ඩොම්පිගේ මගුල්ගෙදර තිබුනේ 2009 අවුරුද්දේ පෙබරවාරි මාසේ දෙවනි සතියේ දවසක. ඩොම්පි කියන්නේ අම්මිගේ පුංචි අම්මිගේ දුව. ඒකියන්නේ අම්මිගේ නංගා. මගේ චූටි පුංචි. අම්මිලාගේ චූටි පුංචිලාගේ ගෙවල් තියෙන්නේ සියඹලාණ්ඩුවේ. ඒ කියන්නේ දකුණේ ඉන්න බිනු ලාට සැහෙන්න දුරයි. තේරෙන්නම කිව්වෝත් (බැට්රි කට්ට 5ක විතර දුර.) ඉතිං අම්මි නං අවුරුද්දේ පටන් ගත්ත ගමන් නේද කියලාවත් බලන්නැතිව සතියකට කලින් නිවාඩු දාලා ගියා සියඹලාණ්ඩුවේ. ඒත් ඉතිං ලෙක්චර්ස් කට් කරන් ඒ තරම් කලින් යන්න බිනු කැමති නෑ. ඒ නිසා මම වෙඩිමට එන පොරොන්දුව පිට අම්මියි නැන්දියි කලින් ගියා.
අම්මිලා කලින් අම්මිලාගේ මහ ගෙදර ගිය නිසා බිනු වෙඩින් එකට දවස් දෙකක් කලින් යන්න පිටත් උනා. බිනුවා සෙට් උනා මොණරාගල බස් එකකට මාතරින්.පොර වගේ තනියම යන්න පිටත් උනාට බිනු හරියටම බහින්න ඕනි තැනක් දන්නෑ... ඉතිං අහවල් දෙයක්ද කොරන්නේ... අම්මිට කෝල් කලොත් ඉතිං බිනුගේ කනට සොරි වෙන නිසා ගත්ත නැන්දිට කෝල් එකක්. මගුලයි කියන්නේ මලම මගුලයි. නැන්දි කියාපි එයාටත් හරියටම කියන්න තේරෙන්නෑ කියලා බහින තැන. කෙලලා තියෙන්නේ මහ ගහෙන්ම. වැඩ අස්සේ එන්නත් අමාරුයි කියලා කවුරුහරි මොණරාගලට එවන්නම් කියලා. ඊට පස්සේ විනාඩි 20කට විතර පස්සේ මගේ ජංගම දුකට මැසේජ් එකක් එනවා....
Binu me # ekata buttala pass kalama call ekak denna, me lamaya ewi oyawa ekkan yanna.
වැඬේ හරි වගේ... කෝකටත් කියලා ගත්තා නැන්දි ඒ එවපු නම්බර් එකට කෝල් එකක්. මල ජුලියයි.කෝල් එක දුන්නාම ෆෝන් එක කට් කලා. වැරදීමකින් වෙන්න ඇති කියලා ගත්තා ආයේමත් කෝල් එකක්. ආයෙමත් කට්. දැන් මොකේද දන් වලදන්නේ ඇහුවලූ... බිනු ට නිකං ඉවෙන් වගේ තෙරෙනවා ලොතරැයිය ඇදෙයි වගේ කියලා. ඕන එකක් 2.50යි කියලා මොණරාගලට ගිහින් අම්මිට කෝල් එකක් දීලා එන හැටි අහගන්නවා කියලා හිතාගෙන Shayne Ward ඇල්බම් එක අහන්න ගත්තා.
Shayne Ward ට පිං සිද්ධ වෙන්න ආවයි කියමුකෝ සෑහෙන්න දුරක්. මෙන්න ජංගම දුක කෑගහනවා. පුරුදු නම්බර් එකක් නෙමෙයි. බිනු සාමාන්යන් නොදන්න නම්බර්ස් වලින් එන කෝල්ස් වලට රෙස්පොන්ඞ් කරන්නෑ.ඒ නිසා ආන්ස්වර් නොකර ඉන්නත් හදලා ආන්ස්වර් කලා....
හෙලෝ... කව්ද කතාකරන්නේ..
