Pages

Friday, December 16, 2011

එදා...

ඒක තමයි නෝටියාගේ මුල්ම කුලුදුල් ජොබ.නෝටියාට ඒ කම්පියුටර් ඉන්ස්ට‍්‍රක්ටර් පත්විම හම්බුනේ ඒ.ලෙවල් කරලා ඉවර උන ගමන්මයි... නෝටියා  ඒ.ලෙවල් කරන අතර කරපු පරිගණක පාඨමාලාව ඉවර උනෙත් ඒ ලෙවල් විභාගෙත් එකක්කම වගේනෙ. විභාගේ ඉවර වෙනකොටම ඒ ආයතනයේම ආරාධනාවක් මත තමයි නෝටියා ඒ පත්වීම භාර ගත්තේ...


ඔන්න නෝටියා මුලටම ජොබ් එකට ගිය දවසේ.......... නෝටියා සෙන්ටර් එකට යනකොට සෙන්ටර් එක  ඕපන් කලා විතරයි. ඉතින් නෝටියා කලිං පුරුද්දටම ළමයි වාඩි වෙලා ඉන්න පුටු තියලා තියන තැන වාඩි වෙලා ඉන්නවා බොසා එනකම්.... ඔය ඉන්න අතරේ තමයි රෙසෙප්ෂන් එකට ගත්ත අලූත් ඉටිකිරිස් ගෑණු ළමයත් ඔෆිස් එකට ගියේ...

ටික වෙලාවකින් ඒකි ඇවිත් කියනවා............

අලූතෙන් පටන් ගත්ත වෙබ් ඩිසයිනින් ක්ලාස් එකේ ළමයි රූම් නම්බර් 03 වලට යන්න කියලා...
එතන ඉදපු ළමයි සේරමම වගේ ක්ලාස් එකට  ගියා... ඉතිරි උනේ තව ළමයි දෙන්නෙකුයි මමයි විතරයි.... ඉතින් රෙසෙප්ෂන් ගර්ල් අර ළමයි දෙන්නා එක්ක කතා කරලා ඉවර වෙලා මගේ ලගට ඇවිත් අහනවා....
ඔයා මොන ක්ලාස් එකේ ද....?

මට කියන්න හම්බුනේ මෙච්චරයි...

අලූතෙන් පටන් ගන්න....

හයියෝ ඔයාට කියපු දේ ඇහුන්නැද්ද... මම දැන් එක සැරයක් කීවනේ අලූතෙන් පටන් ගන්න වෙබ් ක්ලාස් එකේ ළමයි රූම් 03 එකට යන්න කියලා... යන්න යන්න.... ඉක්මනට යන්න... ඔයාලගේ ලෙක්චර එන්න කලින් ක්ලාස් එකේ ඉන්න....

කොහේද මුන්දෑ කියලා ඉවර කරන්න දුන්නද..? දැන් ඉතීන් මොනවා කරන්ද.... නෝටියත් ගිහිල්ලා වාඩි උනා අර ළමයි අස්සෙම  ඕනි එකක් දෙකයි පනහයි කියලා...... දැන් ක්ලාස් එකේ ළමයිත් ඇවිල්ලා.... සර් නෑ.... ක්ලාස් එකේ සෙට් එකටත් නිකං මල පැනගෙන එනවා වගේ....ඇයි ඉතිං මුලම දවසේ සර් කාරයා පරක්කුයි... එක එක කතා කියනවා...


ඒ අතර හිටපු එක කොල්ලෙක් සර්ට පලු යන්න බනිනවා....
අපි සල්ලි ගෙවලා ඇවිල්ලා මෙතන රස්තියාදු වෙනවා....බ්ලා බ්ලා බ්ලා බ්ලා....
කතන්දර කෝටියයි


ඕං එකසැරේම බොසා එනවා ලෙක්චර් රූම් එකට....

නෝටි.... විනාඩි 5කට මගේ රූම් එකට ඇවිල්ලා යන්න....

නෝටි බොසාගේ රූම් එකට යනකොට ඉන්ස්ටිටියුට් එකේ සේරම බොසාගේ රූම් එකේ... අර නෝටිට සත්තම දාලා ක්ලාස් රූම් එකට යවපු රෙසෙප්ෂන් ගර්ලූත් ඉන්නවා... උන් සේරම මැද නෝට් අන්දොස්.... ඔන්න පටන් ගත්තා බොසා දෙසන්න....

මේ තමයි අද ඉදන් අපේ ආයතනයේ වෙබ් ප්‍රෝග‍්‍රැමින් වලට අලූතෙන් ආව ඉන්ට‍්‍රක්ටර්.මේ ආයතනයේම ඉදපු ළමයෙක්... අද ඉදන් එයා ඔයාලත් එකක් එකට වැඩ කරාවි.... 

ඔන්න ඉතින් බොසාගේ දේශනාව අවසානේ කට්ටිය අතට අත දිලා විශ් කරගෙන එනවා...  ඕං ඉතිං අර රෙසෙප්ෂන් ගර්ල් එනවා....

සොරි සර්.... මම ඒ වෙලාවේ දන්නෑ ඔයා සර් කියලා....(ඒ වෙලාවේ ඒකිගේ මූණ මතක් වෙනකොට තාමත් සිනා...)

