Pages

Sunday, August 5, 2012

අතීතාවර්ජනය II - පුලුවන්ද සෝදන්න ටොයිලට්, ආදරේ කරන කෙල්ල වෙනුවෙන් (එදා වගේම මට අදටත් සතුටුයි)

ඔන්න අතීතාවර්ජනය දෙවෙනි පොස්ට් එකත් ලියන්නයි හදන්නේ.හරියටම මමයි නෝටිච්චියි යාලු වෙලා මාස 8කට විතර පස්සේ.

සැ.යු : මේ පෝස්ට් එක 100% ආත්ම කථනයක් බව සලකන්න

ඒ දවස් වල ජීවිතේ ගොඩාරියක් ලොකු ප්‍රශ්න තිබුනා.
(එව්වා කියන්න ගියොත් නෝටියා ආයෙම අවුල් වෙයි කියලා හිතෙන නිසා එව්වා මතක් කරන්නේ නෑ.පස්සේ හෙමීට ලියනවා පුළුවන් උනොත්)

ඔය ප්‍රශ්න අතරේ වෙච්චි ලොකුම ප්‍රශ්නේ තමයි මගේ නෝටිච්චි අසනීප වෙච්ච එක.කළුබෝවිල හොස්පිට්ල් එකේ සති දෙකක් විතර නැවතිලා ඉන්න උනා. ඒ කලේ නෝටියා ජොබ් එකක් කලේ නෑ. ට්‍රේනින් හිටපු තැනින් අයින් වෙලා හිටියේ. ඒ විතරක් නෙවෙයි නෝටිච්චිගේ මවුතුමිය අපේ සම්බන්දෙට තදින්ම විරුද්ධව හිටියේ. (නෝටි තමයි ඒ පවුලට ජෝයින් වෙන්න ඉන්න නරකම බෑණා - හිකිස් නේද :ඩී)

හරි..ඒ ඇති කතාව කියන්න....

නෝටිච්චි අසනීප උනේ, හොස්පිටලයිස් කරන්න උනේ නෝටි නිසා කියලයි නෝටිච්චිගේ මවුතුමිය හිතුවේ. ඒ සිතිවිල්ල නිසා නෝටිච්චි හොස්පිටලයිස් කරලා සතියකටත් වඩා කාලයක් යනකම් නෝටිච්චිගේ මවුතුමිය ආවේ නෑ නෝටිච්චිව බලන්න. ඉතිං මගේ කෙල්ල ඒ ගැන ගොඩක් ලොකු දුකකින් හිටියේ.නෝටිච්චිගේ අක්කයි, නෝටියි තමයි කෙල්ලගේ හෙවනැල්ල වගේ හිටියේ.

ඉතිං ලේඩීස් වෝඩ් එකක පිරිමි අයට නිතරම, රෑට ඉන්න දෙන්නේ නැති නිසා නෝටියට සිද්ධ උන්නා හවසට ගෙදර ගිහින් අනික් දවසේ උදේ පාන්දරින්ම එන්න. ඒක නම් නෝටියට්ට අවුලක් උනේ නෑ. ඒත් අවුලක් වෙච්ච තැනක් තිබ්බා.දවස් දෙක තුනක් යනකොට නෝටියා අතේ තිබුන සල්ලි ඉවර උනා.

ඒ වෙලාවේ කාගෙන් හරි ඉල්ලා ගන්න විදියක් නොතිබුනත් නෝටිගේ අම්මිගෙන් ඉල්ලා ගන්න තිබුනා.ඒත් යාලු වෙලා ඉන්න කෙල්ල බලන්ට යන්න අම්මිගෙන් සල්ලි ඉල්ලන්න නෝටියගේ දිව නැමුණේ නෑ. එහෙමයි කියලා කෙල්ල තනි කරන්නත් බෑ.

කලින් සැරේක වගේ නෝටියා ගත්තා ඒ තීරණේ. දෙහිවලට කිට්ටුව තිබුන සයිට් එකක අත්වැඩ දෙන්න ගියා.දවල් වරුවේ නෝටිච්චි ළඟ ඉඳලා හවස 7.30 ඉඳන් රෑ 2.30 විතර වෙනකම් වැඩ කලා සයිට් එකේ. ඒකෙන් උපයා ගත්ත මුදල ප්‍රමාණවත් උනා වියදමට. ඒ වගේම මගේ කෙල්ලට වගේම අක්කටත් මම ඒ කරන හැම දෙයක්ම වසන් කරන්න මට ගොඩක් වෙහෙසෙන්න උනා.