ඈහ්... යකෝ කෙල්ලෙක්. ඒ මදිවට මම අහන්න ඕනි එක මේකි බිනු ගෙන් අහනවා කව්ද කියලා. යකාගෙ වැඩක්නේ. ඉතිං බිනු ...
ආ... ඔයා මට කතා කරලා මම කව්ද කියලා අහන්නේ ඔයා කවුද කියන්න..
කියලා කිව්වා. බිනු ට කොහොමත් කෙල්ලන්ව දිරවන්න ඒ දවස්වල් විදින්න උන තිත්ත අද්දැකීම නිසා..
අනේ තරහා ගන්න එපා... මගේ ෆෝන් එකේ මිස්ඞ් කෝල් දෙකක් තිබ්බ නිසා ගත්තේ.
මගේ නම්බර් එකෙන්... ඔයා කොහෙන්ද කතා කරන්නේ... මාව බයිට් කරන්න හදනවද...
ෂුවර් නෑනේ කවුද කියලා. ඉතිං බිනු ත් අහන්න තියන හැම දෙයක්ම ඇහුවා.
අනේ නෑ... මේ නම්බර් එකෙන් තමයි.. මම මොණරාගල. චන්ද්රිකා ආන්ටි මට එක්කන් එන්න කිවේ ඔයා වෙන්න ඇති කියලා හිතලා මම ආයේ කෝල් කලේ... මම ක්ලාස් එකක හිටිය නිසයි ඒ වෙලාවේ ආන්ස්වර් කරන්න බැරි උනේ...
හරිනේ ටොපිය..
හරි හරි මම තමයි ඒ...
ඔන්න ඔය වෙලාවේ තමයි බිනු ගේ ඇගට ලේ ටිකක් ඉනුවේ.
ෂුවර්ම නේද? චන්ද්රිකා ආන්ටි මට ඔයාගේ නම කිව්වා.. ඔය ඒ නම කිව්වොත් මම දන්නවා ඔයාවම තමයි කියලා...
ඔන්න ඉතිං බිනුට පුෂ්පෙ පන්නන්න හදන්නේ. යකෝ බිනු ගෙන් බිනු ගේ නම අහනවා. දෙන්නම් ජම්බු.
ආහ් මට කියන්නේ ගබං...
මලා ජෝන් තිබ්බේ නැද්ද මේකි ෆෝන් එක. මෙව්වට තමයි ඉල්ලං කනවා කියන්නේ... මම හිතන්නේ ඉල්ලං කනවා කියන්නේ එව්වට තමයි. කනවා කියලා මෙහෙමත් ඉල්ලං කන්න බැරි නිසා ආයෙමත් ගත්තා ඒ නම්බර් එකට. හුටා කට් කරනවා. දෙතුන්පාරක් ගත්තා. ඒත් සොරිම තමයි. මෙන්න එනවා මැසේජ් එකක්
ඔන්න ඊට පස්සේ සද්දයක් නැති නිසා බිනු ගත්තා කෝල් එකක්. ඒ සැරේ නම් දෙපාර රින්ග් වෙනකොට ආන්ස්වර් කලා.
සොරි ජෝක් කලාට...
හරි හරි... ඒක කමක් නෑ... දැන් කොයි හරියෙද ඉන්නේ කියලා කියන්කෝ...
මම හිතන්නේ මම දැන් බහින්න ලග ඇති. බෝඞ්ස් වල තියෙන්නේ මොණරාගල කියලා. අර ත්රී-වේ ජන්ෂන් එකක් එක්ක බුදුපිළිමයක් තියෙන්නේ... දැන් එතන ඉන්නේ..
ආ... ඔයා ඉක්මනට ඒවි. ඔයා කොළඹ බස් එක නවත්තන තැන ඉන්කෝ. මම එතනට එන්නම්. මම කෝමද ඔයාව අදුනා ගන්නේ...?
මම නිල් ඩෙනිම් එකයි කලූ ටී එකයි ඇදලා ඉන්නේ. බැක් පැක් එකයි තව බෑග් එකකුයි අරන් ඉන්නේ...
හරි... මම එන්නම්. මම තියන්නම් බුදුසරණයි...

