Pages

Monday, December 5, 2011

මඤ්ඤං පිට්ටේ ආතල්


ඔන්න අද නෝටියා තවත් පිස්සුවක් කෙලින්නයි ලෑස්තිය. ඒක නෙමෙයි ඊට කලිං කියන්නකෝ කස්ටිය අර මෙමෝ බුක් නැත්තං අර ඔටෝග‍්‍රාෆ් ගැන දන්නවද කියලා...


ආ..න්න හරි.....................!!!


අර ඉස්කෝලේ සමුගන්න කලිං ඉන්න සනුහරේම එව්වා මෙව්වා ලියලා දෙන පොත තමයි...!!


ඔන්න ඔය පොතේ තියනවා නේද පිස්සු පිටු නැත්තං මංඤ්ඤං පිටු කියලා එව්වා ජාතියක්. අන්න ඒ මඤ්ඤං පිටු වල තියන සිගිති ආතල් පොඞ්ඩක් මතක් කර ගන්න නෝටියාට හිතුනා...


ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා......
ගොං පැටියෙක් වේවා උඹේ මුල්ම පුතා......

උඔ එනවා බලා මට වමනේ ගියා...
අමු ඉගුරු කකා මම ගෙදර ගියා.....

තොගේ ඔටෝ.... අපිට මොටෝ.........

අරකි උඹට ලව්
මම ඒකිට ලව්
ඒ මගුලත් ඉලව්

වංගු වංගු ගලනකොටයි ගගක් ලස්සන
සයිඞ් එකෙන් බලනකොටයි නෝටි ලස්සන.....

පස්ස පස්ස පස්ස
අපේ නෝටියාගේ පස්ස
අපේ නෝටියාගෙ ගේ පිටිපස්ස

සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු...
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු...


ඔන්න නෝටියා එව්වායින් සුට්ටක් ලියලා දැම්මා...  ඕං මතක් වෙන එව්වා කස්ටිය කමෙන්ට් කරන්නකෝ... මේ..ං මං ගියා.......

15 comments:

  1. එකෙක් ලියලා තිබ්බා .."ඇද්දා ලනුව දැම්මා කොඩිය සිලෝන් එකට...සිලෝන් එකේ බස් දුවන්නේ මගේ නමට" කියලා....
    උගේ තාත්තට පරන බස් එකක් තිබ්බා.....

    ReplyDelete
  2. අපිට ලියපුවා මෙතෙන දැම්මොත් එහෙම වසලා හමාරයි අයියේ...

    ReplyDelete
  3. ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට..
    ඇයි බොල කලු දෙබරෝ තොට මොකටද ඒක..

    ReplyDelete
  4. සඳ මිදුලට එනවා
    ආපුදෙන්කො බල්ලා ලෙහනවා...

    ReplyDelete
  5. හෙහ්.. මේවා තව ප්‍රසිද්ධියේ දාන්න පුළුවන්.. අපිට ලියපුවා එහෙම දාන්න බෑ අයියේ...

    ReplyDelete
  6. මෙන්න අසූ ගනන් වල එකක්

    සමරුව යැයි කියා බොරුවට පොතක් ගෙන
    යන එන කොල්ලන් ලවා බොරු ලියා ගෙන
    එය බල බලා සැනසෙන මේ නන්ගි ගැන
    මට හරි දුකයි අනෙ නංගෝ ඔයා ගැන

    ReplyDelete
  7. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    හි හි.... එළ එළ

    ReplyDelete
  8. @ prasanna86k
    මේකේ මේ ලියලා තියෙන්නේ පුරසිද්ධියේ කියන්න පුලූවන් එව්වා විතරයි ඕං...

    ReplyDelete
  9. @ පිණිබිඳු...
    ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට..
    ඇයි බොල කලු දෙබරෝ තොට මොකටද ඒක..

    නෑ මේ නිකමට--
    හිකිස්

    ReplyDelete
  10. @ පිණිබිඳු...
    බල්ලා බැදලාද...?

    ReplyDelete
  11. @ Dinesh
    මේකේ මේ ලියලා තියෙන්නේ පුරසිද්ධියේ කියන්න පුලූවන් එව්වා විතරයි ඕං...

    ReplyDelete
  12. @ Weni
    මෙව්වා ඇවිල්ලා 2005/06 වගේ ලියපු චාරයක් ඇති එව්වා..

    ReplyDelete
  13. අසල්වැසියාට වෛරකරන්න ,ඔහුගේ පුතාට ප්‍රේම කරන්න.. :P

    සෙත්සිරි දෙන මහා ගුණ මුණිදානම්
    දැන් නම් තත්වය හරි අවදානම්
    කුස්සිය පැත්තෙන් _______ එනවානම්
    පැනලා දුවපන් කරන්නම්.. :P :P

    (පොතේ අන්තිමේට මෙහෙමත් ලියනවා)
    පෙම්බස් දොඩයි බකමුණයි උගේ නෝනයි
    අලි බොරු ලියපු පොත මෙතනින් අවසානයි. :P

    ReplyDelete
  14. @ Ice (අයේෂා කුලතුංග)
    ඔය තියෙන්නේ නිකං දුම දාන එව්වා...

    ReplyDelete
  15. ඩිගිසි ඩිගාරේ දාගෙන පොල් කටු මාලේ
    මොකක්ද මේ පොතක් අරන් කරන විකාරේ

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...