Pages

Monday, July 23, 2012

අමතක වෙන අමරේ ( එහෙනම් ප* ද ඕයි මෙතන තියල ගියේ..?)

ඔන්න කිව්වා වගේම ගාමන්ට් පැට්ටේරියේ ඊළඟ කතාන්දරය. ඔය පැට්ටේරියේ හිටියා අමරසිංහ කියලා ටිකක් වයසක මනුසප්පයෙක්. මිනිහට කවුරුත් කිවේ අමරේ මාමා කියල. මිනිහට නප්පියට තද වෙනවා කවුරු හරි "අමරේ ප* ද ඕයි තිබ්බේ" කියලා ඇහුවාම.


සීන් එක මොකක්ද කියලා අපේ ගමයා අයියා කිවේ මෙන්න මෙහෙම.


මචං අපේ අමරේට හිටපු ගමන් පොඩ්ඩක් නට්.සමහර වෙලාවට ඌ කාලේ මොකක්ද කියලා ඌට අමතකයි.දවසක් ෆැක්ටරි එකේ සැලරි පොඩි කේස් එකක් ඇවිත් accounting section එකේ files වගයක් ෆැක්ටරි මැනා අමරේට කියලා ගෙන්න ගෙන තියනවා...


ටික වේලකට පස්සේ අමරෙයා ඉන්නවලු නිකන් ගල උඩ රීපු පූසා වගේ මැනා ගේ රූම් එකේ.මැනා මේකා එතනට වෙලා ඉඳපු නිසා අහලා තියනවා "මොකද අයිසේ මෙතනට වෙලා කරන්නේ, තමුසේට වැඩ නැද්ද?"කියලා. මූ කියනවලු එතකොට "සර් මට ගෙන්න කියාපු පයිල් එක නෑ නේ"කියලා.


ෆැක්ට්‍රි මැනා ට තද වෙච්ච් පාර මුහෙන් අහලා "එහෙනම් ඕයි තමුසේ දැන් ප* ද මෙතන තියලා ගියේ" කියලා. ඒ වෙලාවේ ඔෆිස් එකේ ඉඳපු "මුවා" ලස්සනට රොයිටර් පාර දීල තියනවා.


ඉතිං එදා ඉඳං අමරේගෙන් "අමරේ මොකක්ද බං තිබ්බේ..?" කියලා කවුරුහරි ඇහුවොත්,
තත්ත්වය ශෝචනීයයි..!

14 comments:

  1. තත්වය සෝචනීය නොවී තියෙයි යෑ බන් !!!

    ReplyDelete
  2. අපොයි මෙහෙමත් අමතක වීම්... :D

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නිසූ අමරේ අංකල්ගේ අනන්‍යතාවය

      Delete
  3. මට මතක්වුනේ ඇම්ඩන්ගෙ "වහලෙ දුවන්නෙ ....ද" කියන කතාව.

    ReplyDelete
    Replies
    1. සික්.. රාජ් නෝටි වෙලා...

      Delete
  4. Replies
    1. ඔවු මචන්... ඔය වගේ තැන් වල ඉන්න ගොඩක් උන් හිතන ඉන්නේ වැඩ කරන උන් අත පල්ලෙන් වැටිලා කියලා

      Delete
  5. මෙයාගේ නම නොටි කියලා දාගත්ත එකම හොදයි :ඩී

    ReplyDelete
    Replies
    1. හී හී...
      ඒකනේ...මගේ සුපුන්චත් කියනවා ඒක නම් මේ බ්ලොග් ඒක දැකලා...

      Delete
  6. Replies
    1. හික් හික් හික් හික්....!

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...