Pages

Wednesday, December 7, 2011

මනමාලිගේ තාත්තා... (What a F*** off man..!)


ඔන්න යාලූවනේ බ්ලොග් ලෝකේ IRC වැඩයි බ්ලොග් පොස්ට් වලට වැටෙන අසැබි කමෙන්ට් නිසායි ලියන්න පමා වෙලා තිබුණු මගේ ලිවිල්ල ආයේ පටාං ගන්නයි හදන්නේ... ඔන්න අද මේ ලියන්න හදන්නේ මේ ලගකදි සෙට් කරපු බුලක් (නෝටි වැඩක්) ගැන


මේ කතාව සුට්ටක් විතර 18+.. එත් එහෙම 18+ වෙන්නෙත් නෑ...


ඔන්න නෝටි ගියානේ නෝටිගේ ගෙවල් ලග යාලුවෙක් එක්ක මනමාලියෙක් බලන්න. මනමාලියෙක් කිව්වට මේ මෑන්ස් යාලූ කෙල්ලගේ ගෙදර තමයි ගියේ. අපි යාලූවො 3යි ( අපි යාලුවෝ 3 ගියා කියන්නේ මනමාලිගේ ගෙදර අයට අබ සරණයි තමයි. මනමාලිගේ නංගි එළිය ආවෙ නෑ බොල අපි යනකම්... ) මැන්ස්ගේ පෙයරන්ට්ස් ලයි තමයි ගියේ.  ඕං දැන් සෙට් එකම මනමාලිගේ ගෙදර. උදේටත් කාලා එහෙම දැන් අපි යාලූවෝ සෙට් එක එළි පහලියට බැහැලා කයියක් එහෙම දාගෙන ඉන්නාවා. ඔය අතරේ තමයි නෝටිට ඒ කුජිත සිතිවිල්ල පහල උනේ. කුපාඩි වැඩක් නොකර ඉන්නේ කෝමද අප්පා ඔය වගේ දවසකත්...... ගත්තා කෝල් එකක් මනමාලිගේ ගෙදර ලෑං පෝං එකට.....  ඕං රිංග් වෙනවා...



Hello..w…! Who’s speaking there?
Ya… Good Morning too, Santa Clause here..! are you seen my reindeer..?
What…? What a F****** off man..!
නෑ මම මේ නත්තල් පප්පා කතා කරන්නේ... මගේ පිණි මුවා දැක්කද...?
පණි මුවා..... අනේ මේ.... %$#^$%&$^#$@&%#^&*%#^*


කව්ද අප්පා දන්නේ මනමාලිගේ තාත්තා මේ තරම් බැස්ටිය කියලා. මොනවා උනත් එක දෙයක් බුදු ෂුවර්. කෝල් එක ගත්තේ නෝටි කියලා දන්නවා නම් මගුල එතනම හබක්. නයිට් එකක් එතනම ෂුවර්.




ඔයාලත් ඇවිදින සැන්ටා කෙනෙක් ඔයාලගේ බ්ලොග් එකට දාගන්න ආස නම් ඔන්න පහල තියනවා කෝඩ් එක.
<marquee behavior="scroll" direction="left"><img src="http://3.bp.blogspot.com/-n-5blBL6l80/Tt7UwXFuNiI/AAAAAAAAAKg/DWoLmJDSOSk/s1600/santa+claus+feliz+navidad+merry+christmas+3d+gif+animation+blog+.gif" width="44" height="53"/></marquee>

32 comments:

  1. බුලක් යනු කිම?

    ReplyDelete
  2. හිහ් හොද වැඩේ කරපු වැඩේ අහු උනා එහෙම නම්.

    ReplyDelete
  3. අනේ අනේ මගේ නෝටියෝ.ඔයා නම් කවදාවත් හැදෙන දගයෙක් නෙමෙයි.

    ReplyDelete
  4. අළුගුත්තේරු වැඩක් නේ කරලා තියෙන්නේ...තව පොඩ්ඩෙන් පිණි මුවා පෙන්නනවා අර බුවා....

    ReplyDelete
  5. මාට්ටු වුනානම් හොඳ පිණි මුවෙක් බලාගන්න තිබ්බා :P

    ReplyDelete
  6. මාමණ්ඩිව ඉන්ටර්විව් කරල වගේ නේ..

    ReplyDelete
  7. හික් හික් හික් ,, මාමණ්ඩිය සිරා පොරක් නේ බන් ,,

    ReplyDelete
  8. @නදී
    බුල කියන එක විවිධ තේරුම්දෙන ඉලංදාරි ශබ්ධකෝෂයේ වචනයකි. මෙම කතාවේදී සදහන් කල ආකාරයට නරක(නෝටි) වැඩකි. නමුත් වැඩිවශයෙන්ම බුල යන්න භාවිතා වන්නේ පිස්සු එසේත් නැතිනම් මොංගල් යන තේරුමෙනි. බුලකෙලිනවා යන්න පිස්සුකෙලිනවා යන්නට සමානවේ. මෙය විවිධ පළාත්වල මද වෙනස්කම් ඇතිව තිබියහැකිය.

