Pages

Thursday, December 8, 2011

නොනේ ලොකු එකනම් හරි... පොඩි එකට...


මේ පෝස්ට් එක ලියන්න කලින් නෝටි සකල වාසි සියලූ දෙව් දේවතාවුන් ගෙන් ඉල්ලා හිටින්නේ මේ පෝස්ට් එක නෝටිච්චිගේ ඇස නොගැටේවා යන්නයි.(ඒත් වැඩක් නෑ බොලව්... දැන් අපේ උන්දැත් බ්ලොග් කෙරුවාවට බැහැලා නොවැ...). නෝටිච්චි කියන්න වගේ නෝටියා නහින්නේ කට නිසා. නෝටියාගේ යාලූවෙක් (ධනුෂ්ක) වෙච්ච අයියා කෙනෙක් එක්ක මෑන්ගේ මනමාලි බලන්න ගිය කතාවක් කලින් පෝස්ට් එකේ කිව්වා මතකද මංදා........


 ඕං දැක්කේ නැත්න්ම් ගිහින් බලලාම එන්ටකෝ......


 ඕං දැං තමයි පෂ්චාත් මගුල් ප‍්‍රචන්ඩක‍්‍රියා ඇති වෙලා තියෙන්නේ... ඇගේ හී ගඩු පිපෙනවා බොලව්... වෙලා තියෙන්නේ මේකයි. අපි එදා දිලූෂා (මනමාලි) ගේ ගෙදරින් ආවානේ. අපි ආවයින් පස්සේ දැං මනමාලිගේ අම්මා අප්පා කතා වෙනවලූ............


මේං මේකයි වෙලා තියන කතාව කෙටියෙන්ම කියනවා නම්. රොයිටර් පුවත් සේවය (මනමාලි) තමයි වාර්ථා කලේ....


නෝනේ අපි හිතන් හිටියාට වඩා ධනුෂ්ක ළමයගේ හැදියාව (අනේ මගේ කට) පවුල් පසුබිම එහෙම ගොඩක් හොදයි නෙව.


ඔව් අපේ මහත්තයා.... දැන් අපි ඒ ළමයා ගේ දිහා යන්න කතා කරගත්ත දිනේට යනවා නේද?


නොගිහින් කෝමද නෝනේ... අපි පොරොන්දු උනා නෙව. ගොහිල්ලා වැඩ කටයුතු එකලාසයක් කරලා දාමු ලබන අවුරුද්දේ මුල වගේ...


ඒක හොදයි අපේ මහත්තයා... දැන් ඉතිං පොඞ්ඩි තමයි..........


ඔය විදිය කතාව ඉවර උනාලූ... ඊලග සෙෂන් එක පටන් අරං තියෙන්නේ ? කැම කාලා ඉවර උනාට පස්සේලූ....


උපේ මහත්තයා....... ධනුෂ්ධ දරුවා එක්ක ආව අර කණ්නාඩි දාන දරුවා ගැන මොකද හිතෙන්නේ............. මේ මම කිව්වේ අපේ පොඩි කෙලිට..............................


ඛවුද අර..... බූටි කියලා කතා කරපු ළමයද...........?


හ්ම්..............


ඒ දරුවත් වරදක් නෑ වගේ පේන්නේ.......... ධනුෂ්ක ළමයාගේ ගෙදර ගියාම ඒකත් හිමීට ආරංචි කරලා බලමුකෝ..............


අප්පච්චී එයා බූටි නෙවෙයි නෝටි..... අනික ආරංචි කරලා බලන්න දෙයක් නෑ අප්පච්චි.... නෝටි දැනටමත් වෙන ගෑණූ ළමයෙක්ට ආදරේ කරනවා............


හොද වෙලාවට දිලූෂා මහ දෙන්නා ගේ කතාව ට හොරෙන් ඒරියල් එක දාන් ඉදලා තියෙන්නේ.... නැත්තං නෝටිට බඩු බනිස් වෙනවානේ....


ධනුෂ්කයාගේ මාමණ්ඩියා තමයි තේමණ්ඩියා.... මැන් හැදුවේ මට පොඩි කෙලිව ජොඩු කරන්න. මෑන්ස් දන්නැද්ද මංදා බහු භාරියා විවාහ දැන් ඔට්ටු නෑ කියලා.... ඒ මදිවට මගේ නමත් වෙනස් කරලා...බූටි..............!!!



අඩෝ තේ මණ්ඩි මම බූටි නෙවෙයි, මම නෝටි........

27 comments:

  1. මේ අර නත්තල් සීයා කොහෙන්ද මල්ලි ගත්තේ?:)

    ReplyDelete
  2. ආ බූටියා.අපරාදේ මගුලක් ජෝඩු කරගන්න තිබ්බ හිහ්:)

    ReplyDelete
  3. @ නදී
    ඈහ් නෝටිච්චි මාව උස්සන්න සුදු වෑන් එවයි බොල

    ReplyDelete
  4. @ නදී

    http://naughtysimpressions.blogspot.com/2011/12/what-f-off-man.html

    මේ ලිංක් එකේ තියන පෝස්ට් එක අන්තිමෙටම කෝඩ් එක තියනවා අක්කියෝ...

    ReplyDelete
  5. නෝටි... ඔයාව මගෙන් උදුර ගන්න කාටවත් ඉඩ දෙන්නෑ මගේ පණ කෙන්ද තියනකම්...මතකද නෝටි මම ඔයාට එදා කිවා ඔය ගමන යන එක මගේ හිතේ ගොඩක් ලොකු බයක් ඇති කලා කියලා...ඔන්න ඕක තමයි ඒ බය ඇතිවෙන්න හේතුව මහත්තයෝ...මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ මහත්තයෝ... මේ කෙල්ලගෙන් ඈතට යන්නෙපා... මේකිගේ පපුව පැලෙයි... මම ඔයාට ගොඩක් ලෝබයි මහත්තයෝ..

