Pages

Wednesday, April 11, 2012

කොහෝ හඬයි... රබන් හඬයි - ගුද ගුද තක..!! ගුද ගුද තක..!!



කොහෝ හඬයි...
රබන් හඬයි...
රැව් පිලි දෙන්නා...
ගුද ගුද තක..!! ගුද ගුද තක..!!
රැව් පිලි දෙන්නා..... අවුරුදු එන්නා...!!

කැවුම්, කොකිස්, රස අලුවා
සුවඳ දැනෙන්නා...
ගුද ගුද තක..!! ගුද ගුද තක..!!
සුවඳ දැනෙන්නා..... අවුරුදු එන්නා...!!

ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද
කිරියෙන් පැණියෙන් ඉතිරෙන 
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

Monday, April 9, 2012

අමුතු ලන්තේ සිට ("අල්ලනවා, ගන්නවා")

සිංහල අවුරුද්දේ මෙව්වා එක ඇගට පතට දැනෙනකොට අග පොපියනාවය...
කටට කෙල උනනාවය...
බඩේ පනුවෝ බඩ පිනුං ගසනවාය....
එහෙව් එකේ මාද අවුරුදු කෑ යුතුය., අවුරුදු සිරි විදිය යුතුය, චාරිත්තර කල යුතුය... (නමුදු මා දැන් සිටින්නේ ලංකාවේ නොව.."අමුතු ලන්තයේය")

නෝටියා නම් කෙල හල හල බලන ඉන්නේ "වැඩ ඇල්ලීම අහාර අනුභවය හා ගණු දෙණු කිරීම" මෙව්වා එකටය.
දෙයියනේ කියලා කුඩා බඩවැල් කීං ගාන්න කිරිබත් ගිල අන්තිමට ගානකුත් අතට ලැබෙන්නෙහිය.ඉතින් බඩට වගේම සාක්කුවටත් බුදු පිට් ය...

ලංකාව් අවුරුදු කැවිලි මේසයක්.කන්න බැරි නිසා බලා සැනසෙත්වා
එළ කිරි වගේ එළකිරි.කොම් ඒකෙන් පින්තුරේ ඉස්සුවා
එය ලංකාවේ අවුරුද්දය....

නෝටියා දැන් සිටින්නේ අමුතු ලන්තයේය... මෙහි ද අවුරුදු ඇත්තේය... නමුත් චාරිත්තර වාරිත්තර, අවුරුදු සිරිය පට්ට වෙනස්ය...නෝටියගේ ඒකායන අරමුණ වනුයේ එව්වා ලංකාවේ සිටින අපේ උන්ට කියා දෙන්නය...

අමුතු ලන්තයේ ද අවුරුදු අපේ වගේම 12,13, දවස් වලය... ඒත් විසේස වෙනස්කම් නහුතෙකි..(නහුතයක් කිව නොහැක... ඒ නිසා ටිකක් කියමි.)

මෙහි මුලින්ම සිදු කරන්නේ වැඩ ඇල්ලීම සහ ගණු දෙනූ කිරීමය.. ඒ අමුතු ලන්තේ පොලිස් මාමාලය... එයද හරි අපුරු විදියකි...
කෙළගෙන එක වාහනයක් නවත්වති, දඩ කොලයක් ලියන්න වගේ පෙන්නති(ඒත් දඩ නොලියති), ගොඩින් බෙර ගන්න ඕන නම් ගණු දෙනුවක් කල යුතුය(ඇත්තටම එය ගණු විතරය)... 500  කොලයක් දුන් විට වැඩේ ගොඩය...(ලංකාවේ නම් කතා දෙකක් නැත, දඩ ලියනවාමය), කොටින්ම කිවොත් "අල්ලනවා, ගන්නවා" ය.

