Pages

Tuesday, October 25, 2011

ඔබ සමගින්මයි




මේක තමයි දවස...
මේක තමයි විශේෂිම දවස..
නුඹට...
දීපාවලී....
ගනේෂ් දේවේන්ද්‍රයන් ඔබ සමගින්මයි...

සුභ දීපාවලි දිනයක් වේවා...!


இந்த ஒரு நாள் உள்ளது ...
இது ஒரு மிக மிக சிறப்பான நாள் உள்ளது ...
நீங்கள்

கோயிலில் ஆசீர்வாதம் தீபாவளி அன்று நீங்கள்இருக்கலாம் ...
எப்போதும் நீங்கள் லார்ட் கணேஷ் ...

ஹேப்பி தீபாவளி ..!


Friday, October 21, 2011

හප්පට සිරි තාත්තේ...



ඔන්න මේ කතා දෙකේම කථානායකයා අපේ චූටි මාමාගේ පුතන්ඩියා'

කොල්ලට තාම වයස අවුරුදු 4ක් පහු උනා විතරයි වගේ''' මේකා පුතණ්ඩියා කිවට මේකා ඇවිල්ලා අපේ චූටි මාමාගේ අප්පොච්චී''' පුතණ්ඩියා ලොකු වෙනකොට චූටි මාමාගේ රැවුල් ගහෙන් ගහ ගලවනවා ආයේ ඒකේ හෝදන්න දෙයක් නෑ''' ඒකාගේ විසෙයි දාංගලෙයි ගැන කියලා වැඩක් නෑ' ^නෝටිගේ රෙකෝඞ් මූ ලොකුවෙනකොට කඩනවා බුදු ෂුවර්&

මේකයි කතන්දරේ'''

ඔන්න කොල්ලගේ උපන්දිනේ දවසේ කොල්ලව පන්සල් එක්ක ගිහින්' බුදුන් වැදලා දේවාලෙටත් ගිහින්' කොල්ලා දේවාලෙට එක්ක ගිහින් එතන කපු උන්නැහේ පුජාව කරකොට අර තිර රෙද්දකින් ආවරණය වෙලා තිබ්බ දේව පිළිමේ කපු ලොක්කා අතින් එහාට උනාලූ' මේක දැකපු අපේ ලොක්කා කියනවාලූ'''

හප්පට සිරි තාත්තේ''' දෙවියන් වහන්සේ'''''




---------------------------------------------------



ඔන්න තව දවසක් චුටි මාමා කොල්ලවත් අරගෙන ඉන්ටසිටියක ගමනක් යනවලූ' දගයගෙත් කටේ හැටි දන්න නිසා''''

බස් එකේ යනකොට දග කලොත් කට හපනවා කියලලූ එක්කන් ආවේ'''

බස් එකේ මුංට පිටි පස්සේ සීට් එකේ හිටියේ කපල් එකක්ලූ.අපේ දගයාගේ තියන දග වැඩ නිසා පිටිපස්සේ සීට් එකේ හිටිය කෙල්ලත් පොඞ්ඩා එක්ක විහිලූ කලාලූ''''

එක සැරේම දගයා කියනවලූ මාමට ලවුඞ්ස්පීකර් දාලා''''

තාත්ති''' මේ අක්කිත් දග වැඩ කල නිසාද මේ අයියා අක්කිගේ කට කෑවේ''''@
කියලා'''


Thursday, October 20, 2011

මගුල් විසේ




සිතේ තියන තනිකම දුක් මකන්නට
සිතුනි මෙමට හොද කෙල්ලෙක් සොයන්නට
මෙය මාගේ ගජයා හට කිව් කලට
පහක් දමා සප් එක දෙමි කීය මට

සදලියා හොදයි හුරුබුහුටිය කෙල්ල
සිනහව හොදයි ඇගෙ මිණි කිංකිණි වැන්න
ෆුල් ගට අරන් නෝටියා ගොස් ඇසු කලට
සොරි නෝටියෝ මම එන්ගේජ් කියපි මට

අවුලක් නෑ මුදේ මාලූ තවත් ඇතේ
සිතා හැරුණි සුදු ගංගා වෙතට අනේ
ඇසකුත් ගසා අයි ලවු යු කියු විගසේ
මගුල් විසේ යයි ගස්සා ගියපු රගේ 

අහන අහන හැම එකීම ඔරවන්නේ
නොදකිං මගේ සිකුරත් දැං කිච වෙන්නේ
මෙහෙම ගියොත් නෝටිට මයි කෙලවෙන්නේ
අඬේ සිකුරො කොටපන් කෝ මගෙ ආලේ



ප.ලි
මහ පුදුමයකි හත්වලාමෙ මෙමට සකි
මෙන්න බොලේ දැං නෝටියා කවී ලියති
කවදා කාපු ටකරං දැයි හිත සිතති
කවි හොද නං කොමෙන්ටුවක් දමා යති...



Related Posts Plugin for WordPress, Blogger...