දවසක්  මම සයිට් එකට යනකොට සයිට් එකේ හෙඩ් බාස් ඉන්න උන්ට අම්මමෝ නැතුව බනිනවා. කවුරු හරි එකෙක් ටොයිලට් එක පාවිච්චි කරලා ඒක හරියට ෆ්ලෂ් කරන්නේ නැතිව ගිහින්.ඉන්න උන්ට කියනවා ටොයිලට් ඒක සුද්ධ කරන්න.ඒත් ඒ කීම එකෙක් වත් නෙවෙයි ගණන් ගත්තේ."අපිරිසිදු කල එකාම සොදපන් කියලා හැමෝම මග හැරිලා" හිටියේ. ඔය අතරේ තමයි හෙඩ් බාස් මාව දකින්නේ.


"උඹට රුපියල් 500ක් වැඩියෙන් දෙන්නම්, මේක සුද්ද කරලා දාපන්."

ඔව් යාලුවනේ,
නෝටියා ඒ අපිරිසිදු ටොයිලට් එක සුද්ධ කලා.
කෙනෙක්ට හිතෙන්න පුළුවන් උඹ 500ට පෙරේත වෙලා අනුන් රීපු බොක වල සුද්ධ කලා කියලා.

ඒත් ඒක කල නිසා පහුවෙනිදා මට මගේ කෙල්ලට ඒකි ආසා දොඩම් ගෙඩි ටිකකුයි චීස් බිස්කට් එකකුයි ගෙනියන්ට පුළුවන් උනා.


33 comments:

  1. godak duka hithena kathawak ayya meka....aththatama ayya wage kenek labanna naughtichchi akka godak wasanawantha wenna one.oyala wage aya me samajaye godak adui ayya.oyala dennata hamadatama sathutin inna labewa kiyala prarthana karanawa!!!

    ReplyDelete
  2. පිස්සු හැදෙනවානෙ බන්.. මට නම් හිතාගන්නත් බෑ..

    ReplyDelete
    Replies
    1. හිතා ගන්න බැරි ගොඩක් ඩෙවල් ජීවිත වල සිද්ධ වෙනවා හරී.
      ඔයිට වඩා දෙයක් උනත් කරන්න හිතේ හයිය තියනවා බං.ඒ වගේම දෙවියන් වහ්සේගේ රැකවරණයයි, බුදුන්ගේ දර්ශනයයි මම විශ්වාස කරනවා.

      Delete
  3. උඹ නෝටි නෑ බං. ඒකෙ අනිත් පැත්ත. මම ඉහලින්ම අගයකරන ගුණය අනිත් කාටවත් නය නොවී තමන්ගෙ ප්‍රශ්නෙ විසඳගන්න කට්ට කන එක.
    මේ salute එක උඹටයි නෝටි!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  4. :'( :'( මොකද මේකට නෝටි කියල දාගත්තේ?
    මෙහෙම කොල්ලො ඉන්නවද කියල මට නම් හිතාගන්නටත් බැරිය................
    ඔබට ජය සහෝ!

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ..
      සිරාවටම මම මගේ කෙල්ලට ගොඩක් ආදරෙයි

      Delete
  5. කොල්ලෙක් ඉතිං කෙල්ල වෙනුවෙං නොකරන්නේ මොනාද????
    මගේ යාළුවෙක් හිටියා ඌ කෙල්ලට ෆෝන් එකක් අරං දෙන්න මාස දෙකක් ක්ලාස් එකේ ඉන්ටවල් එකේදි කන්නැතුව සල්ලි එකතු කරා..
    ඇඩෙනවා තනි ඇහැට..

    ReplyDelete
    Replies
    1. අනිවා මචං අනිවා..
      උඹේ යාළුවා ෆෝන් එකක් අරන් දෙන්න නොකා සල්ලි එකතු කලා. මම මගේ කෙල්ලව සනීප කරගන්න වැඩ කලා... :)

      Delete
  6. mehema duk widina kollo wagema meeta wada duk widina kollo innawa. et hamoma eka kiyanne na. thaniyama duka daragena e labena deyin sathutu wenawa. et ehema adare karala e kella kollawa daala giya welawata hithata ena hageema wisthara karanna wachana na. eka gana kiyanna ba. e hageema danenna ona. ubata jaya machan .......

    www.nasaraniya.blogspot.com

    ReplyDelete
  7. එල නෝටි .... hats off ...

