Pages

Saturday, October 8, 2011

පොඩි එකාගේ සොයා ගැනීම



ඔන්න එක ඇමෙරිකන් අම්ම කෙනෙක්, එයාගේ චූටි පුතාව කාර් එකේ තියාගෙනල යාලුවෙක්ගෙ ගෙදර යනවා. යාළුවගේ ගෙදරත් ඔය පොඩි එකාගේ වයසේම චූටි එකෙක් ඉන්නවාග පොඩි උන් දෙන්නව සෙල්ලම් කරන්න දාලාල අම්මලා දෙන්නා ඕපා දූප කතා කරන්නයි යන්නේ...
ගමන යන අතර මගදී පොඩි එකා ප්‍රශ්න පත්තරයක් දානවා අම්මට... දන්නවනේ පොඩි උන්ගේ හැටි...


අම්මේ, අම්මට දැන් වයස කීයද?  8-}
"පුතේ, ගෑණු කෙනෙක්ගෙන් වයස අහන එක බොහොම නරක දෙයක්’
කියලා ඇමෙරිකන් අම්මාල පොඩි එකාට ටිකක් තදින් කියුවා.


ආයෙත් ටික වෙලාවකින් පොඩි එකා ප්‍රශ්නයක් අහනවාල
'අම්මගේ බර කීයද?’ 8-} 
ටිකක මහත දෙහෙත ගෑනු කෙනෙක් වෙච්ච අම්මට දැන් මල පැන ගෙන එනවා...
'පුතාල ඕවා ගෑණු කෙනෙක්ගෙන් අහන්න හොඳ ප්‍රශ්න නෙවෙයි’


මද නිහැඬියාවකින් පස්සේල ආයෙත් ටිකකින් පොඩි එකාගෙන් ප්‍රශ්නයක්,
'අම්ම ඇයි තාත්තාගෙන් ඩිවෝස් උනේ?’ ~x(
'දැන් නම් ඔයා හොඳටම ගානට වැඩියි පුතා. ඔය විකාර අහන එක නවත්තගන්නවා’, අම්මට අසූ හාරදාහට නැගලා ෆයිනල් වෝනින්ග් එක දුන්නා.


පොඩි එකත් බය වෙලාල කට වහ ගත්තාග එත්ල මූට දැන් ප්‍රශ්න කෝටියයිග අහපු ඒවාට උත්තර නැතිව.
ඔන්න ඉතින් යාළුවගේ ගෙදර ගියයි කියමුකෝ.
පොඩි එකාල අනිත් පොඩි එකාට වෙච්ච සිද්ධිය කියුවා.


'අයියෝ... ඕකත් කජ්ජක්ද? මම නම් අපේ අම්ම ගැන ඕවා ඔක්කොම දන්නවා’ අනික් පොඩි එකා පොර ටෝක් එකක් දුන්නා.


'ඒ කොහොමද?’


'මම අපේ අම්මගේ ඩ්‍රයිවින් ලයිසන්ස් එක හොරෙන් අරන් බැලුවා... එකේ ඔය විස්තර ඔක්කොම තියෙනවා. ඒක හරියට ඉස්කෝලේ රිපෝර්ට් කාඩ් එක වගෙයි.


පොඩි එකාටත් හරිම සතුටුයිග අම්මා එහෙ මෙහෙ වෙනකම් ඉඳලල පොඩි එකා අම්මගේ ඩ්‍රයියිවින්ග් ලයිසන්ස් එක උස්සල බැලුවා.


එදා හවසල පොඩි එකා ජයග්‍රාහී විලාසයෙන් අම්මට මෙහෙම කියනවා...


'අම්මගේ වයස මම දන්නවා’
 අම්මා නොන්ඩි හිනාවක් දැම්ම.
'එහෙනම් කියමුකෝ බලන්න කීයද කියලා’
'අම්මගේ වයස දැන් තිස් තුනයි’
අම්මට ටිකක් පුදුමයි...
'කොහොමද පුතා හරියටම ගෙස් කලේ?’ :-o


'හික් හික්ගග අම්මගේ බරත් මම දන්නවා’
'මගේ බර?’
'ඔව්... අම්මා කිලෝ හැට පහක් බරයි’
'කොහෙන්ද පුතා මේවා දැන ගත්තේ?’
අම්මා දැන් ෆුල් හොල්මන් :-o


පොඩි එකා ජයග්‍රාහී තුන් වෙනි වරට තවත් ෆිට් එකේ කියනවා..,
'අම්මා තාත්තාගෙන් ඩිවෝස් උනේ මොකද කියලත් මම දන්නවා’
අම්මගේ ඇස් දෙක උඩ ගියා.
'අම්මා සෙක්ස් ෆේල්. අම්මට සෙක්ස් වලට තියෙන්නේ F එකක්’  =))





ප ලි
මේ කතාව නෝටිට නෝටිගේ නෝටිම නෝටි යාලූවෙක් එවපු කතාවක් හොදේ...


Image acquire by  blog (Forgetful Ghee)



Tuesday, August 16, 2011

මතකය...


අමතක කරන්නට වෙර දැරූ මුදු...
නැවතත් මතකයට නැගෙනා මතකය...
පලයන් දුර ඈතට...
අමතක කර දමා මතකය...

Wednesday, August 3, 2011

නෝටිගේ තනිකම සහ අම්මා...


අම්මේ...
අම්මා අම්මා කෑවද අම්මේ....
අම්මගේ පුතා නෝටි කෑවේ ආප්ප තුනයි අම්මේ...
මම දන්නවා අම්මත් ඔය මොනවා හරි තියෙන දෙයක් කන්න ඇති නැන්දා එක්ක...
මට හරිම පාලූයි අම්මේ...
පාලූව දරා ගන්න බැරි වෙනකොට ඇඩෙනවත් එක්ක...
අම්මාටයි නැන්දටයිත් ඒ පාලූව ගොඩක්ම දැනෙනවා කියලා නෝටි දන්නවා...
නෝටිගේ නෝටි වැඩ නැතිව මුලූ ගේම පාලූවට ගිහින් ඇති නේද?
ෆැකල්ටි එකෙන් අවුට් උනාට පස්සේ මේ තනියම ඉන්නවාමයි...
මට තේරෙන්නෑ අම්මේ මට මේ තනිකම ගොඩාරියක්ම දැනෙනවා...
නිදා ගන්න ගියාට හරියට නින්ද යන්නෙත් නෑ...
ඒ වෙලාවට අම්මා ලගට එන්න ඇත්නම් කියලා හිතෙනවා...
කොම්පියුටරේට මගේ තනිකම මකන්න බෑ අම්මේ
කොම්පියුටරේට මට ආදරේ දෙන්න බෑ අම්මේ...
නෝටි අම්මගෙයි නැන්දගෙයි හුරතලේ උනාට...
නෝටි දැන් ලොකු ළමයෙක් කියලා දන්නවා...
ඒත් අම්මේ මට ගොඩාරියක්ම තනියි...
මම හෙට අම්මව බලන්න ගෙදර එනවා අම්මේ...
මම නෝටි.

Related Posts Plugin for WordPress, Blogger...