Pages

Wednesday, December 21, 2011

ඒක දැම්මාම තමා ෂරියනවා....


ඕනම කෙනෙක්ට ෆැකල්ටි ලයිෆ් එකේ අමතක නොවෙන ම සීන් එකනේ රැග් එක කියන්නේ. ඇයි රැග් එක විතරමද..... ඇයි බැජ් ටි‍්‍රප් එක. නෝටියට හිතුණා ඔන්න බැජ් ටි‍්‍රප් වලදි වෙච්ච රසබර තැන් ටිකක් මතක් කරගන්න...

මේ සින් එක උනේ අපේ සෙකන්ඞ් ඉයර් බැජ් ටි‍්‍රප් එකේදි.... අපි දෙවනි දවස හන්තාන තමයි ගියේ... අපි ගිය දවස් වල නං සීතල උපරිමයි. ඔන්න කටිටියම ලෝකාන්තේ එහෙම බලලා ආයෙමත් බස් ළගට සෙට් වෙන වෙලාව. අපි හය දෙනෙකුගේ සෙට් එකක් තමයි බස් එක ලගට එනකොට සෙට් වෙලා හිටියේ. එයින් හතරක් කපල්. මමයි ඉතිරි කෙල්ලයි අරුන් දෙන්නට ඇණයක් නොවි චැටක් දාගෙන හිටියා අනිත් උන් ටිකත් එනකම්.

ඔන්න ඔය අතරේ තමයි කොහේද මංදා ඉදලා සාත්තර කියන ගැනු කෙනෙක් එන්නේ... ඒ ගෑණු කෙනා කෙනෙක් අහන්නත් කලිං තමයි සාත්තරේ බලන්න පටන් ගන්නේ.... අර අපිත් එක්ක බස් එක ලගට ආව කපල් එක ලගට ගිහින් මොනවද වගයක් කියවලා ගාණකුත් කඩාගෙන දැන් මමයි අර ගර්ලූයි ඉන්න තැනටත් සෙට් වෙන්නයි හදන්නේ....

ඒ ගෑණු මනුස්සයා ඇවිල්ලා කියවන්න හදනකොට මම ඉතින් එපා කිවා...එතකොට අපේ ඩිස්නි(අර ගර්ගේ කාඞ් එක) ඔන්න ඔහේ අපිත් අහමු නෝටි කියලා....  ඕන එකක් දෙකයි පනහයි කියලා දැන් සාත්තරේ අහන්න තමයි සෙටි වෙන්නේ.... ඔය අතරේ අපේ උන් ටික දෙනෙකුත් සාත්තර මිෂන් එක බලන්න සෙට් වෙලයි උන්නේ....ඔන්න ෂාත්තරේ...........

මේ නෝනා මාත්තියා නං පිං කදක්............ යෙන යෙන තෙන ෂිරියාව තමයි උතුරනවා.... බ්ලා බ්ලා බ්ලා.............
ඒ උනාට නෝනා මාත්තියලාගේ පවුල් ජිවිතේට පොඩි කොෂ්ෂක් තමා තියනවා.... මේ නෝනා මාත්තියාගෙන් මාත්තියාට ටිකක් අපල තමයි තීනවා....

ඔන්න ඉතිං දැං  ඩිස්නිත් හොදට අර ගෑනු මනුස්සයාව අන්දනවා..........
අනේ ඒකට මම මොනවද කරන්න  ඕනි....?

එතකොට අර ගෑණු මනුස්සයා කියනවා....
කොරන්න නං තින්නේ එක දෙයයි.... මගේ ලග තිනවා බෝම බලගතු යන්තරයක්... ඒක දැම්මාම තමා ෂරියනවා....

දැං ඉතිං ඔය යන්තරේ කොහොමද දාන්න  ඕනි..... ඒක කියක් විතර වෙනවද........?

නෝනේ යේක ගොඩක් වටින යෙකක්. රුපියන් 5000ක් විතර තමා වෙනවා.... නෝනමාත්තියාගේ ෂිරියාවන්ත මූනට එච්චර ගන්න බේනේ... රුපියන් 3500ක් දෙන්නකෝ.... මම දෙන් යෙක මාත්තියාගේ අතේ බදින්නම්.

ඔන්න ඊට පස්සේ තමයි හොදම දේ උනේ.... අපේ බැජ් එකේ කොල්ලෙක් ඉන්නවා... මෑන්ගේ නම බෝලා... ඌ එකපාරටම අර ගෑණිගෙන් අහපි....

සාත්තර ඇන්ටි....
3500ක් නෙවෙයි අපි 6000ක්ම දෙන්නම්.... 
මුන් දෙන්නා නෝනයි මහත්තයයි උනේ කෝමද කියනවද....?

සාත්තර ඇන්ටිගේ දුම වත් සොයා ගැනිමට බෝලාට නොහැකි විය...

15 comments:

  1. මේක දැක්කේ කොත්තුවෙන් උබ ‍දැන් ලාංකීය සිතුවිලියේ නැතිද.?

    ReplyDelete
  2. බැජ් නොවෙයි බැච් batch

    ReplyDelete
  3. @ Anonymous
    සිතුවිලි එකේ ඉන්නවා.

    ReplyDelete
  4. හි හී නියම කතාව...... :D :D
    හොඳ වැඩේ සාස්තර ඇන්ටිට........

    ReplyDelete
  5. හප්පා සායම ඉවරයින්...

    ReplyDelete
  6. මමත් කෑවා ඔය වගේ පරිප්පුවක්,ගෙදර ඔක්කොම ඉස්සරහ සාත්තර ගෑනියෙක් කියපි මේ මාත්තියානං මණමාලයෙක් කියලා...මම මාරූනා පටස් ගාලා ....

    ReplyDelete
  7. කැම්පස් එක කොහෙද. විස්තර පොඩ්ඩක් හුරු පුරුදුයි වගේ.

    ReplyDelete
  8. මට මේකට පොඩ්ඩක් වෙනස් සීන් එකක් වුනා බං ගෝල් ෆේස් එකේදී

    අහක හිටපු කෙල්ලෙක් මට ජෝඩු කරපි..

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...