අපේ රටේ නම් අවුරුද්දට දින දෙක තුනකට පෙර බාර් වසනවාය.මෙහිද  එසේමය...එහෙත් වසන්නේ ඉස්සරහ දොර විතරය.පස්ස දොර ඇරලාය. 1000 බෝතලේ 1800 ට දෙනවාය.(ලංකාවේ එසේ නොමැති බව ඔබලා දන්නෙහිය.වැසුවොත් වැසුවාමය.)

තවද අවුරුද්දට (ලංකාවේ නම්) අපේ අම්මලා ගෙදර කැවිලි හදනවාය. දොදොල් හදනවාය.. එක කෙලියක්ය..
එහෙත් ඇමතු ලන්තේදී නම් ඒ විදියට දවස් ගානක ඉදන් චාටර් විය යුතු නැත.. මෙහි "පුස් සිටි" කියා එකක් තියනවාය... එකේ නැති මගුලක් නැත.. මෙහේ ගෑණු අවුරුද්දට පුස් සිටි ඒකෙන් බදු ගන්නවාය. වැඩේ ගොඩය..

අපේ රටේ නම් කිරි උතුරවන්නේ නැකතටය.ඒ අවුරුදු නැකත චාරිත්තර කොලේ බලානය..අමුතු ලන්තය එකේන්ද ලංකාවට වඩා ඉදිරියෙන් හිති... මොවුන් කරන්නේ රූප පෙට්ටිය බලාගෙනය..රූප පෙට්ටියේ අමුතු ලන්තේ මහ පුරවැසිය ගේ ගෙදර මෙව්වා කරනවා පෙන්නවාය. අනිත් උන එව්වා රූප පෙට්ටියෙන් බලාන කරනවාය...(වැරදිලාවත් විදුලි බලේට ඇනයක් හිට්ටෝත් කෙලම වෙනවාය)

අවුරුද්ද මතක වෙනකොට අපිට අමතක නොවෙන එකකි අවුරුදු උත්සව. මෙහේද අවුරුදු උත්සව ඇත්තේය.. ලංකාවේ එව්වා වගේ නෙවෙයිය... මෙහේ අවුරුදු උත්සය දකින්න නම් පින් කර තියෙන්නම ඕනය... එය මේ විදියට සුළුවට ලියන්නටද බැරිය...

බැරිය කියන්නේ කොහෙත්ම බැරිය... ඊලග මෙව්වා ඒකෙන් අමුතු ලන්තේ අවුරුදු උත්සව ගැන ලියන්නේහිය.. එතකන් මතු සම්බන්දයි ය.

බලාපොරොත්තු වන්න අමුතු ලන්තේ අවුරුදු අත්සව අසිරිය..>>




නෝටි
සුවාධීන වාර්තාකරු
අමුතු ලන්තේ සිට.


Friday, April 6, 2012

හෙලුව සැපයි, පෝලිම දැක්කම...(අවුරුදු චාරිකා 01)

අවුරුදු කුමරාගේ වශීකෘත වූද.., කඩ කාරයාගේ අවලන්කෘත වූද..., බැල්ම වැටි ඇති බක් මහේ ලක්දිවට ගොඩ බැහීමට ලැබුනේ පූරුවේ පිනකටද, පවකටද,  යයි නෝටිය තවම සිතන්නේහිය...

මුළු ලංකාවම එක කෙළියට සිංහල හින්දු දෙමළ ( යුද්දේ දිනන්න කලියෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද කියා කීවද යුද්දේ දිනුවට පස්සේ එය අපිටද නොදැනීම සිංහල දෙමළ අලුත් අවුරුද්ද විය. ) අවුරුදු කන්න ලැස්ති වෙන්නේහිය.

ඕන පු...ක් දෙකයි පනහයි කියලා නෝටියද අවුරුදු සිරි විදගන්නට එලියට බැස්සෙහිය...