    ReplyDelete
  8. එළ කොල්ලෙක්නේ.....කව්ද බං උඹට නෝටී කියන්නේ...

    ReplyDelete
    Replies
    1. නොටිච්චි ම තමයි නෝටියා කියල කියන්නේ.
      :)

      Delete
  9. නෝටි උඹ අදහන්න වටින චරිතයක්... මීට කලින් දැක්ක ලව් ලෙටර් කේස් එකෙත් උඹ වැඩකරපු හැටි කියලා තිබ්බා මට මතකයි.හැමදේම හොඳින්ම හරියන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... උඹ වගේ කට්ටියට කවදාවත් වරදින්නේ නෑ...ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මචං.
      නෝටි කියන එකා මොන තරම් කුප්ප කුජීත වැඩ කලත් මේ වගේ වේලාවන් වලදී එහෙම නෑ බං.
      නෝටි කියන එකා ආදරේට හදවතින්ම ආදරෙයි. මේ ජීවත් වෙච්ච අවුරුදු 25ක කාලේ වගේම ඉදිරියට ජීවත් වෙන කාලෙත් එහෙම්ම වෙයි මචං
      ආදරේ කියන දේ වටිනාකම තේරෙනවා හැමෝගෙන්ම ඈත් වෙලා දුර රටක ඉන්නකොට හොඳටම.

      Delete
  10. hindi film ekakata vada lassanai oyage kathava

    ReplyDelete
    Replies
    1. oops..!
      ගොඩක් හැල හැප්පීම් වලට මූණ දෙන්න උනා.තවමත් එහෙමයි.මෙහෙම වෙනකොට ජීවිතේ ගොඩක් ආසයි.ජීවිතේ ජීවත් වෙනවා කියලා තේරෙන්නේ මෙහෙම දේවල් වෙනකට

      Delete
    2. oops ...
      non una storia falsa. e la mia dolce ricordo. mi piace e mi piace.! :)

      Delete
  11. උබ පට්ට කොල්ලෙක් මචං නොටි,
    නොටිච්චි සිරා වාසනාවන්ත කෙල්ලෙක්.
    මඩයට මඩවති සෙට් වෙන්නෙත් නොටිට නොටිච්චි සෙට් උන කාලෙ කිට්ටුවමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු මචං..
      අඩේ එහෙමද.එල හොදේ. මුල් අවුරුදු සංවත්සරේ සමරන්ට ඇති මයේ හිතේ...

      Delete
  12. ආදරේ වෙනුවෙන් කරපු කැපකිරීම් ඒ වෙලාවටත් සොඳුරු දෙයක් අනාගතේදී සොඳුරු මතකක්.. විශිෂ්ටයි අයිය... නෝටි වගේම මල්ලි කෙනෙකුත් ඉන්නවා.. ඒත් කෝ නෝටිච්චිල වගේ අය නෑනේ

    ReplyDelete
    Replies
    1. /*ආදරේ වෙනුවෙන් කරපු කැපකිරීම් ඒ වෙලාවටත් සොඳුරු දෙයක් අනාගතේදී සොඳුරු මතකක්..*/
      අනිවාරියෙන්ම මචං.

      Delete
  13. ඔයා නම් නියම ස්වීට් නොටි කොල්ලෙක්, තමන්ගෙ කෙල්ල වෙනුවෙන් ටොයිලට් නෙවෙයි පනවුනත් දෙන කොල්ලො ලංකාවේ ඉන්නව, (එ වගෙම කොලු වෙශයෙන් ඉන්න නරකාදියොත් ඉන්නව) එ අතරේ ඔයානම් නියම නොටි කොල්ලෙක් "නොටි වුනත් නයිස්" මගේ සුභාශින්ශන

    ReplyDelete
  14. කියන්න වචන නැහැ අයියේ උඹ නම් එළකිරි පොරක්

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම ජීවත් වෙන්නේ නෑනේ මචං. ඉන්න ටික කාලේ සතුටෙන්,අවංකව ජීවත් වෙන්න ආසයි බං.

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...