Pages

Tuesday, October 11, 2011

ජාතිය වෙනස් විමේ පාපය



ආදර කියන්නේ කොයි තරම් සුන්දර දෙයක්ද?ඒත් ඒ සුන්දරත්වය හැම කෙනෙක්ටම අත් විදින්න වාසනාව තියනවාද? කීයක් දෙනෙක් යම් යම් සමාජයේ මුල් බැහැපු සමහර දේ නිසා ආදරය මකලා දානවද...

පුංචි ප‍්‍රශ්ණයක් !

සිංහල කොල්ලෙක්ට / කෙල්ලෙක්ට මුස්ලිම් කෙල්ලෙක්ව / කොල්ලෙක්ව බදින්න පුලූවන්ද? 

මට දෙන්න පුලූවන් උත්තරේ නම් ඔව්. 

ඒත් මගේ උත්තරේ ඔව් කියලා උනාට ඇත්තටම ඒ උත්තරේ ඔව් වෙන්න පුලූවන්ද? මගේ දැනුවත් කමේ හැටියට නම් බෑ. 

ඇයි ඒ බැරි? 

සරලම උත්තරේ ආගම් දෙකක නිසා. කොටින්ම කිව්වොත් කෙල්ල මුස්ලිම් නිසා. නැත්තම් කොල්ලා මුස්ලිම් නිසා. මුස්ලිම් කෙල්ලක්ට වෙන ආගමක කොල්ලෙක් හෝ මුස්ලිම් කොල්ලෙක්ට වෙන ආගමක කෙල්ලෙක් එක්ක දීග යන්න තහනම් නිසා.

ඒත් ඒ නීතිය සර්ව සාධාරණද?

ආගමික වශයෙන් මම දන්නෑ. ඒත් මානුශික වශයෙන් ගත්තොත් ඒක මොන තරම් අසාධාරණ නීතියක්ද? ආදරයකට ජාති භේදයක්, ආගම් භේදයක් තියනවාද? ආදරය කියන්නෙ ජාතිය ආගම මත පදනම් වෙලා ඇති වෙන දෙයක්ද? 

උත්තරේ නෑ.

මොකද මගේ දැනීමේ විදියට ආදරය කියන්නේ සර්ව සම්පූර්ණයෙන්ම මානුශික සාධකයක්.

එතකොට ඇයි මේ 

උඹ සිංහල කොල්ලෙක් ඒක නිසා උඹට මුස්ලිම් කෙල්ලෙක්ව බදින්න බෑ
උඹ සිංහල කෙල්ලෙක් ඒ නිසා උඹට මුස්ලිම් කොල්ලෙක්ව බදින්න බෑ
කියලා නීතියක්??

මොකද කසාද බන්දවන්නේ ආගමද? 

නෑ කසාද බදින්නේ මනුෂ්‍ය පරාන දෙකක්. දෙයියනේ ආගම ජාතිය කියන්නේ මොකෙක් හරි ඉපදෙන පවුල මත පදනම් වෙන දෙයක් නේද?

නැත්තම් මොකෙක් හරි එකෙක් හරි එකියක් හරි ඉපදෙනකොට ඔන්න මම මුස්ලිම් හොදේ... එක්කෝ ඔන්න මම සිංහල හොදේ.... කියාගෙන මේ ලෝකෙට එනවද?

ඇයි හත් දෙයියනේ මේ ආගම් භේදයක් ගාව ගන්නේ හැම දේකටම. ඔය දේවල් නිසා මේ ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ කී දෙනෙක් නම් දුක් විදිනවා ඇත්ද? කි දාහක් ආගම වෙනස් වීමේ පාපය නිසා විදවනවා ඇත්ද?

ඇයි ඒ...

හැමෝන්ටම තියෙන්නේ රතු ලේ නේද?

5 comments:

  1. ඉස්ලාම් කියන්නේ අන්තවාදී ආගමක්නේ ඒකයි අවුල .. බෞද්ධ - කතෝලික , හරි බෞද්ධ - හින්දු හරි ආගමික ගැටලුවක් ඇතිවෙන්නේ නැ (හැබැයි ඉතින් දෙමල සිංහල ජාති ප්‍රශ්නේ තියනවනේ අපේ අයගේ ඔලුවල , ඒ නිසා දැනට ප්‍රායෝගික බෞද්ධ සහ කතෝලික විතරයි )

    ඉන්දියාවේ නම් කුල ප්‍රශ්නෙත් තියනව , ලංකාවේ නම් දැන් අඩුයි

    ReplyDelete
  2. මනුස්සයෝ මනුස්සයෝ අතර විවාහ සිදුවෙනවා මිස .. මනුස්සයොයි තිරිසන්නුයි අතර විවාහ සිදු වෙන් නෑනේද?

    ReplyDelete
  3. කථාව ඇත්ත... ගොඩාක් දුරට ඉස්සර වගේ එහෙම දේවල් දකින්න අඩු උනත් නැත්තටම නැති වෙලා නැ තවම ලංකාවේත්... ඒ විතරක්ද එකම ජාතියක් උනත් ඔය කුල මල ප්‍රශ්න නිසා ආදරවන්තයෝ වෙන් වෙලා ඇත්ද?? කි දෙනෙක් මේ ලොකෙන් යන්නම ගිහින් ඇද්ද?

    ReplyDelete
  4. සිරාවට!ජාතිය සමගිය ගැන හිතන්න එපැයි අපි නේ! හික්ස්!

    ReplyDelete
  5. සිංහල කෙල්ලෝ නම් මුස්ලිම් කාරයෝ කසාද බඳින්නේ බොහොම කැමැත්තෙන්..

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...