Pages

Monday, October 10, 2011

බයිසිකලයක් ලැබුණා... ඒත් පොම්පෙ නෑ...



ඔන්න එකෝමත් එක කාලෙක හිටියලූ යුධ හමුදාවේ සේවය කරන කෙනෙක්. 
අපි කියමුකෝ මෑන්ස්ට පාල කියලා. :)


ඔන්න ඉතින් පාල හමුදාවට එකුතු වෙලා වැඩි දවසක් නෑලූ. ඔය අතරේ තමයි පාලට හදිසියේම බදින්න වෙලා තියෙන්නේ ඉතින් මෑන්ස් බැදලා එහෙම ශේප් එකේ ආවලූ ආයෙම කෑම්ප් එකට. ;)


මොකද මිනිහා හොරෙන් තමා බැදලා ඉන්නේ. මෑන්ස්ගේ වයිෆ් මෑන්ස්ට ලියුං කියුං එහෙම එවන්නේ නංගි විදියටලූ. ;)


ඔය අතරේ මිනිහා නිවාඩු ඇවිත් එහෙම යනවලූ.


ඔය අතරේ තමයි මෑන්ස්ට පිය පදවි ලැබෙන්න සූදානම් උනේ. කෝම හරි මෑන්ට බබා හම්බෙනකොට (නෑ නෑ බං මෑන්ස්ගේ වයිෆ් ට) නිවාඩු ඉවර වෙලා යන්න උනාලූ. :-/


මෑන්ස් ඉතිං ආයෙ කෑම්ප් එකට ගියාලූ මුණ දෙල් කරගෙන.යන්න කලින් වයිෆ්ට කියලා ගියාලූ බබා හම්බුනාම ලියුමක් එවන්න කියලා. :))


තව කියලා ගියාලූ මෑන් මැරි කල විත්තිය කෑම්ප් එකේ කොල්ලෝ දන්නැති නිසා පුතෙක් ලැබුනොත් "බයිසිකලයක් ලැබුණා" කියලා ලියලා එවන්න කියලා. 8-}


ඔන්න මැන්ස් බලාපොරොත්තුවෙන් හිටිය ලෙටර් එක ආවලූ....


නිවසේ දී ලියමි


දෙයියන්ගේම පිහිටයි
පාල අයියා වෙත


පාල අයියේ ඔයා පරිස්සමෙන් කෑම්ප් එකට ආවා නේද... බලාපොරොත්තු උන විදියටම එදා හවස බයිසිකලයක් ලැබුණා..ඒත් පොම්පෙ නෑ..


මීට ආදර නංගි


=))   =))

2 comments:

  1. පාල අයියා මොන වගේ උත්තරයක්ද දන්නේ නැ නේද ලියලා යැව්වේ.....

    ReplyDelete
  2. නෑ.මම මේ පෝස්ට් එක කියෙව්වෙ නෑ.ඒ නිසා මුකුත් කියන්න බෑ....

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...