Pages

Thursday, October 27, 2011

එළ නේද?


ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි



මේ ලිපිය නෝටිගේ යාලූවෙක් ගෙන ලැබුණු ඊ තැපෑලක්. පුද්ගලයා කවුරු උනත් දැන ගන්න වටිනා කරුණු ටිකක් නිසා නෝටිට හිතුන් මේ ලිපිය බ්ලොගියේ දාන්න. ඔන්න එහෙනම් කියවලා බලන්නකෝ ගඩාෆිගේ වැඩ. අප‍්‍රිකාවේ ස්විස්ටර්ලන්තය හෙවත් ලිබියාව ගැන ඔබ නොදුටු කරුණු 16ක් කියලා තමයි ටයිට්ල් එක තිබුනේ...


  1. ලිබියාවේ විදුලි බිල් නොමැති අතර සියලූ වැසියන්ට විදුලිය නොමිලේ ලබා දෙයි.
  2. ලිබියානු බැංකු රජය සතු වන අතර බැංකූ ණය සදහා පොලි අය නොකරයි.
  3. නිවසක් යනු සියලූම ලිබියන් වැසියන්ගේ මානව අයිතිවාසිකමක් වන අතර සියලූම ලිබියානු වැසියන් සදහා නිවෙස් ලැබෙන තුරු තම දෙමාපියන්ට නිවසක් සාදා නොදෙන බව ගඩාෆි දිවුරා ඇත.
  4. අලූතින් විවාහ වන අය සදහා රජය විසින් ඇමරිකන් ඩොලර් 50000 මුදලක් නිවසක් ලබා ගැනීමට ලබා දෙයි.
  5. අධ්‍යාපණය සහ සෞඛ්‍ය සියල්ල නොමිලේ වන අතර ගඩාෆි බලයට පත් වීමට පෙර සාක්ෂරතාවය 25% පමණ වු අතර ගඩාෆි පැමිණිමත් සමග එය 83% පමණ වර්ධනය විය.
  6. ලිබියන් වැසියෙක් සිය රැකියාව ලෙස ගොවිතැන් තොරා ගතහොත් ඒ සදහා අවශ්‍ය භුමිය ඇතුලූ සියලූ දේ ලබා දෙයි.
  7. ලිබියන් වැසියෙකු අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය ගැන සැහීමකට පත් නොවේ නම් විදෙස් ගතව එම සේවාවන් ලබා ගැනීමට රජය විසිනි ඇ.ඩො 2300 ලබා දෙයි.
  8. ලිබියානුවෙක් ලිබියාවේදි මෝටර් රථයක් මිලදි ගනී නම් එහි මිලෙන් භාගයක් රජය විසින් ගෙවනු ලබයි.
  9. ලිබියාවේ පෙට‍්‍රල් ලිටරයක මිල ඇ.ඩො 0.14
  10. ලිබියාව සතු සංචිත ප‍්‍රමාණය ඇ.ඩො බිලියන 150 වන අතර ලිබියාව කිසිම රටකට ණය නැත.
  11. ලිබියන් උපාධිහිමියකු ට සරිලන රැකියාව ලැබෙන තුරු ඔහුගේ රැුකියාවේ පඩිය මෙන සමාන ගෙවිමක් රජය විසින් සිදු කරයි.
  12. ලිබියාවේ තෙල් විකුණා ලැබෙන මුදල් වලින් කොටසක් ලිබියාවේ සෑම කෙනෙකුගේම ගිණුම් වලට බැර වෙයි.
  13. දරුවකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දිමනාවක් රජයෙන් හිමි වේ.
  14. ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15.
  15. ලිබියානුවන් සියට 25ටම උපාධි ඇත.
  16. ලොව විශාලම වාරි ව්‍යාපෘතිය ගඩාෆි සිදු කල අතර කාන්තාර දේශයක් වන ලිබියාවේ ජලය සුලභ කිරිමට ඉන් හැකි විය.
ඔන්න ඔහොමයි කතන්දරේ... නිකමට හිතන්නකෝ ලංකාව ඔය වගේ කාලයක් උදා උනොත් කොහොමද?


7 comments:

  1. මෙච්චර දෙයක් කලපු මනුස්සයකුටත් අර වගේ ඉරණමක් අත් උනානම් තව වෙන මොන කතාද...

    ReplyDelete
  2. ලිකාවේ මේ වගේ දෙයක් වෙන්න..... හිහ්... තව කල්ප කාලාන්තරයක් යයි...!

    හදපු පාරවල් ආයෙ ගලවද්දී, කැලෑ කපලා කාන්තාර කරද්දී ඔය වගේ දෙයක්, හීනයක්....!

    ReplyDelete
  3. මට තියෙන එකම ප්‍රශ්නේ ඔය ඔක්කොම හොඳ එලියට එන්නෙ බඩු බනිස් වුනාට පස්සෙද?
    henryblogwalker the Dude

    ReplyDelete
  4. මේ ටික අද පත්තරේක තිබිලා මාත් කියෙව්වා සහෝදරයා... බලයට තියෙන තණ්හාව නිසා මිසක් මේ මනුස්සයට ඔය ඉරණම අත් වෙන්නේ නෑ කවදාවත්.....
    ලංකාවටත් ඔය වගේ වරප්‍රසාද හම්බුනොත් ඒවා මුළු රටේම මිනිස්සුන්ට සමානව නම් බෙදිලා යන්නේ නෑ... ඒක මට ඉර හඳ වගේ ෂුවර්.. :D

    ReplyDelete
  5. @ Dinesh
    කියලා වැඩක් නැ සහෝ...ඒත් ඒ පුද්ගලයා ගැන හිතන්න නම් ගොඩාරියක් පැති තියනවා....
    ---------------------------------------
    @Prasanna
    අනිවා...
    ---------------------------------------
    @Dude
    අනේ මංදා...ඔක්කෝම වෙන්නේ පෙරහැර ගියාට පස්සේ

    ReplyDelete
  6. @ Ice (අයේෂා කුලතුංග)
    තණ්හාය ජායත් සෝකෝ කියලා බුදු හාමුදුරුවොත් දේශනා කලානේ...

    ඒ මොනවා උන්ත් ගඩාෆිගේ කැරැක්ටර් එකේ ගොඩක් තියනවා හිත ඇදගන්න සමත් උනු තැන්.
    මොනවා උනත් ගඩාෆි තරම් ලිබියන් වැසියන් ගැන හිතපු නායකයෙක් ඉන්නේ නැතිව ඇති.

    ReplyDelete
  7. ගඩාපි කරපු හොඳ දෙවල් වගෙම , නරක දෙවලුත් තියෙනව...(ඇමසොනියන් බලකාය) තව කාන්තවන් දුෂනය කරපු දෙවල්, මම හිතන්නෙ ගඩාපිට ඔහොම වුනෙ අධික කාමාආශාව නිසා කියල... නැතිනම් වෙනලොකු වැ‍රැද්දක් මට තාම පුවත් දකින්න ලැබුනෙ නැහැ... (අපේ නායකයන්ටත් මෙවා හොඳ පාඩම්)

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...