    ReplyDelete
  6. "උපේ මහත්තයා....... ධනුෂ්ධ දරුවා එක්ක ආව අර කණ්නාඩි දාන දරුවා ගැන මොකද හිතෙන්නේ............. මේ මම කිව්වේ අපේ පොඩි කෙලිට.............................."

    තව පොඩ්ඩෙන් මගුල් දෙකයි.

    ReplyDelete
  7. දැන් එතකොට නෝටියා පොඩි එකට කැමති නැද්ද,නැත්නම් බත් එක කන හින්ද චිකන් කොත්තු තිත්තයි කියනවා නේ ;-)

    ReplyDelete
  8. @ සුදු මැණිකේ ගේ සංකල්පනා
    අනේ සුදු මැණිකේ ඔයා මොනවද මේ කියන්නේ...? ඔයා හිතනවද නෝටියට ඔයාව නැතිව ඉන්න පුලූවන් කියලා...
    අනික සුදු ඔයා මම ගැන හොදටම දන්නවා නේද? ඇයි ඉතින් දුක් වෙන්නේ සුදු...

    ReplyDelete
  9. @ Golden Dragon
    හිහ්.... පික්සු සැදෙයි ෂද බැබලෙයි කිව්වලූ...

    ReplyDelete
  10. @ නලින්-සමනලුන්ට වෙඩිතියන්න
    මම කොත්තු කන්නෑ බන්. කොත්තු කෑවම බඩ අප්සෙට් වෙනවා...

    ReplyDelete
  11. @ Anonymous
    ඔන්න ඉතිං ආයෙත් අපෘෂ්ඨ වංශ වැඩක් කරලා... හයියෝ හයියෝ....ඉතිං හත් ඉලව්වේ මෙලෝ රහක් නැති මගුලකට කමෙන්ට් කරන්න මහන්සි වෙන්න තරම් ඔබතුමා මෝඩයෙක්ද? හොදා හොදා...

    මේ වගේ කොන්දක් පණ නැති එව්වොත් ඉන්නවනේ ඇත්තට.
    තමන්ගේ profile එකෙන් එන්ටකෝ ආයිබොවං

    අහ්....මට දැන්නේ මතක් උනේ.... පෝය ලගයි නෙ බොලේ...

    ReplyDelete
  12. මේක දැනගෙන නෝට්ටිච්චි නෝටියාගේ කන් දෙක ගලවනවා සුවර්ය.....

    ReplyDelete
  13. අපොයි... තවත් බ්ලොග් පවුලක්.. (මං වගේ ) එහෙනම් බලාගෙන යද්දී නෝටියා නෝටිම නෑ

    ReplyDelete
  14. //මෑන්ස් දන්නැද්ද මංදා බහු භාරියා විවාහ දැන් ඔට්ටු නෑ කියලා....//
    ඒ කියන්නෙ ඔට්ටුනං ...

    ReplyDelete
  15. කමෝන් සුදු මැණිකේ..... එළකිරි එහෙම ලේසියෙන් ගැලවෙන්ඩ දෙන්ඩ එපා මූට... ටක්ගාලා මුද්දක්වත් දාලා වෙන්කර ගත්තනං හරිනේ.. (දැනටමත් දාලද තියෙන්නේ....?)

    ReplyDelete
  16. ආහ් තවත් බ්ලොග් කපල් එකක් හික් හික් තා පොඩ්ඩෙන් නෝටිටත් වැඩේ හරි

    ReplyDelete
  17. අර අංකල්ගේ පෙනීමේ අවුලක් තියෙනවද දන්නේ නෑ...

    ReplyDelete
  18. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    අඬේ...නෝටිච්චි නෝටියාට ආදරෙයි බොල

    ReplyDelete
  19. @ ලහියා
    හෙහ්... එහෙනං..

    ReplyDelete
  20. @ රාජ්
    අඬේ... පිෂ්ෂු කතා නම් කියන්න එපා බන්ස්... මේක නෝටිච්චිත් කියවනවා බන්.

    ReplyDelete
  21. @ නරකයා...
    සුදු මැණිකේ මුද්දෙන් වෙන් කරගන්න තමයි ගොඩක් හීන දකින්නේ... ඉක්මනට ඒකත් වේවි...

    ReplyDelete
  22. @ ශානු
    හී... හී... සුදු මැණිකේ තාම බනිනවා අපේ මෑන්ස්ගේ තේමණ්ඩියාට

    ReplyDelete
  23. @ Dinesh
    අඬේ... එච්චර වයස වෙලත් මෑන්ස් තාම කණ්නාඩි නොදා වැඩ. අවුරුදු 24ක් ඉවරවේගෙන එන නෝටියා දැන් අවුරුදු 10 විතර ඉදන් කණ්නාඩි දානවා...

    ReplyDelete
  24. අඩේ අප්පා නෝටිච්චි අක්කිට ඉරිසියා හිතුන නේද ඕක ඇහුවම ?? හි හි..

    ReplyDelete
  25. @ Ice (අයේෂා කුලතුංග)
    වැරදිලාවත් ධනුෂ්කගේ තේ මණ්ඩියා සුදුට අහු උණා නම් මෑන්ස් තාම බැණුම් අහනවා..

    ReplyDelete
  26. මේක පවුල් ප්‍රශ්ණයක් නිසා මම නම් මොකුත් කියන්නේ නෑ ඕං..!

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...