පොතයි පෑනයි දුරස් වෙලා යනකොට
අත හුරු උනේ යතුරු පුවරුවට
නිරුවත් දැසින් දුටු ලෝකට
දකින්නට උනේ අජීවි පරිණක තිරයෙන්
මුලු ලෝකෙම දකින්නේ අගල් 14කින්
දැනෙන්නේ මුලූ ලෝකයම දෑගිලි අතර ලෙස
එනමුදු
විදුලිය නැති වූ විට තමයි දකින්නේ නිදහස් ලෝකය
අගල් 14 එහා ලෝකය සුන්දරද මේ තරම්
නිල් අහස...
සිංදු කියන කුරුල්ලෝ...
කොයි තරම් නම් ලස්සනද
සජිවි ලෝකය...
ඔයා නොටි නෙමෙයි “ නයිස් “
ReplyDeleteහිතුව තරම්ම නෝටි නැති , දඟ මල්ලක් වගේ....