Pages

Friday, January 27, 2012

ඇම්ඩන් ගිරවා...

කන පැලෙන්න වැඩ අප්පා... 
ඒ මදිවට පස්ට සීතලයි...
අසනීප උනත් එක්ක...
හුටස්‌//////.....!!..........!!
බ්ලොග් එක කියල එකකුත් තියනවනේ...
ඔන්න පොඩි කතාවක්..

ඔන්න හිටියලු ඥානපාල කියල බුවෙක්... මේකා නමේ හැටියටම ඥානපාල කෙනෙක්.. ඔන්න මිනිහට හම්බුනාලු හොද ගිරා පෝතකයෙක්... මු කතාකරන එකෙක්...


පෙත්තා බත් කෑවද...???පෙත්තා බත් කෑවා.................
පෙත්තා ජෝ බිව්වද...?පෙත්තා ජෝ බිව්වා........

හරිම හුරතල්... ඔන්න ඉතින් ඔය හුරතලේ නිසා මුගේ කුඩුව එල්ලුවලු ගෙදර ඉස්සරහ තියන ගහක...ඔය ගේ ඉස්සරහ තියන පාරෙන් හැමදාම හවසට පොරක් යනවලු කරති කැඩෙන්න වෙල් ෆැන්ට ගහල පාලි සගිස්කුරුත  වපුර වපුර... ඔහොම ටික දවසකට පස්සේ පෙත්තාගෙන් ඇහුවම....

පෙත්තා බත් කෑවද...???^%#&&*^(*(& (* %(* %
පෙත්තා ජෝ බිව්වද...?&^^*^%$%^*&%(&*(^(*^

මුකුත් නෑ ආයේ කුණු හබ්බ විදිනවලු දොබෙන් යන්න... මේක හරියන්නෑ නේ... ඥාණපාලය කරන්නේ මේකව ගෙනිහුං එල්ලුවලු ටොයිලට් එක ලග තිබුන ගහක.... ඔන්න ටික දවසකට පස්සේ....

පෙත්තා බත් කෑවද...???පූ....න්......!! පූ....න්......!! පූ....න්......!!!!!
පෙත්තා ජෝ බිව්වද...?පූ....න්......!! පූ....න්......!! පූ....න්......!!!!!


ප.ලි.
ටියුබ් ලයිට් එහෙම තියනවා නම් පොඩ්ඩක් ස්ටාටර් එක හොලවල බලන්ටකෝ... එතකොට පත්තු වෙයි... ඔය ඉස්ටෝරිය නොටිය ඇතුළු කීප දෙනෙක්ට රෑග් සීසන් එකේ රග දක්වන්නත් උනාලු... නොටියට ගිරවාගේ සීන් එකයි  කා ට බොනපාට් ගේ සීන් එකයි කරන්නත් උනාලු...අන්තිමට සෙට් එකටම බඩු බනිස් උනාලු..


ප.ප.ලි.
හුගක් දවසකට පස්සේ අද බ්ලොග්  වලට අවේ... ගොඩක් එව්වා වෙනස් වෙලා වගෙයි... අනේ මන්ද බ්ලොග් වලටත් මොනවා වෙනවද කියල... මේ පොස්ට් එක ලියන්න කලින් මම බ්ලොග් බැලුව පැය දෙකක් විතර එක දිගට... ගොඩක් එව්වා හිතුන... සිංහල බ්ලොග් අවකාසේ ගොඩ දෙනෙක් අතර කුහකත්වය ගොඩාරියක් ඉස්මතු වෙලා කියල නම තේරුණා හොදටම... නොටිය නම බ්ලොග් ලියන්නේ ස්ට්‍රෙස් එක අඩු කර ගන්න...ජීවිතේ රස මුසු තැන් මතක් කරලා සතුටක් (ආතල් ) ලබන්න... ඒත් දැන් දැන් බ්ලොග් නිසා ස්ට්‍රෙස් එක වැඩි වෙනවද මන්ද... වෙලාවකට හිතෙනවා මේ තියන කුහකත්වය බ්ලොග් ලෝකෙන් සැබෑ ලෝකෙට  ආවොත් ඊළාම් යුද්දය වෙනුවට බ්ලොග් යුද්දය පටන් ගනීවි කියලා...

දන්නෙම නැතුව ඒ ගැන ටිකක් වැඩිපුර ලිය වුනා... 
පස්සේ හිතුනොත් පොස්ට් එකක් දානවා නෝටියට හිතෙන දේ... 
ඕන නෑ කියලත් හිතෙනව වෙලාවකට... 
බලුමු...
කාලෙත් එක්ක කරන දරුණු හටනක් වෙලානේ දැන් ජීවිතේ...

Monday, January 16, 2012

සුපුන්චෝ....


සියක් ආයු ලැබ
මගෙත් ආයු ගෙන
මටත් වඩා කල්
ඔබ ජීවත් වේවා..!

ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා 
මගේ සුපුන්චෝ...!!!


ප.ලි.
අද මගේ සුපුන්චාගේ උපන්දිනේ.... ඔන්න හැමෝන්ටම කේක්.... අපි මතට තිත නිසා ඇග රත්වෙන එව්වා නම නෑ ඔන්න.

බලන්ටකෝ මෙන්න මේකත් හබිය vs ස්වීටි 


හබිය vs ස්වීටි

මේක ඇවිල්ල නොටිය ටික කාලෙකට කලින් දාන්න හිටපු පොස්ට් එකක්. මේකයි සීන් එක. ටිකක් රසවත් එකක්. ඒ තමයි අපේ ගෙවල් දොරවල් වල සුවාමි පුරුසයටයි බිරින්දෙටයි ආමන්ත්‍රණය කරන සුන්දර වචන

සුවාමි පුරුසයට මුලින්ම බලමු...

  • අපේ එක්කෙනා...
  • ඒයි... (මල පැනල කතා කරනක්ප්ට ඕයි කියල වෙනස් වෙනවා.)
  • අපේ මහත්තය...
  • දරුවන්ගේ තාත්ත...
  • හබිය (ටිකක් පොස් විදියට)
  • සුදු මහත්තය
  • රාලහාමි
  • ටුටූ
  • බබා


ගෑණු මනුස්සයට කියන එව්වා බලමුකෝ...

  • දරුවන්ගේ අම්ම...
  • අපේ එක්කෙනා...
  • අපේ උන්ද...
  • සුකිරි බොලේ (ටිකක් බැටර පාර ගැන වෙලාවට)
  • සුදු නෝනා
  • මැණිකේ
  • මල හොන්තුව... (මල පැන්නහම කියනවලු..)
  • බබී
  • ස්වීටි  (පොස් විදියට)

ඔන්න ඔය විදියට තමයි නොටියට මටක් උනේ.... මොකද කියන්නේ... තව එව්වා දන්නවනම් කියමුකො බලන්ට.

අද මගේ සුපුන්චාගේ උපන් දිනේ.... ඔන්න ගිහින්ම බලන්ටකෝ... (ඔවු! ඔවු!! නෝටිච්චි තමයි බං)
Related Posts Plugin for WordPress, Blogger...