමට බැලිය යුතුය. එතකොට 5000නුත් සැහෙන්න ගානක් ඉතුරුය.
(අපේක්ෂිත ඉතුරුව 5400)
වෙනත් වියදම් 6342 ක්ලුය. වෙනත් වියදම් සම්පුර්ණ කැප දැමිය යුතුය. සුජානං සරීරෙට කියල 500ක් වෙන් කල යුතුය.
(එතකොට අපේක්ෂිත ඉතුරුව 5842)
සන්සොදිත බජට් එක = 7280 (හප්පටසිරි විකට සබාවේ මාමා කියපු ගානටත් වඩා 220ක් අඩුය)
කපා හැරිය වියදම් ===>
33988 - 7280 = 26708 (ඒ කියන්නේ මේ ගාන ඉතුරුය.)
මට පිස්සු නොහැදුනා විතරය.මගේ සන්සොදිත බජට් එක නිසා අම්බානට ඉතුරුය. මෙය අපේ අම්මට දුන් පසු මට උම්මා පිට උම්මා දෙනු නිසැකය.නොතියා දස්සය යයිද කියනු ඇත.
අම්මා දෙවැනි සැරේටත් කන්න කතා කලාය. තවත් පරක්කු වුවහොත් අද රෑට කන්න වෙන්නේ දත්කුරුය.ඒ නිසා මම දැන් කන්න යන්නෙමිය.
හික්z
ReplyDeleteඅර ඇටමැස්සත් ඔය වගේම එකක් ලියලා තිබුනා. මේක සැහෙන ප්රායොගික සංශොදනයක්. :P
ඇටමැස්සාගේ ලින්කුව දාන්ඩෝ...නොටියත් ගොහින් බලන්නම්...
Deleteසැහෙන ප්රායොගිකයි කියන්නේ මටම ඇඩෙනවා...තනි ඇහැට.
මහ රජාගේ ඉදන් පලාබට්ටා දක්වා පොරවල්ට මාසයක් තියා දවසක් ඉන්න පුලුවන්ද 7500න්.. නොදෝකින් කෙස් පැලෙන්න ගොන් තර්ක නම් ගේනව.
ReplyDeleteචෑහ්...!!
Deleteකියලා වැඩක නෑ බන්. මෙව්වා කිවා කියලා නොටියට සම්බුව දෙන්න සුදු වෑන් සෙට් කරයිද දන්නෑ...
නෝටියත් විදේශීය බලවේග වලට යටත්වෙලා වගේ......
ReplyDeleteහෙහ්..! අපිනම් යටවෙයි එව්වට.
Deleteමෙව්වා විදේශීය බලවේග නෙවෙයි බං.පියෝ ශ්රී ලංකන් බලවේග.
හිකිස්...!
ෂා...මරු නෙ.ඔය ගානෙන් තනියමවත් ජීවත් වෙන්න පුලුවන්ද මන්දා... :D
ReplyDeleteත..!තනියම... පිස්සු කියවන්න එපා බන් නිසු...
Deleteඔය බජට් ඒකෙන් තුන්දෙනෙක් ලෙසටම ජීවත් වෙන්ට පුළුවන්...
විකට සභාවේ මාමිලා නැන්දිලා බොරු කියන්නෑ...
මුන් ඔක්කොන්ගෙම පිස්සුව තද වෙලා, සතියකට සැරයක් මොකෙක්හ්රි මිනිස්සුන්ට ආතල් එකක් දෙනව. කාලකන්නි
ReplyDeleteමචෝ... ඒ මාමිලාට නන්දිලාට බනින්නෙපා...
Deleteසුදු වෑන් ඒවි...
ඔන්න අපිනම් දන්නෑ...
නොටියාට සුබ අනාගතයකට මග පෑදී ඇතිබව පෙනේ නරකද කබරාල් ගොයියට ගෙමක් දීලා එතනට රිංගුවොත්
ReplyDeleteඌ..ප්ස්..!!
Deleteදැනුයි මට කම්පනාවට ආවේ...
ෆට්ටය.. පේස් බුකියේ ෂොයර් කරමි. ඔබේ නම සහිතවමය..
ReplyDeleteපට්ට කියා නැවතත් කියමි.. සක්කරයාගේ පුතා වයිමා ගැන කීවේ මේ මාමා නේද.. ??
තැන්කු වේවා...!!
Deleteසෑමාට කම්පනාවට ඇවිත්ය.
වයිමාගේ බොක්කේ ෆ්රේඩා මාමා තමයිලුය.
සිලා ඈ........
ReplyDeleteනෝටියට දාපු පලවෙනි කමෙන්ටුව...
තැන්කු වෙවාය..!
Deleteඔන්න තරිදුවා ට වෙල්කම් කිව්වෙමිය.
සිරාය රට ගැන හිටපියවූ.බන්දුල මාමා වගේ.
ReplyDeleteහිකිස් ය..!
Deleteලොලේ ලොල් ය..!
හික්. එල එල. මම වෙන ගෙදරක ගිහින් නවතිනවා ඇත. එවිට වියදම 100%ක්ම අඩුකරගැනීමට උත්සහයක් කර හැක
ReplyDeleteඒ අදහස නම එලය.
Deleteඑළකිරියට විස්තර කර ඇත....මේක දැන් කට්ටියම ඉන්දියන් සාගරයේ අමුතු ඇටය කරන්න යන්නෙ.......
ReplyDeleteතැන්කු වෙවාය.
Deleteකරන්න යන්නේ...!!
නෑ බං, දැන් අමුතු ඇටේ වෙලා ඉවරයිනේ.!!