Pages

Monday, January 16, 2012

හබිය vs ස්වීටි

මේක ඇවිල්ල නොටිය ටික කාලෙකට කලින් දාන්න හිටපු පොස්ට් එකක්. මේකයි සීන් එක. ටිකක් රසවත් එකක්. ඒ තමයි අපේ ගෙවල් දොරවල් වල සුවාමි පුරුසයටයි බිරින්දෙටයි ආමන්ත්‍රණය කරන සුන්දර වචන

සුවාමි පුරුසයට මුලින්ම බලමු...

  • අපේ එක්කෙනා...
  • ඒයි... (මල පැනල කතා කරනක්ප්ට ඕයි කියල වෙනස් වෙනවා.)
  • අපේ මහත්තය...
  • දරුවන්ගේ තාත්ත...
  • හබිය (ටිකක් පොස් විදියට)
  • සුදු මහත්තය
  • රාලහාමි
  • ටුටූ
  • බබා


ගෑණු මනුස්සයට කියන එව්වා බලමුකෝ...

  • දරුවන්ගේ අම්ම...
  • අපේ එක්කෙනා...
  • අපේ උන්ද...
  • සුකිරි බොලේ (ටිකක් බැටර පාර ගැන වෙලාවට)
  • සුදු නෝනා
  • මැණිකේ
  • මල හොන්තුව... (මල පැන්නහම කියනවලු..)
  • බබී
  • ස්වීටි  (පොස් විදියට)

ඔන්න ඔය විදියට තමයි නොටියට මටක් උනේ.... මොකද කියන්නේ... තව එව්වා දන්නවනම් කියමුකො බලන්ට.

අද මගේ සුපුන්චාගේ උපන් දිනේ.... ඔන්න ගිහින්ම බලන්ටකෝ... (ඔවු! ඔවු!! නෝටිච්චි තමයි බං)

13 comments:

  1. ස්වාමි පුරුසයට මුලින්ම බලමු...

    නෝටියා
    සිතූ :)
    දගය
    නපුර
    කිරි බන්ඩියා
    රත්නේ
    චූටි
    රත්තරං

    ගෑණු මනුස්සයට කියන එව්වා බලමුකෝ...

    සුදු මැණික
    අම්මි
    පිස්සු කෝච්චිය
    සද
    මුතූ
    කුසූ :)

    ReplyDelete
    Replies
    1. හී හී ඔය තියෙන්නේ ලෙසටම... එළ එළ සැමෝ...

      Delete
  2. හනේ මාත් ඔහොම දහස් වරක් පොරොන්දු වෙලා තියනවා නොටියෝ අපේ උන්දැට. මම මීට පස්සේ නරක වචන වලින් කතා කරන්නේ නැහැ කියලා.
    පෙරේදා මම යාලුවෙකුගේ ගෙදර ගිහින් කන සාක්කුවේ දාගෙන ආවේ. ඒ වුනාට එයා මට වචනයක්වත් කිව්වේ නැහැ. මේ දවස්වල සීතලයිනෙ. වතුර උනුකරලා, මූනකට හෝදගන්න දීලා, උණුවෙන් බත් කන්නත් දුන්නා මතකයි.
    පාන්දර මාර හීතලේ මට ඇහැරුනා. බැලින්නම් මගේ උඩුකයේ ඇඳුමක් නැහැ. අපේ උන්දා හොඳට පොරවාගෙන බුදි. මම එයාට කතාකලා, 'ප්‍රේ. . . . . .මිය . . . . .' එයා උත්තර දුන්නා, 'ඇයි මගේ පෙම්වත. . . . . . .'
    යකෝ එතකොට තමයි දැක්කේ මගේ සරමත් නැති බව. ඒකනේ මේ හීතල. ඉතින් මම ඇහුවා 'කෝ හු . . . . . යේ මගේ සරම'.
    ඔන්න අපේ ප්‍රේමය.

    ReplyDelete
    Replies
    1. හී හී.... එළ එළ...
      ආ බං ඇනෝ..එතකොටෝ උබ රෑ එලි වෙනකම් දොයියගෙන තියෙන්නේ සංසර පාත්තරේ එළියේ දාගෙනද බන්ස්..ෆුල් ඒ.සී තියෙන්න ඇති නේද?

      Delete
  3. ඇයි ආදරෙන් ඉන්න වෙලාවට "මල" මල පැන්නාම "මල යක්ෂණී"
    හි හි දැන් කොයි විදියටද නෝටිච්චි කතා කරන්නම් කියන්නේ.....

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙයි...
      මොකවත් නෑ ආයේ බටර් කම්පනියක්ම දානවා...කවමදාවත් මගේ පිස්සා කියල කියන්නෑ... පිස්සු පැටියා කියල විතරයි කියන්නේ...
      ඒ හැරුනම ඉතින් නෝටියා තමයි..

      Delete
  4. ලිස්ට් එකක්ම තියෙනවා පස්සේ කියන්නං....

    ReplyDelete
    Replies
    1. අඩඩා...
      ඒ කියන්නේ පොස්ට් එකක්ම ලියවෙයි වගේ...
      විල් සී....

      Delete
  5. ආහ්... මේකෙනෙ සුපුන්චා කවුද කියලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හී...හී...
      සූපුංචා... මගේ සූ..පුංචා...
      මගේ වෙන්න ගෙදර එක්කෙනා තමයි සූපුංචා

      Delete
  6. අයියෝ තමුසෙ මල වාතයක් ඕයි. ඔන්න සුන්දරම ආමන්ත්‍රණ.

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි කිවුවලු...
      කියලා වැඩක් නෑ සෙනෙහස උතුරනවා...

      Delete
  7. මේකට ප්‍රතිචාර දක්වන්න ගියොත් අද ගෙදර උන්දැගෙන් හොද හොද ඒව අහගන්න වේවි.

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...