හොදම සීන් එක උනේ නෝටියා ටයි පොල්ලත් දාගෙන අලූත් ක්ලාස් එකට ගිය වෙලාවේ.... නෝටියා ක්ලාස් එකට ඇතුලූ වෙනවත් එක්කම ඉස්සරහම පේලියේ හිටිය කොල්ලෙක්ට මහ හයියෙන් කියඋනේ නැද්ද....

හප්පටසිරි සර්........!!

ඇයි හත් ඉලව්වේ මූ අන්දොස් නොවි තියේවියැ මං පරක්කු වෙච්ච එකට මූ මාත් එක්ක මටම බැන්න එකට...

නෝටියාට හිතුනා මාස 4ක් ෆුල් ටයිම් හා මාස 8ක් පාට් ටයිම් (කැම්පස් සිලෙක්ට් වෙච්ච නිසා ඒකට ආයිබෝං කියන්න උනා නේ...) වෙච්චි ඒ ගුරු ඉතිහාසේ රසබර දේවල් ටිකක් මතක් කරගන්න  ඕනි කියලා... හොද හොද එව්වා ඉස්සරහට ඈ....


19 comments:

  1. ඉතින් මොකද ළමයි ඉන්න තැනටම ගියේ වැඩිවෙන්න .මොනවා උනත් ඒ ළමයිනට ලජ්ජා හිතෙන්න ඇති නේද?.

    ReplyDelete
  2. එළ සීන් එක මචං,මමත් කාලයක් ගංගාරාමේ හඩ්වෙයා ක්ලාස් එකක් කරා,හප්පේ ඒ ඇට්ටරයො එක්ක කරපු දේවල්,මුල්ම දවසේ සිගරට් එක මගෙන් පත්තු කරගත්තේ එකෙක්,මූටත් උනේ ඔය ඉස්සරහ පේලියේ කොල්ලට වෙච්ච දේ..වෙලාවට කෙල්ලෝ හිටියේ නෑ,ඔක්කොම ඇට්ටරයෝ ටිකක්.....

    ReplyDelete
  3. මම මේ අහන්නමයි උන්නෙ කව්ද අප්පේ මේ නෝටි.... ෆැකල්ටි එකෙ පාවිච්චි උන නමක්ය...

    ReplyDelete
  4. appa noughtita wena dewal
    -prasanna86k-

    ReplyDelete
  5. හි හි.... හැබැයි එකත් හොඳ වැඩේ... තමන් ගැන අනිත් අයගෙන් පොඩි අදහසක් ගන්න එක.. :P
    ඉන්ස්ටිටියුට් එකේ නමත් කියමු නෝටි අයියා....

    ReplyDelete
  6. @ අසරණයා
    නෝටිට නිකං කණාවට වගේ හිතුනා මුං අස්සේම ගිහිල්ලා ලැග්ගොත් මුංගේ කියන එව්වා දැනගන්න පුලුවන් නේද කියලා... ඒකට අර රෙසෙප්ෂන් ලමිස්සිගේ කිරියාවත් බලපෑවා...

    ReplyDelete
  7. @ සජීව විජේවීර
    Thanks විජේ

    ReplyDelete
  8. @ සජීව විජේවීර
    Thanx විජේ

    ReplyDelete
  9. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    සර්ව ක්ලාස් එකේදි දැක්කම මෑන්ස්ට දුම පිටවෙන්න ඇති...

    ReplyDelete
  10. @ ෴෴සිහින කොදෙව්ව෴෴
    නෝටි තමයි නෝටි... ෆැකල්ටියේ කාඩ් එක නෝටි නෙමෙයි...ඒ කාඩ් එක කිවොත් පටි 7ම රෝල්...ඒ තරම් ලස්සන නමක් අපේ ජේෂ්ඨ උත්තමයෝ නෝටිට දැම්මෙ...

    ReplyDelete
  11. @ -prasanna86k-
    ලබා උපන් හැට්යට නේ බබා වැනෙන්නේ...

    ReplyDelete
  12. @ Ice (අයේෂා කුලතුංග)
    අනිවා...ඒක් ඒ වෙලාවෙ නෝටිට අර මොකාටද වගේ තේරුණා...
    එහෙම ඒ ආයතනයේ නම කියන්න හොදද මන්දා... අගනුවර තියන පුරසිද්ධ පරිගණක පාසලක් ඔන්න.
    සමහර විට අයිස් දන්නවත් ඇති...

    ReplyDelete
  13. ගුරුවරයෙක් වෙන එකත් පට්ටම වැඩක්. සමහරු හිතන තරම් ඒක බෝරින් නැහැ. සුපිරියි :)

    ReplyDelete
  14. නෝටියෝ මමත් මේ එකම ආයතනයේ ගුරු චරිතයයි ගෝල චරිතයයි දෙකම රඟපාන එකෙක්.. ඒකනම් මාරම ආතල් තමා. හැබැයි කණගාටුව අපේ ආයතනයේ ඔය වගේ ඉටිකිරිස් එකක් නැති එක

    ReplyDelete
  15. @ Hasitha
    අනිවා.... කෙනෙක්ට දෙයක් කියල දෙන ඒක බෝරිං වැඩක වෙන්නේ නැ බන්.
    හැබය් බෝරිං වෙන වෙලාවලුත් නැත්තේම නැහැ.

    ReplyDelete
  16. @ lahirucc
    ආ..... එහෙනම් ඒකෙ තියන කික් ඒක අමුතුවෙන් කියන්න ඕනි නැ එහෙනම්. සිරාවටම එහෙම වෙනකොට අමුතු කික් එකක් හිතට දැනෙනවා.

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...