072*******

minissunwa
rawattanna epa. oyawa nemei mama sewwa…
ඔන්න එතකොට තමයි
බිනු ට වැඬේ මීටර් උනේ. ලස්සනට ඉල්ලං කාලා තියන්නේ ලූණු නැති පරිප්පුව. දැං ඉතිං චාටර් වෙයන්කෝ කෙල්ලෙක්ට. මොනවා කොරන්නද... ලබපු ග්රහයා චා උනාම ඔහොම තමයි කියලා හිත හදාගෙන රිප්ලයි කලා...
Oh
sorry for joking with you. I’m BINU.
ඔන්න ඊට පස්සේ සද්දයක් නැති නිසා බිනු ගත්තා කෝල් එකක්. ඒ සැරේ නම් දෙපාර රින්ග් වෙනකොට ආන්ස්වර් කලා.
සොරි ජෝක් කලාට...
හරි හරි... ඒක කමක් නෑ... දැන් කොයි හරියෙද ඉන්නේ කියලා කියන්කෝ...
මම හිතන්නේ මම දැන් බහින්න ලග ඇති. බෝඞ්ස් වල තියෙන්නේ මොණරාගල කියලා. අර ත්රී-වේ ජන්ෂන් එකක් එක්ක බුදුපිළිමයක් තියෙන්නේ... දැන් එතන ඉන්නේ..
ආ... ඔයා ඉක්මනට ඒවි. ඔයා කොළඹ බස් එක නවත්තන තැන ඉන්කෝ. මම එතනට එන්නම්. මම කෝමද ඔයාව අදුනා ගන්නේ...?
මම නිල් ඩෙනිම් එකයි කලූ ටී එකයි ඇදලා ඉන්නේ. බැක් පැක් එකයි තව බෑග් එකකුයි අරන් ඉන්නේ...
හරි... මම එන්නම්. මම තියන්නම් බුදුසරණයි...
විශ්මි 2 දිගහැරුම බලාපොරොත්තුවෙන්
නෝටි...
ප.ලි.
විශ්මි හෙවත් සදලතා. ඇයගේ අහිංසක පැතුමක අන්දරය..
සමහර විට කාගේ හරි කතාවක්.
අහ්හ්... කතන්දරයක් නේ.... මුල හරියෙදි නෝටි ගැනද කියලත් හිතුණා... ඉක්මණට ඉතුරු ටිකත් දාන්න. ෂෝයි කතාව...:)
ReplyDeleteහ්ම්ම්... කතන්දරයක්.
Deleteනෝටි ගැන ද කියල නෝටි වත් දන්නෑ හරියට.ඒ උනාට කතන්දරයක්.
බොහොම ස්තුතියි දිරිමත් කලාට.
එළ එළ ලව් සීන් එකකට එන්ටර් වෙන්න වගේ යන්නේ...ඉතුරුටිකත් දාමුකෝ බලන්න.....
ReplyDeleteහ්ම්ම්... වෙලාව ලැබෙන ලැබෙන විදියට දාන්නම්
Deleteෂාහ් ලස්සන කතාවක් එල ඈ තාත්විතවම ලියලා තියෙනවා මරූ......ආසාවේ බෑ වුනේ මොනාද කියලා දැනගන්නකම්
ReplyDeleteතැන්කු... තැන්කු...
Deleteඉස්සරහට කියවලම බලන්ටකෝ මොනවද වෙන්නේ කියල...
ලස්සනයි කතාව...හුරතල් පාටයි...;) ඊලඟ කොටසින් බලමු අපි මොකද වෙන්නෙ කියලා..ලස්සනයි!!!
ReplyDeleteබොහොම ඉස්තුතියි හිතුවක්කාරියේ...
Deleteබලමුකෝ බලමුකෝ මොකක්ද වෙන්නේ කියල..
කොල්ලා ගොඩ යයි ද? ඉරකි තිතකි!
ReplyDeleteඅනේ මන්ද....
Deleteඉරකි, තිතකි..
හලේ......... නෝටියත් කතාවක් ලියනවා..
ReplyDeleteඑලම තමයි.. :DD
ජය වේවා!
ඔන්න නොටියටත් ලියන්න හිතුන අප්පා..
Deleteතැන්කු වේවා හොදේ...