Pages

Wednesday, August 3, 2011

නෝටිගේ තනිකම සහ අම්මා...


අම්මේ...
අම්මා අම්මා කෑවද අම්මේ....
අම්මගේ පුතා නෝටි කෑවේ ආප්ප තුනයි අම්මේ...
මම දන්නවා අම්මත් ඔය මොනවා හරි තියෙන දෙයක් කන්න ඇති නැන්දා එක්ක...
මට හරිම පාලූයි අම්මේ...
පාලූව දරා ගන්න බැරි වෙනකොට ඇඩෙනවත් එක්ක...
අම්මාටයි නැන්දටයිත් ඒ පාලූව ගොඩක්ම දැනෙනවා කියලා නෝටි දන්නවා...
නෝටිගේ නෝටි වැඩ නැතිව මුලූ ගේම පාලූවට ගිහින් ඇති නේද?
ෆැකල්ටි එකෙන් අවුට් උනාට පස්සේ මේ තනියම ඉන්නවාමයි...
මට තේරෙන්නෑ අම්මේ මට මේ තනිකම ගොඩාරියක්ම දැනෙනවා...
නිදා ගන්න ගියාට හරියට නින්ද යන්නෙත් නෑ...
ඒ වෙලාවට අම්මා ලගට එන්න ඇත්නම් කියලා හිතෙනවා...
කොම්පියුටරේට මගේ තනිකම මකන්න බෑ අම්මේ
කොම්පියුටරේට මට ආදරේ දෙන්න බෑ අම්මේ...
නෝටි අම්මගෙයි නැන්දගෙයි හුරතලේ උනාට...
නෝටි දැන් ලොකු ළමයෙක් කියලා දන්නවා...
ඒත් අම්මේ මට ගොඩාරියක්ම තනියි...
මම හෙට අම්මව බලන්න ගෙදර එනවා අම්මේ...
මම නෝටි.

1 comment:

  1. බත් පත දැක්කම ඇඩුනා අම්මේ
    සිහි වි නුඹෙ සුවද...
    කඩෙනුයි කන්නේ තුන් වේලම මම
    නැතිව නුඹේ සුවද...

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...