    ReplyDelete
  9. බුල් ගහනවා, බුලක් ගහනවා, බුල් කෙලිනවා, යන යෙදුම් වල ආරම්භය යුද හමුදාවේ දෙයක්. වෙඩි තැබීම් පුහුණුවේදී ඉලක්ක පත හෙවත්, වෙඩි වදින තලය හෙවත්, ටාගට් එකේ තියෙන්නේ, මැද කළු අඩ කවයක් එයින් පිටත තවත් කව දෙකක්. මැද ඇති කළු පැහැති අඩ කවයට වෙඩි තැබීම දක්ෂකමයි. එම අඩ කවය හඳුන්වන්නේ 'බුල්' කියලා. ඊළඟ කවය 'ඉනර්' ඊට පිටතින් තියන කවය 'මැගී'. එයිනුත් පිටත් ගියොත් එය 'අවුට්' වෙඩි පහරක් අවුට් ගියා කියන්නේ ඒ කාලේදී තිබුන .303 වර්ගයේ රයිෆලය සුද්ද කරන යකඩ කම්බියෙන් පස්ස පැත්ත හරහා හොඳ පාරක් ලැබීමයි පුහුණු උපදේශකගෙන්. වෙඩි තැබීමේදී බුල් එකක් ගැසීම දක්ෂ කමක් වුනත් යුද හමුදාවේ සාමාන්‍ය කතාබහේදී බුල් ගහනවා, බුලක් ගහනවා, බුල් කෙලිනවා, යන යෙදුම් වල තේරුම වන්නේ 'මහා ගොන් වැඩක් කරා' යන තේරුමයි. "Commander"

    ReplyDelete
  10. මේ ගොල්ල එක්ක මනමාලියෝ බලන්න යන අයට බුදු සරණයි!!

    ReplyDelete
  11. තව ටිකෙන් මගුලට ෂොට් එක දෙනවා නේද උඹ.

    ReplyDelete
  12. තෑන්ක්ස් මමත් නත්තල් සීය දාගත්තා..

    ReplyDelete
  13. හිකිස්‌...මේ වගේ යාළුවො එක්ක මනමාලිලා බලන්න යනවට වඩා හොඳයි හඳ පානේ පැනල යන එක

    අපේ යාළුවෙක් ඔහොම ආතල් එකක් ගන්න රැන්ඩම් නම්බරේකට කෝල් කරලා කිව්වලු "මම මේ පන්සලෙන් හාමුදුරුවෝ කතා කරන්නේ, අපේ මුවා ඔය පැත්තේ ආවද?" කියලා. නරක වෙලාවට අර ගෙදර CLI තිබිලා. ටික වෙලාවකින් යාළුවට කෝල් එකක් එනවලු "මම මේ මුවා කතා කරන්නේ, හාමුදුරුවෝ ඇහුවොත් දැක්කේ නෑ කියන්න" කියලා...අන්තිමට යාළුවට ඇනයක් වෙන මට්ටමට දුර ගිහින් ඒක...

    ReplyDelete
  14. අපොයි.... මේ මගුල් කපුවොත් එක්ක යන උදවියට අබ සරණයි.. :P

    ReplyDelete
  15. @ නදී
    එය පහලින් කමාන්ඩර් ඇනෝ විසින් ලෙසටම අරුත් ගන්වා ඇත

    ReplyDelete
  16. @ නදී
    අහු උනා නම් එහෙම තාම නෝටියා යාලූවගේ තේ මණ්ඩි... නෑ... නෑ මාමන්ඩි ගෙන් කනවා අමර කැමක්

    ReplyDelete
  17. @ සුදු මැණිකේ ගේ සංකල්පනා
    ඇයි සුදු මැණිකේ... දග වැඩ කලාට නෝටියා නරක නෑ නෝටිච්චියේ...

    ReplyDelete
  18. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    ආයෙත් අහලා..

    ReplyDelete
  19. @ තාරක Dilsh@n
    ආයෙත් අහලා..

    ReplyDelete
  20. @ පිණිබිඳු...
    අනිවා... ලෙසටම කොලා...

    ReplyDelete
  21. @ ගින්නා
    සිරා පොරක් කියන්නේ කියලා වැඩක් නෑ...

    ReplyDelete
  22. @ Dinesh
    පිස්සු හැදෙයි කිව්වලූ

    ReplyDelete
  23. @ Kasun
    හෙහ් එහෙම කොරනවද බන් එක කුස උපන් යාලූවට... අපි ට‍්‍රයි කලේ කෙල්ලවත් එදාම කැන්දන් එන්න

    ReplyDelete
  24. @ සයුරි
    හදපානේ ගියත් අපිත් මෑන්ස් එක්කම තමයි.. හික්ස්

    මම හිතන්නේ ඒකට කියන්නේ ඉල්ලං කෑම කියලා...

    ReplyDelete
  25. @ Ice (අයේෂා කුලතුංග)
    අනිවා... තව ටිකක් හිටියා නම් මනමාලිවත් කැන්දන්ම එනවා...

    ReplyDelete
  26. නෝටි උනත් නයිස් නෝටියා ;)

    ReplyDelete
  27. @ ශානු
    අනිවා... නෝටි උනත් නයිස් නෝටියා ;)

    ReplyDelete
  28. ඕකට කියන්නේ ජම්මෙට වඩා කුප්ප කම ලොකුයි කියලා නෙව.

    ReplyDelete
  29. ඕකට කියන්නේ ජම්මෙට වඩා කුප්ප කම ලොකුයි කියලා නෙව.

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...