හුටස්‌..ය,
ටවුමේ දාර පෝලිමකි... කිසිත් නොදන්නා මාද පෝලිමට ලංකර එතන උන්නු බවලතියකට වදනක් දා බැලුවෙහිය.
මගුලකි..!
එය ඇදුම් සාප්පුවකට යන්න තියන පෝලිමකි.නෝටියට කලන්තේ නොහැදුනා විතරය... හරියට ලංකාවේ මිනිස්සු  අවුරුද්දකම හෙළුවෙන් ඉදලා වගේය...
ඒ තරමටම ඇදුම් ගන්න පොරකනවාය...

උඩු රාවණා ගේ මෙව්වා ඒකෙන ඉස්සුවේ

මෙච්චර පෝලිමක ඉද අදුම අදිනවට වඩා හෙළුවෙන් ඉන්න එක දාහෙන් සම්පතක් කියා මගේ ටිකිරි මොලේට වැටුන නිසා මා එතනින් මාරු විය. (බන්දුල මාමාගේ තුනටම 7500 ඇති මෙව්වා එකත් එක්ක බැලුවාම අනාගතේදී හෙළුවෙන් ඉන්න වෙන එක එතරම් ගැටළුවක් නොවෙයි කියා දැන් දැන් නෝටියට සිතෙන්නේහිය)

දැමු දාඩිය පොල්ලත් පිහිදමින් ටවුමේ ඇතුලට එන්න ආවේමිය...

අඩ මේ....!! අඩ මේ...!! 
බුවෙක් ගිරිය කඩන කෑ ගසන්නේහිය... මාද එතනට කිට්ටු කර බැලුවෙහිය...
පිස්සු කොරය...
මෑන්ස් විකුනන්නේ රතිඥ්ඥා ය..!
මාද රුපියල් 50ක් දුන්නෙහිය... ඒ ආදයම ගානේ චීන පටස් 10ක් වත ලැබේවි යයි සිතාය... කිරි අප්පට $@#%$#@%#@ කිව්වලු...
අරු මට දෝත බදලා චීන පටස් දෙකක් දුන්නෙහිය...

මෑන්ස්ට වැරදුනා වත්ද යයි සිතා "අය්යියා මම ඔයාට රුපියල් 50ක් දුන්නානේ..." යයි කිව්වෙහිය...
"හෙහ් මල්ලි එකක් 25යි, 50ට ක් දෙන්න මෙව්වා සීනි බෝල කියල හිතුවද...?" යයි කියා අවලං හිනාවක්‌ දම්මේහිය...

අවුරුදු සිරි එපා වූ මා රතිඥ්ඥා දෙකත් රැගෙන ගෙදර ආවේ රතිඥ්ඥා දෙක වත පත්තු කර සැනසෙනවා කියා සිතාය...

නොදෝමකින්ය...!!

පත්තු කරන්න හදනකොට එකක නුල ගැලවිණි...
අනික පත්තු විය...
කන් දෙක වහගන්න හදනකොටම චුස්‌..! ගෑවේය...

තවම ඒ රතිඥ්ඥා විකුණන එකාට හචිං යනවා බුදු සුවර්ය....



ප.ලි.
නොටිච්චි අවුරුද්දට සොපින් කරන්න යන්න ඕනි කියා නහයෙන් අඩන්නේහිය... දැන් ඉතින් තෙවන ලෝක යුද්දෙට ලැස්ති විය යුතුය...
අර කිරිකට් ගහන අය අධි ආරක්‍ෂිත කලාපය ආරක්සා කර ගන්න දාන වගේ ගැජට් එකක් වහාම ගත යුතුය... 
ගූගල් දෙයියා තම පිතුරේ සොයලා දුන්නේ...
සොපින් කොරන්න යනවා වගේ නෙවෙයි දාර පෝලින් වල පොරකන්න ගිහිල්ල තියන ගැජමැටික් වලට හානි කරගන්න කවුද අප්පා කැමති.
Related Posts Plugin for WordPress, Blogger...